මම නමින් ජේසුහෙළ වෙමි. ඉතාම දුප්පත් ගැමි පවුලක බෞද්ධ දෙමව්පියන්ට උපන් දරුවෙක් වූවත් මා උපන් අළුත සුභාරංචි කාරයන් පිරිසක් මාගේ අහිංසක දෙමව්පියන්ව බිල්ලට ගන්නට සමත් විය. කුළී වැඩ කල පියාට පවුලේ ආහාර සැපයීම ඉතා විශාල අභියෝගයක් බව ඔවුන්ට පැහැදිළි විය. මාසිකව ආහාර සළාකයක් ලැබීමට නම් බොදුනු බව අත් හැර තම ආගම වැළඳ ගන්නට කියා ඔවුන් අසරණ දෙමව්පිය දෙපළට සුභාරංචි කරුවන් කියා සිටියහ.
කුමක් කරන්නද? බඩගින්නේ මිය යාමට එසේ බොදුබව අත්හැරීමට වඩා අනන්ත ගුණයෙන් සැප බව බලෙන් හරවාගත් අවාසනාවන්ත කිතුණුවෙක් වශයෙන් අද මම දැන සිටියද, මගේ දෙමව්පියන්ට අපගේ පරපුරේ මුල් දහම වූ බුදුසමය ගැන තිබූ අල්පමාත්‍ර දැනුම ඔවුන් එයින් ගලවා ගැනීමටතරම් ප්‍රමාණවත් වූයේ නැත. මාගේ අසරණ දෙමව්පියන් අද මට නැත. ඔවුන් මියගියේ නියත මිත්‍යාදෘෂ්ඨිකවය. අද වන විට මා ලත් මාගේ උපන් දහමේ දැනුම අනුව ඔවුන් මේ මහා කල්පය අවසන් වනතෙන් අවීචියේ පැසෙනු ඇත. ඔවුනට දෙව්දත් තෙර සිටින තලයේම දරුණුම දුක් විඳීමට සිදුවනු ඇත. කල්පාන්තයේ ලෝක තල විනාශ වන විට දෙව්දත් තෙර අවීචියෙන් මිදී වඩා හොඳ ප්‍රතිසන්ධියක් ලබනු ඇත. මාගේ අසරණ දෙමව්පියන් කල්පාන්තයට මුහුණ නොදුන් වෙනත් සක්වලක අවීචියේ සිය භව ගමන නැවත ඉදිරියට ගෙන යනු ඇත. බුදුන්ගේ ලේ සෙලවූවත් දෙව්දත් තෙර මිය යන විට මිත්‍යාදෘෂ්ඨික නොවීය. නමුත් මාගේ දෙමව්පියන් සිතෙන් කරගත් පාපයේ බිහිසුණු බව ඊට වඩා කොතරම් වැඩිද?
ජේසු හෙළ මාගේ ලබ්දියේ ඊනියා සුභාරංචි කරුවන් අසරණ දෙමව්පියන්ගේ සමස්ත සසරම අසුබ කර දැමුවේ එසේය. තවද අන්තවාදී ආක්‍රමණකාරී කතෝලික මානසිකත්වය මා තුල රෝපණය කර සමාජ මාධ්‍ය තුල අසැබි වචන ඉස්ලාමිකයන්ට පසු ඉතාම දරුණු ආකාරයෙන් භාවිතා කිරීමට උසි ගන්වන්නේ මාගේ කතෝලික ලබ්ධියෙනි. කෙසේ නමුත් මා තුල කාඩිනල් රංජිත් ප්‍රමුඛ කතෝලික සභාව රෝපණය කල එම හැකියාව මා ඔවුන්ට එරෙහිවම යොදා ගන්නා හැටි මාගේ ලිපි කියවන විට ඔබට පෙනී යනු ඇත. අසැබි වචන අප්‍රිය වූ බොදුහෙළ ජනතාව මට සමා වන සේක්වා..එය ඉවසා වදාරත්වා.