සිරිලක කිතුදහම විකාශනය වූ ආකාරය – 1

වසර 1500 ගණන්වල ලක්බිම පැවති පරාධීන රජයේ සියළු වරප්‍රසාද පහසුකම් හා රැකවරණ කතෝලික ආගමට පමණක් සීමා විය.

කිතුදහමත් වෙළදාමත් දෑතින් ගෙන 1505 දී මෙරට මුහුදුබඩ බලය අල්ලාගත් පෘතුගීසීන් මේ තත්වයේ ආරම්භකයෝ වූහ. සර්වබලධාරී මැවුම් කරුවා, සදාකාලික ආත්මය, යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා ආදී මූලික සිද්ධාන්ත මත ක්‍රිස්තියානි ආගම පදනම් වේ. පාප් වහන්සේ සිට පාදිලි දක්වා සියල්ලෝ මෙම සිද්ධාන්ත දිවි හිමියෙන් රකී. කිතු දහමට අනුව දෙවියන් විසින් සත්වයා හා ලොව මැව්වේ වසර 7000 තරම් මෑත අතීතයේය. එබැවින් ඩාවින්ගේ පරිනාම වාදයට 1895 දී වැට බැඳීමට මොවුන් ක්‍රියාත්මක විය. ගැලීලියෝ නම් විද්‍යාඥයාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් දුන්නේ ද මේ කතෝලික පල්ලියයි.

මෑත අතීතයේදී පිබිදෙන විද්‍යාව මගින් කිතු දහමේ අත්තිවාරම් ගල් එකින් එක ගැලවෙමින් යන කල  (එනම් 1981) දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා වතිකානුවට කැඳවා , බයිබලයේ කිසිම ආකාරයකින් සඳහන් නොවන විශ්වයේ මහා පිපිරීම ( Big Bang) නම් හුදු විද්‍යා මතයට අයිතිවාසිකම් කීම පිණිස එයත් දෙවියන් වහන්සේගේ මැවීමක් ලෙස පිළිගන්නා ලෙසත්, එහි එක්තරා කුඩාම කාල පරාසයක් හා ඉන් පෙර පිළිබඳ සොයා නොබලන ලෙසත් ලැජ්ජා රහිත ඉල්ලීමක් පාප්තුමා කර තිබේ.

කිතුදහම පාප්තුමාගේ වදන් ජීවමාන දෙවියන් වහසේගෙ වචන සේ පිළිගනී. එනම් පාප් වහන්සේ දෙවියන්ගේ ජීවමාන  පණිවුඩකරුවායි.

පෘතුගීසීන් මුහුදුබඩ යටත් කරගැනීමෙන් පසු මුහුදුබඩ පැවති බෞද්ධ වෙහෙර විනාශ කලහ. වත්තල විජයබා පිරිවෙනේ සුවිසල් ගොඩනැගිලි සුනු විසුනු කල පෘතුගීසීහු එම බිමෙහි ශාන්ත ජේම්ස් පල්ලිය ඇටෙව්වේය. පූජනීය තොටගමුවේ රාහුල හිමි වැඩසිටි පන්සල බිඳ අද ජයවර්ධනපුර විද්‍යාලය ලෙස හඳුන්වන එවකට ක්‍රිස්තියානි විදුහල ඇටෙව්වේය.

පහතරට සිංහල බෞද්ධයෝ මහායානයේ පිළිගැනීමක් වන අවලෝකිතේශ්වර බෝසතුන් වන්දනා කලහ. එම බෝසතුන් මුහුදට අධිපති ලෙස සැලකූ ඔවුන් නැව් තොටවල් හා ධීවර වරායවල් එම පිළිම තබා වන්දනා කලහ. ඒවා සියල්ල වැනසූ පෘතුගීසීහූ ඒ වෙනුවට ශාන්ත අන්තෝනි ප්‍රතිමා, පින්තූර තැබූහ.

වැසියා මිසදිටු කිරීමට පහසුම මග නායකයා මිසදිටු කිරීමයි, කෝට්ටේ ධර්මපරාක්‍රමබාහු පමණක් නොව යාපනයේ සංකිලි පවා කතෝලික බවට හරවා ගත්හ. රජයේ රැකියා, තනතුරු, තාන්න, මාන්න, විවාහ/ උප්පැන්න ලියාපදිංචි කිරීම්, අධ්‍යාපනය ආදී සියළු රජයේ කටයුතු ආගම්කරනය පිණිස අයුතු ලෙස යොදාගත්හ. බෞද්ධයන්ට විශේෂ දඩ වර්ග ගසනු ලැබීය. බෞද්ධයන් වහළුන් කර පෙළන ලදි.

සිංහල ලේ වල අදීන බව කතෝලික වූ සිංහලයන්ට පවා දැනෙන්නට තරමට පර පෘතුගීසි බලපෑම් නින්දිත විය. අප විසින් පිදිය යුතු  වීර එදිරිල්ලේ රාළ යනු දුමින්ගෝ කොරයා නම්ව සිට පසුව කල්ලතෝනී බෞතීස්මයටත් කැත නමටත් පයින් ගසා පෘතුගීසීන්ට එරෙහිව කැරළිගැසූ නියම හෙළයෙකි. වහළුන් සේ පෙළමින් පෘතුගීසින් විසින් වැඩගත් පහතරට සිංහල බෞද්ධයෝ මේ වීරයා වටා රොක් වී සහය දුන්හ. තම සිංහල ජාතියටම අමු අමුවේ එරෙහි පර ලබ්ධියක වහළුන් වූ ලක් කිතුනුවන්ට සැබෑම ආදර්ශයක් නොවේද වීර එදිරිල්ලේ රාළ?

මතු සම්බන්ධයි…

Advertisements

4 responses to “සිරිලක කිතුදහම විකාශනය වූ ආකාරය – 1

  1. එදිරිල්ලේ රාළ ගැන මට හදිසියේ කියවන්න ලැබුණෙ පරණ ඉතිහාස පොතකින්. ඒ වෙලාවෙ මට ඇතිවුණු ප්‍රශ්නය තමා ඇයි මෙතුමා ගැන අපි තවමත් නොදන්නෙ කියල. සිංහල කම බෞද්ධකම ගැන කතා කිරීම පවා ජාතිවාදී ලේබලයක් ඇලවීමට හේතුවක් වන කල ධර්මපාලතුමා යනු කවුදැයි අපේ ළමයින් අහන දිනය වැඩි ඈතක නොවේ.

    බොහොම පින් ඔබේ ලිපියට. තෙරුවන් සරණයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )