සිරිලක කිතුදහම විකාශනය වූ ආකාරය – 3

ජාත්‍යන්තරයේ ඇතිවූ යුධ ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස 1796 දී ඒමියන් ගිවිසුම මගින් ලංකාව බ්‍රිතානීන්ට අයත් විය. තමා සර්වසාධාරණ යයි හඳුන්වාගත්තේ වුවද ඉංග්‍රීසීන් ද බුදුසමයට කණ කොකෙක්ම විය. බලහත්කාර කමින් ආගම පැතිරවීමේ අවශ්‍යතාවයක් නැති වන තරමට මේ යුගයේ මිෂනාරීන් බහුල විය. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මගින් බෞද්ධයන්ට හා බෞද්ධ දේපල වලට කරන්ම ලද අවහිරකම් අසීමිතය.

මේවා අතර 1815-1931 අතර පණවන ලද  ආණ්ඩුවේ ඉඩම් බලෙන් අල්ලාගැනීමේ පණත, විහාර ඉඩම් ලියා පදිංචි කිරීමේ පණත, මුඩුබිම් පණත ආදී කපටි උපාය මාර්ග ඔස්සේ බෞද්ධයන්ට හා සාසනයට කල හානිය බෞද්ධ තොරතුරු පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්ථාවේ ඇතුලත් වේ.

1915 දී ලාංකීය ඉස්ලාම් ජිහාඩය විසින් බෞද්ධ පෙරහැරකට ගල් ගසා කුපිත කරගත් බෞද්ධයා හා මුසල්මානුවා දරුණු ලෙස ගැටිනි. එහිදී නින්දිත බ්‍රිතාන්‍ය ජාතික හමුදාව 100% ඉස්ලාම් පක්ෂග්‍රාහී ලෙස බෞද්ධයන් අමු අමුවේ ඝාතනය කලේ කිසිදු චකිතයක් නොමැතිවය. එහි විස්තර යුධ නීතිය යටතේ දවස් සියයක් පොතේ අතුලත් කර ඇත.

දෛවයේ සරදමකින් මෙන් බ්‍රිතාන්‍ය අද දවස වන විට ඉස්ලාම් අන්තවාදයේ දඬු අඩුව මගින් මිරිකෙමින් සිය ඉංග්‍රීසි අනන්‍යතාවයේ හුස්ම පොද හරිමින් සිටින්නේ සමහර විට මේ පින්බිමට කල අහස පොළොව නුහුලන අපරාධ වල විපාක වශයෙන් වීමට පුළුවන

ඉංග්‍රීසින් විසින් වැනසීමට පෙර මහනුවර පමණක් භික්ෂු ධර්ම ශාස්ත්‍ර  අධ්‍යාපන ස්ථාන 64ක් තිබූ බව පැවසේ. බෞද්ධයන් ක්‍රිස්තියානි මිෂනාරීන් කිරීම සඳහා බුද්ධාගමටත් බුදුන් වහන්සේටත් නින්දාසහගත ලියවිලි මුද්‍රණය කරවා ප්‍රචාරය කලහ.

අද දවසේ මේ හා සමානම බෞද්ධ සංහාර කරන්නේ ක්‍රිස්තියානි පල්ලිය හා ඉස්ලාම් අන්තවාදයයි. පල්ලිය විසින් අපගේ අති උතුම් සංඝ පීතෲන් වහන්සේලා ඝාතනය කරමින් සිටී. අනේක නින්දිත ජාති ද්‍රෝහී ක්‍රියා වලට උදව් දෙමින් සිටී. ඉස්ලාමය අපගේ පෞරාණික බොදු පුදබිම් එකින් එක ගිල ගනිමින් අන්තර්ජාලය හරහා බුදු දහමට, රත්නත්‍රයට හැකි සෑම අයුරින්ම අපහාස කරමින් සිටී. ආර්ථික දේශපාලන හා අනෙක් සියළු ආකාර වලින් අපගේ ගෙල සිය ග්‍රහණයට ගනිමින් සිටී. අපගේ අවාසනාවට, මේවා සියල්ල හමුවේ පාළකයෝ බීරි අලින් මෙන් නොඇසූ කණ් ඇතිව සිටී.

මෙකල මෙන් නොව එකල බෞද්ධයෝ ශක්ති පමණින් මේවාට එරෙහි වූහ. පානදුර බෞද්ධ පිරිසක් එකල ආණ්ඩුකාර සර් එඩ්වඩ් බාන්ස් වෙත පැමිණිළි කල විට කපටි ආණ්ඩුකාරයා එම පිරිසට බොරු පොරොන්දු දී රැවටීය. සංහාර දිගටම සිදුවිය. පාසැල් මඟින්ද ආගම ප්‍රචාරය කෙරිනි. ඉංග්‍රීසි ඉගෙනීමට නම් බෞද්ධ දරුවන් බුද්ධාගම අත්හැරිය යුතු විය.

හෙළයේ වීරයන් දකුණෙන් මතු වූයේ මේ සමයේයි. බුදුන් දවස සැදැහැවත් බෞද්ධ සිටු පරපුර මෙන් ගාල්ලේ බෞද්ධ වෙළඳුන් 20ක් පමණ ජාතිය වෙනුවෙන් එකමුතු විය. “ලංකෝපකාර” නම් මුද්‍රණාලයක් ගාල්ලේ පිහිටුවීය. එහි බෞද්ධ පොත පත මුද්‍රණය කර බෞද්ධයන්ට ඉතා අඩු මිළටත් , අවාසනාවන්ත ක්‍රිස්තියානීන්ට උපකාරයක් ලෙස නොමිළේත්  දුන්හ. මෙය නාගරික මධ්‍යම පාන්තික ජාතික අරගලයේ අංකුර අවස්ථාවයි. ගාල්ලේ  D. W. K. ජයවර්ධන මුදලි තුමන් විසින් ගාල්ලේ චර්ච් ස්ට්‍රීට් හී අංක 02 දරණ ස්ථානයේ “ලංකාලෝක” මුද්‍රණාලය පිහිටුවීම එම බෞද්ධ ප්‍රබෝධයට බලවත් පිටුවහලන් විය. දුටු ගැමුණු යුගයේ සංඝ රත්නය සිහිපත් කරමින් මෙහි පුරෝගාමීත්වය දරණ ලද්දේ පූජනීය බුලත්ගම සුමනතිස්ස හිමිපාණන් විසිනි.

“ලංකෝපකාර” – “ලංකාලෝක” මුද්‍රණාල දෙකම ක්‍රිස්තියානීන්ගේ පදනම් විරහිත විවේචනයන්ට සිංහ සෙයියාවෙන් පිළිතුරු දීමටත්, බුදු සමය පිළිබඳ ධර්ම පත්‍රිකා , කුඩා පොත් මුද්‍රණය කර බෙදා හැරීමටත් යොදා ගන්නා ලදි. ලංකාවේ පළමු සිංහල පුවත්පත ලංකාලෝකය විය. ලංකෝපකාරය බෞද්ධ ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානය විය.

පූජනීය බුලත්ගම සුමනතිස්ස හිමිපාණන් රට දැය සමය වෙනුවෙන් කැපවූ උතුමෙක් විය. 1848 කැරැල්ලෙන් පසුව මේ පූජනීය හිමියන් විසින් අමරපුර මහනායක හිමියන්ට ලියන ලද ලිපියක ඉංග්‍රීසි ආණ්ඩුවේ බෞද්ධ සංහාර පැහැදිළි කර ඇත. විමසිල්ලෙන් පසුවූ ඉංග්‍රීසි ආණ්ඩුව මේ හිමියන් විදේශගත කාලයේ පවා විවිධ ආකාරයෙන් උන් වහන්සේ ගැන ඔත්තු සපයාගෙන ඇත.

 

මතු සම්බන්ධයි…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )