ඇමැති බදුර්දීන්ට එරෙහිව
මන්නාරමේ විරෝධතාවක්
දිනසේන රතුගමගේ මන්නාරමේ සිට
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුව තුළදී කළ ප්‍රකාශයක් හේතුවෙන් මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් මෙන්ම කීර්ති නාමයට අපකීර්තියක් වීම හෙළාදකිමින් 27 දා දහවල් මන්නාරම ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථාන භූමියේදී විරෝධතාවක් පැවැත්විණි.
රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා ඉතා සාවද්‍යව කළ මෙම ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නා ලෙසත් පාර්ලිමේන්තුව තුළදීම රායප්පු ජෝෂප් හිමිපාණන්ගෙන් සමාව ලබාගත යුතු බවත් ප්‍රකාශ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබිණි.