කාඩිනල් මැල්කම්/රනිල් වික්‍රමසිංහ කල්ලියේ තවත් බිල්ලක් – ජේසුමනී

මීට සුළු කලකට පෙර , රටට එරෙහි මානව හිමිකම් චෝදනා ජාත්‍යන්තරව පෙළ ගැසෙන අතර  හලාවත ධීවර උද්ඝෝෂණය ඇති කරනු ලැබුවේ කාඩිනල් මැල්කම්/රනිල් වික්‍රමසිංහ කල්ලියේ තුච්ඡ මානසික සංතෘප්තිය පිණිසය. ඩීසල් මිළ මුවාවෙන් කල පමණ ඉක්මවූ රඟපෑමක් වූ මේ පල්ලි/UNP විහිළුවෙන් ඇස් රතු වූයේ අසරණ ධීවර පවුලකය. එදිනම මේ මෝඩකමට දැක්කවූ මී හරක් අතර ජේසුමනී නම් ධීවරයාද විය. දැන් ඉතින් දෙවන පවුලටත් හෙණ ගහපන් කියා කාඩිනල් මැල්කම්/රනිල් වික්‍රමසිංහ කල්ලිය අහක බලා ගන්නවාද? තමාගේ උවමනාවට දිවි දුන් මේ අසරණයාගේ පවුලවත් නඩත්තු කරන්න පිළිවෙළක් යොදනවාද? රටේ බුදු දහමට එරෙහිව විසි කරන්න ඕන තරම් මුදල් ඇති කාඩිනල්/රනිල් වික්‍රමසිංහ කල්ලියට මේ සම්බන්ධව මුදල් අපහසුතා ඇතැයි අපි නොසිතමු.

http://www.divaina.com/2012/06/24/feature09.html


එල්ලෙනවා හැර ජීවිතයට උත්තරයක්‌ තිබුණාද!

හලාවතදී වෙඩි වැදී ඒ සොවින් එල්ලී මැරුණු ඡේසුමනිගේ කතාව

නොවිය යුතු සියල්ල සිදුව තිබේ. තමන් වෙනුවෙන්ම නොව සමස්‌ත ධීවර ප්‍රජාවගේ හෙට දවස වෙනුවෙන් වීදි බැස පෙර මිලටම ඩීසල් දෙන්නැයි හඬ නැගූ ඇන්ටනී ප්‍රනාන්දුගේ හිස කුඩු වෙන්නට වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ විරෝධතාවේදී ඇන්ටනී සමග සිටි ඡේසුමනි කිංස්‌ලිගෙ ඉණෙන් පහළ කොටසට වැදුණු උණ්‌ඩයකින් ඔහුද අසාධ්‍යව රෝහල්ගත කෙරිණි. නීතිය යුක්‌තිය වල් වැද්දූ ඒ නපුරු සිහිනයෙන් ගතව ඇත්තේ සිව්මසක්‌ පමණකි. යළිත් එගොඩවැල්ල මිනිසුන්ගේ පරණ තුවාල අලුත් වී තිබේ. ධීවර උද්ඝෝෂණයේදී වෙඩි වැදී ඔත්පළව හිඳි ඡේසුමනී කිංස්‌ලි මියගොස්‌ තිබිණි.

නැත නැත එසේ පැවසීම දොaෂයකි. වෙඩි වැදී ඔත්පළව හිඳි කිංස්‌ලි මියගොස්‌ හිඳිනැයි කීම වැරැදි අර්ථ නිරූපණයක්‌ ඇතිකරවන්නකැයි කෙනකුට චෝදනා කිරීමට පුළුවනි. ඡේසුමනී මියගොස්‌ තිබුණේ වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් යෑයි අර්ථනිරූපණය වුවහොත් මේ මරණයද ඇන්ටනී ගේ මරණය මෙන් ආණ්‌ඩුවේ ගිණුමට බැරවන්නකි.

එබැවින් ධීවර උද්ඝෝෂණයේදී ආණ්‌ඩුවේ ලයිසන් තුවක්‌කුවකින් පිට වූ උණ්‌ඩයකින් තුවාලව ඔත්පළව හිඳි ඡේසුමනී කිංස්‌ලි සියතින් ගෙල වැලළාගෙන තමන්ගේ දිවි තොරකර ගෙන තිබුණේ යෑයි නිවැරැදිව ලියමු.

එහෙත් නොලියා සිටීමට නොහැකිම කරුණ ඡේසුමනී සියදිවි තොරකරගන්නා තැනට පත්කළේ වෙඩි වැදීමෙන් හටගත් ශාරීරික තුවාල හේතුවෙන් ඇති වූ මානසික තුවාල නිසා වීමය. ඇත්තෙන්ම මේ මානසික තුවාල ඇතිවන පරිසරයකට ඔහු තල්ලු වූයේ කෙසේද?

ඉකුත් පෙබරවාරියේ සිදුවූ ඒ ධීවර උද්ඝෝෂණයට පෙර ඡේසුමනීට දිවි නහ ගැනීමට තරම් හිතට වධ දුන් හේතුවක්‌ නොතිබිණි. ඡේසුමනී කිංස්‌ලිට ධීවර රස්‌සාව හිමිවන්නේ උපන් ගෙයිම මෙනි. ඔහු හැබෑම ධීවරයෙකි. ධීවර රැකියාව හැර ඔහු උගෙන ගත් වෙනත් කර්මාන්තයක්‌ නොවේ. එහෙත් ඔහුට උරුම ඒ රැකියාව අනුන්ට අත නොපා සමාජයට කරදරයක්‌ නොවී ජීවිතය ගෙන යැමට තරම් ඔහුට සෑහිණි. ඇත්තෙන්ම එයින් කියනුයේ ඔහුට අඩු ලුහුඬුකම් නොතිබුණා යන්න නොවේ. දයාබර බිරිඳකගේ සහ දරු පැටවුන් හතර දෙනකුගේ ජීවිත ජීවත් කරවීමට තරම් ධීවර රස්‌සාවෙන් හම්බකරන්නා මුදල කළමනා කර ගැනීමට හැකි පොහොසත් මානසික තත්ත්වයක්‌ ඡේසුමනීට තිබිණි. සමාජයේ කිසිවකුට කරදරයක්‌ නොවී යහපත් පුරවැසියකු ලෙස ජීවත් වූ ඡේසුමනීගේ ඒ මානසිකත්වය කුඩුපට්‌ටම් කර පොඩිකර ඒ දුහුවිලි වලටද ගිනි හවුළුවාලූයේ ඔහු සදාකාලික අබ්බගාතයකු වන ලෙස ආණ්‌ඩුවේ ලයිසන් තුවක්‌කුවකින් පිට කළ උණ්‌ඩයකින් බව නොලියා සිටිය හැකි නොවේ.

මොනවා නැති වුණත් එයා අපට කන්න ගෙනත් දුන්නා. දරුවො හතර දෙනාම හොඳට රහට කන්න පුරුදු වෙලා හිටියෙ. ඒක එයා දන්නවා.

ඡේසුමනී කිංස්‌ලිගේ බිරිඳ වන ජෙනිටා නිලන්ති පැවසූ ඒ වචන දෙක තුන තුළ ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන වටහා ගත හැකි බොහෝ කරුණු කාරණා ගැබ්ව තිබේ. බිරිඳ සකසා දෙන බත්පත රැගෙන ගොම්මන් අඳුරේ මහ මුහුද දෙසට පියවර ඔසවන දයාබර ස්‌වාමි පුරුෂයෙක්‌. හම්බ කරගත් සොච්චම දරු පවුලේ පෝෂණය සඳහා හිමිදිරියේම බිරිඳගේ අත මිට මොළවන පියෙක්‌. පිසූ රස මසවුළු භුක්‌ති විඳිමින් පියකුගේ සෙනෙහස ලබන දරු පවුලක්‌. අගහිඟ කම් මැද්දේ වුව එකට වැටී එකට සිටිමින් සතුටින් ගලා ගිය ජීවිත හයක්‌.

මේ සියල්ල වෙනස්‌ වූයේ නිමේෂයකින් මෙනි. වෙඩි වැදීමෙන් පාදයක්‌ අක්‍රිය වූ ඡේසුමනීට ධීවර රැකියාව කරගෙන යැමට යළි කිසිදාක ඉඩ නොලැබුණේය. පාදයේ තුවාලය සුවකරගෙන රෝහල් වාට්‌ටුවෙන් නිවසට පැමිණියත් දවසේ වැඩි කාලයත් ඇඳක්‌ මතට වී සිටින්නට සිදුවිය. මේ කාලය තුළ ඡේසුමනීලාගේ ජීවිත කතාව මෙන්ම ධීවරයන් කෙරෙහි පැවැති රාජ්‍ය ප්‍රතිපත්තිවලද වෙනස්‌කම් සිදුවිය. ඇන්ටනී සහ ඡේසුමනී නියෝජනය වූ එගොඩවැල්ල ධීවරයන්ට පමණක්‌ නොව සමස්‌ත ධීවර ප්‍රජාවට ඩීසල් සහනාධාරයක්‌ ලැබුණේය. එහෙත් ඒ හිමිකම ලබාගැනීමට ජීවිතයෙන් වන්දි ගෙවූ ඇන්ටනීටත් ඔත්පළ වූ ඡේසුමනීටත් නොහැකි විය. එහෙත් මේ කාලය තුළ මේ සිද්ධිය හා සම්බන්ධ ඔවුන්ගේ ජීවිත හා සිදුවූ වැදගත් සිදුවීමක්‌ මුළු රටේම අවධානය දිනා ගත් බවක්‌ පෙනිණි. ඒ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පිරිසක්‌ ඝාතනය වූ ඇන්ටනීගෙ පවුලේ සුවදුක්‌ බැලීමට ඔවුන්ගේ පැළට ගොඩවීමය. ඒ ගැන විශ්වාසය පෙරදැරිව 2012 මාර්තු 18 වැනිදා “දිවයින ඉරිදා සංග්‍රහය” සටහන් තබා ඇත්තේ මෙසේය.

“කෙසේ හෝ ඇන්ටනී ප්‍රනාන්දු ධීවරයාගේ පැලට ගිය එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසක්‌ ඒ දරු පවුලට කළ සත්කාරය අගය කළ යුතුය. ඇන්ටනීගේ අසරණ බිරිඳ හා ඒ දරු පැටවුන්ට හෙටක්‌ ගැන සිතීමට කෙබඳු හෝ රැකවරණයක්‌ අද අවශ්‍යව තිබේ.”

එහෙත් ඇන්ටනීගෙ බිරිඳ අද හෙළිකරන කරුණු අනුව බොරදියේ මාළු බාන දේශපාලකයන් හමුවේ අලෙවි වී ඇත්තේ ඇන්ටනීගේ මරණයම පමණක්‌ නොවේ. ඒ අසරණ පවුල දේශපාලන ගිණුම්වලට බැරවන විට මාධ්‍යද ඇන්දවීමට තරම් දේශපාලකයන් සටකපට වී තිබේ. ඒ බව තහවුරු කරන්නේ අප නොවේ. ඇන්ටනීගේ බිරිඳ කළ මේ ප්‍රකාශයයි.

ඇන්ටනීට වෙඩි තියල මැරුණට පස්‌සෙ පොලිසියේ මහත්තුරු දරු දෙන්නට පොතට දාල දුන්න කීය හරි ඇරෙන්න ඔය කිසි කෙනෙක්‌ අපට උදව්වක්‌ කළේ නෑ. විපක්‍ෂ නායකතුමා අපට සිරිකොතට එන්න කියල බැංකු පොත් තුනක්‌ ඇරල දුන්න. පොත් විතරයි. ඒ තුනම බිංදුවේ.

ඇය මේ කියන්නට උත්සාහ කරන්නේ කුමක්‌ද? මේ සිද්ධියේදී විපක්‍ෂයේ පිරිසක්‌ ඇන්ටනීගේ පවුලට ආධාරයක්‌ කළ බවට පුවත් පළවූවා මතකය. මෙයින් හෙළිවන්නේ එම ආධාර ප්‍රචාරයට පමණක්‌ සීමා වූවා නොවේදැයි අප කනගාටුවෙන් වුවද ලියා තබමු. ජීවිතයෙන් වන්දි ගෙවූ ඇන්ටනීගේ අසරණ පවුලට එබඳු ඉරණමක්‌ අයත් වී නම් ඡේසුමනීගේ පවුලේ නැති බැරිකම ගැන උණුවන සිත් වේ යෑයි සිතීම විහිළුවකි. ඉඳහිට හෝ එබඳු සිතක්‌ පහළව ඔවුන්ට උපකාරයක්‌ කළේ අසල්වාසීන් පමණි. නමුත් ඒ උපකාරවලින් සැමදා ඔවුන්ගෙ ළිප ගිනි මෙළවිය හැකි නොවේ. හය දෙනකුගේ කුස ගිනි නිවිය හැකි නොවේ. තවමත් පසළොස්‌ හැවිරිදි වියේ පසුවන ඡේසුමනීගේ වැඩිමහල් දරුවා සෙබස්‌තියන් මියුවින් පාසල් ගමන නවතා පවුලේ බර කරට ගත්තේ එබැවිනි.

වෙඩි වදින්න කලින් තාත්තා බෝට්‌ටුවල කුලියට රස්‌සාවට ගියා. බෝට්‌ටුවල මාළු නැතිදාට ගෙදර එන්නෙ නෑ. මාළු කඩේ කුලී වැඩක්‌ හරි කරල අම්මට සල්ලියි හොඳ මාළු කූරියකුයි ගෙනත් දෙනවා අපිට බැදලා කන්න දෙන්න කියල. අපේ අම්මගෙ නම ජෙනීටා නිලන්ති. මම සෙබස්‌තියන් මියුවින්. මල්ලි නිලුක්‍ෂාන්, මලීෂා නංගි, අජිත් බාල මල්ලි අපි හතර දෙනාම ගියේ වැල්ලෙ සාන්ත සෙබස්‌තියන් ප්‍රාථමිකයට. තාත්තට වෙඩි වැදුණට පස්‌සෙ මම ඉස්‌කෝලෙ ගමන නැවැත්තුවෙ මල්ලියි, නංගියි ඉස්‌කෝලෙ යවන්න අම්මා තාත්තට කීයක්‌ හරි හම්බකරල දෙන්න ඕන නිසා. අපිට උදව් කරන්න වෙන කවුරුවත් හිටියෙ නෑ.

මැදහත්ව සිතන ඕනෑම කෙනකුට සියල්ල තේරුම් ගත හැකිය. අම්මාවරු පියවරු දහදුක්‌ විඳින්නේ දරුවන් වෙනුවෙනි. හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී උන්ගෙ අනාගතය සුරක්‍ෂිත කිරීම වෙනුවෙනි. එහෙත් පියවරුන්ට පොදු ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඡේසුමනීගෙන් උදුරාගෙන තිබිණි. ඒ හිත් වේදනාව ඡේසුමනී දරුණු ලෙස තුවාල කර තිබිණි. වයසේ තරමටත් වඩා පවුලේ බර කරට ගත් ලොකු දරුවා දෙස ඔහු හීල්ලූ සිතින් බලා හඳී. පසුගිය සතිය වන විට ඒ ඉවසීමේ උපරිමය කරා පැමිණ තිබිණි. ඒ දිනයේ බිරිඳ රත්කළ බත් පත රැගෙන විත් ඡේසුමනීට කතා කළේ තුන්වේලක්‌ බත් ඇටයක්‌ නොදැක සිටි ස්‌වාමිපුරුෂයාගේ කුස ගිනි නිවීමේ අදහසිනි. ඡේසුමනීගෙන් පිළිතුරක්‌ නොලැබිණි. ඇය බත් පත පසෙක තබා ළිඳ ළඟට ගොස්‌ තිබේ. මොහොතක ප්‍රමාදයකින් පසු සබන් කෑල්ල ගැනීමට පැමිණි බිරිඳ දුටුවේ නිවසේ වහලයේ පැද්දෙන ඡේසුමනීගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි. මේ අවාසනාවන්ත කතාව ගැන සටහන් කිරීමට තවත් බොහෝ සිතිවිලි ඇතත් මීට වඩා නොලියමි. එහෙත් තව එක්‌ දෙයක්‌ ගැන ලියමි. ඡේසුමනී සියදිවි තොරකර ගෙන තිබිණි. සියදිවි හානිකර ගැනීම වරදකි. නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින වටපිටාවක ඡේසුමනී සියදිවි හානිකරගැනීමේ වරදට හරිනම් ඔහුගේ පවුලේ උදවියට නඩු දැමිය යුතුයෑයි කියන කතා ඉදිරියේදී ඇසුනොත් අපි පුදුම විය යුතු නැත.

තිස්‌ස ගුණතිලක
ඡායාරූප සහ පසුබිම් වාර්තා –
කමල් ප්‍රියංකර

Advertisements

2 responses to “කාඩිනල් මැල්කම්/රනිල් වික්‍රමසිංහ කල්ලියේ තවත් බිල්ලක් – ජේසුමනී

  1. පින්ග්කිරීම: නිර්මාල් රංජිත් බලු ආචාරියාට ද්‍රෝහී පල්ලි සහාය | Jealous God – ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ

  2. පින්ග්කිරීම: Cardinal/Ranil Another Joint Venture – පාප්පයා බැහැදක්ක රනිල් පොන්ටියා | Jealous God – ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )