රනිල් පොන්සි ගේ උත්සාහය ඵල දරා කාඩිනල් මැති සබයේ ආතල් ගත් පුවත

අගරදගුරු ඇතුළු රදගුරුවරු රැසක් ඊයේ මැති සබයට
කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්
සොළොස් වැනි බෙනඩික් පාප් වහන්සේගේ සේවය අගයමින් ඊයේ (20දා) පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සාකච්ඡාවට ගත් අවස්‌ථාව දැකබලා ගැනීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරු පිරිසක් පැමිණ සිටියහ.
කථානායක ගැලරියේ සිට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, රදගුරුවරු සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාද ඊට අමතරව බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද මෙම සාකච්ඡාව දැකබලා ගත්හ.
ඉස්‌ලාම් සහ හින්දු පූජකවරු මෙන්ම රාජ්‍ය නිලධාරීහු ගැලරියේ සිට පාප් වහන්සේ පිළිබඳ ඇගයීමේ යෝජනාව සාකච්ඡා කරන අයුරු දැක බලා ගත්හ. ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති තනතුර දරන රදගුරු වරයාද මෙම අවස්‌ථාවේ ගැලරියේ සිටියේය.
ඇමැති මර්වින් සිල්වා මහතා කථානායක ගැලරියට පැමිණ මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු රදගුරුවරුන් වෙත තම ආචාරය පුද කළේය.
http://www.divaina.com/2013/02/21/news10.html
කතෝලික විලාසිතාවට රටට/රජයට කළගුණ දැක්වීම් වස් රයප්පුවා ලව්වා රජයේ පුකට පිහියෙන් අන්නන පුවත

මන්නාරම් රදගුරු ප්‍රමුඛ පූජකවරුන් 132 කගෙන් නවි පිල්ලේට සංදේශයක්
කීර්ති වර්ණකුලසූරිය
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාකාරි පියවරක් ගන්නැයි මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ප්‍රමුඛ පූජකවරුන් 132 දෙනකු නවි පිල්ලේ වෙත සංදේශයන් යවමින් ඉල්ලා ඇත.
ද්‍රවිඩ ජනතාව දසදහස් ගණනක් අතුරුදන් හෝ ඝාතනයට ලක්‌වී ඇති අතර ද්‍රවිඩයන්ගේ අනන්‍යතාව විනාශවන බවත් ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදිය යුතු බවත් එම සංදේශයේ දක්‌වා තිබේ.
එසේම ශ්‍රී ලංකාව විසින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශනය කිරීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසත් යුද්ධයේ දී සිදුවූ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර කොමිසමක් පත්කරන ලෙසත් ඉන් ඉල්ලා ඇත. මේ හැර නවි පිල්ලේගේ වාර්තාව තමන් පිළිගන්නා බවද එම පිරිස සිය සංදේශයේ දක්‌වා ඇත.
http://www.divaina.com/2013/02/21/news20.html