ආගම් ප්‍රචාරක ළමා නිවාස දරුවන් රැකීමටද වැනසීමටද?

ළමා නිවාස රැසක දරුවන් දැඩි මානසික පසුබෑමක

තුෂාරී කළුබෝවිල

ශ්‍රී ලංකාවේ ළමා නිවාස බොහෝමයක සිටින දරුවන් දැඩි මානසික වියවුල් තත්ත්වයකින් පසුවන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී හෙළිවී ඇත. ළමා නිවාසවල දරුවන්ට අත්විඳීමට සිදුවන තාඩන පීඩන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි ඔස්‌සේ සිදු කළ සමීක්‍ෂණවලින් මෙම කරුණු අනාවරණය වූ බව අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසුවාය. සත්ත්ව ඝාතනය සඳහා දරුවන් යොදා ගැනුණු බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ දරුවන්ට මේ දිනවල ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ මෙහෙයවීමෙන් මනෝ උපදේශන වැඩසටහන් පවත්වන අතර එම දරුවන් ද බරපතල ලෙස මානසික පීඩනයන්ට ගොදුරු වී සිටි බවට තහවුරු වී උපදේශන වැඩසටහන්වලදී හෙළිදරව් වෙමින් තිබේ.

 

http://www.divaina.com/2013/04/28/news13.html

බුදු දහම පරම සතුරාට මෙත් වැඩීම උගන්වන විට බයිබලය මරණයට මරණයෙන් පළිගන්නා හැටි කියා දෙයි.

WHAT THE BIBLE SAYS ABOUT MURDER (THOU SHALL NOT KILL, PERIOD!)?
1.          Genesis 4:15 The Lord said to Cain, “No! If anyone kills you, I will ·punish [avenge] that person seven times more.” Then the Lord put a mark [C the nature of the mark is uncertain] on Cain warning anyone who ·met [finds] him not to kill him.
Genesis 4:14-16 (in Context) Genesis 4 (Whole Chapter) Other Translations
2.          Genesis 4:24 If ·Cain’s killer is punished [L Cain is avenged] seven times [4:15], then ·Lamech’s killer will be punished [L Lamech will be avenged] seventy-seven times.” [C Lamech falsely thought he could get away with murder.]
Genesis 4:23-25 (in Context) Genesis 4 (Whole Chapter) Other Translations
3.          Genesis 4:25 [ Adam and Eve Have a New Son ] Adam ·had sexual relations with [L knew; 4:1] his wife Eve again, and she gave birth to a son. She named him Seth [C related to the Hebrew word for “give” or “appoint”] and said, “God has ·given [appointed for] me another child. He will take the place of Abel, who was killed by Cain.”
Genesis 4:24-26 (in Context) Genesis 4 (Whole Chapter) Other Translations
4.          Genesis 9:5 I will ·demand [require; L seek] blood for life. I will ·demand [require; L seek] the life of any animal that kills a person, and I will ·demand [require; L seek] the life of anyone who takes another person’s life.
Genesis 9:4-6 (in Context) Genesis 9 (Whole Chapter) Other Translations
5.          Genesis 9:6 “Whoever ·kills [L sheds the blood of] a human being will ·be killed [L have his blood shed] by a human being, because God made humans in ·his own image [L the image of God; 1:26–27].
Genesis 9:5-7 (in Context) Genesis 9 (Whole Chapter) Other Translations
6.          Genesis 18:25 ·Surely [L It would be a desecration for you!] you will not ·destroy [L kill; slay] the ·good people [righteous] along with the ·evil ones [wicked]; then they would be treated the same. You are the judge of all the earth. Won’t you do what is ·right [just]?”
Genesis 18:24-26 (in Context) Genesis 18 (Whole Chapter) Other Translations
7.          Genesis 22:10 Then Abraham [L sent his hand and] took his knife and was about to ·kill [slaughter] his son.
Genesis 22:9-11 (in Context) Genesis 22 (Whole Chapter) Other Translations
8.          Genesis 22:12 The angel said, “Don’t ·kill [L send out your hand against] your son or ·hurt [L do anything to] him in any way. Now I can see that you ·trust [L fear] God and that you have not ·kept [withheld] your son, your ·only [or precious] son, from me [Heb. 11:17–19; James 2:21–23].”
Genesis 22:11-13 (in Context) Genesis 22 (Whole Chapter) Other Translations
9.          Exodus 20:13 “You must not murder anyone.
Exodus 20:12-14 (in Context) Exodus 20 (Whole Chapter) Other Translations
10.     Exodus 21:14 But if someone plans and murders another person on purpose, put him to death, even if he has run to my altar for safety.
Exodus 21:13-15 (in Context) Exodus 21 (Whole Chapter) Other Translations
11.     Numbers 35:16 “‘Anyone who uses an iron weapon to ·kill [L strike] someone is a murderer. He must be put to death.
Numbers 35:15-17 (in Context) Numbers 35 (Whole Chapter) Other Translations
12.     Numbers 35:17 Anyone who takes a rock and ·kills [L strikes] a person with it is a murderer. He must be put to death.
Numbers 35:16-18 (in Context) Numbers 35 (Whole Chapter) Other Translations
13.     Numbers 35:18 Anyone who picks up a piece of wood and ·kills [L strikes] someone with it is a murderer. He must be put to death.
Numbers 35:17-19 (in Context) Numbers 35 (Whole Chapter) Other Translations

14.     Numbers 35:19 A ·relative of the dead person [near-relative; avenger of blood] must put the murderer to death; when they meet, the relative must kill the murderer.
Numbers 35:18-20 (in Context) Numbers 35 (Whole Chapter) Other Translations

දෙමව්පියන් සහිත ළමයි වංචනිකව අනාථයන් සේ හුවා පා සැප වින්ද තිස්ස පාස්ටර්


තිස්‌ස නිවසෙන් ළමාරක්‍ෂක අධිකාරියට
භාර දුන් දරුවෝ අද උසාවිය හමුවට

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

තිස්‌සමහාරාම ළමා නිවාසයේ සිට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත අධිකරණයෙන් භාරදුන් දරුවන් 38 දෙනෙකු අද (22දා) තිස්‌සමහාරාම අධිකරණය වෙත යොමු කිරීමට නියමිතය.

මෙම දරුවන් සිය දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

මෙම දරුවන් අතරින් වැඩි පිරිසකට දෙමාපියන් සිටින බවත් ළමා නිවාසයක සිටිය යුත්තේ දෙමාපියන් නොමැති අසරණ දරුවන් වූවත් මෙම ළමා නිවාසයේ වැඩිපුර සිට ඇත්තේ දුෂ්කර ගම්මානවල දුප්පත් දරුවන් බවත් අනාවරණය වී ඇතැයි අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මෙහි භාරකාරත්වය දැරූ පාස්‌ටර්වරයා දරුවන් වෙනුවෙන් නිසිඅයුරින් ආධාර ලබා ගනිමින්, දරුවන් වෙනුවෙන් ළමා නිවාසයට ලබාදුන් බස්‌රථ, ජීප්රථ ඇතුළු රථ වාහන සිය පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදවා ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම ළමා නිවාසයේ දරුවන් සඳහා විවිධ පරිත්‍යාගශීලීන් විසින් මාසිකව බැංකු ගිණුම්වලට මුදල් ලබාදෙන අතර පාස්‌ටර්වරයා විවිධ නම් යොදා බැංකු ගිණුම් හතරක්‌ තිස්‌සමහාරාම හා කතරගම ප්‍රදේශයේ ගනුදෙනු සඳහා යොදවා ඇතැයිද පැමිණිලි ලැබී තිබේ.

දුප්පත් පවුල් ඉලක්‌ක කර ආගමට හැරවීම සඳහා ළමුන් යොදා ගැනීම මෙම පාස්‌ටර්වරයා විසින් සිදුකරන අතර මෙම ළමා නිවාසයේ ආදායම් පිළිබඳව හා දරුවන් වෙනුවෙන් ලැබෙන මුදල් පිළිබඳව ආදායම් දෙපාර්තමේන්තුව හෝ වගකිවයුත්තන්ගේ අවධානය වහාම යොමු කළයුතු බවටද ප්‍රදේශවාසීහු කියා සිටිති.

http://www.divaina.com/2013/04/22/news14.html

අන්‍යාගම්කරණ වැළැක්වීමේ පනතට ඉත සිතින් විරුද්ධ වූ, මෙතෙක් පාස්ටර්ලාට එරෙහිව කෙළ බිඳක් නොහෙලූ “අති උතුම්” මැල්කම් ජඩයා තිස්සේදී නිරුවත් වූ පල්ලි අන්තවාදය හමුවේ සිය අත් පිසදාගැනීමට උත්සාහ කල වගයි.


බෝගහපැලැස්‌ස ළමා නිවාසයට
කතෝලික සභාවේ සම්බන්ධයක්‌ නෑ

මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

එක එක කණ්‌ඩායම් සිදුකරන ක්‍රියාවන් සඳහා වගකීම කතෝලික සභාවට බැර කිරීම අසාධාරණයක්‌ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කරති. තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසය කතෝලික සභාවට කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ද පාස්‌ටර්ලා ලෙස හඳුන්වන පුද්ගලයන් කතෝලික සභාවේ නැති අතර එහි සිටින්නේ පියතුමන්ලා පමණක්‌ බවද කාදිනල්තුමා පවසයි. කතෝලික සභාවට අයත් ස්‌ථානයකින් වැරැද්දක්‌ සිදුවුව හොත් ඊට නිසි දඬුවම් පමුණුවන බව සඳහන් කර සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා කතෝලික සභාව නිසි විනයක්‌ මත ක්‍රියාකරන බවද බෝගහපැලැස්‌ස ළමා නිවාසය පිළිබඳ චෝදනා කතෝලික සභාවට බාර නොකරන ලෙසද ඉල්ලා සිටී.

http://www.divaina.com/2013/04/09/news11.html

අනේ කාඩිනල් තුමෝ, රයප්පුවා මුළු ලෝකෙටම පේන්න දෙමළ අත්වාදයට උඩ ගෙඩි දෙමින් රටේ ඊළාම් ජාතිවාදී ක්‍රියා උසිගන්වන විට මේ කියන අයුරින් අයුරින් දඬුවම් කිරීමට තොගේ කොන්ද පණ නැතිද? නැතිනම් තොගේ කාඩිනල් පට්ටම වතිකානුවෙන් උදුරා ගනීවි යැයි බයද? කතෝලික සභාවේ එම ඊළාම් සිහිනය තෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? උඹ හොරුත් සමඟ අමු හෙළුවෙන් බව තොට තේරෙන්නෙම නැතිද?

දැයේ දරුවන් වෙනුවෙන් උණු වූ වීර බෞද්ධ හදවත්


බෝගහපැලැස්‌ස පාස්‌ටර්ට
එරෙහිව තිස්‌සේ උද්ඝෝෂණ

කතරගම – කේ. ඩී. දේවප්‍රිය, දෙබරවැව – ඒ. ඒ. පේමසිරි,
වීරවිල – එල්. එච්. කුසුම් ප්‍රියන්ත

තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ දරුවන් ඌරන් ඝාතනයට යෙදවූ පාලකයාට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඔහුගෙන් අතවරයට ලක්‌වූ දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස සහ මෙම පාලක පාස්‌ටර්වරයා අත්අඩංගුවට ගන්නා ලෙසත් බල කෙරෙන උද්ඝෝෂණයක්‌ ඊයේ (7 දා) තිස්‌සමහාරාම නගරයේදී පැවැත්විණි.

දහම් පාසල් දරුවන්, ප්‍රදේශයේ විහාරස්‌ථාන රැසක හිමිවරුන් හා නීතිඥයින්, ගුරුවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

නීතිඥ මාමලා අපි ගැන සොයා බලයි. නේද?” අත්කැකුළු පළා සුරතල් අපිව වනසලා, “ඌරො මරවපු තාත්තාට කෝ දඬුවම්” “සත්ත්ව හිංසා මාමලා කෝ, පරිවාස නැන්දලාට අපිට වැඩිය සල්ලි දෙන පාස්‌ටර් ලොකු වුණා. පාස්‌ටර්ගේ ස්‌වර්ගය ඌරන් මැරීමද, වැනි සටන් පාඨ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවස්‌ථාවට තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති, ආචාර්ය දේවාලේගම ධම්මසේන, කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්‌ස, නැදිගම්විල විහාරාධිපති අමරපුර නිකායේ අනුනායක, උයන්වත්තේ සද්ධාරාම, බෝගහපැළැස්‌ස, කන්දවිහාරාධිපති, කුඩාපානේ ගුණානන්ද, විරපොළ, ශාන්ති නිකේතනාරාමයේ විහාරාධිපති බොරලැස්‌ගමුවේ විජිතසිරි යන හිමිවරුද, පියරත්න බණ්‌ඩාර, ගුණසෝම වික්‍රමසිංහ යන නීතිඥවරුද පළාත් සභා මන්ත්‍රී සිරිපාල ජයවීර, තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ ජයවීර මහත්වරුද ප්‍රදේශයේ දහම් පාසල් රැසක දරුවෝ හා ප්‍රදේශවාසීහුද එක්‌ව සිටියහ.

http://www.divaina.com/2013/04/08/news06.html

තිස්‌ස ළමා නිවාසය හරහා රෙදි ගැලවුන කතෝලික අන්තවාදය අපූරුයි නේද?

මෙම පුවත කතෝලික අන්තවාදීන් මේ පින්බිම තුල විඳින වල් බූරු නිදහස කදිමට විදහා පානවා නොවේද? අපගේ ප්‍රවර්ග වලට අලුතින් එකතු වූ පහත සියල්ල එක පුවතකින්ම වීම කට නම් අදහා ගත හැකිද? කටුක සත්‍ය එයයි. පාහර කතෝලික අන්තවාදයට රට බාර දෙනවාද? නැතිනම් අපේ සිංහල බොදු දරුවන් අළුගෝසුවන් කරන මේ පාහර හැත්ත මුගුරෙන් පහරදී ස්වර්ගස්ථ කරනවාද? තීරණය ඔබ අතේයි.

කතෝලික අන්තවාදී ක්‍රියා
– 18ට වැඩි ගැහැණු දරුවන් ළමා නිවාසයේ තබා ගැනීම
– අපරාධ කරවා ළමුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්කිරීම
– ළමාරක්ෂක අධිකාරියට බාධා කිරීම
– වැඩිහිටි දරුවන් රටේ නීතියට එරෙහිව ප්‍රකෝපකාරී කිරීම
– අසභ්‍ය වචන ළමුන් හරහා වැපිරීම
– තමන් විසින් අන්‍යාගමට හරවාගත් වසලයන් විරෝධතා වලට යොමු කරවීම
– නීතියට එරෙහිව කලහකාරී තත්ත්ව නිර්මාණය කිරීම
– පොලීසිය කැඳවීමට සිදුවන තෙක් මෙල්ල නොවීම


කැමරා දකිද්දී දිවයති
ළමා නිවාසයෙත් ගාලගෝට්‌ටියක්‌
තිස්‌ස ළමා නිවාසයේ දරුවෝ
උණුසුම මැදින් ළමා අධිකාරියේ

තුෂාරී කළුබෝවිල, දෙබරවැව – ඒ. ඒ. ප්‍රේමසිරි, කතරගම – කේ. ඩී. දේවප්‍රිය,
රංජිත් විමලසිරි – වැල්ලම්පිටිය

සත්ත්ව ඝාතනය සඳහා දරුවන් යොදා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ සිටි දරුවෝ 76 දෙනෙක්‌ කොළඹ පිහිටි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත අධිකරණ නියෝග මත ඊයේ (5 වැනිදා) රැගෙන එනු ලැබූහ.

එම දරුවන් අතර ගැහැනු දරුවන් පනස්‌දෙනෙකු සහ පිරිමි දරුවන් විසිහතර දෙනකු සිටි අතර එයින් එක්‌ ගැහැනු දරුවකු වයස අවුරුදු 19 ක අයෙකි.

මෙම දරුවන් අධිකාරියට ගෙන්වූ සිද්ධිය වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් බොහෝදෙනෙකු එම ස්‌ථානයට ගොස්‌ සිටි නමුත් මාධ්‍යවේදීන්ගේ කැමරා දැකීමෙන් මහත්සේ කලබලයට පත්වූ දරුවෝ මුහුණු වසාගෙන ඒ මේ අත දුවන්නට වූහ.

උද්ගතවූ තත්ත්වය සමනය කිරීම සඳහා කැමරා අතැතිව සිටි මාධ්‍යවේදීන් දරුවන් සිටි ස්‌ථානයෙන් ඉවත් කිරීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට සිදු විය.

එසේ කලබල වීමට හේතුව කුමක්‌දැයි පසුව එම දරුවන්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ එක්‌තරා රූපවාහිනි නාලිකාවකින් එම දරුවන්ගෙ මුහුණද ආවරණය නොකර මුළු රටම සත්ත්ව ඝාතනයට යොදවා ගත් ළමා නිවාසයේ දරුවන් යෑයි කියමින් පෙන්වූ නිසා එය දැකීමෙන් ඔවුන් බියටත් ලැඡ්ජාවටත් පත්වූ බවය.

මෙම දරුවන් වෙනුවෙන් ඊයේ අධිකාරියේ මනෝ උපදේශකවරුන් යොදවා ගනිමින් මානසික සහන වැඩසටහනක්‌ පැවැත්වූ අතර පසුව ඔවුන්ව වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණි.

කෙස්‌ වෙතත්, ළමයින් අධිකරණ නියෝග මත ළමා ආරක්‍ෂක අධිකාරි භාරයට ගැනීමට ගිය අවස්‌ථාවේ ළමා නිවාස පාලකයන් ඊට විරෝධතාව දැක්‌වීම නිසා එහි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇති විය.

එහි ගිය නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කරමින් පාලකයන් විසින් වැඩිහිටි දරුවන් ප්‍රකෝපකාරී කිරීම නිසා ළමා නිවාසයේ දරුවන් පිටතට ගැනීමට නිලධාරින්ට පැය තුනක පමණ කාලයක්‌ ගත විය.

ළමා නිවාසයේ පාලකයා වූ පාස්‌ටර් විසින් ළමා නිවාසයෙහි කොටසක පවත්වාගෙන යනු ලබන සත්ව ගොවිපළෙහි ඌරන් මැරීම එහි ළමුන් හරහා සිදු කරනු ලැබීය.

එහෙත් ළමා නිවාසයේ හිටපු පාලකයා සහ පරිවාස සහ ළමාරක්‍ෂක කොමසාරිස්‌වරිය විසින් පත් කරන ලද පාලකයෝ ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට බාධාකරමින් ළමා නිවාසයේ දරුවන්ද ප්‍රපෝකාරී කරන්නට වූහ.

මේ අනුව එම ඇතැම් දරුවන් ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින්නට ද විය.

මේ අතර ළමා නිවාසයේ පාලකයන් විසින් මීට පෙර අන්‍යාගමට හරවා ගත් පිරිසක්‌ද එම මොහොතේ ඒ ස්‌ථානයට ගෙන්වා ගෙන කලහකාරී තත්ත්වයක්‌ නිර්මාණය කිරීමටද උත්සාහ ගෙන ඇත.

එහෙත් ළමාරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් එම පිරිස දැනුවත් කර අධිකරණ නියෝග මත එම දරුවන් රැගෙන යන බවත් ඊට එරෙහි වුවහොත් ඔවුන් සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් දැන්වීමෙන් පසු තත්ත්වය සමථයකට පත්විණි.

මෙම කලහකාරී තත්ත්වය හමුවේ විශාල පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද එම ස්‌ථානයට රැගෙන ඒමට ළමා ආරක්‍ෂක අධිකාරියට සිදු විය.

http://www.divaina.com/2013/04/06/news08.html

කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බලු, ඉඳුමිණි ලියනගේ ගේ නිදහසට කරුණු හොඳයිද?


තිස්‌ස නිවසේ භාරකාරත්වයෙන්
පාස්‌ටර්ගේ නැගණිය ඉවතට

තුෂාරී කළුබෝවිල, ලලිත් චාමින්ද – ගාල්ල – එස්‌. කේ. කළුආරච්චි

දකුණ පළාත් පරිවාස කොමසාරිස්‌වරිය විසින් තිස්‌සමහාරාම බෝගහපැළැස්‌ස ළමා නිවාසයේ භාරකාරත්වය පෙරේදා (03 වැනිදා) පාස්‌ටර්වරයාගේම නැගණියට පවරනු ලැබූවද ජනතා උද්ඝෝෂණ හේතුවෙන් ඊයේ (04 වැනිදා) යළි එම භාරකාරත්වයෙන් ඉවත් කිරීමට කොමසාරිස්‌වරිය පියවර ගත්තාය.

මෙම දරුවන් සත්ත්ව ඝාතනයට යොදා ගත් බවට චෝදනා ලැබූ පාස්‌ටර්ගේ නැගණියට පැවරුවේ මන්දැයි zදිවයිනZ කළ විමසීමකදී දකුණු පළාත් පරිවාස හා ළමාරක්‍ෂක කොමසාරිස්‌ ඉඳුමිණි ලියනගේ මහත්මිය පැවසුවේ ඇය එම පාස්‌ටර්ගේ නැගණිය බව තමා නොදැන මෙම පැවරීම කළ බවයි.

එම ළමා නිවාසයේ දැනට සිටින දරුවන් හැත්තෑදෙනා එම ළමා නිවාසයෙන් ඉවත් කර ගැනීම සඳහා ඊයේ (04 වැනිදා) තිස්‌සමහාරාම අධිකරණයට මෝසමක්‌ ඉදිරිපත් කළ බැව් දකුණු පළාත් පරිවාස කොමසාරිස්‌ ඉඳුමිණි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

දකුණ පළාත් ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙසේද කීවාය.

දෙපාර්තමේන්තු පටිපාටියට අනුව තමයි මෙම සිද්ධියෙන් පසු මෙම ළමා නිවාසයේ පාලන මණ්‌ඩලයට දෙදෙනකු පත් කළේ. ඒ අනුව ආනන්ද පියතුමා හා ලාලනී ජයසිංහ යන අය පත් කළා. ළමා නිවාසයේ පාලකවරයාගේ ඥාතීත්වය ගැන සැලකිලිමත් වුණේ නැහැ. ළමුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් තාවකාලිකව තමයි මේ කටයුත්ත කළේ. සත්ත්ව ඝාතන සඳහා යොදාගත් දරුවන් දහදෙනා එම ළමා නිවාසයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. දැනට එම ළමුන් හික්‌කඩුව සහතික කළ පාසලට යොමු කොට තිබෙනවා.

ඉතිරි ළමුන් හැත්තෑදෙනා ළමා නිවාසයෙන් ඉවත්කර ගැනීම සඳහා තමයි අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට කටයුතු කරන්නේ. ඒ සඳහා මෝසමක්‌ අධිකරණයට ඉදිරිපත් කළා. එම ළමුන් රජයේ ළමා නිවාසවලට ඇතුළත් කිරීමට කටයුතු කරනවා.

මෙම අවස්‌ථාවට දකුණ පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්‌මුල්ල. දකුණ පළාත් පරිවාස සහ ළමාරක්‍ෂක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අලහකෝන්, ආණ්‌ඩුකාර ලේකම් ලාල් සමරසේකර යන මහත්වරු ද එක්‌ව සිටියහ.

 

http://www.divaina.com/2013/04/05/news08.html

දකුණු පළාත් ළමාරක්‍ෂක කොමසාරිස්‌වරිය දරුවන් කන යකින්නක්ද?


තිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියට
දකුණු පළාත් පරිවාස හා ළමා රක්‌ෂණ කොමසාරිස්‌වරිය
ගත් පියවරට ප්‍රදේශයෙන් දැඩි විරෝධය

දෙබරවැව – ඒ. ඒ. ප්‍රේමසිරි සහ කතරගම – කේ.ඩී. දේවප්‍රිය

තිස්‌සමහාරාම බෝගහපෑලැස්‌ස ළමා නිවාසයේ පාලකයා විසින් එහි දරුවන් සත්ත්ව ඝාතනයට යොදා ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම ළමා නිවාසයේ දරුවන් එම ස්‌ථානයෙන් ඉවත් කර වෙනත් ආරක්‍ෂිත ළමා නිවාසයකට යොමු කරනවා වෙනුවට එම ළමා නිවාසයේ භාරකාරත්වය හා කළමනාකාරිත්වය චෝදනා ලැබ සිටි පාස්‌ටර්වරයාගේ සොහොයුරියට පවරා දී ඇත.

මෙම පැවරීමට දකුණු පළාත් පරිවාස හා ළමා රක්‍ෂක කොමසාරිස්‌වරිය ගත් පියවරට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය පළවී තිබේ.

සත්ත්ව ඝාතනයට අමතරව බෞද්ධ දරුවන් අන්‍ය ආගම්වලට බලෙන් හරවා ගැනීමේ චෝදනා ලැබ සිටින මෙම ළමා නිවාසයේ පාලකයාගේ සොහොයුරිය වන මාගරිටා ලාලනි ද පූජකවරියකි. දැනට ළමා නිවාසයේ පාලනයෙන් ඉවත් කරනු ලැබූ පාලකයා ජීවත් වනුයේත් එම ළමා නිවාසයෙහි බව අනාවරණය වේ.

දකුණු පළාත් පරිවාස හා ළමා රක්‍ෂක කොමසාරිස්‌වරිය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයට ප්‍රදේශවාසීන් මෙන්ම ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේ ඇතුළු ආගමික පූජකවරුන්ද දැඩි අප්‍රසාදය පළ කරති.

මේ පිළිබඳව වහාම සොයා බලා මෙම දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට සාධාරණ හා පිළිගත හැකි ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

 

http://www.divaina.com/2013/04/04/news24.html