හයිටි රාජ්‍යයේ ලක්‍ෂ 67 ක් බඩගින්නේ
හයිටි රාජ්‍යය අද නූතන විශාලාවක් බවට පත්ව ඇත. 1997 දී එරට ජනගහනයෙන් ලක්‍ෂ 12 කට තුන්වේල සරිකර ගැනීමට නොහැකි විය. එහෙත් අද තත්ත්වය ඊට වඩා දරුණුය. ජනගහනයෙන් 67% ක් එනම් ලක්‍ෂ හැට හතකට ආහාර සපයා ගැනීම දුෂ්කර වී ඇත. එරට ජනතාවගෙන් තුනෙන් දෙකක් බඩගින්නේ සිටිති. සෑම තිදෙනකුගෙන් දෙදෙනකු බඩගින්නේය. හයිටි රාජ්‍යයේ ජනගහනය මිලියන දහයකි. මේ නිසා ලක්‍ෂ 15 ක් මන්දපෝෂණයට හා වෙනත් රෝගවලට ගොදුරුව ඇත. කුඩා දරුවන් අතර මෙය ඉතා බහුලය.
හයිටි රාජ්‍යයේ ආර්ථික විද්‍යාඥයකු වන ක්‌ලෝඩ් බියුබොයුµa පවසන්නේ මෙය සැබවින්ම නින්දිත ඛේදජනක තත්ත්වයක් බවයි. ඇතැම් මුඩුක්‌කුවල වෙසෙන ජනයා දින දෙකකට වරක් එක වේලක් පමණක් ආහාර ගන්නා බව ක්‌ලෝඩ් කියයි. ඉසාක් සුළි කුණාටුවත් සැනිඩි කුණාටුවත් නිසා හයිටියේ කාලගුණ විපත් වැඩිවූ අතර සියලු වගා බිම් විනාශ විය. එවිට බඩගින්නෙන් පෙළෙන්නන් ප්‍රමාණයද තවත් ඉහළ ගියේය.
බඩගින්න නිසා දරුවන් පාසල් ඒමද නතරවී ඇත. ස්‌ටෙµන් සේන් විලේන් පියතුමා කුඩා පාසලක් පවත්වාගෙන යයි. එහි සිසුන් සියයක් ඉගෙනුම ලැබූව දැන් එන්නේ 43 කි. බඩගින්න දරාගෙන සිප් සතර හැදැරිය නොහැකියි.
හයිටියේ බඩගින්න දුරුකරන්නට ඇමරිකාව ඩොලර් මිලියන 20 ක ආධාර ලබාදීමට තීරණය කර ඇත. නමුත් දකුණු හයිටියේ වැසියන් පවසන්නේ තමන්ට කිසිම ආධාරයක් නොලැබුණු බවයි. තම දරුවන්ට කන්නට දෙන්න බැරි දෙමාපියෝ ඒ දරුවන්ව තම ඥතීන්ට භාරදී ඇත. සමහරු සිය දරුවන්ව අනාථ නිවාසවලට යවා ඇති බව සහන සේවකයෝ විදෙස් මාධ්‍යයට පවසා තිබිණි. මීට වසර තිහකට පමණ පෙර හයිටි රාජ්‍යය තමන්ට පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් ආනයනය කළ 19% ක් පමණි. නමුත් වර්තමානයේ එරටට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් 80% ක්‌ම ආනයනය කර තිබේ. එයින්ම එරට වගා බිම් විනාශවී ඇති ආකාරය හොඳින්ම පැහැදිලිවේ. දැන් හයිටි රාජ්‍යයේ කිසිම වනාන්තරයක් ඉතිරිව නැත. ගස් කපා දමා දරට විකුණා ඇත. එනිසාම කාලගුණ විපත්ද දරුණුවී තිබේ.
ඇත්තෙන්ම 2010 ජනවාරි 12 වැනිදා හයිටි රාජ්‍යයට බලපෑ දරුණු භූමි කම්පාව නිසා එරටට දැඩි දේපළ හා ජීවිත හානියක් සිදුවිය. ඉතිහාසයේ දෙවන දරුණුම භූමි කම්පාව ලෙස සැලකෙන මෙයින් මිය ගිය සංඛ්‍යාව 316,000 ක් බව එරට ආණ්‌ඩුව කියයි. මේ භූමි කම්පාවෙන් නිවාස 250,000 ක් හා ව්‍යාපාර ගොඩනැඟිලි තිස්‌දහසක් විනාශ විය. මේ භමි කම්පාව නිසා එරට ජනාධිපති මන්දිරයද කඩා වැටිණි. ඇත්තෙන්ම මේ කාලගුණ හා දේශගුණ විපත් නිසා හයිටි රාජ්‍යයට අත්වී ඇත්තේ ඛේදජනක ඉරණමකි. එහෙත් ලෝක බලවතුන් හයිටි වැසියන් බඩගින්නේ මැරෙන්නට දී ඉවත බලාගෙන සිටින බව නම් සත්‍යයකි.
වරදත්ත අකලංක
http://www.divaina.com/2013/06/21/forign01.html
ලංකාවේ කැණහිළන්ට මුදල් විසිකර අන්‍යාගම්කරණය කරන, කොටින්ගේ රෙද්ද අස්සෙන් මුදල් ගරණ මැල්කම් ජඩයාගේ ලංකා කතෝලික සභාව, ඔය ගරාගන්නා මුදලින් නරකද හයිටි ජනතාවට එක කෑම වේලක් ලබා දුන්නොත්? ජේසු සමිඳානන් ගේ අනුගාමිකයන්ගේ ඉරණම ඉතා දරුණුයි නේද මැල්කමෝ?