දිව දෙකේ කොටි රයප්පුවාට තමාගේ පරම සතුරු නාවික හමුදාව අගයා සිටිය නොහැකි වූ වගයි!


නාවික හමුදා සමාජ සත්කාර ව්‍යාපෘතියෙන් මුල්ලිකුලම් ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට පත් කිරීම ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27 දා) සිදු විය.
මෙම නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශයේ වසර 175 ක්‌ පමණ පැරැණි ස්‌වර්ණාරෝපිත මාතාවගේ දේවස්‌ථානය ප්‍රතිසංස්‌කරණය සහ එහි නව පූජක නිවාසයක්‌ ඉදිකිරීම නාවික හමුදාව මගින් සිදු කරන ලදී.
අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් මෙම ප්‍රතිසංස්‌කරණ හා ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
මෙම උත්සවයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් ඇමතූ මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් පියතුමා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයාගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් ප්‍රදේශවාසී කිතුණු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉටුකරන කාර්යභාරය මහත් සේ අගය කරන බව පැවැසීය.
මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ මුසල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මුල්ලිකුලම් ගමේ ධීවරයන් සඳහා නාවික හමුදාව විසින් පරිත්‍යාග කළ ඩිංගි යාත්‍රා 10 ක්‌ භාරදීමද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් මෙහිදී සිදු විය.
මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍රීමා කොළඹගේ මහත්මිය හා වයඹ නාවික ආඥපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්‌කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හා නාවික හමුදා නිලධාරීන් රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 

http://www.divaina.com/2013/09/03/provin04.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )