නඩු අස්සේ ඉලක්ක අත් නොහරින ලක් කතෝලික අන්තවාදය


නඩුවක්‌ පවතින විට තිස්‌ස නිවසේ යළි දරුවන් රැඳවීම ගැටලුවක්‌ ප්‍රදේශවාසීහු කියති කතරගම – කේ. ඩී. දේවප්‍රිය
තිස්‌සමහාරාම අගාපේ ළමා නිවාසයේ පාස්‌ටර්වරයාට එරෙහි ළමයින් කෲරත්වයට පත් කිරීමේ චෝදනා සම්බන්ධව නඩුවක්‌ පවතින අවස්‌ථාවක නැවත ළමයින් ළමා නිවාසයේ රඳවා ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම ළමා නිවාසයේ සිටි ළමුන් 90 දෙනකු පමණ ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය මගින් රැගෙන ගිය අතර ඔවුන් අතරින් 21 දෙනකු මවුපියවරුන් වෙත පවරා දෙනු ලැබිණි.
රුපියල් ලක්‍ෂයක බැඳුම් ඇපකරයක්‌ මත දරුවන් සිය දෙමාපියන්ට බාර දුන් අතර මේ 21 දෙනා අතරින් ළමයින් 9 දෙනකු නැවත චෝදනා ලත් පාස්‌ටර් වෙත ලබාදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම දරුවන් පාසල් නොයවා අගාපේ ළමා නිවාසයේ රඳවා සිටි අතර දිවා කාලයේදී නිවස තුළටත් රාත්‍රි කාලයේදී එළියටත් පැමිණීමට අවසරය ලබාදී තිබිණි.
මෙම දරුවන් යළි මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග ඊයේ (28 දා) උදෑසන සුදු පැහැති ජීප් රථයකින් ඔවුන් තණමල්විල ප්‍රදේශයේ ළමා නිවාසයකට රැගෙන ගොස්‌ ඇත.
මෙම ළමා නිවාසය පිළිබඳ අදහස්‌ දැක්‌වූ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවේ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය ළමුන්ට සිදුවන හිංසනයන් පිළිබඳව ක්‍රියා කරන ආයතනයක්‌ බවත් මෙම ළමා නිවාසය පිළිබඳව වගකීම ඇත්තේ දකුණු පළාත් පරිවාස හා ළමා රක්‍ෂණ දෙපාර්තමේන්තුවට බවත් ය. මේ පිළිබඳව ප්‍රදේශයේ විහාරස්‌ථානවල හිමිවරුන් හා ප්‍රදේශවාසීන් විසින් ක්‍රියාමාර්ගයක්‌ ගත යුතු බව ද ඇය කීවාය.
මෙම ළමා නිවාසයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ඌරු කොටුව පිළිබඳව තවමත් කිසිදු නීති පියවරක්‌ ගැනීමට තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාව ක්‍රියා කර නොමැත.
පසුගිය දිනවල සිටි දරුවන් රැසක්‌ මීගමුව හා හලාවත ප්‍රදේශවලට අයත් වූවන් වන අතර කතරගම ඉපදුණු ළමුන් මෙම ළමා නිවාස තුළ නොසිට ඇත.
චෝදනා රැසකට ලක්‌ව සිටින පාස්‌ටර්වරයා කතරගම ප්‍රදේශයේ අලුතින් පිහිටුවා ගෙන ඇති නිවස පල්ලියක්‌ කිරීම සඳහා රහසින් ලියකියවිලි සකස්‌ කරමින් සිsටින බව කතරගම ජනයා පවසති.  

 

http://www.divaina.com/2013/08/29/news13.html