මෙන්න තවත් සක්කිලි දෙමළ ගේම්, මානව හිමිකම් ගැන හිතන මැල්කම් , දෙමළු කඩන මේ ජාතික හිමිකම් ගැන කියන්නේ මොනවාද?


උතුරේ පාසල් උත්සවවලදී සිංහ කොඩියට තහංචි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ පාසල් උත්සවවලට කිසිදු ලෙසකින් සිංහ කොඩිය භාවිත නොකරන ලෙසට බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු විසින් පාසල් ප්‍රධානීන්ට නියෝග කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ. මෙම බෙදුම්වාදි දේශපාලනඥයන් කවුරුන්දැයි හඳුනාගෙන තිබේ.

උතුරේ සියලුම පාලන කටයුතු ගෙන යන්නේ පළාත් සභාව මගින් බවත් සිංහ කොඩිය හා කොළඹ රාජ්‍ය නිලධාරීන් පාසල් උත්සවවලට ගෙන්වීමෙන් වළකින ලෙසත් ඔවුන් දන්වා ඇත. රටේ නීතියට එරෙහිව ක්‍රියාකරන එම දේශපාලකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ක්‍රියාකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

http://www.divaina.com/2013/12/13/news01.html

 


උතුරු පළාත් සභාවෙන් රජයට අභියෝග දෙකක්‌

කීර්ති වර්ණකුලසූරිය

උතුරු පළාත් සභාව ශ්‍රී ලංකා රජයට අභියෝග කරමින් යෝජනා දෙකක්‌ ඒකමතිකව සම්මත කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාර ජී. චන්ද්‍රසිරි මහතා ඉවත්කර ද්‍රවිඩ ජාතිකයකු පත්කරන ලෙසත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් ඉන් ඉල්ලා තිබේ.

ප්‍රභාකරන්ගේ සමීප ඥතියකු වන ජී. සිවාජිලිංගම් ඉදිරිපත් කළ මේ යෝජනා පළාත් සභා මන්ත්‍රී කේ. සරවෙස්‌ටරන් විසින් ස්‌ථිර කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාරවරයා ලෙස උතුරේ පදිංචිකරුවකු පත්කළ යුතු බවද ඉන් ඉල්ලා ඇත.

මේ අතර උතුරු පළාත් සභා ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

http://www.divaina.com/2013/12/13/news03.html

 

 


ජාතික කොඩියට නිගරු එපා
පළාත් ආණ්‌ඩුකාරවරු දැනුවත් කෙරෙති
සිහි කැඳවීම් චක්‍රලේඛයක්‌ අලුතින් එයි

චමින්ද සිල්වා

ජාතික කොඩියට නිගරු කරමින් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව කටයුතු කළ හැකි යෑයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී. බී. අබේකෝන් මහතා “දිවයින”ට පැවැසීය.

උතුරු පළාත් සභාවට පත්වූ ඇතැම් අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් නිල උත්සවවලදී ජාතික කොඩිය හිතාමතාම එසවීමට ක්‍රියා නොකළ අවස්‌ථා ගැනද වාර්තා වන බව ඒ මහතා කියා සිටියේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයට අමතරව නැවත සිහි කැඳවීමේ චක්‍රලේඛයක්‌ වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා පවසා සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රකින බවට ප්‍රතිඥ දී උතුරු පළාත් සභාවට පත්ව සිටින මැති ඇමැතිවරුන් ජාතිවාදී ස්‌වරූපයෙන් ජාතික කොඩියට නිගරු කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡා කර පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා තමාට උපදෙස්‌ දී ඇතැයි අබේකෝන් මහතා පැවැසීය.

ජාතික කොඩිය සියලු ජාතීන් නියෝජනය වන අයුරින් නිර්මාණය කර ඇති බැවින් ජාතික කොඩිය එසවීම පිළිබඳව උතුරේ මහජන නියෝජිතයන් ඒ පිළිබඳව අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගත යුතු යෑයිද අබේකෝන් මහතා සඳහන් කළේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් ගත යුතු විධිවිධාන පිළිබඳව උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා විසින් එම පළාත්වල මහජන නියෝජිතයන් තවදුරටත් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2013/12/13/news02.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )