පරයාගේ නීතියේ උගුලට පල්ලිය හා පොලීසිය විසින් නිකරුනේ හසුකරදෙන උතුම් සඟරුවන


තලාහේන කල්වාරියට පහරදීමේ නඩුව
බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටීම නිසා
භික්‍ෂුවට අද උසාවිවල පෙනී සිටින්න සිදුවෙලා

ගලගොඩඅත්තේ ඥනසාර හිමි සාés දෙමින් කියයි

සමන්ත ඉලේපෙරුම

කිසිවෙකුට අඩන්තේට්‌ටම් කිරීමට කවුරුවත් තමන් වෙත බලයක්‌ ලබාදී නැති බවත් රටේ නීතියට සියලු දෙනා යටත් බවත් බොදු බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි ඊයේ (3 දා) කොළඹ මහාධිකරණය හමුවේ පැවසූහ.

ඥනසාර හිමියන් එසේ පවසා සිටියේ 2008 ජුලි 7 දා තලාහේන අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට පහරදීමේ නඩුවේ විත්තියේ සාක්‍ෂිකරුවකු ලෙස සාක්‌ෂි දෙමිනි.

සිද්ධියට අදාළව එස්‌. ඒ. අතුල සෙනවිරත්න, ඩබ්. එම්. සුදු බණ්‌ඩා, එච්. තමරා බියටි්‍රස්‌, ඒ. කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර පෙරේරා, ඩී. එස්‌. පී. කඳනආරච්චි, ටී. කේ. සෝමදාස, ඊ. එච්. වික්‌ටර් රත්නායක, කේ. ඩබ්. කරුණානන්ද, ඊ. එච්. එම්. රත්නායක, අක්‌කරගම ඥනවිමල හිමි, ගලගොඩඅත්තේ ඥනසාර හිමි, අගුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා ධනුෂ්ක සංජිව නමැති විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

වර්ෂ 2008 ක්‌ වූ ජුලි මස 7 දා හෝ ඊට ආසන්න දිනයකදී නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් තලාහේන අරලිය පෙදෙසේ කල්වාරි දේවස්‌ථානයට පහරදී රුපියල් 50 කට වැඩි අනර්ථයක්‌ සිදුකිරීම, එහි පාස්‌ටර්වරුන් වන සිඩ්sන් රොෂාන් ඇන්ඩී්‍රසන් හා ජෝන් ඇන්ටන් ඇන්ඩී්‍රසන් යන අයට පහරදී තුවාල සිදුකිරීම, ජෝන් ඇන්ටන් ඇන්ඩී්‍රසන් සන්තකයේ තිබූ රුපියල් 15,000 ක්‌ වටිනා ජංගම දුරකථනය පැහැර ගැනීම, සිඩ්නි රොෂාන් ඇන්ඩී්‍රසන් සන්තකයේ තිබූ රුපියල් 50,000 ක්‌ වටිනා රත්‍රන් මාලයක්‌ කොල්ල කෑම, ආදී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙකී චෝදනා ගොනු කර ඇත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක මහත්මිය හමුවේ නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ තවදුරටත් සාක්‌කි දෙමින් උන්වහන්සේ මෙසේද පැවැසූහ.

2003 වන විට බෞද්ධ විරෝධී ව්‍යාපාරයන්ට එරෙහිව රට පුරා විවිධ සංවිධාන බිහිවන්නට වුණා. මේ වෙනුවෙන් පත්කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවෙන් පවා මෙම කරුණු පුළුල්ලව සාකච්ඡාවට ලක්‌ කරනු ලැබුවා. ගැටුමකින් තොරව අන්‍යාගමික කරණයෙන් බෞද්ධයන් මුදා ගැනීම සඳහා පාලකයන්ටත් නීති සම්පාදකයන්ටත් කරුණු දැක්‌වීමට භික්‍ෂූන් වහන්සේලා මූලික වුණා.

සදාචාර විරෝධී හා නීති විරෝධී ලෙසින් අන්‍යාගමිකකරණයට සංවිධාන 406 ක්‌ පමණ බිහිවිS තිබුණා. එයින් සංවිධාන 374 ක්‌ ලියාපදිංචිය ලබාගෙන තිබුණත් ඇතැම් ඒවා හඳුනා ගැනීමට නොහැකි ලෙසින් ක්‍රියා කළා.

2008 දී මගේ ඇස්‌ දෙකෙන්ම දැක්‌කා දෙමළ පාස්‌ටර් කෙනෙක්‌ කුලියට ගත් ශාලාවක්‌ තුළ බුද්ධ ප්‍රතිමාවක්‌ පාගාගෙන “මේ යක්‍ෂයා නිසා තමයි අපිට දියුණු වෙන්න බැරිවෙලා තියෙන්නේ” කියා දේශන පවත්වනවා. එදා සිට අපි මෙම කෲරතර ක්‍රියාදාමයට එරෙහිව හඬ නඟන්න සංවිධානය වුණා.

කාදිනල්වරයා පවා මෙම විවිධ නම්වලින් පෙනී සිටිමින් සිදුකරන අන්‍යාගමිකකරණය කතෝලික ජනතාවටද හානිකර බව පවසා තිබුණා.

මෙම විවිධ සංවිධානවල මෙහෙයවීම් සිදුකරන පාස්‌ටර්වරුන් හඳුනා ගැනීමට නොහැකි පිරිසක්‌. අනෙක්‌ සියලු ආගමික පූජකයන්ට ඒ අයගේ අනන්‍යතාවක්‌ තිබුණත් පාස්‌ටර්ලාට එහෙම එකක්‌ නෑ. ඔවුන් ටයිකෝට්‌ හැඳගත් සාමාන්‍ය පුද්ගලයන් ලෙසින් පෙනී සිටින පිරිසක්‌.

කලින් කලට විsවිධ අවශ්‍යතා මත විවිධ සංවිධාන ඇතිවෙනවා. මෙරට 68% ක්‌ පමණ වන බෞද්ධයන්ට කිසිදු සහනයක්‌ නෑ. ප්‍රජා නායකයකු ලෙසින් භික්‍ෂුව ප්‍රදේශයේ විවිධ ප්‍රශ්න ගත සිද්ධීන්ට මුල්වී ක්‍රියා කරනවා. පොලිසිය කිසිම සොයා බැලීමකින් තොරව උන්වහන්සේලාව උසාවියට ඉදිරිපත් කරනවා. බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් අද වන විට භික්‍ෂුවට උසාවිවල රස්‌තියාදු වෙන්න වෙලා තියෙනවා.

2007 මැයි 7 දා පිහිටුවා ගත් බොදුබල සේනා සංවිධානය බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීමට එරෙහිව ක්‍රියා කරනවා. බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක්‌ නැති නිසා බෞද්ධයන් වෙනුවෙන් වන අසාධාරණයට එරෙහිව බොදුබල සේනාව ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් වෙනවා.

තලාහේන අරලිය පෙදෙසේ යාඥ මධ්‍යස්‌ථානයට පහරදීමේ සිද්ධියට අදාළව ඇතිවූ සිද්ධියට බොදුබල සේනාව සම්බන්ධ වුණේ ඒ අසල බෝධිරුක්‌ඛාරාමයේ නායක හිමියන්ගේ දැනුම් දීමකට අනුවයි. ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පීඩාකාරී ලෙසින් පවත්වා ගෙන ගිය මෙය කුලියට පවත්වන යාඥ මඩුවක්‌. මෙවැනි ස්‌ථානවල සිටින අයම තමයි ඒ තැන්වලට අලාභ හානි කර ගන්නේ. ගමෙන් එන විරෝධය මැඩ ගන්න වෙනත් පිරිසක්‌ පහරදුන් බව පෙන්වනවා.

සාක්‌ෂි ලබාදෙන අතරතුරදී දහවල් දානය ගැනීමට අවශ්‍යදැයි අධිකරණයෙන් කළ විමසීමට පිළිතුරු දුන් ඥනසාර හිමියන් සාසනය වෙනුවෙන් එක දවසක්‌ බඩගින්නේ සිටිය හැකි බව දන්වා සිටියහ.

රට තුළ ක්‍රියාත්මක ඇතැම් නීති විරෝධී ආගමික මධ්‍යස්‌ථානයන්ට පොලිස්‌ නිලධාරීන්ගේ දේශපාලනඥයන්ගේ සහායද ලැබෙනවා. එය ඉතා ලැඡ්ජා සහගත කරුණක්‌. රටේ පාලකයන් බුදුදහම රැක ගැනීම උදෙසා ව්‍යවස්‌ථාවෙන්ම බැඳී සිටිනවා. තලාහේන පැවැති යාඥ මධ්‍යස්‌ථානයට එරෙහි යාබද විහාරස්‌ථානවල හිමිවරුන් බලධාරීන් දැනුවත් කර තිබුණත් ඒ කිසිම ආයතනයක්‌ නිසි පියවර ගෙන තිබුණේ නෑ.

එදා එතැන මෙවැනි කලබලකාරී තත්ත්වයක්‌ ඇති වුණේ එහි සිටි පොලිස්‌ නිලධාරීන් නිසයි. මේ වන විට එතැන ඩෝසර් කරලා. ඔවුන් එය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ නීති විරෝධීව බව පැහැදිලියි. මෙහි සාක්‌ෂි දුන් පැමිණිලිකාර පාස්‌ටර්වරුන් දෙදෙනා සහෝදරයන්. ඔවුන් වැඩ කරන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ. ඇමරිකානු තානාපති කාර්යාලය බෞද්ධයන් ආගම්වලට හරවා ගැනීමට ඩොලර් මිලියන ගණන් වියදම් කරනවා.

අපි එතැනට යන විටත් ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ එහි රැස්‌ව සිටියා. ටික වේලාවකින් ගල් වරුෂාවක්‌ ආවා. රැස්‌ව සිටි පිරිස මධ්‍යස්‌ථානයට කඩා ගෙන ගියා. පසුව විවිධ ශබ්ද ඇසුණා. බිම වැටිලා හිටිය පාස්‌ටර්ව සිවුරෙන් වසා ගෙන බේරාගෙන එළියට අරන් ආවේ මමයි. රැස්‌ව සිට පිරිස කොහෙන් ආවාද දන්නේ නෑ.

ලෝකය පුරා විසිරී ඇති උගතුන් බුද්ධිමතුන් මේ වන විට අවබෝධයක්‌ ඇතිව බුදු දහම වැළඳ ගැනීමට පෙළඹී සිටිනවා. මෙය වතිකානුවට වගේම බටහිර යුරෝපයට දරාගත නොහැකි කරුණක්‌ වෙලා තියෙනවා. ඇමරිකාවේ පවා දැන් පන්සල් 100 ක්‌ විතර තියෙනවා. මේ කිසිම භික්‍ෂුවකට චෝදනාවක්‌ නෑ. ආගම්වලට හරවා ගන්න බවට. බෞද්ධ රටවල ජනතාව ම්ලේච්ඡයන් බවට ලෝකයාට පෙන්වීමට මෙවැනි පාස්‌ටර්වරුන් ගම්වලට ගෙන්වාගෙන ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කරනවා.

පොලිසියේ හැසිරීම නිසා තමයි එදා ගල් වරුෂාවක්‌ ආවේ. හූ හඬ ආවේ. යාඥ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල වුණේ. කිපුණු මිනිසුන් රැස්‌ව සිටින අවස්‌ථාවක හෝ ස්‌ථානයක හැසිරිය යුතු ආකාරය පිළිබඳව පොලිසියට අවබෝධයක්‌ නෑ. පොලිසියේ ක්‍රියා කලාප නිසා තමයි මෙවැනි සිද්ධීන් ඇති වූයේත්, ඇති වන්නේත්. ඇතැම් විට ටිකක්‌ තදින් කතා කළත් කාටවත් අඩන්තේට්‌ටම් කරන්න කවුරුවත් අපිට බලයක්‌ දීලා නෑ. රටේ නීතියට සියලු දෙනා යටත්.

රජයේ නීතිඥ දමිත්‍රි ද සිල්වා මහත්මියගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එදින කිසිවෙකුට පහරදීමක්‌ හෝ කලහකාරී ලෙස හැසිරීමක්‌ සිදුනොවූ බවද මෙවැනි ස්‌ථාන රැසක්‌ ගැන තමන් කටයුතු කර ඇති බවට පොලිසියට දන්වා සිටි බවද කියා සිටියහ.

උන්වහන්සේගේ සාක්‌කි විමසීම එතැනින් අවසන් වූ අතර වාචික දේශනය සඳහා නඩුව ලබන 7 දාට කැඳවන ලෙසට විනිසුරුවරිය නියෝග කළාය.

http://www.divaina.com/2014/02/04/news20.html

රායප්පු ජෝශප් කොටි බිෂොප් ගේ පුල්ලි නිරුවත ගැන කතෝලික විග්‍රහයක්



මන්නාරමේ රදගුරුට වුවමනා මේ රට දෙකඩ කිරීමද?

ඉතිහාසයේ කිසිදා නොවු විරූ මතභේදාත්මක සංවාදයක්‌ ශ්‍රී ලංකා කතෝලික සභා සාමාජිකයන් අතර ඇති වී තිබේ.

මෙරට කතෝලික සභාවේ පාලක පිරිස වු රදගුරු මණ්‌ඩලයේ ඒකත්වය හා සාමුහිකත්වය දෙදරා යාම ගැනය.

මූලිකවම, මන්නාරමේ රායප්පු ජෝශප් රදගුරුවරයාගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසාය. පළමුව ඔහුගෙන් ඇරඹුණු ඒ ව්‍යසනයට දැන් දැන් අනෙකුත් ද්‍රවිඩ රදගුරුවරු ද සෘජුව දායක වෙමින් සිටිති.

ධූරයට පත් වු දා සිටම මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් ක්‍රියා කරන්නේ එල්ටීටීඊයට පක්‍ෂවය. එල්ටීටීඊ අපරාධකාරයන් ඔහු හැඳින් වූයේ අපේ ළමයින් ලෙසය.

රජයේ හමුදා සිය එල්ටීටීඊ ළමයින් පරාජය කර, උතුර ත්‍රස්‌තවාදයෙන් මුදවා ගැනීම, වරදක්‌ බව පවසන මන්නාරම රදගුරුවරයා, ඒ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටී. ඒ හමුදාවේ වරදකරුවන්ට දඬුවම් පමුණුවන්නට ය. හමුදාපති, ආරක්‍ෂක ලේකම් හා ජනපති ලෝක යුද අධිකරණයක්‌ ඉදිරියට ගෙන යන්නටය. එහෙත් මෙරට කතෝලික සභානායක, කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසන්නේ, ලංකාවට එරෙහිව පවත්වන කුමන හෝ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට තමන් විරුද්ධ බවය. එසේම, එවැනි පරීක්‍ෂණයකට ඇති ඉඩකඩ ඇහිරිය යුතු බවය. (රාවය -2013.12.15)

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසන්නේ, ද්‍ර.ජා. සංධානය අපේ රට තුළ දීම එකමුතුව සාකච්ඡා කර, උතුරේ ගැටලුව විසඳා ගත යුතු බවය. රායප්පු ජෝශප් රදගුරු රජය හා ද්‍ර. ජා. සංධාන එකමුතු සාකච්ඡාවකට ඉඩ නොදේ. ඔහු පවසන්නේ බටහිර ක්‍රිස්‌තියානි රටවල සහාය ලබා උතුරේ ඊලාමය පිහිටුවීමට ද්‍ර. ජා. සංධානය විමුක්‌ති ව්‍යාපාරයක්‌ සේ ක්‍රියා කළ යුතු බවය.

සති දෙකකට පමණ පෙර, මේ රටට පැමිණ ගිය, ඇමරිකානු නඩු අධ්‍යක්‍ෂ රැප්ට, රදගුරු රායප්පු ජෝශප් මහරු (ගල් පැලෙන) බොරු දෙකක්‌ පවසා තිබුණි.

ශ්‍රී ලංකා හමුදාව තම ළමයින් මර්දනය කිරීමට රසායනික අවි භාවිතා කළ බවය. ශ්‍රී ලංකා හමුදාව උතුරේ රෝහල්වලට බෝම්බ හෙළුE බවය. (දිවයින 2014.01.10) තමා එසේ නොපැවසූ බවට මන්නාරම රදගුරු තවමත් ප්‍රකාශයක්‌ කර නැත. මැල්කම් කාදිනල් රංජිත් හිමි, සිය මාධ්‍ය ප්‍රකාශක ජෝශප් බෙනඩික්‌ පියනම මගින්, වහා රටට දන්වා සිටියේ, මන්නාරම් රදගුරු ගේ එකී බොරු ප්‍රකාශවලට තමන් එකඟ නැති බවය. ඒවා මෙරට කතෝලික සභාවේ මත නොවන බවත්ය.

රසායනික අවි හා රෝහල් බෝම්බ පිළිබඳ උතුරු රදගුරු ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හමුදා මාධ්‍ය ප්‍රකාශකද ඒ සමගම පවසා සිටියේය. රදගුරු රායප්පු ජෝශප් මෙන්aම මන්නාරමේ කතෝලික පූජකවරුන්ද ගත වු නත්තල් සමයේ මහවිරු දිනය සමරා තිබුණි, මන්නාරමේ කොටි නායක කතෝලිකයෙකුගේ නමින් අන්තර් සමාජයීය පාපන්දු තරගයක්‌ පවත්වන මුවාවෙනි.

මන්නාරමේ කතෝලික පූජකවරු මියගිය කොටි නායකයන්ගේ ඡායාරූප රැගත් පෙළපාලියක්‌ ද පවත්වා තිබුණහ.

රටක කතෝලික සභාවක ප්‍රධාන ලක්‍ෂණ, කොළඹ හිටපු අගදරගුරු, විශ්‍රාමික ඔස්‌වල්ඩ් ගෝමිස්‌ හිමි සිය මහෝපදේශය” ග්‍රන්ථයේ සඳහන් කරයි. කිතු දහමේ, ලෞකික පරිපාලන ව්‍යqහය, කතෝලික සභාව, නමින් හැඳින්වේ. එහි කුල, ගෝත්‍ර, භාෂා භේද නැත. එය හිමි එහි සියලුම සාමාජිකයනට ය. සාමාජික සියල්ලන් එහි සම අයිතිකරුවන්ය.

කිතු හිමි, සිය දර්ශනයෙන් අපේක්‍ෂා කළේ, සියල්ලන් දෙවිවරු සේ සහෝදරත්වයෙන් ක්‍රියාත්මක, දේව රාජ්‍යයක්‌ ලෝකයේ බිහිකරන්නටය. ප්‍රසාද ස්‌තාපනය නම් වු සක්‍රමේන්තුව ලබා ගත් අයට පමණක්‌ කතෝලික සභා සාමාජිකත්වය හිමිය. ඒ සාමාජිකයනට දේව දරුකම හිමි වේ. එහි සාමාජික දේව දරුවන් (ගිහි, පැවිදි, පූජක, රදගු=රු කාදිනල්, පාප්) කිසිවෙකු, සංවිධානයේ කුමන තරාතිරමක සිටියත්, අනෙකෙකුට වඩා උසස්‌ හෝ පහත් නොවේ. ඔවුන් සියල්ලන් දෙවියන් වහන්සේ ඉදිරියේ එක සමානය. ඔවුනතර ඇත්තේ සම සමාජයකි.

කතෝලික සභා සාමාජික දේව දරුවන්, ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමනීයය. අනෙකුකට ඊර්ෂ්‍යා නො කරන්නේය. තමන් පාරට්‌ටු කර නොගන්නේය. උඩඟු නොවන්නේය. තම සහෝදරයනට එරෙහි නොවන්නේය.

ඔවුහු, සාධාරණය, සංසුන්ය. දේව බලයෙන් ශක්‌තිමත් ය. ඔවුහු කළ යුතු නොකළ යුතු දේ දනිති. යුක්‌තිය හා අයුක්‌තිය හඳුනති. දේව බලය සතු නිසා නොසැලෙති.

රටක කතෝලික සභා පදනම උසුලන ප්‍රධාන ආධාරක කුලුනු හතරකි. ඒකත්වය, ශුද්ධත්වය, සාධාරණත්වය හා අපෝස්‌තලීකත්වයයි. ලොව බොහෝ දෙනාගේ පිළිගැනීම අනුව කතෝලික සමාජයේ බලගතුම ආධාරක කුලුන, සාමාජික සියල්ලන් අතර පවතින ඒකත්වයය.

සාමාජික සියල්ලන් ක්‍රිස්‌තු දැක්‌ම පිළිගෙන, විශ්වාස කර, එකම පිළිවෙත්වලට සහභාගි වෙමින්, ඒක නායකත්වයක්‌ යටතේ එක්‌සත්ව, එක්‌ සංගයක්‌ව ක්‍රියා කිරීම, කතෝලික සභාවේ ඒ ඒකත්ව ලක්‍ෂණය ය. රටේ අර්බුදය හමුවේ දැන් දැන් ශ්‍රී ලංකා කතෝලික සභාවේ ලෞකික ඒකත්වය බිඳී යමින් තිබේ. රටේ අර්බුදය සභා අර්බුදයක්‌ බවට ද පත් වෙමින් තිබේ.

මන්නාරමේ රදගුරුවරයාට මුලින් වුවමනා වී තිබුණේ රටට පෙර කතෝලික සභාව භාෂා මාධ්‍ය අනුව දෙකට බෙදා ගන්නටය. ඉන් පසු ඒ සාධකය ද නිමිති කරගෙන රට දෙකඩ කර ගන්නටය. මෙරට ද්‍රවිඩ රදගුරුවරු (යාපනය, මන්නාරම, – මඩකලපු, ත්‍රිමලය) දැන් වර්ෂ ගණනාවක සිට කොළඹින් බිඳුණු අගරදගුරු පදවියක්‌ යාපනයට ඉල්ලන්නේය. මේ කුඩා රටට අවශ්‍ය එක්‌ අගරදගුරු පදවියක්‌ පමණක්‌ බව වතිකානු කතෝලික නායක මතයයි.

මැල්කම් කාදිනල් රංජිත් හිමි හා වතිකානු අතර පවතින දැඩි පරිපාලන සබඳතා නිසා ඒ වෑයම අද යටගොස්‌ ය.

මේ වන විට ජර්මනියට වී අනාගත ද්‍රවිඩ ඊලමට අරමුදල් එකතු කරන, යාපනයේ හිටපු පූජක එස්‌. ෙ-. එම්මානුවෙල් විසිවසරකට පමණ පෙර, රාත්‍රියක අම්පිටිය ජාතික දෙව්සත්හලට පිවිස, එහි සිංහල පූජක සිසුන් හා එකට පුහුණු වු ද්‍රවිඩ පූජකාපේක්‍ෂකයන් යාපනයට කැන්දන් ගියේය. එහි වෙනම ද්‍රවිඩ දෙව් සත්හලක්‌ පිහිටු වූයේය. ඊට පෙර මෙරට පැවතියේ එක්‌ ජාතික දෙව්සත්හලක්‌ පමණි. (මහනුවර – අම්පිටියේ)

මේ වන විට රායප්පු ජෝශප් රදගුරු නායකත්වය ගෙන සිටින්නේ පළමුව කතෝලික සභාව නොව රට දෙකට බෙදා ගන්නටය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී යුරෝපා ක්‍රිස්‌තියානි රටවල් අපේ රටට එරෙහි වන තැනට කටයුතු සම්පාදනය කරන්නට මන්නාරම රදගුරුවරයාද දැන් ක්‍රියා කරමින් සිටින්නේ ඒ හෙයිනි. උතුරු අවුලට විසඳුම් සොයන, සර්ව පක්‌ෂික පාර්ලිමේන්තු කමිටුවට ද්‍ර.ජා. සංධානය නොයවන්නටත්, රජය සමග සංහිඳියා සාකච්ඡාවලට සූදානම් ආනන්ද සංගිරී වැනි ද්‍රවිඩ නායකයන් ද්‍ර. ජා. සංධානයෙන් ඉවත් කරවන්නටත් රායප්පු ජෝශප් රදගුරුවරයා හීන් නූලෙන් ක්‍රියා කරමින් සිටින්නේ ඒ හෙයිනි.

ඉඩම් හා පොලිස්‌ බලතල සහිතව, උතුරු නැගෙනහිර දෙපළාත් එක්‌කර වෙන් කර නොදෙන්නේ නම්, රජය හා සාකච්ඡාවලට නොයන ලෙස රායප්පු ජෝශප් රදගුරු ප්‍රමුඛ උතුරේ ආගමික නායකයන් ද්‍ර. ජා. සංධානයට බලකර සිටී. (රාවය 2011.12.25)

” මා කිසිදාක වෙනම රටක්‌ සඳහා පෙනී සිට නැතැයි” රායප්පු ජෝශප් රදගුරු “ඥානාර්ථ ප්‍රදීප” කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනමට වරක්‌ පවසා තිබුණි. (2007.01.04) සර්ව පක්‍ෂික කමිටු ප්‍රායෝගික නැතැයි එහි පවසන රායප්පු ජෝශප් රදගුරු එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස දුර්වල කළ යුතුය යන්න තමා නොපිළිගන්නා බවද එහි දී පවසා තිබුණි.

ඉහත ෙ-දයේ මුල් සඳහන හා රායප්පු ජෝශප් රදගුරුගේ අද ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම පටහැනිය. අද මන්නාරම රදගුරු ඉල්ලන්නේ උතුරට ස්‌වයං පාලනයකි. කතෝලික සභාව එම ඉල්ලීමට සපුරාම විරුද්ධය.

උතුරු නැගෙනහිරට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ ඉල්ලා සිටි රායප්පු ජෝශප් රදගුරු (2006.06.17 තිනකුරල්) ද්‍රවිඩ ජනතාවට හිරිහැර නොකරන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වන ලෙස, හිටපු 16 බෙනඩික්‌ පාප්වරයාගෙන් (වීරකේසරී – 2006.06.19) ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ ජනපති ද්‍රවිඩ ජනතාවට හිරිහැර කළේ කොතැන කවදාද?

ප්‍රභාකරන් සිංහල ජනතාවට කළ මහාපරාධ රායප්පු ජෝශප් රදගුරු අදත් නොදකී.

මුස්‌ලිම් ජනතාව පැය විසිහතරක්‌ තුළ, උතුරෙන් පලවා හරිද්දී, සිංහල ගම්මාන විනාශ කරද්දී, සිංහල ගැබිනියන්ගේ උදර පවා පෙති ගසද්දී, කැබිතිගොල්ලෑවේ හා අරන්තලා සිද්ධියේදී සිංහල ජනතාවට හිරිහැර නොකරන්නැයි, රායප්පු ජෝශප් රදගුරු, ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියේ නැත. පාප්තුමාට ඒ වංහුං දන්වා යෑවුවේද නැත.

තිස්‌ වසරක්‌ තිස්‌සේ උතුරේ ත්‍රස්‌තවාදීන් මැඬලීම සඳහා රජයේ හමුදා ක්‍රියාකරද්දී, ශ්‍රී ලංකා කතෝලික සභා ක්‍රියාකාරකම්, රටට පෙනුණේ ද්‍රවිඩ ජනතාවට අනුකම්පා දක්‌වන ආකාරයෙනි. ඒ සමයේ සමහර සිංහල කතෝලික පූජකවරු පැවසූවේ ප්‍රභාකරන්ට සමාව දිය යුතු බවය.

ඇණ ගැසුම් කා, කුරුස ගසේ එල්ලී සිටියදී, තමාට එරෙහිව ක්‍රියා කළ වුනට සමාව දෙන ලෙස කිතු හිමි පැවසු බව ඇත්තය. එහෙත් ඒ හිමි එසේ පැවසූවේ තමාට එරෙහිව ඔවුන් ක්‍රියා කළේ නොදැන බව හොඳාකාරවම දැනගෙනය. ප්‍රභාකරන්, අරන්තලාවේ භික්‌ෂූන් ඝාතනය කළේ, කැබිතිගොල්ලෑවේ පාසල් සිසු බස්‌ රිය පුපුරුවා හැරියේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල හා මහ බැංකුව ගිනි ලෑවේ නොදැනද? දැන දැන හා වුවමනාවෙන් අපරාධ කරන්නන්ට සමාව දෙන ලෙස කිතු හිමි කිසිදා පවසා නැත. එහිමි පවසන්නේ අපරාධකරුවන්ගේ බෙල්ලේ ඇඹරුම් ගලක්‌ එල්ලා මුහුදේ ගැඹුරුම තැනට හෙළන ලෙසය. යළි කිසිදා ජීවතුන් අතරට පැමිණීමට නොහැකි වන ලෙසය.

උතුරු පළාත් සභා මැතිවරණයට පෙර ද්‍රවිඩ දේශපාලකයන් අතර පවතින මතභේද තුනී කළේත්, විග්නේශ්වරන් විනිසුරු උතුරු දේශපාලනයට කැඳවන්නට ක්‍රියා කළේත් රායප්පු ජෝශප් රදගුරු ප්‍රමුඛ යාපනයේ අන්තර් ආගමික සංවිධානයයි. කතෝලික, ක්‍රිස්‌තියානි, මෙතෝදිස්‌ත, ඉන්දීය ක්‍රිස්‌තියානි හා හින්දු ආගමික නායකයෝ එහි වෙති.

ඒ බව 2013.09.29 ඥානාර්ථ ප්‍රදීපයට රායප්පු ජෝශප් රදගුරු හෙළිකර තිබුණි.

සිය අරමුණ වූ ප්‍රභාකරන්ගේ දේශපාලන ඉලක්‌කය දිනා ගැනීම සඳහා රායප්පු ජෝශප් රදගුරු අද ක්‍රියා කරන්නේ වෛරයෙනි. කෝපයෙනි. අසල්වැසියාට ප්‍රේම කිරීමේ දේව ධර්මයට එරෙහිවය.

කොතැන වුවත් ඔබ කවුරු වුවත් ඔබ මගේ සහෝදරයාය යන ක්‍රිස්‌තු දැක්‌ම ඔහු අනුගමනය නොකරයි. එහෙත් ඔහු තවමත් ක්‍රිස්‌තු ශ්‍රාවකයෙකු ලෙස ලෝගුධාරීව පෙනී සිටී.

රායප්පු ජෝශප් රදගුරු 2012 දී පැවසූවේ ද්‍ර. ජා. සංධානය උතුරු පළාත් සභා මැතිවරණයට තරග නොකළ යුතු බවය. එසේ තරග කළහොත් 13 සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ දෙමළ නිජ බිම දිනා ගත නොහැකි වෙන බවය.

එහෙත් 2013 ඔහු කළේ කුමක්‌ද?

හමුදාව සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට දැක්‌වූ ගැඹුරු ප්‍රේමයේ කිතුනුකම රායප්පු ජෝශප් රදගුරුට වැටහී නැත.

ප්‍රභාකරන් විසින් කොටුකරගෙන සිටි ද්‍රවිඩ ජනතාව වැළ නොකැඩී හමුදා බිම් කොටසට ආ අවස්‌ථාව, හමුදා භටයන් ඔවුන් උස්‌සා වැළඳ ගෙන දරුවන් ඇකයට ගෙන සිය වතුර ටික හා බත් ටික දුන් හැටි, කුඩා දරුවන් ජලයෙන් බේරා ගත් හැටි, මහලු මවුපියන් මෙ තෙරට පිවිසුවා ගත් හැටි, ගැබිනි මවුවරුන් බදා වැළඳ ප්‍රවේශමෙන් ඔසොවා ගෙනැවිත් ප්‍රතිකාර කළ හැටි ඔවුන් ඉතාම වැඩි පිරිස බෞද්ධාගමික සෙබළ සෙබළියෝය.

මගේ මතය නම් ඒ හමුදා සෙබළ සෙබළියන් ද දේව දරුවන් බවය. සාමාන්‍ය අහිංසක ද්‍රවිඩ යන්ගේ ගැලවුම්කාරයන් වුයේ ඔවුහුය.

රායප්පු ජෝශප් රදගුරුගේ අද උත්සාහ දරන්නේ හමුදාවේ ඒ ගැලවුම්කාර දේව දරුවන් දඟගෙයි ලන්නටය. තම ජනතාවට ආරක්‍ෂාව ලබා දී ගලවා ගත් වරදටය.

රායප්පු ජෝශප් රදගුරු ඒ ක්‍රියාකලාපයට තමන් එකහෙළාම එකඟ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමි, දැනටමත් රටට ප්‍රකාශ කර තිබීම කතෝලික ජනතාවගේ ප්‍රසාදයටත් බෞද්ධ ජනතාවගේ අස්‌වැසිල්ලටත් හේතු වී තිබේ.

ජන. 20-26 සති අග, අරලියගහ මැදුරට ගිය මැල්කම් කාදිනල් රංජිත් හිමිට ඒ පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ජනපති විසින් ස්‌තූති කරන්නට ඇතිවා නිසැකය.

අප පෙන්වා දෙන කාරණයේදී මැල්කම් කාදිනල් රංජිත් හිමි එබඳු ස්‌ථාවරයක සිටියත්, රජයේ හමුදා, උතුරේ ජනතාව, ප්‍රභාකරන්ගේ දෲඩ හස්‌තයෙන් මුදවා ගැනීම ප්‍රභාකරන්ගේ මානව අයිතීන් උල්ලංඝනයකැයි ලෝකයට ප්‍රකාශ කරන පුජකවරු හා ගිහියොත් සිටිති.

ඉන්දියාවට පවා අකීකරුව, තම උන්මාද ඊලම බිහිකර ගන්නට වළි කෑ ලේ පිපාසිත රුදුරු ප්‍රභාකරන්ගේ සාතන් චරිතයට සුදුහුණු තවරන සමහර කතෝලික පුජකයනට හා ගිහියන්ට මැල්කම් කාදිනල් රංජිත් හිමි දුබලයෙකි. රායප්පු ජෝශප් රදගුරු ක්‍රිස්‌තු පුනරාවතාරයකි.

රායප්පු ජෝශප් රදගුරු ප්‍රමුඛ උතුරේ ආගමික නායක අවධානයට යොමු විය යුතු ජාතික කාරණා කීපයක්‌ ඇති බව අපේ වැටහීමය.

රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් දිනා නොගෙන උතුරු ඉල්ලීම් දිනාගත හැකිද?

රටේ මහ ආණ්‌ඩුවේ පාලනයෙන් තොර තවත් කුඩා ආණ්‌ඩුවක්‌ දකුණු ඉන්දියාවට සමීපව පිහිටුවීමට ඉන්දීය මහ ආණ්‌ඩුව ඉඩ දෙනු ඇත්ද?

ප්‍රචණ්‌ඩත්වයෙන් රටේ මහ ආණ්‌ඩුව පලවා හැරීමට මේ රට, ජ. වි. පෙ. ටවත් ඉඩ දුන්නේ නැත.

රජය ඒකීය ආණ්‌ඩු ක්‍රමයක්‌ යටතේ සිය ප්‍රදේශවල යම් යම් සංවර්ධන බලතල, ද්‍රවිඩ ජනතාව අතට දෙනවාට මෙරට සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනතාව විරුද්ධ නැත.

එහෙත් රට දෙකඩ කරනවාට ඔවුන් විරුද්ධය.

කිතු හිමි සිදුවීම් ඉදිරියේ අහක බලාගෙන සිටි තැනැත්තෙකු නොවේ. නිහඬව හඬනගන්නන් නිහඬ කළ තැනැත්තෙකු ද නොවේ.

කිතුහිමි හරහා ලෝකයට බිහි වු සමාජ සංස්‌කෘතික දැක්‌මක්‌ තිබේ.

එය ඉඳුරාම අසාධාරණයට විරුද්ධය

අයුක්‌තියට එරෙහිය

බොරු සාක්‌ෂි දීමට හා

ඝාතනයට සපුරාම එරෙහිය, සපුරාම එරෙහිය

එය පක්‍ෂපාත සත්‍යයටම ය, සත්‍යයටමය.

ඒ සංස්‌කෘතිය පැවති යුත්තේ, කතෝලික දෙව්මැඳුරු – වත්පිළිවෙත් සුරුවම් – මංගල්ල – පෙරහැරවල නොවේ. සභා සාමාජික ජීවිතවලය.

සතුරාට පවා ප්‍රේම කරන, උදාරත්වයට ජීවිතයෙන් සාක්‍ෂි දරන කිතුනුවන් මෙරටට ඕනෑ කරැති බව මැල්කම් කාදිනල් රංජිත් හිමි 2010.01.17 ඥානාර්ථ ප්‍රදීපයෙන් රටට හෙළි කර තිබුණි.

මට ප්‍රශ්නයක්‌ තිබේ.

රායප්පු ජෝශප් රදගුරු, කාදිනල් හිමි අපේක්‍ෂා කරන මට්‌ටමේ කිතුනුවෙක්‌ද? අපූරුව හෙතෙම…… ගිහියෙක්‌ද පූජකවරයෙකු ද නොව…… රදගුරුවරයෙකු වීමය.

උතුරු පළාත් සභා මැතිවරණ අන්තිම සතියේ රායප්පු ජෝශප් රදගුරු සිය වසමේ පූජකවරුන්ගේ දේශනා මගින් ද්‍ර. ජා. සංධානයට ඡන්දය දෙන ලෙස මන්නාරම් වාසීන්ගෙන් ඉල්ලා සිටි බව, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හෙළි කළේය. ( 7 වෙනි පැය 2013.12.13 ස්‌වාධීන රූපවාහිනිය)

වී. ආනන්දසංගරී මහතා 2013.11.03 දිවයින ඉරිදා සංග්‍රහයට රායප්පු ජෝශප් රදගුරු හඳුන්වා දී තිබුණේ කොටි බිෂොප් ලෙසය.

සිරිල් එෙŒරමුල්ල

 

http://www.divaina.com/2014/02/02/feature13.html