අවීචිගත පාප් දෙනමක් නාමයෙන් තවත් පාළු දෙව් මැදුරු දෙකක් රට මූසල කිරීමට සැරසේ

 

ශාන්තුවරයන් ලෙස නම් කළ
පාප් වහන්සේලා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දෙව් මැඳුරු 2 ක්‌

නෝමන් පලිහවඩන

ශුද්ධෝත්තම පළමු වැනි ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ විසින් ශාස්‌තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ 23 වැනි ජෝන් සහ දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේලා වෙනුවෙන් ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ තුළදී දෙව්මැඳුරු දෙකක්‌ ආරම්භ කිරීම පිළිබඳව කතෝලික සභාවේ අවධානය යොමු වී ඇත.

මෙම දෙව්මැඳුරු දෙක කිතුනු මීසම් දෙකක ආරම්භ කෙරෙන අතර මෙම දෙව්මැඳුරු සඳහා ශුද්ධෝත්තම පළමු වැනි ප්‍රැන්සිස්‌ පාප් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කතෝලික සභාව කියයි.

http://www.divaina.com/2014/04/29/news15.html

302 ක් ජීවිත බිලිගත් කොරියානු සිවොල් නෞකා ඛේදවාචකය පිටුපස එවැන්ජිකල් බැප්ටිස්ට් පල්ලිය

ටොන් 987 ක බඩු ගෙන යා හැකි සිවොල් නැවේ
ටොන් 3608 ක භාණ්‌ඩ පටවා තිබුණා
අයිතිකරු දූෂණ ක්‍රියා ගැන සිව් වසරක්‌ සිරගතව සිටියා
– පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වෙයි

විපතට පත් සිවොල් නැවේ හිමිකරු යු බියුන් ඉයුන්ගේ නිවස වැටලූ දකුණු කොරියානු පොලිසිය එකී නැවට සම්බන්ධ ලියවිලි රැසක්‌ සොයාගෙන ඇත.

මෙම ලියවිලිවලින් හෙළි වූයේ නැවේ ගමන් කල හැකි සංඛ්‍යාවට වඩා තුන් ගුණයක්‌ එහි ගමන් කර ඇති බවයි.

යූ බියුත් ඉයුන් නමැති මෙ සිවොල් නැවේ හිමිකරුගේ සියොන්ගේජින් මැරයින් සමාගමට අරමුදල් සපයා ඇත්තේ එවැන්ජිකල් බැප්ටිස්‌ට්‌ පල්ලියයි.

සිවොල් නැවේ ටොන් 3608 ක බඩු පටවා තිබූ අතර එහි ගෙන යැමට නියමිත බර ටොන් 987 ක්‌ යෑයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

නැවේ සුක්‌කානම ඇතුළත් පද්ධතිය පවා අලුත්වැඩියා කර නැතැයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දකුණු කොරියානු පොලිසිය බැප්ටිස්‌ට්‌ පල්ලියේ කාර්යාලය ද වටලා තිබේ.

සිවොල් නැව් හිමිකරුවා වංචනික ක්‍රියා සම්බන්ධ සිව් වසරක්‌ සිරදඬුවම් විඳි අයකු යෑයි ද හෙළි වී ඇත.

 

http://www.divaina.com/2014/04/26/forign01.html

සුදු බැල්ලක් රටකට කල අපහාසයක්

බුදුරුව පච්ච කොටා පැමිණි සුද්දිය රටින් පන්නයි

මීගමුව සමූහ – විමල් කීර්ති

බුදු දහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා (21 වැනිදා) නියෝග කළේය.

පිටුවහල් නියෝග ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි මිචෙල් කැමලීන් නමැත්තියකි. ශ්‍රී ලංකාවට පැමිණි ඇය කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ගුවන්තොටුපළ පොලිසිය ඇය අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

මෙහිදී පො.කො. (38226) දිසානායක මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවූ ගුවන් තොටුපළ පොලිසියේ සැරයන් (64057) ඩබ්ලිව්. ඒ. ඩී. වීරසිංහ මහතා මෙම බ්‍රිතාන්‍ය ජාතික කත නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා ගෙන ඇත්තේ මහජනයාට හොඳින් පෙනෙන පරිදි දකුණු බාහුවේ බවත් ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් මෙම තත්ත්වය මත විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බවත් පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා එම කත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියෝග කළේය. බ්‍රිතාන්‍ය ජාතික කත වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය.

http://www.divaina.com/2014/04/22/news01.html

කන්න දුන් අත හපා කා පස්ස බිම ඇනගත් එමානුවෙල් සිය කතෝලික කම තවදුරටත් ලොවට පෙන්වයි.

කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් කිරීම මානව හිමිකම් කඩ කිරීමක්‌ද?

සති තුනක්‌ තිස්‌සේ ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ විවිධ රැඟුම් දැක්‌වූයේ කොටි හිතවාදී සංවිධානයි.

එහෙත් ශ්‍රී ලංකා රජය කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. එය අශ්වයා පැනගියාට පසු ඉස්‌තාලය වසා දැමීමක්‌ වැනිය. තහනමට ලක්‌ වූ සංවිධාන මෙසේයි.

1. කොටි සංවිධානය, 2. ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය, 3. ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, 4. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, 5. ලෝක ද්‍රවිඩ සංසදය, 6. කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය, 7. ඔස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය, 8. ගෝලීය ද්‍රවිඩ සංසදය, 9. කැනඩා ද්‍රවිඩ ජාතික කමිටුව, 10. ද්‍රවිඩ ජාතික කවුන්සිලය, 11. ද්‍රවිඩ තරුණ සංවිධානය, 12. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව. 13. අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව, 14. ද්‍රවිඩ ඊලම් ජනතා සභාව, 15. ලෝක ද්‍රවිඩ සහන අරමුදල, 16. මූලස්‌ථාන කණ්‌ඩායම

මේ සංවිධාන අතරින් කීපයක නායකයන් ලෙස එමානුවෙල් පියනම නදියවන් හෙවත් පෙරිම්පනායගර් විශ්වනාදන්, රුද්රමාරන් සහ විනයකුමාරන් විනයාගන් ක්‍රියා කරයි.

රජය මෙම තහනම ප්‍රකාශයට පත් කිරීම එකී සංවිධානවලට පමණක්‌ නොව මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය හා ද්‍රවිඩ සංධානයට එල්ල වූ අතුල් පහරකි.

මෙලෙස රජය කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් කිරීමෙන් පසු හිටපු බ්‍රිතාන්‍ය මන්ත්‍රී ජෝන් රසන් පැවසුවේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ බවයි.

එසේම ගෝලීය ද්‍රවිඩ සංසදයේ මෙරට ප්‍රචාරක ඒජන්තවරුන්ටද එකී තහනම නිසා කොටි ප්‍රචාරවලට මුල්තැන දීමට නොහැකි වී තිබේ.

රජයේ මේ ක්‍රියාමාර්ගය ගැන මෙතෙක්‌ රාජ්‍ය නොවන සංවිධාන හා මානව හිමිකම් කවුන්සලය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

එහෙත් එකී සංවිධානවල ක්‍රියාකාරීහු පසුගිය කාලයේ සංචාරකයන් වේශයෙන් මෙරටට පැමිණ තිබේ.

තහනම ප්‍රකාශයට පත් වීමත් සමගම ඔවුන්ටද මෙරටට පැමිණීමට නොහැකිය. මේ පසුබිම මැද ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් කලබලයට පත්වී ඇත. අපි සාකච්ඡාමය විසඳුමකට එළඹීම සඳහා සූදානම් වූ අවස්‌ථාවේ රජය ගෝලීය ද්‍රවිඩ සංසදය තහනම් කිරීම වැරදි සහගත ක්‍රියාවක්‌ යෑයි ඔහු කියා සිටියේය.

එහෙත් පසුගිය මාර්තු 27 දා ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවේදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් දේවගැති පැවසුවේ රජයට හා ජනාධිපතිට මෙහිදී හොඳ පාඩමක්‌ උගන්වන බවයි.

සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා ඇත්තේ ගෝලීය ද්‍රවිඩ සංසදය, ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධානයක්‌ බවයි. එහෙත් එය කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධානයක්‌. අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙයවන විශ්වනාදන් රුද්රකුමාරන් යනු ප්‍රභාකරන්ගේ උපදේශකයාය. ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසයට සම්බන්ධ සෑම් පාරි නමැත්තිය හිටපු කොටි ක්‍රියාකාරිනියකි. කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් ප්‍රපාල පිල්ලේ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ සංස්‌කාරක ලෙස කටයුතු කළ සී. පී. සිවරාම් හෙවත් තාරකිගේ මස්‌සිනායි. තාරකී කොටියකු නොවන බව පෙන්නුම් කිරීමට මෙරට ඇතැම් මාධ්‍ය පාර්ශ්ව ද උත්සාහ කළේය.

ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය මෙහෙයවූ අර්ජුන් එදිරිවීරසිංහම් නමැත්තා ශ්‍රී ලංකාවට ඒමටද මෑතකදී උත්සාහ කළේය.

මේ කොටි හිතවාදී සංවිධානවලට සම්බන්ධ ටැමිල් සී. එන්. එන්. වෙබ් අඩවිය මෙහෙයවූ කන්නන්ද මෙරටට පැමිණ ආරක්‍ෂක අමාත්‍යාංශය මෙහෙයවූ ආරක්‍ෂක සමුළුවට ද සහභාගි විය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ අගෝස්‌තු 21 දා විශ්‍රාම යයි. එහෙත් ඇයට ශ්‍රී ලංකා රජය කොටි හිතවාදී සංවිධාන 16 කට පැනවූ තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමට නොහැකිය. එසේම මෙම සංවිධාන මානව හිමිකම් ආරක්‍ෂකයන් යෑයි ප්‍රකාශ කිරීමටද ඉඩක්‌ නැත.

එකී සංවිධාන ප්‍රධානීහු මානව හිමිකම් සමුළුව වෙත පැමිණියේ බටහිර රටවල සහය මතය.

ඔවුන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා නිල ආවරණය ද ලැබී තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා රජය පැනවූ තහනම නිසා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 2015 දී ආරම්භ වන අවස්‌ථාවේ එම කොටි ක්‍රියාකාරීන්ට ඊට සහභාගි විය හැකිද යන ප්‍රශ්නය බටහිර රටවල් හමුවේ පවතී.

මෙතෙක්‌ දවස්‌ එමානුවෙල් පියනම ඇතුළුÊකොටි ක්‍රියාකාරීහු හඳුන්වනු ලැබුවේ මානව හිමිකම් රැකවලුන් ලෙසයි. එහෙත් මින්පසු ඔවුහු ත්‍රස්‌තවාදයේ රැකවලුන් ලෙසට නම් වී ඇත.

මෙලෙස ක්‍රියාත්මක වූ කොටිහිතවාදී සංවිධානවල පසුබිමේ සිටියේ බටහිර රටවල්ය. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සමග සාකච්ඡා කළේය. කැනඩාවේ දේශපාලනඥයන් ද එරට කොටි හිතවාදී සංවිධාන සමග රහස්‌ සාකච්ඡාවල නිරත වී තිබිණි. එසේම ගෝලීය ද්‍රවිඩ සංසදය බ්‍රිතාන්‍ය දේශපාලන පක්‍ෂ සමඟ දැඩි සබඳකම් පවත්වයි. එහෙත් ශ්‍රී ලංකා රජය කොටි සංවිධාන 16 කට පැනවූ තහනම මත විදේශ රටවල් කෙලෙස ක්‍රියා කරන්නේ ද යන ප්‍රශ්නය පැනනැගී ඇත.

මෙවන් පසුබිමක්‌ මැද එකී සංවිධානවලට අරමුදල් එකතු= කර ගත හැකිවේ ද?

මේ අතර රජය පැනවූ තහනම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ සමඟ සබඳකම් පැවැත්වීම ද ප්‍රශ්නයක්‌ වී ඇතැයි කොටි වෙබ් අඩවියක්‌ ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය මත රජය මීළඟ පියවර ද ගත යුතුව තිබේ. ඒ එකී කොටි හිතවාදී සංවිධාන සමඟ සබඳකම් පවත්වන මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද තහනම් කිරීමයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ එකී කොටි සංවිධාන සමග සබඳකම් පවත්වන බව රහසක්‌ නොවේ. එය තහවුරු වූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු කොටි ක්‍රියාකාරීන් සමග සතුටු සාමීචියේ යෙදීම නිසායි.

ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහි ඝෝෂා කළ කැනඩා ද්‍රවිඩ සංවිධානයේ ක්‍රිෂ්ණ සවරිමුත්තු නමැත්තා ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවට ගොස්‌ උතුරේ පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට මින් මතු ඉඩ නොලැබෙන බව කියා සිටියේය.

ඉන් සනාථ වුයේ 2009 සිට 2014 දක්‌වා මොවුන් මෙරටට පැමිණ තම ඉලක්‌ක සපුරාගෙන ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීමයි.

සවරීමුත්තුලා ජිනීවාහිදී රඟ දැක්‌වූ නාටකය අපි දුටුවෙමු. ඔවුන්ට තවදුරටත් මෙරටට පැමිණ රාජෙද්‍රdaහී ක්‍රියාවල නිරතවීමට ඉඩදිය යුතුද?

“අපේ ක්‍රීඩාව හමාරයි” යෑයි යුරෝපා කොටි වෙබ් අඩවිය පැවසුවේ මේ නිසාය. කැනඩාවේ ද්‍රවිඩයන් 300,000 ක්‌ සිටිනවා. රජය පැනවූ තහනම නිසා අපේ සබඳතාවලට බරපතළ ප්‍රශ්න මතුවී තිබෙනවා යෑයි සවරීමුත්තු නමැත්තා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීමට සියයට 100 ක්‌ ම විවිධ කුමන්ත්‍රණ දියත් කළේ කොටි හිතවාදී සංවිධානයි.

ඔවුහු එහිදී විවිධ වහසිබස්‌ දෙඩූහ.

උතුරු පළාත් සභාව අපි සමග සිටිනවා අපිව නවත්වන්න කාටත් බැහැ යෑයි කොටි ඩයස්‌පෝරාව කියා සිටියහ.

වලිකාමම් ප්‍රාදේශීය සභාවේ නියෝජිතයකු ද ජිනීවාහිදී කොටි ක්‍රියාකාරීන්ට එක්‌විය. එහෙත් මානව හිමිකම් මුවාවෙන් ත්‍රස්‌තවාදී ආරක්‍ෂකයන්ට එක්‌වීමට ඉඩදිය යුතුද?

* කීර්ති වර්ණකුලසූරිය

 

http://www.divaina.com/2014/04/04/feature.html

නිර්වේලි බැංකු කොල්ලකරු එමානුවෙල් පියනමගේ පාදඩකම් හා නපුංසක සිංහල ද්‍රෝහීන්

සතුරන් හඳුනන්නේ නැති අපේ විදේශ තානාපති සේවාව
සතුරා හඳුනාගත්තොත් ඔබ දිනුම්,
සතුරා හඳුනා ගැනීමට නොහැකි වූවොත් ඔබ පරාජය වනු ඇත.
– රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින්

අපේ විදේශ තානාපති කාර්යාලවල සිටින නිලධාරීහු කීදෙනෙක්‌ කොටි ත්‍රස්‌තයන් හා කොටි හිතවාදීන් අනුගමනය කරන්නේද යන බරපතළ ප්‍රශ්නය දැන් පැන නැගී ඇත.

ඊට හේතු වී ඇත්තේ වන්නි මෙහෙයුම සමයේ ඊට දායක නොවූ හා වචනයකින්වත් සහය නොවූ අරුමපුදුම පාර්ශ්වයන් විදෙස්‌ තානාපති කාර්යාලවලට පත් වීමයි. මෙලෙස පත්වූවන්ගෙන් සමහරු දේශපාලනඥයන්ගේ ඥාතීන්ය. තවත් අය දේශපාලන සරනාගතයන්ගේ දුව හෝ පුතාය. මේ නිසා මේ පිරිස විදෙස්‌ ගත කොටි ඩයස්‌පෝරාව ගැනද ඔවුන්ගේ යටගියාවද නොදනී.

වන්නි මෙහෙයුම තුලින් ජනාධිපති ආරක්‍ෂක ලේකම් හා හමුදා නායකත්වය ඉල්ලන් කනු ඇතැයි බලාපොරොත්තු වු පිරිස්‌ හා ටයිපටි මාරුකළ පාර්ශ්වද අපේ තානාපති කාර්යාල අරක්‌ ගැනීමේ විපාකය ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවයි.

ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේන් ප්‍රේමචන්ද්‍රන්, එමානුවෙල් පියනම, කැනඩාවේ ගැරී ආනන්ද සංගරී, වීරකේසරී පත්‍රයේ හිටපු වාර්තාකරුවකු වූ රත්නවේල්, ශ්‍රී ලංකාවෙන් පැනගිය “ආනන්ද” , සූරිච් නුවර සිටින කොටි ක්‍රියාකාරිනියක්‌ වූ සෝජිනී, ස්‌විස්‌ රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ “ගීතා”, රුද්රකුමාරන්ගේ ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ මානික්‌ක වාසගර්, තමිල්නාඩුවේ තමිල්වානි ප්‍රභාකරන්, ඇමරිකාවේ කොටි ක්‍රියාකාරිනී කැරන් පාකර්, කැනඩාවේ ක්‍රිෂ්ණා සවරිමුත්තු ඇතුළු කොටි ක්‍රියාකාරීන්ව අපේ විදේශ සේවාවේ නිලධාරීන් හඳුනන්නේද?

එසේම ජිනීවා හෝ ජර්මනියේ මතවාදී කොටි ‘දේදුන්න’ පුවත්පත සකස්‌ කළ රෝහිත භාෂණ අබේවර්ධන මෙන්ම තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් වූ ජූඩ් ලාල් ප්‍රනාන්දු හා විරාඡ් ප්‍රනාන්දුද හමුවුවොත් ඔවුන් කවුදැයි අපේ අය කිසිවිටෙක හඳුනන්නේ නැත.

මේ පසුබිම මැද කිව හැක්‌කේ සතුරන් නොහඳුනන පිරිස තවදුරටත් අපේ තානාපති කාර්යාල අරක්‌ ගෙන සිටින බවයි.

එහෙත් ඉන්දීය ඇමරිකානු බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල තානාපති සේවාවේ නිරත නිලධාරීහු තම රටට එරෙහි සතුරන් හඳුනාගෙන සිටිති.

ජීනීවා නුවර මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණ බලපෑම් කටු ගැසීම් සියල්ල සිදු වූයේ මානව හිමිකම් කවුන්සිලයේ අවන්හල තුළදීය.

නිත්‍ය නියෝජිත රවීනාත් ආරියසිංහට සෑම කටයුත්තකටම මැදිහත් වීමට නොහැකි වූයේ යෝජනාව ඔහුගේ හිස මත වැටී තිබූ හෙයිනි. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ අවන්හලේදී මෙරට දේශපාලන සතුරන් ඔහුට හමුවිය.

ශ්‍රී ලංකාවෙන් පැනගිය පිරිසද අවන්හලේදී මතු විය. එහෙත් අපේ එකම බුද්ධි නිලධාරියකුවත් එහි නොවීය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන් තව තිදෙනකු හිටියා නම් ප්‍රශ්න උග්‍ර වන්නේ නැහැ. යෑයි ජනාධිපතිවරයා පසුගියදා පවසා තිබුණි.

එය සැබෑවකි. අපේ තානාපති කාර්යාවල සිටින දේශපාලන දූවරු හා පුත්තු කොටි කවුද? කියා නොදනී. ඔවුන්ට ඇත්තේ කොටි සතුරන් යන හැඟීම නොව නිවාඩුව ගත කිරීමේ හැඟීමයි.

අඩු වශයෙන් මේ පිරිස පොට්‌ටු අම්මාන් කවුද කියා නොදනී. ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම නිර්වේලි බැංකු කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වූ බවත් කොටි කොල්ල කෑ මුදල් ඔහුගේ පල්ලියේ අල්තාරය පසුපස තිබී රහස්‌ පොලිසිය සොයාගත් බවත් අපේ තානාපති කාර්යාලවල සිටින කීදෙනකු දන්නේද?

මෑතකදී ජීනීවා නුවරදී මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේට හා ඇමරිකානු යෝජනාවට එරෙහිව ඉතාලි, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ස්‌විස්‌, ස්‌වීඩන් යන රටවල දේශප්‍රේමීන්ගේ විරෝධතාවයක්‌ පැවැත්විණි.

මේ විරෝධතාවයට සහභාගීවීම සඳහා ෙµdaල්කන් රටේ පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ එරට ශ්‍රී ලංකා තානාපතිගෙන් විමසූ විට ඔහු පැවසූවේ ඕවට ගිහිල්ලා වැඩක්‌ නැහැ යනුවෙනි.

මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයකි. මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් නෝර්වේ රටට එන විට ඔහුව ගෙන යැමට අපේ තානාපති කාර්යාලයේ නිලධාරියෙක්‌ එන්නේ නම් තානාපති සේවාවේ ක්‍රියා කලාපය ගැන කුමන කතාද?

මෙයට මූලික හේතුව රජයද සතුරන් හා මිතුරන් හඳුනාගැනීමට අපොහොසත් වීමයි. අඩු වශයෙන් වන්නි මෙහෙයුම දිරිගැන් වූ කීsදෙනෙක්‌ කොටි පරාජය කළ යුතු යෑයි කෑගැසූ කීදෙනෙක්‌ අපේ තානාපති කාර්යාලවල සිටින්නේ දැයි පෙන්නුම් කරන ලෙස අපි අභියෝග කරන්නෙමු.

මේ නිසා අපේ තානාපති කාර්යාලවල මතුවී ඇත්තේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්‌. මෑතකදී ප්‍රධානතම තානාපති කාර්යාලයක තනතුරකට පත්වූයේ උද්ඝෝෂණවලට සහභාගි වූ අයකුගේ දියණියක්‌. මේ හැර චිත්‍රපට නළුවන්ගේ සිට විවිධ පාර්ශ්වවලට සම්බන්ධ අයවළුන්ගේ ඥතීහුද තානාපති සේවාවට අරක්‌ ගත්හ.

2007 සිට 2009 දක්‌වා මේ කිසිවෙක්‌ රජය සමඟ සිටියේ නැත. කොටි විනාශ කළ යුතු යෑයි කියමින්a රජයේ නායකත්වය දිරිගැන්වූයේ නැත.

එහෙත් හොඳම නිදසුන ඊශ්‍රායලයය. ඊශ්‍රායල් තානාපති කාර්යාලවල සේවය කරන සෑම නිලධාරියාම හාමාස්‌ සංවිධානයේ හා පලස්‌තීන කණ්‌ඩායම්වල තොරතුරු දත් ඔවුන් සැමවිටම තම මිතුරන් ගැන විමර්ශනයේ සිටිමය. එසේම ජිනීවාහිදී මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ සහයෙන් ඩේවිඩ් වේගෙලි නමැති ඔත්තුකරුවකු රජයේ දූත කණ්‌ඩායම අසුන්ගෙන සිටි ස්‌ථානයට යොදවා තිබිණි.

මේ වේගේලි නමැත්තාගේ පසුබිම නිරීක්‍ෂණය වූයේද?

2009 මැයි 19 දා කොටි විනාශ වුවත් කොටි ඩයස්‌පෝරාව විනාශ වූයේ නැත. ඔවුහු අඬු ගසා දමා නැඟිටියා.

එහෙත් අපේ තානාපති කාර්යාල ප්‍රබල කේන්ද්‍රස්‌ථාන බවට පත්වුයේ නැත. හමුදා නිලධාරීන් පත්වූ තානාපති කාර්යාලවලට පමණක්‌ කොටි විරෝධය එල්ල විය. ඒ නිවාඩුවක්‌a ගත කරන පාර්ශ්ව තානාපති කාර්යාලවල සිටීමෙන් කොටි කටයුතු පහසු වන නිසාම හමුදා නිලධාරීන් පත්වී සිටි තානාපති කාර්යාල කොටි ගැන සෙවීම නිසා කොටි හිතවාදීහු දුෂ්කරතාවකට මුහුණ පා සිටියා.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්‌ හා චාලි ගාල්ලගේ තානාපති වූ රටවලින් ඉවත් කළ යුතු යෑයි කොටි හඬ නැඟුවේ එබැවිනි. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා චැනල් ෙµda කැලම් මැක්‌රේ සමග ගැටුණේය. එහෙත් එමානුවෙල් පියතුමා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු කොටි හිතවාදීහු පවසන සාවද්‍ය ප්‍රකාශ බොරු යෑයි පැවසීමට මෙතෙක්‌ අපේ කිසිම තානාපති නිලධාරියෙක්‌ ඉදිරිපත් වූයේ නැත.

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය රජය ජයගත්තේය. එහෙත් තානාපති කාර්යාලවලට පත් වූයේ යුද්ධවලට සහය නොදැක්‌වූ පිරිසකි.

කොටි බොරු ප්‍රචාර 100 ක්‌ විකාශනය කරද්දී ඇතැම් තානාපති කාර්යාල නිහඬ වී සිටි බව වාර්තා විය. මේ සාවද්‍ය ප්‍රකාශ කොතරම් දුරට වර්ධනය වූයේද යෑයි කිවහොත් ද්‍රවිඩ වැසියන් 40000 ක්‌ මියගිය බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධාන තුළ කළ ප්‍රකාශය කොටි 147000 ක්‌ දක්‌වා වැඩිවෙයිs.

එසේම කොටි හිතවාදී ටැමිල් සී. එන්. එන්. වෙබ් අඩවියේ කන්නන් ශ්‍රී ලංකාවට පැමිණීම තුළ ඇති වී තිබෙන තත්ත්වය කුමක්‌ද?

කොටින්ට එරෙහි යුද්ධය ජයගත නොහැකි වේ යෑයි පැවසූ යුද මහාචාර්යවරයා ද දැන් ශ්‍රී ලංකාවේ සිටීයි. ඔහු දැන් හමුදා ආරක්‍ෂක හමුදාව අමතමින් සීගිරියේ සිටියේ මුගලන් නොව කාශ්‍යප යෑයි නොදන්නා පිරිස්‌ මෙරට යුද මෙහෙයුම් ගැන හඬ නඟනවිට කොටි ඩයස්‌පෝරාව පිනුම් ගැසීම පුදුමයක්‌ නොවේ.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2014/04/05/feature01.html

ලංකා සක්කිලි පල්ලියේ එමානුවෙල් පියනමට ඇඬෙන්නට වැදුනු ඉන්දියානු පා පහර


ජිනිවාහිදී ප්‍රෑන්ක්‌ 100 ට යටවූ
මානව හිමිකම් කර්මාන්තය

රජයේ දූත කණ්‌ඩායමේ සාකච්ඡාවලට සවන් දෙන බ්‍රිතාන්‍ය ඔත්තුකරු ඩේවිඩ් වෙහේලි

මානව හිමිකම් කර්මාන්තය ලොව අතිශයින්ම ලාබදායක කර්මාන්තයක්‌ යෑයි පැවසුවේ අයර්ලන්ත දේශපාලනඥයෙකි. එය සැබෑ බවට තහවුරු වූයේ ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී දැක ගැනීමට හැකි වූ ක්‍රියා0 කලාපය නිසාය.

දැන් මානව හිමිකම් ආරක්‍ෂකයෝ යනුවෙන් කණ්‌ඩායම්ද බිහි වී සිටී. මේ අපූරු ආරක්‍ෂකයන්ට ඇත්තේ එකම මෙහෙයුමකි. ඒ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් බවට පත් කිරීමයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා විනාඩි දෙක බැගින් රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ ලැබී තිබීණි.

ඒ සඳහා විවිධ සංවිධාන ඉදිරිපත් වී සිටියහ. එහෙත් මානව හිමිකම් සමුළුවේ බලධාරීහු සමුළුව අමතන තැනැත්තා කවුදැයි විමර්ශනය කරන්නේ නැත.

ජිනීවා මහමගින් අහුලාගත් හෝ ජිනීවා මධ්‍යම දුම්රිය ස්‌ථානය අසල සැරිසරන ඇල්බේනියානු සරණාගතයකු ලවා සමුළුව ඉදිරියේ ප්‍රකාශයක්‌ කිරීමටද රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ ලැබී ඇත.

මෙය පුදුමාකාර තත්ත්වයකි. ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව ඉදිරියේ විනාඩි 2 ක දේශනය කළ ඇතැම් විදේශිකයන් ඉන්පසු සමුළු ශාලාවේ දක්‌නට ලැබුණේ නැත. මෙලෙස සමුළුව ඉදිරියේ කියවුණු ප්‍රකාශ එක සමානය. ඒ ප්‍රකාශ සකස්‌ කර ඇත්තේ එකම ස්‌ථානයකින් බව ඉන් පැහැදිලිය.

ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් හා කොටි හිතවාදී කැරන් පාකර් නීතිවේදිනියද අහුලාගත් විදේශිකයන් ගෙන්වා ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ කරවන අයුරු දැකගැනීමට හැකි විය.

මේ නිසා මුළු මානව හිමිකම් කවුන්සිලයම රාජ්‍ය නොවන සංවිධාන ගුහාවක්‌ බව පැහැදිලි විය. මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු අසුන්ගෙන සිටි ස්‌ථානවල සිටිය යුත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ නිලධාරීන්ය. එහෙත් එකී අසුන්වල අරක්‌ගෙන සිටියේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය.

මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එකට එක්‌ව ක්‍රියා කළහ. ඔවුන්ට කොටි සංවිධානය සිදු කළ ත්‍රස්‌ත ක්‍රියාවන් අමතකය.

ඊට හොඳම නිදසුන සන්ධ්‍යා එක්‌නැලිගොඩයි. ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම සමග ඇය සාකච්ඡා කළාය.

“මානව හිමිකම් සමුළුවම පැමිණියම අපි සියලු දෙනාම එකයි” යෑයි ඇය කියා සිටියාය. එහෙත් ක්‍රමානුකූලව ඉතා සැලසුම් සහගතව රාජ්‍ය නොවන සංවිධාන ජාලය ක්‍රියාකළ බව ජිනීවාහිදී දැක ගත හැකි විණි.

කොටින්ගේ දේදුන්න පුවත්පත සංස්‌කරණය කළ තැනැත්තාත් ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමට ජර්මනියේ සිට ජිනීවා වෙත පැමිණියේය.

මේ නිසා ජිනීවාහිදී රඟදැක්‌වූයේ ඒක පාර්ශවික සංදර්ශනයකි. මේ සංදර්ශනය කඩා කප්පල් වූයේ ඉන්දීය තානාපතිවරයා යෝජනාවට ජන්දය දීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කිරීමත් සමගය.

එවැන්නක්‌ කිසිසේත් බලාපොරොත්තු නොවූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු සිදු වූයේ කුමක්‌දැයි සිතාගත නොහැකිව අන්දමන්ද වී සිටියහ.

ඉන්දියාව මෙවරද ශ්‍රී ලංකාවට පාඩමක්‌ උගන්වනු ඇතැයි සිතූ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් පියනම ඉන්දියාවේ ක්‍රියාදාමයෙන් සන්තාපයට පත් වී සිටි බව දකින්නට ලැබිණි.

මේ තත්ත්වය මත මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ පවා කනගාටුවට පත් වූයේ රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසාය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපිට ඕන දෙයක්‌ කළ හැකි යෑයි සිතාගත් රාජ්‍ය නොවන සංවිධාන කල්ලියේ බලාපොරොත්තු සඵල වූයේ නැත.

ඒ වන විට කොළඹ රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් සමුළුවට මාධ්‍යවේදීන් විශාල ලෙස පැහැරගෙන යන බවට සාවද්‍ය වාර්තා යවා තිබිණි.

මේ සාවද්‍ය වාර්තා යවා ඇති පාර්ශව කවුදැයි දැන් හෙළි වී ඇත.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ සිටිමින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට ඉඩ ලැබෙන රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ලැබීම හා ඒවා වැය කරන ආකාරය ගැන රජයේ බලධාරීහු විමර්ශන ආරම්භ කළ යුතුය.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලය දැන් වසංගතයක්‌ බවට පත් වී ඇත. මෙකී පිරිස්‌ කොටි ත්‍රස්‌තවාදයේ ආරක්‍ෂකයන් බවට පත් වී සිටී.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප්‍රභාකරන් සිදු කළ අපරාධ ගැන වචනයක්‌වත් හඬ නැඟුණේ නැත. චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේගේ සිට එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා පවා චෝදනා නැඟුවේ මෙරට හමුදාවට එරෙහිවය.

ඔවුන් සමග එක්‌ව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු වූ සුනන්ද දේශප්‍රිය නමැත්තා ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක විය. මෙදා පාර වැටෙන්න දෙන්නම් යෑයි ස්‌විස්‌ රජයෙන් මාස්‌පතා ප්‍රෑන්ක්‌ 450 බැගින් අරමුදල් ලබන ඔහු බලාපොරොත්තු විය.

එහෙත් රටවල් 12 ක්‌ ඇමරිකාව හා කොටි ඩයස්‌පෝරාව නොසලකා හැරියේය. යාපනය විශ්වවිද්‍යාලයේ කුමාර වඩිවේල් ගුරුපරන්ද ජිනීවා ගොස්‌ රජයට බැට දුන්නේය. ඔහු වැටුප් ලබන්නේත් රජයෙනි.

අවසානයේ ගුරුපරන්ට හා මන්නාරම රදගුරුට ඉන්දියාව ඡන්දය නොදීම දරාගත නොහැකි විය. මේ පසුබිම මැද ජිනීවාහිදී විද්‍යමාන වූයේ මානව හිමිකම් නාටකයක්‌ නොව එන්. ජී. ඕ. නාඩගමකි.

එහෙත් මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු සිදු කරන්නේ රාජෙද්‍රෝහී ක්‍රියාවකි. ලොව වෙනත් රටවල නම් මවුබිමට එරෙහිව විදේශීය බලවේග හා එක්‌ව ක්‍රිsයා කිරීම රාජෙද්‍රෝහී චෝදනා එල්ල වීමකි. එහෙත් මෙරටට එරෙහිව ක්‍රියාත්මක වීම මානව හිමිකම් ආරක්‍ෂා කිරීමකි.

මේ නිසා මානව හිමිකම් සමුළුව සැබෑ මානව හිමිකම් රකින ආයතනයක්‌ නොව එක්‌තරා පිරිසකට ව්‍යාපාරයක්‌ බවට පත් වී ඇත.

එය සනාථ වූයේ කොළඹ හා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හැසිරුණු ආකාරයෙනි.

මොවුන් විදේශිකයන් පවා ජිනීවා කැඳවා රජයේ දූත කණ්‌ඩායම් අසල යොදවා තිබිණි.

මේ හැර ශ්‍රී ලංකා රජයෙන් මන්ත්‍රී වරප්‍රසාද ලබන සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, මාවයි සේනාධිරාජා, සුමන්තිරන් සහ සෙල්වම් අඩෙයිකලානන්දන් ද ජිනීවාහි මාධ්‍ය සමාජයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූ නමුත් ස්‌විස්‌ මාධ්‍ය ඊට නිසි ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත.

එසේම ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සඳහා ශ්‍රී ලංකාව එකඟ කර ගැනීමට විවිධ පාර්ශව දැඩි උත්සාහයක්‌ දරනු ලැබීය. එහෙත් එකී උත්සාහය අසාර්ථක විය.

මේ තත්ත්වය මත කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් සංවිධාන ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. ඒ අතර ගෝලීය ද්‍රවිඩ සංසදය, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා රුද්රකුමාරන්ගේ ඊළම් විය. මේ සංවිධාන ගැන රජය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇත. එසේ නම් 2015 මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට ඔවුන්ට ඉඩ ලැබේද?

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2014/04/03/feature02.html