ලංකා සක්කිලි පල්ලියේ එමානුවෙල් පියනමට ඇඬෙන්නට වැදුනු ඉන්දියානු පා පහර


ජිනිවාහිදී ප්‍රෑන්ක්‌ 100 ට යටවූ
මානව හිමිකම් කර්මාන්තය

රජයේ දූත කණ්‌ඩායමේ සාකච්ඡාවලට සවන් දෙන බ්‍රිතාන්‍ය ඔත්තුකරු ඩේවිඩ් වෙහේලි

මානව හිමිකම් කර්මාන්තය ලොව අතිශයින්ම ලාබදායක කර්මාන්තයක්‌ යෑයි පැවසුවේ අයර්ලන්ත දේශපාලනඥයෙකි. එය සැබෑ බවට තහවුරු වූයේ ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී දැක ගැනීමට හැකි වූ ක්‍රියා0 කලාපය නිසාය.

දැන් මානව හිමිකම් ආරක්‍ෂකයෝ යනුවෙන් කණ්‌ඩායම්ද බිහි වී සිටී. මේ අපූරු ආරක්‍ෂකයන්ට ඇත්තේ එකම මෙහෙයුමකි. ඒ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් බවට පත් කිරීමයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා විනාඩි දෙක බැගින් රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ ලැබී තිබීණි.

ඒ සඳහා විවිධ සංවිධාන ඉදිරිපත් වී සිටියහ. එහෙත් මානව හිමිකම් සමුළුවේ බලධාරීහු සමුළුව අමතන තැනැත්තා කවුදැයි විමර්ශනය කරන්නේ නැත.

ජිනීවා මහමගින් අහුලාගත් හෝ ජිනීවා මධ්‍යම දුම්රිය ස්‌ථානය අසල සැරිසරන ඇල්බේනියානු සරණාගතයකු ලවා සමුළුව ඉදිරියේ ප්‍රකාශයක්‌ කිරීමටද රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ ලැබී ඇත.

මෙය පුදුමාකාර තත්ත්වයකි. ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව ඉදිරියේ විනාඩි 2 ක දේශනය කළ ඇතැම් විදේශිකයන් ඉන්පසු සමුළු ශාලාවේ දක්‌නට ලැබුණේ නැත. මෙලෙස සමුළුව ඉදිරියේ කියවුණු ප්‍රකාශ එක සමානය. ඒ ප්‍රකාශ සකස්‌ කර ඇත්තේ එකම ස්‌ථානයකින් බව ඉන් පැහැදිලිය.

ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් හා කොටි හිතවාදී කැරන් පාකර් නීතිවේදිනියද අහුලාගත් විදේශිකයන් ගෙන්වා ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ කරවන අයුරු දැකගැනීමට හැකි විය.

මේ නිසා මුළු මානව හිමිකම් කවුන්සිලයම රාජ්‍ය නොවන සංවිධාන ගුහාවක්‌ බව පැහැදිලි විය. මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු අසුන්ගෙන සිටි ස්‌ථානවල සිටිය යුත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ නිලධාරීන්ය. එහෙත් එකී අසුන්වල අරක්‌ගෙන සිටියේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය.

මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එකට එක්‌ව ක්‍රියා කළහ. ඔවුන්ට කොටි සංවිධානය සිදු කළ ත්‍රස්‌ත ක්‍රියාවන් අමතකය.

ඊට හොඳම නිදසුන සන්ධ්‍යා එක්‌නැලිගොඩයි. ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම සමග ඇය සාකච්ඡා කළාය.

“මානව හිමිකම් සමුළුවම පැමිණියම අපි සියලු දෙනාම එකයි” යෑයි ඇය කියා සිටියාය. එහෙත් ක්‍රමානුකූලව ඉතා සැලසුම් සහගතව රාජ්‍ය නොවන සංවිධාන ජාලය ක්‍රියාකළ බව ජිනීවාහිදී දැක ගත හැකි විණි.

කොටින්ගේ දේදුන්න පුවත්පත සංස්‌කරණය කළ තැනැත්තාත් ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමට ජර්මනියේ සිට ජිනීවා වෙත පැමිණියේය.

මේ නිසා ජිනීවාහිදී රඟදැක්‌වූයේ ඒක පාර්ශවික සංදර්ශනයකි. මේ සංදර්ශනය කඩා කප්පල් වූයේ ඉන්දීය තානාපතිවරයා යෝජනාවට ජන්දය දීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කිරීමත් සමගය.

එවැන්නක්‌ කිසිසේත් බලාපොරොත්තු නොවූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු සිදු වූයේ කුමක්‌දැයි සිතාගත නොහැකිව අන්දමන්ද වී සිටියහ.

ඉන්දියාව මෙවරද ශ්‍රී ලංකාවට පාඩමක්‌ උගන්වනු ඇතැයි සිතූ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් පියනම ඉන්දියාවේ ක්‍රියාදාමයෙන් සන්තාපයට පත් වී සිටි බව දකින්නට ලැබිණි.

මේ තත්ත්වය මත මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ පවා කනගාටුවට පත් වූයේ රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසාය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපිට ඕන දෙයක්‌ කළ හැකි යෑයි සිතාගත් රාජ්‍ය නොවන සංවිධාන කල්ලියේ බලාපොරොත්තු සඵල වූයේ නැත.

ඒ වන විට කොළඹ රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් සමුළුවට මාධ්‍යවේදීන් විශාල ලෙස පැහැරගෙන යන බවට සාවද්‍ය වාර්තා යවා තිබිණි.

මේ සාවද්‍ය වාර්තා යවා ඇති පාර්ශව කවුදැයි දැන් හෙළි වී ඇත.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ සිටිමින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට ඉඩ ලැබෙන රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ලැබීම හා ඒවා වැය කරන ආකාරය ගැන රජයේ බලධාරීහු විමර්ශන ආරම්භ කළ යුතුය.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලය දැන් වසංගතයක්‌ බවට පත් වී ඇත. මෙකී පිරිස්‌ කොටි ත්‍රස්‌තවාදයේ ආරක්‍ෂකයන් බවට පත් වී සිටී.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප්‍රභාකරන් සිදු කළ අපරාධ ගැන වචනයක්‌වත් හඬ නැඟුණේ නැත. චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේගේ සිට එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා පවා චෝදනා නැඟුවේ මෙරට හමුදාවට එරෙහිවය.

ඔවුන් සමග එක්‌ව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු වූ සුනන්ද දේශප්‍රිය නමැත්තා ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක විය. මෙදා පාර වැටෙන්න දෙන්නම් යෑයි ස්‌විස්‌ රජයෙන් මාස්‌පතා ප්‍රෑන්ක්‌ 450 බැගින් අරමුදල් ලබන ඔහු බලාපොරොත්තු විය.

එහෙත් රටවල් 12 ක්‌ ඇමරිකාව හා කොටි ඩයස්‌පෝරාව නොසලකා හැරියේය. යාපනය විශ්වවිද්‍යාලයේ කුමාර වඩිවේල් ගුරුපරන්ද ජිනීවා ගොස්‌ රජයට බැට දුන්නේය. ඔහු වැටුප් ලබන්නේත් රජයෙනි.

අවසානයේ ගුරුපරන්ට හා මන්නාරම රදගුරුට ඉන්දියාව ඡන්දය නොදීම දරාගත නොහැකි විය. මේ පසුබිම මැද ජිනීවාහිදී විද්‍යමාන වූයේ මානව හිමිකම් නාටකයක්‌ නොව එන්. ජී. ඕ. නාඩගමකි.

එහෙත් මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු සිදු කරන්නේ රාජෙද්‍රෝහී ක්‍රියාවකි. ලොව වෙනත් රටවල නම් මවුබිමට එරෙහිව විදේශීය බලවේග හා එක්‌ව ක්‍රිsයා කිරීම රාජෙද්‍රෝහී චෝදනා එල්ල වීමකි. එහෙත් මෙරටට එරෙහිව ක්‍රියාත්මක වීම මානව හිමිකම් ආරක්‍ෂා කිරීමකි.

මේ නිසා මානව හිමිකම් සමුළුව සැබෑ මානව හිමිකම් රකින ආයතනයක්‌ නොව එක්‌තරා පිරිසකට ව්‍යාපාරයක්‌ බවට පත් වී ඇත.

එය සනාථ වූයේ කොළඹ හා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හැසිරුණු ආකාරයෙනි.

මොවුන් විදේශිකයන් පවා ජිනීවා කැඳවා රජයේ දූත කණ්‌ඩායම් අසල යොදවා තිබිණි.

මේ හැර ශ්‍රී ලංකා රජයෙන් මන්ත්‍රී වරප්‍රසාද ලබන සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, මාවයි සේනාධිරාජා, සුමන්තිරන් සහ සෙල්වම් අඩෙයිකලානන්දන් ද ජිනීවාහි මාධ්‍ය සමාජයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූ නමුත් ස්‌විස්‌ මාධ්‍ය ඊට නිසි ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත.

එසේම ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සඳහා ශ්‍රී ලංකාව එකඟ කර ගැනීමට විවිධ පාර්ශව දැඩි උත්සාහයක්‌ දරනු ලැබීය. එහෙත් එකී උත්සාහය අසාර්ථක විය.

මේ තත්ත්වය මත කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් සංවිධාන ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. ඒ අතර ගෝලීය ද්‍රවිඩ සංසදය, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා රුද්රකුමාරන්ගේ ඊළම් විය. මේ සංවිධාන ගැන රජය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇත. එසේ නම් 2015 මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට ඔවුන්ට ඉඩ ලැබේද?

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2014/04/03/feature02.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )