
නයිජීරියානු ත්‍රස්‌තයන් පැහැරගත්
සිසුවියන් 270 ක් බේරා ගැනීමට
බ්‍රිතාන්‍ය විශේෂ බළකාය ඉදිරිපත් වෙයි

නයිජීරියාවේ බෝකෝ හාරම් නමැති ත්‍රස්‌ත සංවිධානය පැහැරගෙන ගිය පාසල් සිසුවියන් 270 ක් බේරා ගැනීමට බ්‍රිතාන්‍ය එස්. ඒ. එස්. බළකාය ඉදිරිපත් වී ඇත.
ඒ සඳහා ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියද සහය වී තිබේ.
පැහැරගත් මෙම සිසුවියන්ව ගණිකා වෘත්තිය සඳහා අලෙවි කරන බව බෝකෝතැරම් නායකයා ප්‍රකාශ කර ඇත.
මෙම සිසුවියන් බේරාගැනීම සඳහා බ්‍රිතාන්‍ය විශේෂ බළකායේ කණ්‌ඩායමක් දැනටමත් සූදානම්ව සිටින බව බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග කියයි.
http://www.divaina.com/2014/05/08/forign01.html

නයිජීරියානු තරුණ තරුණියෝ ශ්‍රී ලංකාවේදී උද්ඝෝෂණයක
බුලිත ප්‍රදීප් කුමාර සහ ප්‍රභාත් විතාන
නයිජීරියාවේදී පැහැරගනු ලැබු පාසල් ළමුන් 237 දෙනා පිළිබඳව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට සහභාගිවීමට පැමිණ සිටින නයිජීරියානු තරුණ තරුණියන් ඇතුළු පිරිසක් ඊයේ (09 වැනිදා) බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
තරුණ සමුළුව පැමිණි නයිජීරියානු තරුණ ඇමැතිවරයා ලෝක තරුණ සමුළුවේදී කතා නොකිරීම පිළිබඳව හා ලෝකයේ අනිකුත් රටවල් ඒ පිළිබඳව නිහඬව සිටීම පිළිබඳව විරෝධය දක්‌වමින් මෙම මොවූහු උද්ඝෝෂණයේ යෙදුනහ.
පැහැර ගත් මෙම තරුණියන්ට සිදුවූයේ කුමක්‌ද? ඔවුන් සමූහ දූෂණයට ලක් වූවාද? ඔවුන් බේරා ගැනීම සඳහා කරන්නේ කුමක්‌ද ආදී කරුණු සඳහන් කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
ඊයේ (9දා) දිනයේ නයිජීරියානු තරුණ පිsරිසක් ශ්‍රී ලංකාවේදී උද්ඝෝෂණයක නිරත වුණා. පසුගිය දිනවල නයිජීරියාවේදී, නයිජීරියානු පාසල් සිසුවියන් පිරිසක් අතුරුදන් වෙලා තිබෙනවා. ඔවුන් තරුණ සමුළුවට ශ්‍රී ලංකාට පැමිණ මෙසේ උද්ඝෝෂණය කළේ එම සිද්ධියටයි. එය නයිජීරියානු තරුණයනA, නයිජීරියානු රජයට එරෙහිව කළ උද්ඝෝෂණයක්. තරුණයන් උද්ඝෝෂණ, අරගල කළ යුතුයි. තරුණයන් එවැනි දේ නොකරන්නේ නම් එය තරුණකම පිළිබඳ ප්‍රශ්නයක් යෑයි මේ පිළිබඳව අදහස් දක්‌වමින් ශ්‍රී ලංකාවේ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
http://www.divaina.com/2014/05/10/news12.html