අධිකරණ තීන්දුවට අපහාස කල කළුතර පිලිප්නේරි මුණිඳුන්ගේ අන්තවාදී කල්ලිය


 කටුකුරුන්දට කඳුළු ගෑස්‌ ප්‍රහාර…


දෙපිරිස මත දෙකක

 

පොලිසිය ගත් ක්‍රියා මාර්ගයට විරෝධය

ප්‍රතිමාවක්‌ තැම්පත් කිරීමේ උත්සාහය සමග නොසන්සුන්වේ

හෙට්‌ටිපොල සීවලී හිමියන් හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා උණුසුම් වචන හුවමාරුවක.

සටහන සහ ඡායාරූප – විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

කළුතර, කටුකුරුන්ද හන්දියේ සිට ශාන්ත පිලිප්නේරි දේවස්‌ථානයට යන ශාන්ත පිලිප්නේරි මාවත ආරම්භ වන ස්‌ථානයේ කිතුනු බැතිමතුන් ඊයේ (21 වැනිදා) ශාන්ත පිලිප්නේරි මුණිඳුන්ගේ ප්‍රතිමාවක්‌ ස්‌ථාපිත කළ අතර එය නීත්‍යානුකූල නොවන බව කියමින් අධිකරණ නියෝගයක්‌ රැගෙන ආ දකුණු කළුතර පොලිසිය එම ප්‍රතිමාව ගලවා දකුණු කළුතර පොලිසිය වෙත ගෙන ගියහ.

මින් කුපිත වූ දහස්‌ ගණනක පිරිසක්‌ ගාලු පාර අවහිර කරමින් කෑකෝ ගසමින් යාඥ කරමින් හා ගීතිකා ගායනා කරමින් සිටි අතර ප්‍රතිමාව නැවත ගෙනඑන තුරු ගාලු පාරෙන් ඉවත් නොවන බව කියා සිටියහ.

කලමුල්ල මීසම් පාලනාධිපති ලෝරන්ස්‌ රාමනායක පියතුමා හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා අතර ඇති වූ සාකච්ඡාවකින් පසුව නැවත ප්‍රතිමාව ගෙන ඒමට තීරණය විය.

ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව මෙම ප්‍රතිමාව ස්‌ථාපිත කරන බවට පොලිසියට දන්වා තිබූ කරුණු අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එය ස්‌ථාපිත කිරීමට ඉඩ නොදෙන ලෙසට කළුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය අධිකරණ නියෝගයක්‌ ලබාදී තිබුණි.

ඒ අනුව ඊයේ (21 වැනිදා) දහවල් 12.40 ට පමණ ප්‍රතිමාව පොලිසියට ගෙන යැමත් සමග ජනතාව මාර්ගය වසා ආරම්භ කළ උද්ඝෝෂණය සවස 3.15 ට පමණ නැවත ප්‍රතිමාව ගෙන එනතුරුම පැවැත්විණි.

නැවත ගෙන එන ලද ප්‍රතිමාව කිතුනු බැතිමතුන් විසින් එම ස්‌ථානයේම නැවත ස්‌ථාපනය කොට යාඥ කිරීමට පටන් ගන්නා ලදී.

මෙම අවස්‌ථාවේදී එතැනට වී සිටි පූජ්‍ය හෙට්‌ටිපොල සීවලී හිමියන් ඇතුළු ස්‌වාමීන් වහන්සේලා පිරිසක්‌ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට බලකර සිටියහ.

එම ස්‌ථානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කළුතර කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන රැසක නිලධාරීන්ද, කැරලි මර්දන නිලධාරීන් හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද කැඳවා තිබුණි.

ඉන්පසු පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස්‌ හා ජල ප්‍රහාරයක්‌ එල්ල කිරීමට පොලිසියට සිදුවූ අතර ප්‍රකෝප වූ පිරිස්‌ පොලිස්‌ නිලධාරීන්ට ගල් මුල්වලින් දමා ගැසීමත් සමග කටුකුරුන්ද හන්දිය යුද පිටියක සිරි ගත්තේය.

ප්‍රතිමාවටද ජල ප්‍රහාර එල්ල විය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු, සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ සහ කළුතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක සම්පත් බණ්‌ඩාර යන මහත්වරුන් පිරිස සන්සුන් කිරීමට මහත් වෙහෙසක්‌ ගත්හ.

පොලිස්‌ නිලධාරීන්ටත් තුවාල

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (21 වැනිදා) ඇතිවූ කලබලකාරී තත්ත්වයේදී කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකුද මහමග වාහනවල ගමන් ගත් කිහිප දෙනකුද ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වීමෙන් සුළු තුවාල ලබා ඇත.

 

http://www.divaina.com/2014/09/22/news32.html