හපුගොඩ ශාන්ත මරියා විදුහ‍ලේ මේරි සුනීතා(53) කාවින්ද්‍යා ලලනී රණසිංහ (36) තිරිහන් ජෝඩුවගේ සමලිංගික බිල්ල අපේක්‍ෂා සෙව්මිණි (14)

මගේ අසභ්‍ය පිංතූර ඇති මෙමරි චිප්
එකක්‌ තිබෙන බව සෙව්මිණි ශිෂ්‍යයාව කිව්වා
– මේරි සුනීතා ගුරුවරිය සාක්‍ෂි දෙයි

‘මම දැඩි සේ කම්පනයට පත්වුණා’

මීගමුව සමූහ – විමල් කීර්ති

2014 ජුනි 06 වැනි දින මට හොඳට මතකයි. මෙම සිද්ධියේ දී මියගිය (දිවි නසාගත්) අපේක්‍ෂා සෙව්වන්දි සිසුවිය කාවින්ද්‍යා ගුරුතුමිය සහ විදුහල්පතිතුමා හමුවේ කිව්වා මගේ (මේරි සුනීතා සිල්වාගේ) අසභ්‍ය පින්තූර තුනක්‌ අඩංගු “මෙමරි චිප්” කාඩ් එකක්‌ ඇය ළඟ තියෙනවා කියා. එය ආපසු මට ලබා දෙන්නම් යෑයි කියුවා. මෙවැනි චෝදනාවක්‌ මට එල්ල වීම පිළිබඳව මම දැඩි ලෙස කම්පාවට පත්වුණා යෑයි මේරි සුනීතා සිල්වා (53) ගුරු මහත්මිය සාක්‍ෂි දෙමින් පැවසුවාය.

සාක්‍ෂි දෙමින් ඇය එලෙස පැවසුවේ ගුරුවරියකගේ අසභ්‍ය ඡායාරූපය අඩංගු “මෙමරිචිප්” පතක්‌ ලබාදෙන ලෙසට ගුරුවරියන් දෙදෙනකු විසින් සිසුවියකට සිදුකළ බව කියන අඩම්තේට්‌ටම් සහ බලපෑම් මත දුම්රියකට පැන දිවි නසාගත් කඳාන හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විදුහලේ ඉගෙනුම ලැබූ අපේක්‍ෂා සෙව්මිණි (14) නමැති දැරියගේ (සිසුවියගේ) මරණ පරීක්‍ෂණයේ දී මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය හමුවේ සාක්‍ෂි දෙමිනි. අපේක්‍ෂා සෙව්මිණි දැරිය මේ “චිප්” පත සම්බන්ධයෙන් පැවසීමෙන් පසුව විදුහල්පතිතුමාගේ අවසරය මත දරුවා සමග ඇගේ නිවසට ගියා. ඒ යතුරුපැදිවලින්. මේ සඳහා මා සමග කඳාන හපුගොඩ ශාන්ත මරියා විදුහලේ සේවය කරන කාවින්ද්‍යා ගුරු මහත්මියත් සහභාගි වූවා. මම පාසලේ ඉගැන්නුවේ ඉංග්‍රීසි විෂයයි.

අපි සෙව්මිණිගේ නිවසට යද්දී එහි දොරවල් ඇර තිබුණා. කිසිවකු නිවසේ පේන්න හිටියේ නැහැ. ඉන් ස්‌වල්ප වේලාවකින් පසුව ඇගේ මාමා කෙනකුත් තරුණ ගැහැනු කෙනෙකුත් නිවසට ආවා. ඔවුනටද මේ බව අපි කිව්වා. මේවා දුරදිග යන වැඩ. එම “චිප්පත” ආපසු දෙන්න යෑයි ඔවුන් අපේක්‍ෂාට අවවාද කළා. ඒත් එය ලැබුණේ නැහැ.

මම ඒ අවස්‌ථාවේදී ජීවිතයට ප්‍රශ්න ආපු අවස්‌ථාවලදී මම ජීවිතය පරදුවට තබා ඔයාව ආරක්‍ෂා කිරීමට පරිත්‍යාග කළ අයෙක්‌. මගේ ඔළුව අරං බද්ධ කර ඡායාරූප හදන්න පුළුවන්. ඒ නිසා එම චිප්පත ලබාදෙන්න යෑයි මා සෙව්මිණි දැරියගෙන් මේ අවස්‌ථාවේදී ආයාචනා කර ඉල්ලා සිටියා. මම ඇය වෙනුවෙන් මගේ ජීවිතය පරදුවට තබා කැපවීම් කළේ ඇයට එල්ල වූ අපචාර ක්‍රියාවලියෙන් ඇය බේරා ගැනීමටයි.

මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය – මෙම මරණ පරීක්‍ෂණයට අදාළ දේ පමණක්‌ ප්‍රකාශ කරන්න. අනවශ්‍ය කරුණු සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කරමින් සාක්‍ෂි දික්‌ ගස්‌සන්න එපා. දැරිය මේ වන විට මියගොස්‌. ඔබ තමයි මේ විදිහට කියන්නෙ. මේවා සොයා බැලීමට සාක්‍ෂි නැති කරුණුයි.

එහිදී රාගම පොලිසියේ පො.කො. (66716) චාමර අසංක මහතාගේ මෙහෙයවීම මත තවදුරටත් සාක්‍ෂි දුන් සුනීතා සිල්වා (53) ගුරු මහත්මිය මෙසේද කීවාය.

මෙම අවස්‌ථාවෙන් පසු අපේක්‍ෂා සෙව්මිණි සිසුවිය ආපසු පාසලට කැඳවාගෙන ආවෙ කාවින්ද්‍යා ගුරුවරිය ඇගේ යතුරුපැදියෙන්. අපේක්‍ෂා සෙව්මිණි ශිෂ්‍යාව මගේ යතුරුපැදියෙන් පාසලට කැඳවාගෙන යැමට සූදානම්වීම පිළිබඳව ඇගේ නිවසේ සිටි මාමා තරයේම විරුද්ධ වුණා. අපේක්‍ෂා සෙව්මිණි සිසුවිය පදිංචිව සිටින්නෙ මගේ නිවසට යාර 400 ක්‌ පමණ නුදුරින් පිහිටි නිවසකයි.

පසුව අපේක්‍ෂා සෙව්මිණි දැරිය සමග අපි ආපසු පාසලට ආවා. “චිප්” පත නොලැබුණු බව විදුහල්පතිතුමාට අපි දැනුම් දුන්නා. ඒ අවස්‌ථාවෙ අපේක්‍ෂා සෙව්මිණි දරුවා කිව්වා එම මෙමරි චිප්පත ඇගේ බෝයිෙµ්‍රන්ඩ් (පෙම්වතා) ළඟ තිබෙන බව. එය ආපසු ඔහුගෙන් ඉල්ලා ලබාදෙන බව ඇය පැවසුවා.

රාගම පොලිසියේ පො.කො. (66716) චාමර අසංක මහතා – ඔබලා විදුහලට ආපසු පැමිණීමෙන් පසු ඔබලා කැඳවාගෙන ගිය අපේක්‍ෂා සෙව්මිණි සිසුවිය ඇගේ පන්ති භාර ගුරුතුමිය වෙත භාරදුන්නද?

සුනීතා සිල්වා ගුරු මහත්මිය (- ඒ වෙලාවේ ගුරුවරුන් වෙන වෙන පංතිවලට මාරුවී ගොස්‌ සිටි නිසා එසේ කරන්න මට බැරිවුණා. පසුව මමත් කාවින්ද්‍යා ගුරුතුමියත් අපේ පංතිවලට ගොස්‌ සුපුරුදු පරිදි කටයුතු කළා. පාසල නිමවීමෙන් පසු මම ගුරු කාමරයට දවල් 2.10 ට පමණ ගියා. එහිදී මට ගොඩාක්‌ දුක හිතුණා. මම උදව් කළ දරුවා මට මෙවැනි චෝදනාවක්‌ කළේ ඇයි දැයි කියල. එහිදී තවත් ගුරුවරුන් මට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව කනගාටු වුණා. පසුව දෙවැනි අවස්‌ථාවකදී “අපේක්‍ෂා සෙව්මිණි” දරුවා ඇය ළඟ මෙමරි චිප්පත පත තිබෙන බව කිව්වේ තර්ජනාත්මක ලෙසයි. මම නිවසින් පිටව ඉද්දි එදින රාත්‍රී දැනගන්න ලැබුණා “සෙව්මිණි” දරුවා දුම්රිය අනතුරකින් මියගිය බව. ඒ වන විට දැනගන්න ලැබුණා මියගිය සෙව්මිණි දරුවාගේ ඥති හිතමිතුරන් පිරිසක්‌ අපේ ගේ වටකර ඇති බව.

මගේ ජීවිත ආරක්‍ෂාව පතා නිවසින් පිටතට වී සිටින්නැයි පොලිසියෙන් මට උපදෙස්‌ ලැබුණා. සෙව්මිණිගේ ගමේ කට්‌ටිය හරි වසයි. ප්‍රචණ්‌ඩත්වයට බර ගම්වැසියන් පිරිසක්‌. ඒ නිසා මම මාස දෙකක පමණ කාලයක්‌ මා නිවසට නොගොස්‌ සැඟවී ජීවත් වුණා. එහිදී සුනීතා සිල්වා ගුරුතුමිය සෙව්මිණි සිසුවිය ලක්‌වීමට ගිය අපචාර ක්‍රියාවලින් ඇය බේරාගත් ආකාරය පිළිබඳ දීර්ඝ සාක්‍ෂියක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වූ නමුත් එම සාක්‍ෂිය මරණ පරීක්‍ෂණයට අදාළ නොවන බව මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය පැවසුවාය.

මරණයට හේතුව පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කිරීමටද සාක්‍ෂිකාර සුනීතා සිල්වා ගුරු මහත්මිය අසමත් විය. මීළඟ නඩු විභාග දිනයේ දී සුනීතා සිල්වා ගුරු මහත්මියට අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණය නියෝග කළේය.

මියගිය දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සේනාධීර මහතා පෙනී සිටියේය. ගුරුවරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සකුල ගුණතිලක මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2015 ජනවාරි මස 22 වැනි දින පැවැත්වේ.

http://www.divaina.com/2015/01/02/provin06.html

One response to “හපුගොඩ ශාන්ත මරියා විදුහ‍ලේ මේරි සුනීතා(53) කාවින්ද්‍යා ලලනී රණසිංහ (36) තිරිහන් ජෝඩුවගේ සමලිංගික බිල්ල අපේක්‍ෂා සෙව්මිණි (14)

  1. පින්ග්කිරීම: හපුගොඩ ශාන්ත මරියා විදුහ‍ලේ මේරි සුනීතා(53) කාවින්ද්‍යා ලලනී රණසිංහ (36) තිරිහන් ජෝඩුවගේ සමලිංගික බ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )