පූජකවරු සහ කන්‍යා සොයුරියන් රාජ්‍ය විරෝධි ක්‍රියාමාර්ග වල – මේවා කතෝලික රනිල්ට ජාතිවාදය නොවේ

යුද අපරාධ වාර්තාව කල්දැමීමට එරෙහිව
මන්නාරම් රදගුරු හා ද්‍රවිඩ සන්ධාන විරෝධය

ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී ආර්. සම්බන්ධන්ගේ හා සුමත්තිරන්ගේ ඡායාරූප පුළුස්‌සන කොටි ක්‍රියාකාරීහු

සත්‍යය වසන්කළ නොහැකිය – බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට්‌ චර්චිල්

ජිනීවා මානව හිමිකම් සැසිවාරය මාර්තු 2 දා ආරම්භ මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හා උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව කල්දැමීම ගැන උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත. මෙය උතුරේ සාමකාමී වාතාවරණය බිඳදැමීමේ ක්‍රියාදාමයකි.

මෙහිදී රායප්පු ජෝශප් පවසා ඇත්තේ බරපතළ ප්‍රකාශයකි.

සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක්‌ මරාදැමූ බවත් එය ජාති ඝාතනයක්‌ බවත් රජය යුද අපරාධ සම්බන්ධව දේශීය විර්ශනයක්‌ පැවැත්වීම ප්‍රතික්‍ෂේප කරන බවත් ඔහු පවසා තිබේ.

මාර්තු මසදී එකී යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කළ යුතු බවද එය ප්‍රමාද කිරීම ද්‍රවිඩ ජනතාවට කරන ෙද්‍රdaහිකමක්‌ බවද මන්නාරම රදගුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

රායප්පු ජෝශප්ගේ මෙම ප්‍රකාශයට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයද සහය දක්‌වා තිබේ. යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයට පූජකවරු සහ කන්‍යා සොයුරියන්ද සහභාගිවී ඇත.

මන්නාරම් රදගුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ අළුතින් යුද අපරාධ තොරතුරු මතුවී ඇති බවයි.

විශ්වමඩු ප්‍රදේශයේ මළ සිරුරු 30000 ක්‌ 35000 ක්‌ අතර සංඛ්‍යාවක්‌ තිබෙන බව දුටු බවට සාක්‍ෂිකරුවන් සිටිනවා යයිද ඔහු බ්‍රිතාන්‍යයේ බී. බී. සී. ද්‍රවිඩ සේවාව අමතමින් කියා සිටියේය.

යාපනයේ පැවැති උද්ඝෝෂණයට සමානව බ්‍රිතාන්‍ය කොටි හිතවාදින් ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී යුද අපරාධ වාර්තාව වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත.

එහිදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රී සුමන්තිරන්ගේ ඡායාරූපද පුළුස්‌සා දමා තිබේ.

මේ පසුබිම මැද යාපනයේ උද්ඝෝෂණයට යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් සහභාගි වී නැත. මෙම උද්ඝෝෂණයට සහභාගිවූවන් මියගිය කොටි ත්‍රස්‌තයන් කීපදෙනෙකුගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර ඇත.

මෙහිදී උතුරු පළාත් සභාවද එකී උද්ඝෝෂණය වෙනුවෙන් පැය 2 ක නි? වක්‌දී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායක තුසින්තාන් නැමැත්තා යාපනයේ ටෙම්පල් පාරේ ඇති එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස්‌ සංදේශයක්‌ද බාරදී ඇත.

අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ රාසකුමාරන් නැමැත්තා තිලිපන් නැමැති ත්‍රස්‌තයාගේ ස්‌මාරකය තිබූ ස්‌ථානයට අවුත් එකී සන්දේශයේ පිටපත් මන්නාරම රදගුරු වෙත බාරදී එය කොළඹ එක්‌සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත වෙත යොමුකරන්නැයි ඉල්ලා ඇත.

මෙයට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සන්දේශයක්‌ යවමින් උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ ඉල්ලා තිබේ.

මේ තොරතුරු මුළුලොව පුරා පැතිරීගොස්‌ ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු කූගන් මෙහෙයවන යුරෝපා කොටි ගුවන් විදුලිය ඊට පුළුල් ප්‍රචාරයක්‌ දී තිබේ.

එහෙත් ද්‍රවිඩ නිජබිම් සංකල්පය පිළිගත යුතු යයි පැවසූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නම් මෙවන් තොරතුරු සාවධ්‍ය තොරතුරුයි.

කිසිඳු පිළිගැනිමක්‌ නැති එකී විශ්වවිද්‍යාල ආචාර්වරයා කුමක්‌ පැවසුවත් ඔහු චරිතයක්‌ නොවේ.

මේ පසුබිම මැද මන්නාරම් රදගුරු යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇත්තේ රාජ්‍ය විරෝධි ක්‍රියාමාර්ගයක්‌ නොවේද?

මෙයට වසර කිහිපයකට පෙර කොටි සංවිධානය ලයන් එයාර් යානාවකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කල අවස්‌ථාවේ මළ සිරුරු සොයාගැනීමට එවකට මන්නාරම් පොලිස්‌ අධිකාරිවරයා කළ ඉල්ලීමට සහය නුදුන්නේද මන්නාරම රදගුරුවරයායි.

– කීර්ති වර්ණකුලසූරිය

ක්‍රිස්‌තියානි කටයුතු ඇමති කල්ලතෝනියා හෙළ බොදු ඇමතිගේ ආරක්ෂාව ඉවත් කල වගයි

මරණ තර්ජන ඇති බවට
පොලිසියට පැමිණිලි කළ පසු ආරක්‍ෂාව ඉවත් කළා

– ගම්මන්පිලගෙන් ඇමැති ජෝන්ට ලිපියක්‌

තමාට මරණ තර්ජන ඇති බවට බොරැල්ල පොලිසියට පැමිණිල්ලක්‌ කළ දිනට පසු දින තමාට ලබාදී තිබුණු පොලිස්‌ ආරක්‍ෂාව ඉවත්කරන ලද බව පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්‌තියානිs කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා වෙත ලිපියක්‌ යවමින් සඳහන් කර සිටී. එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ජනවාරි 12 දින වන විට අංක 0714437681 සහ 0717172896 යන දුරකථන වලින් මටද අංක 0724698967 යන දුරකතනයෙන් මගේ බිරිඳටද මරණීය තර්ජන එල්ල කරමින් ඇමතුම් ලැබී තිබිණි. එවකට මගේ කාර්යාලය තිබුණේ බොරැල්ලේ බැවින් අපි යොමු අංක සීඅයිබී 1(1)251/136 සහ සීඅයිබී(1) 252/137 යටතේ බොරැල්ල පොලිසියට පැමිණිලි කළෙමු. එවිට ප්‍රකාශය සටහන් කර ගත් පොලිස්‌ නිලධාරියා පැවසුවේ පසුදින උදැසන උසාවි නියෝගයක්‌ ලබාගෙන පැය විසිහතරක්‌ ඇතුළත තර්ජකයන් සොයා ගන්නා බවයි. නමුත් ජනවාරි 22 දින තෙක්‌ පොලිසිය උසාවි නියෝගය ලබා ගැනීමට උත්සුක නොවිණි. උසාවි නියෝගය ලබාගත් නමුත් තවමත් තර්ජකයන් හඳුනා ගැනීමට කටයුතු කර නැත.

පොලිසියේ අකාර්යක්‍ෂමතාවය තර්ජකයන් දිරිමත් කර ඇත. එබැවින් තවමත් තර්ජන එල්ල වන අතර පළමු පැමිණිල්ලට පොලිසිය පියවර නොගත් බැවින් අනෙකුත් තර්ජන පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට මම කාලය නාස්‌ති නොකළෙමි. 2015 ජනවාරි 13 දින පස්‌වරු 12.17 ට 0718838473 යන අංකයෙන් මගේ බිරිඳට ලැබුණු දුරකථන ඇමතුමෙන් පැවසුවේ “උෙඕ මිනිහාත් අරගෙන රටින් පැන්නේ නැත්නම් එක්‌නැලිගොඩට වෙච්ච දේමයි උඹේ මිනිහාටත් වෙන්නේ” යන්නයි. එබැවින් මෙම තර්ජකයින් සොයාගැනීමෙන් දැවැන්ත ආන්දොaලනයකට තුඩුදීඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳව හෝඩුවාවක්‌ සොයා ගැනීමටද හැකිවනු ඇත.

මරණ තර්ජන පිළිබඳ විමර්ශනයට පොලිසිය දැඩි අකාර්යක්‍ෂමතාවයකින් කටයුතු කළත් මගේ ආරක්‍ෂාව ඉවත් කිරීමට නම් ඉතා කාර්යක්‍ෂමව කටයුතු කරන ලදී. මා මරණ තර්ජන පිළිබඳ පොලිසියට පැමිණිලි කළ දිනට පසු දින මට සපයා තිබුණු පොලිස්‌ ආරක්‍ෂාව ඉවත් කරන ලදී. ඊට හේතුව ලෙස පොලිසිය දැක්‌වූයේ පළාත් සභා මන්ත්‍රීවරයකුට පොලිස්‌ ආරක්‍ෂාව නොසපයන බවයි. පළාත් සභා මන්ත්‍රී යන තනතුරට පොලිස්‌ ආරක්‍ෂාව නොලැබෙන බව මම දනිමි. මට පොලිස්‌ ආරක්‍ෂාව සැපයුවේ මා පළාත් සභා මන්ත්‍රීවරයකු හේතුවෙන් නොව මගේ ජීවිතයට තර්ජන පවතින බවට ආරක්‍ෂක ලේකම්වරයාට තොරතුරු තිබුණු බැවිනි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබා දෙන්නේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුගේ ආරක්‍ෂාව. නමුත් 2001 දී ඔබතුමා පොලිසිය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලක්‍ෂ්මන් කදිරගාමර් සහ ඩග්ලස්‌ දේවානන්ද යන විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාට ඇමැතිවරුන්ටත් වඩා ආරක්‍ෂාව සැපයුවේ ඔවුන්ට ඇති තර්ජන සලකා බැලීමෙනි.

http://www.divaina.com/2015/02/09/news27.html