මේකා ගැන නොදන්නා අයෙක් වේ නම් කියවිය යුතු ලිපි රාශියක් ඇත.
බුද්ධ ශාසන අමාත්‍යාංශයට වැදී ශාසනය කෙළෙසන සියලුම ආකාරයේ කුමන්ත්‍රණ වලට සහය දෙමින් මුලුමහත්
ලාංකීය බෞද්ධයාටම පිළිලයක් වූ කැෂියන් හේරත් නැමති දූෂිත නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි බුද්ධශාසන
අමාත්‍යාංශ ලේකම් තණතුරෙන් පහ කර ඇත. අගමැතිවරයාගේ සර්වාගමික පූට්ටුවේ ප්‍රධාන මෙහෙයුම් කරු වූ
පරිපාලන සේවයේ අත්දැකීම් නැති, කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කරන ලද, ශාසනය කෙරෙහි කිසිදු ඇල්මක්
නොමැති මොහු බුද්ධ ශාසනය වැනසීම සදහා ක්‍රියාත්මක කරන ලද ෆෙංෂූයි ජාවාරමේද ප්‍රධාන කොටස්කරුවකු විය.
කලක පටන් මේ දූෂිත නිලධාරියා අමාත්‍යාංශ ලේකම් තණතුරෙන් පහ කරන ලෙස ගෞරවනීය හාමුදුරුවන්
වහන්සේලා ප්‍රමුඛ ජාතිමාමක බෞද්ධ සංවිධාන වලින් එල්ල වූ දැඩි විරෝධතාව මෙසේ මල්ඵලගැන්වීම සතුටුදායක
කරුණකි.බුද්ධශාසන අමාත්‍යාංශය තුල ලැග සිටිමින් ශාසනය කෙළෙසූ (බහිරවයන් දෙදෙනාගෙන් එක් බහිරවයෙක්) මෙසේ
එලියට ඇද දැම්මත් මුලු බුද්ධශාසන අමාත්‍යාංශයම පිරිසිදු කරන තුරු අපි සෑහීමකට පත්වන්නේ නැත. මොහුගේ
කාර්යමණ්ඩලයේ දූෂීත ගණකාධිකාරීවරයා සහ පෞද්ගලික ලේකමුන් දෙදෙනා ගැන ගන්නා පියවර සම්බන්ධයෙන් ද
සියලුම ජාතිමාමක සංවිධාන ඉදිරියටත් අවධියෙන් සිටින බව මතක් කල යුතුය.