පල්ලියේ නොදරුවන්ගේ තවත් කොටි සෙල්ලම්

 


උතුරේ ප්‍රවාහන හා නිවාස දෙපාර්තමේන්තු පිහිටුවීම වළක්‌වයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරු පළාතේ ප්‍රවාහන සහ නිවාස දෙපාර්තමේන්තු ස්‌ථාපිත කිරීම සඳහා මහ ඇමැති විග්නේශ්වරන් දැරූ උත්සාහයක්‌ ආණ්‌ඩුකාර ජී. එA. චන්ද්‍රසිරි මහතා විසින් නතර කර ඇත.

උතුරු පළාත් සභාව මෙරට ජාතික ආරක්‍ෂාවට ද තර්ජන කරමින් යාපනයේ නව නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාගේ පත්වීමට ද අභියෝගයක්‌ කර තිබේ.

උතුරේ ආණ්‌ඩුකාර ධුරය සහ නියෝජ්‍ය පොලිස්‌පති ධුරයට තමන්ට හිතැති ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකු පත් කර ගැනීමට උතුරේ කොටි හිතවාදී මන්ත්‍රී කණ්‌ඩායමකට අවශ්‍ය වී තිබෙන බවට බුද්ධි අංශ රජයට අනතුරු අඟවා ඇත.

එA සඳහා වූ යෝජනාවක්‌ ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකු වූ ජී. සිවාජිලිංගම් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර එAකමතිකව සම්මත කරගෙන ඇතැයි තවදුරටත් වාර්තා වී තිබේ. උතුරු පළාත් සභාව දැන් ක්‍රියාත්මක වන්නේ කොටි ඩයස්‌පෝරාවට අවශ්‍ය ලෙස ද බවද රජයේ බලධාරීන්ට හෙළිවී ඇත. මේ අතර ද්‍රවිඩ සන්ධානය මන්ත්‍රීවරු කීප දෙනෙක්‌ හා උතුරු මහ ඇමැති පී. විග්නේශ්වරන් අතර සාකච්ඡාවක්‌ කොළඹ දී පවත්වා තිබේ.

 

http://www.divaina.com/2013/12/17/news13.html