මරණ තර්ජන ඇති බවට
පොලිසියට පැමිණිලි කළ පසු ආරක්‍ෂාව ඉවත් කළා
– ගම්මන්පිලගෙන් ඇමැති ජෝන්ට ලිපියක්
තමාට මරණ තර්ජන ඇති බවට බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කළ දිනට පසු දින තමාට ලබාදී තිබුණු පොලිස් ආරක්‍ෂාව ඉවත්කරන ලද බව පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්‌තියානිs කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර සිටී. එම සම්පූර්ණ ලිපිය මෙසේය.
ජනවාරි 12 දින වන විට අංක 0714437681 සහ 0717172896 යන දුරකථන වලින් මටද අංක 0724698967 යන දුරකතනයෙන් මගේ බිරිඳටද මරණීය තර්ජන එල්ල කරමින් ඇමතුම් ලැබී තිබිණි. එවකට මගේ කාර්යාලය තිබුණේ බොරැල්ලේ බැවින් අපි යොමු අංක සීඅයිබී 1(1)251/136 සහ සීඅයිබී(1) 252/137 යටතේ බොරැල්ල පොලිසියට පැමිණිලි කළෙමු. එවිට ප්‍රකාශය සටහන් කර ගත් පොලිස් නිලධාරියා පැවසුවේ පසුදින උදැසන උසාවි නියෝගයක් ලබාගෙන පැය විසිහතරක් ඇතුළත තර්ජකයන් සොයා ගන්නා බවයි. නමුත් ජනවාරි 22 දින තෙක් පොලිසිය උසාවි නියෝගය ලබා ගැනීමට උත්සුක නොවිණි. උසාවි නියෝගය ලබාගත් නමුත් තවමත් තර්ජකයන් හඳුනා ගැනීමට කටයුතු කර නැත.
පොලිසියේ අකාර්යක්‍ෂමතාවය තර්ජකයන් දිරිමත් කර ඇත. එබැවින් තවමත් තර්ජන එල්ල වන අතර පළමු පැමිණිල්ලට පොලිසිය පියවර නොගත් බැවින් අනෙකුත් තර්ජන පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට මම කාලය නාස්‌ති නොකළෙමි. 2015 ජනවාරි 13 දින පස්‌වරු 12.17 ට 0718838473 යන අංකයෙන් මගේ බිරිඳට ලැබුණු දුරකථන ඇමතුමෙන් පැවසුවේ “උෙඕ මිනිහාත් අරගෙන රටින් පැන්නේ නැත්නම් එක්‌නැලිගොඩට වෙච්ච දේමයි උඹේ මිනිහාටත් වෙන්නේ” යන්නයි. එබැවින් මෙම තර්ජකයින් සොයාගැනීමෙන් දැවැන්ත ආන්දොaලනයකට තුඩුදීඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳව හෝඩුවාවක් සොයා ගැනීමටද හැකිවනු ඇත.
මරණ තර්ජන පිළිබඳ විමර්ශනයට පොලිසිය දැඩි අකාර්යක්‍ෂමතාවයකින් කටයුතු කළත් මගේ ආරක්‍ෂාව ඉවත් කිරීමට නම් ඉතා කාර්යක්‍ෂමව කටයුතු කරන ලදී. මා මරණ තර්ජන පිළිබඳ පොලිසියට පැමිණිලි කළ දිනට පසු දින මට සපයා තිබුණු පොලිස් ආරක්‍ෂාව ඉවත් කරන ලදී. ඊට හේතුව ලෙස පොලිසිය දැක්‌වූයේ පළාත් සභා මන්ත්‍රීවරයකුට පොලිස් ආරක්‍ෂාව නොසපයන බවයි. පළාත් සභා මන්ත්‍රී යන තනතුරට පොලිස් ආරක්‍ෂාව නොලැබෙන බව මම දනිමි. මට පොලිස් ආරක්‍ෂාව සැපයුවේ මා පළාත් සභා මන්ත්‍රීවරයකු හේතුවෙන් නොව මගේ ජීවිතයට තර්ජන පවතින බවට ආරක්‍ෂක ලේකම්වරයාට තොරතුරු තිබුණු බැවිනි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබා දෙන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්‍ෂාව. නමුත් 2001 දී ඔබතුමා පොලිසිය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලක්‍ෂ්මන් කදිරගාමර් සහ ඩග්ලස් දේවානන්ද යන විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාට ඇමැතිවරුන්ටත් වඩා ආරක්‍ෂාව සැපයුවේ ඔවුන්ට ඇති තර්ජන සලකා බැලීමෙනි.