ෆුට් බෝල් ගසා මහවිරු දිනය සැමරූ
මන්නාරමේ¨ ලෙඩ කොටි
යුද්ධය අවසන්ය. සංවර්ධනය ඇරඹී ඇත. වෙඩි හඬක් නෑසෙන ඉසව්වේ ඊළඟ ආශ්වාසය ප්‍රාශ්වාසය ගැන සැකයකින් තොරව මිනිස්‌සු ජීවත් වෙති. බල ලෝභයේ සූදු කෙළියට ජීවිත වලින් ලංසු තැබූ ප්‍රභාකරන්ගේ ඒ තිරිසන් කෙළිය අවසන්ය. නමුත් ප්‍රභාකරන්ගෙන් ඒ තිරිසන් මානසික රෝගය බෝවූ, එහෙත් එය තවම සුව නොවූ කිහිප දෙනෙක් අදටද ඉතිරිව සිටිති. උන් තමුන්ට වැළඳුනු මේ ‘තිරිසන් රෝගයේ’ විෂබීජ පතුරවා හරින්නට අලුතින්ම යොදාගන්නා මාධ්‍යය ක්‍රීඩාව බව ‘ඉරිදා දිවයින’ පවසන්නේ වගකීමෙනි. ඒ තවත් එක් කොළ කැබැල්ලක් මත අකුරු ටිකක් මුද්‍රණය කිරීමට නිමිත්තක් වශයෙන් නොවේ. වගකිවයුත්තන්ගේ අවධානය යොමු වීම පිණිසය.
ක්‍රීඩාව යනු තරුණයා ආකර්ශනය කර ගැනීමට ඉතාම පහසු මාධ්‍යයකි. තරුණයා යනු යුද්ධයකදී සවිමත්ම සාධකයයි. මේ බව හොඳින්ම දන්නා ප්‍රභාකරන්ගේ නොමළ පිරිවර ක්‍රීඩාව හරහා උතුරේ තරුණයා නොමඟ යෑවීමට අර අඳිති. ඒ බවට සාධක රැසකි. උතුරේ බහුතර ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී ජාතික කොඩිය, ජාතික ගීය හංගන මේ පුල්ලි ඇති ‘මල්ලිලා’ අත යටින් කොටි පිල්ලි යවති.
ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 24 වැනිදාය. ඒ වික්‌ටර් හෙවත් එවක මන්නාරමේ එල්.ටී.ටී.ඊ නායකයා වශයෙන් කටයුතු කළ මර්සලීන් ෆියුස්‌ලස්‌ගේ උපන්දිනයයි. වික්‌ටර් යනු එදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියස බැතිමතුන් සිය ගණනක් ඝාතනය කළ ඒ තිරිසන් එල්.ටී.ටී.ඊ ප්‍රහාරය මෙහෙයවූ තැනැත්තාය. අදාළ ප්‍රහාරයෙන් පසු ඔහු ඒ ම්ලේච්ඡ ක්‍රියාව සිදුකළ ආකාරය ගැන සඳහන් කරමින් ප්‍රභාකරන් වෙත යෑවූ වාර්තාවද අප සතුව ඇත. එල්.ටී.ටී.ඊ යේ කාන්තා අංශය ඇරඹෙන විට ප්‍රභාකරන් විශ්වාසයෙන් එය භාරදුන්නේ සමලිංගිකයකු ලෙසින් ප්‍රසිද්ධ මේ වික්‌ටර්ටය. වික්‌ටර් 1986 දී යුද හමුදාව අතින් වෙඩිකා මියයන්නේ සංසාරයේ තවත් ගෙවන්නට සිදුවන පව් කන්දක්‌ද කරගසාගෙනය.
වික්‌ටර්ගේ උපන්දිනයත්, එල්.ටී.ටී.ඊ මහවිරු සැමරුමත් යෙදෙන්නේ ළඟ ළඟමය. විකටර්වත්, මහවිරු දිනයත් වක්‍රාකාරයෙන් සමරමින් එල්.ටී.ටී.ඊ මානසිකත්වයෙන් ඉවත්ව යමින් සිටින උතුරේ තරුණ ප්‍රජාවට නැවතත් විෂබීජය බෙදීමට පාර්ශ්ව කිsහිපයක් සැලසුම් කළේය. මන්නාරම සහ උතුරේ තරුණයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දුව හරහා මෙය කිරීමට තීරණය විය. පාපන්දු තරගාවලියක් සංවිධාන කෙරිණි. සංවිධානය කටයුතු භාරගත්තේ වික්‌ටර්ගේ ගමෙහි ශාන්ත ජෝසෆ් ක්‍රීඩා සමාජය විසිනි. බර පැන සපයන්නේ ප්‍රංශයේ සිටිමින් එල්.ටී.ටී.ඊයට මුදල් සොයාදුන් වික්‌ටර්ගේ සොහොයුරකු වන රොනී මාස්‌ටර් විසිනි. තරගාවලියට පූර්ණ ආශිර්වාදය ලැබෙනුයේ මන්නාරම පාපන්දු ලීගයෙනි.
මෙම තරගාවලියේ කුසලාන ‘මර්සලීන් ඇන්තෝනියා පිල්ලේ ෆියුස්‌ලස්’ ලෙසින් නම් විය. මර්සලින් ඇන්තෝනියා පිල්ලේ යන නම මිනීමරු වික්‌ටර්ගේ පියාගේ නමය. ෆියුස්‌ලස් නම මේ කුසලාන මත සටහන් වන්නේ වික්‌ටර්ගේ නමෙහි කොටසක් වශයෙනි. වික්‌ටර්ගේ නම සෘජුවම යොදමින් තරගාවලියක් පැවැත්වීම අපහසු බැවින් මෙය තාත්තා පෙන්නා පුතා සැමරීමක් බවට පත්වුණේය.
මේ අතර තවත් දෙයක් සිදුවුණේය. තරගාවලිය පැවැත්වෙන දිනයේ හිරු උදාවන විට පෙනෙන්නේ වික්‌ටර්ගේ ගමේ පිහිටි සන්නිවේදන කුලුනක එල්.ටී.ටී.ඊ කොඩියක් ලෙල දෙන ආකාරයයි. කව්රුන් විසින් හෝ රාත්‍රියේදී මේ ක්‍රියාව සිදුකළ නමුත් එයත් මෙම තරගාවලිය පැවැත්වීමත් අතර සම්බන්ධයක් ඇතිදැයි දන්නේ එය කළ අයම පමණි. නමුත්, වික්‌ටර්ලා මියගියත් වික්‌ටර්ලාගේ හොල්මන් මන්නාරමේ නිදහසේ කරක් ගසන බව නම් පැහැදිලිය.
මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම් 32ක් සහභාගී විය. තරගාවලියේ පූර්ව ප්‍රචාරක කටයුතු වලදී මෙය මහවිරු වික්‌ටර් සැමරීම සඳහා යෑයි සංවිධායකයෝ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අවස්‌ථාද තිබී ඇත. මෙවන් තරගාවලියක් ඇරඹීමේදී ජාතික කොඩිය එසවීම, ජාතික ගීය ගායනා කිරීම ආදී දේ සිදුවෙතත් මෙම තරගාවලියේදී එවැනි අනිවාර්ය අංග අමතක කර තිබිණි. ඒ ජාතික කොඩිය ඔසවා මේ රටේ ඒකීය භාවය පිළිගැනීමට මේ කොටි හොල්මන් අකමැති නිසාය.
මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණි ද්‍රවිඩ සංධානය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකිලනාදන් විසින් මෙය මහවිරු වික්‌ටර් සැමරීමේ තරගවාලියක් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට යෙදුණි.
මන්නාරම පාපන්දු ලීගය කොටි සැමරුම් සඳහා මෙසේ සහය දෙද්දී තම මනෝ ඊළාම් රාජ්‍යයට සහය නොදෙන ක්‍රීඩා සමාජ වලට මඩු වලිsගයෙන් තැලීමට කටයුතු කරයි.
උතුරේ ඡන්දය පැවැත්වීමට සතියකට ප්‍රථම එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ අනුග්‍රහයෙන්, මන්නාරම ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ තරගාවලියක් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද මේ තරගාවලියට සහභාගිවූ බව වාර්තාවේ. සංවිධායකයන් මේ තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය අදාළ අනුමැතියන්ද ලබාගත් බව ඔව්හු පවසති. තරගාවලිය මැනවින් පවත්වා අවසන්a විය. එදින රාත්‍රියේ පැවැති සාදයට නිමිත්ත වූයේ එලෙස සාර්ථක තරගාවලියක් පැවැත්වීමයි. මෙම සාදය අතරමග මන්නාරම පල්ලියේ පියතුමෙකු පරල වෙයි. ‘උඹලා අපිව රවට්‌ටලයි මේ ටූනමන්ට් එක ගැහුවේ. උඹල හමුදාවටයි කඩේ ගියේ. අපේ ජාතිය විනාශ කරපු එවුන්වයි උඹලා ටූනමන්ට් තියලා සැමරුවේ’ යන අදහස එන වාග් මාලාවක් ඒ පියතුමන්ගේ කටින් පිටවද්දී පියතුමන් ඇඳ සිටි ලෝගුව යට ඇති කොටි නගුට ඉබේ වැනිනි. රහසින් පටිගත වූ ඒ වාග් මාලාව අප අතටද පත්විය.
මන්නාරමේ පාපන්දුව සහ පල්ලිය වෙන් කළ නොහැකි තරමට බද්ධ වී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ලක්‍ෂ සිය ගණනක් වැය කර ඉදිකළ මන්නාරම් පාපන්දු ක්‍රීඩාංගණය අටවන්නේද පල්ලියට අයත් බිමකය. මන්නාරම් පාපන්දු ලීගයේ කෙරුමෝ වනාහී පල්ලියයි. වෙනත් විදිහකට කියන්නේ නම් මන්නාරමේ පාපන්දුව නටවන්නේ පල්ලිය විසිනි.
කෝපයට පත් එකී පියතුමා සහ කොටි පිල්ලි විසින් මර්දනය ක්‍රියාත්මක කරනු ලැබිණි. ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය නිසි අවසරයකින් තොරව තරගාවලියක් සංවිධානය කළේ යෑයි අභූත චෝදනාවක් නැගුණි. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වන විට ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය සාධාරණය පතා කොළඹට පැමිණියේය. රටේ පාපන්දු ක්‍රීඩාවේ අවසන් තීරක බලය සහිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තමන්ට සාධාරණයක් ඉටු කරනු ඇතැයි ඔව්හු විශ්වාස කළහ. නමුත් පුල්ලි ඇති මන්නාරමේ පාපන්දු ලීගය දිනුවේය.
මෙය ජාතිවාදය මතින් කළ අසාධාරණ චෝදනාවක් බව ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය සාධක සහිතව පවසා සිටියද පාපන්දු සම්මේලනය කුඩු කෑ එකාගේ චරිතයට පණ පොවමින් මන්නාරම පාපන්දු ලීගයේ කැමැත්ත ඉටුවෙන්නට ඉඩ හැරියේය. පාපන්දු සම්මේලනය කුඩු කෑවේ මන්නාරම පාපන්දු ලීගය සමග එක්‌ව මන්නාරමේ පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී බවද දන්නෝ කියති. (එය එසේ නම්) මන්නාරම ලීගයට එරෙහිව පාපන්දු සම්මේලනය කටක් අරින්නේ කෙසේද?
කෙසේ හෝ රටේ ආණ්‌ඩු පක්‍ෂය සමග එක්‌ව තරගාවලියක් සංවිධානය කර, කොටි හොල්මන් ප්‍රකෝප කිරීමේ වරදට මාස 3ක තහනමක් සහ රුපියල් 30,000ක දඩයක් ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජයට හිමිවන්නේය. පුදුමය කියන්නේ මේ සියල්ල සිදුවන්නේ ශ්‍රී ලංකාව නම් ඒකීය, ස්‌වෛරී රාජ්‍යයේ වීමය.
එකී රාජ්‍යයේ උතුරු පළාතේ ක්‍රීඩා දක්‍ෂයින් අගයමින් වර්ණ රාත්‍රිය පසුගියදා කෝපායිහිදී පැවැත්විණි. මෙහි මූලික න්‍යාය පත්‍රයේ ජාතික ගීය ගැයීම ආදිය විය. මේ රටේ රජයේ වියදමෙන් පැවැති එම උත්සවය ක්‍රියාත්මක වීමේදී ජාතික ගීය ගැයීම ක්‍ෂණිකව අවලංගු විය. ජාතික ගීය ගැයීම වස් කවියක් ලෙසින් දකින පිරිසක් ක්‍රීඩාවේ සිටින බවට එය පැහැදිලි සාක්‍ෂියකි.
උතුරේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන ස්‌වභාවය දැන් ඔබට හොඳින් පැහැදිළි වන්නට ඇතැයි සිතමු. එය පැහැදිළිවම ත්‍රස්‌තවාදයේ විෂබීජ නොනැසී පවත්නා එකකි. බෙහෙත් නොදුන්නොත් මේ ලෙඩුන් අද නිදහසේ හුස්‌ම ගන්නා තරුණ ප්‍රජාවට රෝගය නැවත බෝ කරනු ඇත. හෙට දවසේ උතුර නැවත ලෙඩ විය හැක. ක්‍රීඩාව ත්‍රස්‌තවාදයේ මෙවලමක් නොවන බව මේ පල්ලි සහ පුල්ලි වලට වහාම කියා දිය යුත්තේය.
ඉන්ද්‍රජිත් සුබසිංහ