ෆ්‍රෑන්ක් තිසේරා පාහර පියතුමා ගෙන් රට රැකි නායකයාට තහනම් කොන්දේසි

දෙව් මැදුරේ දේශපාලනය බැහැ – කොන්දේසි පිට මහින්දට එන්න අවසර
2015-04-22 18:51:23
      Views – 5955

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාදම්පේ තනියවල්ලභ දේවාලයේ පැවැති දේව පූජාවකට සහ හලාවත ආසන දෙව්මැදුරේ පැවැති ආගමික වැඩසටහනකට අද සහභාගි වුණා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා.

 

එහෙම සාකච්ඡාවක් පැවැත්වුනා. ඒකේ විශේෂත්වයක් නැහැ මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, මම අනුශාෂකවරයා. ඉතින් ඒක හින්දා විශේෂ සාකච්ඡාවක් කියලා නෙමෙයි

 

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා හලාවත ආසන දෙව්මැදුර වෙත පැමිණීමට පෙර එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාව වන විට අදාළ දෙව්මැදුර වසා තිබීම බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු ඔගස්ටින් ප‍්‍රනාන්දු පැවසුවේ. ප්‍රශ්නය දුරදිග යාම වළකන ලද්දේ දෙව් මැදුරු දායක සභා නියෝජිතයින් සහ තල්විල මීසමේ පාලනාධිපති ෆ්‍රෑන්ක් තිසේරා පියතුමන් මැදිහත්ව දෙව් මැදුර තුළ දේශපාලනය නොකිරීමේ කොන්දේසිය මත මහින්ද රාජපක්ෂ මහතාට දෙව්මැදුරට ඇතුළුවීමට අවසර ලබාදීමෙනි.

 

 

www.nethfm.com 01 www.nethfm.com 02 www.nethfm.com 03

 

 

– See more at: http://offair.nethfm.com/article/16455#sthash.eNJpVEsI.dpuf