රයප්පුවා හා ජයලත් රටට එරෙහි වල් බූරු මිෂන් එකක


මන්නාරම රදගුරු සහ
මන්ත්‍රී ජයලත් කොටි රැඳවියන් හමු වෙති

චමින්ද සිල්වා – සමන් ගමගේ

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා පසුගිය සිකුරාදා (01 වැනිදා) මැගසින් සහ වැලිකඩ කාන්තා අංශයේ රඳවා සිටින එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දරුණු ගණයේ රැඳවියන් කිහිප දෙනකු හමුවී ඇත.

මෙහිදී රදගුරුවරයා සහ එම එල්. ටී. ටී. ඊ. සැකකරුවන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරයා සහ රදගුරුවරයා මැගසින් බන්ධනාගාරයට සහ වැලිකඩ කාන්තා අංශයට පැමිණ හමුවූ කොටි සාමාජිකයන් අතර නගර සභා පිටියේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කළු කොටි සාමාජිකාව එම ස්‌ථානයට රැගෙන ආ “රඝූපති ෂර්මා වසන්ති” සහ ඇගේ සැමියා වන “ෂර්මා” නමැත්තා, දෙහිවලදී දුම්රිය තුළ බෝම්බ පිපිරීම සැලසුම් කළ “කිලිමගර්”, ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කළු කොටි සාමාජිකාව රැගෙන ආ “සත්‍යශීලා” සහ කළුතර බන්ධනාගාර ය තුළදී ඩග්ලස්‌ දේවානන්දා ඇමැතිවරයාට ගලකින් හිසට පහරදුන් “රොබට්‌ මැක්‌ස්‌සලම්” යන අය වෙති.

බන්ධනාගාරය තුළදී රදගුරුවරයා සහ කොටි සාමාජිකයන් අතර ද්‍රවිඩ භාෂාවෙන් කළ කතාබහ පිළිබඳව තොරතුරු දැනගැනීමට ද්‍රවිඩ භාෂාව දන්නා නිලධාරියකු ඒ අසල තැබීමට හෝ බන්ධනාගාර උසස්‌ නිලධාරීන්ට අවබෝධයක්‌ නොතිබූ බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

http://www.divaina.com/2013/03/04/news06.html

Advertisements

Cardinal/Ranil Another Joint Venture – පාප්පයා බැහැදක්ක රනිල් පොන්ටියා

 


රනිල් පාප් වහන්සේ හමුවෙයි

ඉතාලියේ සංචාරයක නිරත එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02 දා) දින වතිකානු නුවරදී අති උතුම් 16 වැනි බෙනඩික්‌ ශුද්ධෝත්තම පියතුමන් බැහැදැක්‌කේය. මෙම වසරේ පාප්වහන්සේ බැහැදුටු ප්‍රථම ශ්‍රී ලාංකික නායකයා වනුයේ රනිල් වික්‍රමසිංහ මහතායි.

ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් ජෝශප් ස්‌පෙටේරි රදගුරුතුමන්ගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අනුග්‍රහය, අනුශාසනා හා මඟපෙන්වීම යටතේ ඉතාලියේ ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන්ගේ සම්බන්ධීකාරක නෙවිල් ජෝ පියතුමන් විසින් හා එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා විසින් මෙම බැහැදැකීම සම්බන්ධීකරණය කර ඇත.

http://www.divaina.com/2013/01/03/news36.html