http://www.divaina.com/2012/04/07/news13.html
මන්නාරම රදගුරු හිමිගේ
නෝර්වේ සංචාරයක තතු හෙළි වේ
කීර්ති වර්ණකුලසූරිය
මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හා නීතිවේදියකු එක්වී නෝර්වේ රාජ්‍යයේ සංචාරයක යෙදීමේ සිද්ධියක් හෙළිවී ඇත.
ඔස්ලෝ ගුවන් තොටුපළට පැමිණි රදගුරු සහ නීතිවේදියා කැඳවා ගෙනයැමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාහනයක්ද එවා තිබූ බව තවදුරටත් අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත වාර්තා වී නැහැ. මන්නාරම් රදගුරුගේ නෝර්වේ සංචාරය ගැන හෙළිවී ඇත්තේ ඔස්ලෝ ගුවන් තොටුපළේ සිටි කොටි විරෝධී ද්රවිඩයකුටය. මේ සංචාරය ගැන නෝවීජියානු ඊළාම්වාදීහු තොරතුරු වසං කර තිබේ.
අපේ තානාපති අංශ මන්නාරම රදගුරු සහ නීතිවේදියා වෙනුවෙන් සංග්‍රහයක්ද පවත්වා තිබෙනවා යයි නෝර්වේ ආරංචි මාර්ග පැවසීය.