ජේසුගේ නාමයෙන් පිළියන්දල පොලිස් බල්ලන්ට කටු කැවූ ඉවැන්ජලික අන්තවාදියෝ

 


පාස්‌ටර් මුදාහැර පිළියන්දල පොලිසිය
දෙමව්පියන් අත්අඩංගුවට අරන්
බොදු බල සේනා සංවිධානය පොලිසිය ඉදිරිපිට විරෝධතාවක

බුදු දහමට එරෙහි ඕනෑම
අභියෝගයකට එරෙහිව අප නැගී සිටිනවා

– ගලබොඩඅත්තේ ඥානසිරි හිමි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න රත්මලාන

බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අන්‍යාගමික කරනු ලැබූ පාස්‌ටර්වරයෙක්‌ පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව එම තැනැත්තා නිදහස්‌ කර ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබූ වැඩිහිටි යුවළක්‌ අත්අඩංගුවට ගැනීමට එරෙහිව බොදු බල සේනාව හා ප්‍රදේශවාසීන් දහසකට අධික පිරිසක්‌ ඊයේ (15 වැනිදා) උදේ පිළියන්දල පොලිසිය ඉදිරිපිටදී විරෝධතාවක නියෑලුණහ.

මෙම විරෝධතාවය උණුqසුම් මුහුණුවරකින් පැවැතිනි.

මෙම විරෝධතාව හේතුවෙන් හොරණ – පිළියන්දල මාර්ගයේ දැඩි වාහන තදබදයක්‌ද පැවතුණි. මීට අමතරව පිළියන්දල නගරයේ සියලු කඩ සාප්පු වසා තිබෙනු දක්‌නට ලැබිණි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදුබල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඥනසිරි හිමියෝ මෙසේ පැවැසූහ.

“මේක ඇත්තටම අසාධාරණ ක්‍රියාවක්‌. දැන් බලන්න මේ බෞද්ධාගමට අගෞරව කරමින් බුදු පිළිම පොළේ ගසා ගිනි තැබූ පුද්ගලයා පිළියන්දල පොලිසිය විසින් නිදහස්‌ කරලා. මේ ගැන පැමිණිලි කළ දෙමාපියන් පොලිස්‌ කූඩුවේ දමලා. මේක නීති විරෝධී ක්‍රියාවක්‌. මේ පාස්‌ටර් විසින් අන්‍යාගමට හරවනු ලැබූ තම දරුවා බේරා ගැනීමට පොලිසියට ගිය දෙමාපියන් මෙසේ අත්අඩංගුවට ගැනීම අසාධාරණයි. මේ දෙමාපියන් නිදහස්‌ කරනතුරු අපි අඛන්ඩව මෙම විරෝධතාවය ගෙන යනවා. මේ රටේ බුද්ධාගම විනාශ වෙන්න අන්‍යාගමිකයන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි බුද්ධාගමට එරෙහිව නැගෙන ඕනෑම අභියෝගයකට එරෙහිව නැගී සිටින්න සූදානම්.

මෙම අවස්‌ථාවට බොදු බල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද, ආගමික නායකයන් ද, ප්‍රදේශවාසීන්ද, ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.