කතෝලික දෙමල්ලු ගෙන් කප්පම් ගත් හම්බයෝ එය නැතිකල, මන්නාරම ගිනි තබති.



මන්නාරම් පිටිවැල්ලේ
නීතිය අමු හෙළුවැල්ලේ

නියං සමයේ දාහයත් සමග උණුසුම් වී තිබෙන මන්නාරම හදිසියේම ගිනි ගත්තේය. කරවල වේළීමට පදමට අව්ව වැටී ඇති මන්නාරමේ උණුසුම් ගැටුමට දේශපාලනයෙන් අත් උදව් සැපයීමත් සමගම ඇතමෙකු රෝහලේය. තවත් අය බන්ධනාගාරයේය.

මන්නාරමේ හදිසියේම හටගත් ගැටුමට පෙරාතුව මන්නාරමේ මෙවැනි ගැටුමක්‌ නිර්මාණය වීමට හේතුව හා ඒ හා බැඳුණු පසුබිම මඳක්‌ විමසා බැලීම ඉතා වැදගත් වන්නේ මන්නාරමේ මේ ගැටුම් කිසිදිනක සාමකාමීව නොවිසඳෙන හෙයිනි.

මන්නාරමේ විඩත්තල්තිව් පළාතේ ධීවරයන්ට සිය රැකියාව 2002 දී අහිමි වූයේ විඩත්තල්තිව් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වූ අලුත් ආරක්‍ෂක වැඩ පිළිවෙළක්‌ නිසාවෙනි. එම පළාතේ සිටි ධීවරයෝ සිය ආම්පන්නද පොදි බැඳගෙන මන්නාරමේම උප්පුකුලම් ප්‍රදේශයේ පිහිටි කෝඳුරුපිටිය ගම්මානයට පැමිණියහ. කෝඳුරුපිටිය ගම්මානයද ධීවර ගම්මානයක්‌ වුවත් එහි බහුතරය වූයේ මුස්‌ලිම් ධීවරයෝය. විපතට පත්ව විඩත්තල්තිව් පළාතේ සිට මන්නාරමේ කෝඳුරුපිටිය ධීවර ගම්මානයට පැමිණි ආගන්තුක ධීවරයන්ට මුස්‌ලිම් ධීවරයෝ වාඩිලාගෙන මසුන් මැරීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දුන්නේය. නමුත් එය හුදෙක්‌ම මානුෂීයභාවය මත පදනම් වූවක්‌ නොව අල්ලනු ලබන මාළු ප්‍රමාණයෙන් සියයට ගණනක කොමිස්‌ මාළු ප්‍රමාණයක්‌ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට ලබාදීමේ පදනම මතය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම විඩත්තල්තිව් ධීවරයන්ගේ ආර්ථිකය කෝඳුරුපිටිය ගම්මානයේදී පෙරට වඩා ශක්‌තිමත් විණි. ඔවුන් මන්නාරමේ පිහිටි ධීවර සමිතිවලද සාමාජිකත්වය ලබාගෙන ධීවර කටයුතුවල නිරත වෙද්දී සියලුම ධීවරයන් සමාන බව ධීවර සමිති තීරණය කිරීමත් සමගම ධීවර සමිතිවලට හැර වෙනත් පිරිස්‌වලට කොමිස්‌ වශයෙන් මාළු සැපයීම අනවශ්‍ය බව ධීවර නීති රීතිවලට අනුව සම්මත විණි. කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට කොමිස්‌ මාළු නොලැබීමත් සමගම ඔවුහු විඩත්තල්තිව් සිට පැමිණි ධීවරයෝ පිටමං කිරීමට මුල්ම වෙඩිල්ල තැබූහ.

අසරණ වූ ධීවරයෝ ධීවර සමිතිවල පිහිට පැතීය. ධීවර සමිති සියල්ලම ඒකාබද්ධව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් සමග සමීප සම්බන්ධකමක්‌ ඇති නිසා විඩත්තල්තිව් ධීවරයෝ රදගුරු හිමිපාණෝ ද හමු වූහ. මන්නාරම දියඹෙන් මුහුදු යන සියලු ධීවරයෝ එක්‌ විධානයකින් නතර කිරීමට හැකි අදිසි බලයක්‌ හිමිකරගෙන සිටින රායප්පු ජෝෂප් හිමිපාණෝද මේ ධීවරයන්ට පිහිට විය. ඉතා සමගියෙන් ප්‍රශ්න ඇති කොට නොගෙන සිය වෘත්තියේ නියෑළෙන ලෙස උපදෙස්‌ ලබාදුන් රදගුරු හිමිපාණෝ මන්නාරමේ පරිපාලන හා ආරක්‍ෂක බලධාරීන් සමගද සාකච්ඡා කොට විඩත්තල්තිව් ධීවරයන්ට සහනයක්‌ උදාකොට දුන්හ. මුස්‌ලිම් ධීවරයෝද එදා එම තීරණය පිළිගෙන ගම්මානයක සිට ඉතා සාමකාමීව ධීවර කටයුතුවල නිරත වූහ.

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන් මන්නාරම රදගුරු හිමිපාණන් හා අමාත්‍යවරයා අතර දැඩි විරසක භාවයක්‌ ගොඩනැගුණි. ඒ මීට මාස දෙකකට පමණ ඉහතදීය. දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය ඉවත් කිරීමට බෞද්ධ භික්‍ෂුන් වහන්සේ කෙනෙක්‌ ඉදිරිපත් වන ආකාරයටම මන්නාරමේ මුස්‌ලිම් ජනතාවට එරෙහිව රදගුරු හිමිපාණෝ ක්‍රියාකරන්නේ යෑයි රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙන්ම තැන් තැන් වලද කියන්නට වූයේය.

මේ ආරංචිය මන්නාරමට පැමිණි සැණින් මන්නාරමේ ධීවරයෝද කිතුණු සංවිධානවලට අයත් පිරිස්‌ද මන්නාරමේ පෙළපාලි යමින් මීට මාස දෙකකට පමණ ඉහතදී රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ රිස්‌ස ඇරියේය. අමාත්‍යවරයාද මන්නාරමේ අයෙකු නිසා ඔහු මීට උරණ වී දේශපාලන වශයෙන් යම් යම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විණි. එදා පෙළපාලි යමින් රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහි වූ මුස්‌ලිම් මාධ්‍යවේදියෙකුට අමාත්‍යවරයාගේ ආධාරකරුවන් එදිනම පහරදුන් බවට පොලිසියේ පැමිණිල්ලක්‌ තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පක්‍ෂපාතී වූ පිරිස්‌ ඔහුට එරෙහිව ක්‍රියා කළ පිරිස්‌ වලට දඬුවම් දෙද්දී විඩත්තල්තිව් සිට පැමිණි අප කලින් සඳහන් කළ ධීවර පිරිසද තවත් මාතෘකාවක්‌ බවට පත්විණි. ඔවුනට එරෙහිව සටන් ඇරඹුණේද රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ දේශපාලනයෙන් ඊට සම්මාදම් ලැබුණේද එම ධීවරයෝ එවූ මන්නාරම රදගුරු හිමිපාණන්ට සහාය දැක්‌වීම පිණිස පෙළපාලි යැම නිසාවෙනි.

සෑම පැත්තකින්ම අසරණ වූ ධීවරයෝ අවසානයේදී අධිකරණයේ පිහිට පැතීය. අධිකරණය තීන්දු කළේ මාස තුනක කාලයක්‌ විඩත්තල්තිව් ධීවරයන්ට තවදුරටත් එහි රැඳී සිටීමට අවසර ලබාදිය යුතු අතර එම කාලය තුළ මේ ධීවරයන්ට මසුන් මැරීම සඳහා වෙනම ස්‌ථානයක්‌ සකස්‌ කොට දිය යුතු බවය. අධිකරණ නියෝගය අනුව අලුතින් තැනක්‌ සපායදීමේ වගකීම මන්නාරම දිසාපතිවරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට පවරා දී තිබුණි.

අධිකරණ නියෝගයට එරෙහිව වූ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයෝ මේ පිළිබඳව 13 වැනි සිකුරාදා මුස්‌ලිම් පල්ලියේ පැවැති යාඥ මෙහෙයෙන් පසුව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ. එහි ප්‍රතිඵලය වූයේ හදිසියේම කෝඳුරුපිටිය ගම්මානයට කඩා පැන විඩත්තල්තිව් ධීවරයන්ගේ ධීවර නිවාස කඩාදමා බෝට්‌ටු දැල් ආදී වූ ධීවර ආම්පන්නවලට අලාභ හානි සිදු කිරීමය. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වූ අවස්‌ථාවේදී ප්‍රචණ්‌ඩ ලෙස හැසුරුණු ධීවරයන් 16 දෙනකු (මුස්‌ලිම්) අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් පොලිසියට නියෝග ලැබිණි.

මෙම අධිකරණ නියෝගය පිළිබඳව කරුණු දැනගත් මන්නාරමේ ධීවරයෝ 18 වැනිදා මන්නාරම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටියේ අධිකරණ නියෝගය ඉවත්කොට මුස්‌ලිම් ධීවරයන් 16 දෙනා අත්අඩංගුවට ගැනීම වළක්‌වන ලෙසයි. මෙදින මන්නාරමට ගිය රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා මන්නාරම දිසා විනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් කතා කොට අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොකළහොත් මන්නාරම ගිනිගන්නා තත්ත්වය වැළැක්‌විය නොහැකි බවටද අමාත්‍යවරයා දිසා විනිසුරුවරයාට අනතුරු අඟවා තිබේ.

මන්නාරම දිසා විනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතා අධිකරණ නියෝගය වෙනස්‌ කළේ නැත. තමන්ට එල්ල වූ තර්ජනය ගැන විනිසුරුවරයා ඉහළට කරුණු ඉදිරිපත් කොට සිදුවන්නට යන්නේ කුමක්‌දැයි බලා සිටියේය. උද්ඝෝෂණකරුවෝ සිය උද්ඝෝෂණය උදැසනම ආරම්භ කළත් ඊට කිසිවකුගෙන් හෝ බාධාවක්‌ හෝ ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා ඔවුනට අව්වේ කරවීමට සිදුවීම හැර වෙනත් දෙයක්‌ සිදුනොවිණි. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ උදව්කරුවන් උද්ඝෝෂණකරුවන් අතරට පැමිණීමත් සමගම උද්ඝෝෂණය තීව්‍ර වූයේ අමාත්‍යවරයාගේ හයිය නිසාවෙනි. මේ අවස්‌ථාවේදී කරුණු පැහැදිළි කිරීමට දිසා විනිසුරුවරයා උද්ඝෝෂණකරුවන් හමුවීමට පොලිස්‌ ආරක්‍ෂාව මැද පැමිණීමට උත්සාහ කළත් උද්ඝෝෂණකරුවෝ ඊට ඉඩ නුදුන්හ. විනිසුරුවරයාගේ නම කියමින් එතුමාට අපහාස වන අන්දමට කෑකෝ ගැසූ උද්ඝෝෂණකරුවෝ අධිකරණය දෙසට පාරේ තිබූ ගල්කැබලි විසි කළහ. ඉන් තවමත් විවෘත නොවූ මන්නාරම මහාධිකරණ ශාලාවේ වීදුරු ජනෙල් කැඩී බිඳී ගියේය. පහර දෙන ගල් කැබලි පොලිස්‌ නිලධාරීන්ටද වැදුණි. කඳුලු ගෑස්‌ ගසමින් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්‌ථාවේදී මන්නාරම එකම යුද පිටියක්‌ බවට පත්විණි.

මන්නාරම පොලිස්‌ අධිකාරී ලක්‌සිරි විඡේසේන, මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක තුෂාර දලුවත්ත. සහායට ගොස්‌ සිටි වවුනියාව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා යන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරින් සමග තවත් කනිෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු මේ ප්‍රහාරවලින් තුවාල ලබා සිටියහ. උද්ඝෝෂණකරුවෝ 12 දෙනකු තුවාල ලැබුවද ඔවුන් අත්අඩංගුවට පත්වේයෑයි යන බියෙන් රෝහල්ගත නොවී වෙනත් ස්‌ථානවලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ සිද්ධීන්වලින් පසුව මන්නාරම අධිකරණයේ තවමත් විවෘත නොවූ මහාධිකරණ ගොඩනැඟිල්ලේ වීදුරු ජනෙල් කැඩීයැමට අමතරව නඩු බඩු ගබඩාව තුළ ගින්නක්‌ද ඇවිළී ගොස්‌ තිබේ. මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි…· විමසා තිබේ.

මේ සිද්ධීන් මාලාව මුල්කරගෙන මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌කවල සියලු අධිකරණවල නීතිඥවරු හා කාර්ය මණ්‌ඩලය අධිකරණවලින් ඉවත් වී උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වී සිටිති. ලබන 23 වැනිදා දක්‌වා අඛණ්‌ඩව පවත්වාගෙන යන මෙම උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමය තුළින් අධිකරණ නිලධාරීන් හා නීතිඥවරුන් ඉල්ලා සිටින්නේ අධිකරණ ක්‍ෂේත්‍රයට දේශපාලනයෙන් සිදුවන මෙම බලපෑම් වහාම නතර කරන ලෙසය. මන්නාරම දිසාවිනිසුරුවරයාට බලපෑම් කළ පිරිස ද අධිකරණයට අලාභහානි කළ පිරිස ද වහාම අත්අඩංගුවට ගන්නා මෙන් ද ඔවුහු ඉල්ලා සිටිති.

මන්නාරමෙන් ආරම්භ වුණු ගැටුම දිසා අධිකරණ ක්‍ෂේත්‍රය තුළ මුළු උතුරටම පැමිණ තිබේ. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ නම හංවඩු ගසමින් ඔහු කළ ක්‍රියාවන් උද්දීපනය කරමින් නීතිඥවරු මහමඟ පෙළපාලි යති. පළාත් දේශපාලනය හා පළාත් දේශපාලනඥයන් පළාත සංවර්ධනය කිරීම වෙනුවට තමන්ට අවශ්‍ය නොමැති කාර්යන්වල නියෑළීම නිසා ඉතා පහසුවෙන් විස¹ගැනීමට හැකි ප්‍රශ්න කෙසේවත් විස¹ගැනීමට නොහැකි අවුල් ජාලා බවට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ

http://www.divaina.com/2012/07/22/feature16.html

රටේ පුරාවස්‌තු ගිල්ල ලොකුම ඉතිහාසගත බහිරවයෝ, කුරුස යුද්ධ කාරයෝ


පුරාවස්‌තු කොල්ලයේ අතීතකතාව

වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්‍ර ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්‍යසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්‍යයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.

පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසය

මුලින්ම අප රට ආක්‍රමණය කළේ චෝල රජවරුන්ය. ශ්‍රී ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්‍රමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්‍රධාන චෝල ආක්‍රමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්‍රමණයයි. ක්‍රි.ව. 985 සිට ක්‍රි.ව. 1014 දක්‌වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස්‌ වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්‌තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්‍ර චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්‍ර චෝලගේ පාලන සමය ක්‍රි.ව. 1014 සිට ක්‍රි.ව. 1044 දක්‌වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්‍රමණය වුණි. මෙලෙස චෝල පාලනය ක්‍රි.ව. 1070 වන තෙක්‌ පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්‌සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්‍රමණිකයා අති මහත් විනාශයක්‌ කොට වස්‌තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්‍රි.ව. 1215 සිට ක්‍රි.ව. 1236 දක්‌වා පැවතිණි.

ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්‌තු කොල්ලය සිදු කළේ, ක්‍රි.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්‍රි.ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්‌තූපය විනාශ කොට එය පිහිටි ස්‌ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්‌තූපයෙහි තිබුණු වටිනා පුරා වස්‌තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්‌තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක්‌ කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි අගනුවර කෝට්‌ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්‌ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්‌ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්‌තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්‍ෂුන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්‍ෂිත ස්‌ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්‌ටේ සුනේත්‍රාදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්‌තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්‍ර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්‌කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්‌කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්‍රදේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්‌තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්‌, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්‌පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්‌, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක්‌ බවට හුවා දක්‌වමින් වර්තමානයේ පවා ප්‍රදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්‍රදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.

ක්‍රි.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්‍රිකුණාමලය නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ගෝකණ්‌ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්‍රි.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්‍ෂි දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික්‌ බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්‍රිකුණාමලයේ දිස්‌ වෙයි.

පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්‍රදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්‌තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට්‌ දූපතෙහි ඇති බෞද්ධ ස්‌තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක්‌ සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්‌තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට්‌ දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්‌තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්‍රදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්‌ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්‌වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක්‌ පමණක්‌ බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්‍රි.ව. 1658 සිට 1796 දක්‌වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්‌තු ආදියට සිදු වූ හානිය සාපේක්‍ෂ වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්‍රිතාන්‍යයෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්‍රී ලංකාවම යටත් කර ගත්හ. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්‍රකාරව බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ආරක්‍ෂා කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්‍රිතාන්‍යයෝ අපගේ බෞද්ධ සිද්ධස්‌ථාන සංරක්‍ෂණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්‌තු, සොරකම් කොට ඒවා බ්‍රිතාන්‍යයට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්‍රමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්‍රදානය කරන ලද සෙල්මුවා සන්නස්‌ද සූක්‍ෂම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්‍රිතාන්‍යයන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්‌තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු එවකට පුරා විද්‍යා කොමසාරිස්‌ වූ එස්‌. එම්. බරෝස්‌ (S. M. Burous) ගේ අධීක්‍ෂණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්‍යාඥයෙක්‌ නොවුණු අතර බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්‍රිතාන්‍යයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්‌තු සහ නිධන් වස්‌තු බ්‍රිතාන්‍යය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්‌ස්‌ (Ralph Backhaus) නම් වූ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්‍රී ලංකාවෙහි පුරා වස්‌තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්‍යා කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් හතරැස්‌ කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1887 දී අඩි 162 ක්‌ දිග උමගක්‌ ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක්‌ කඩා වැටී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පිරිසක්‌ එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු සහ සංරක්‍ෂණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක්‌ අනුරාධපුර රාජධානියෙහි පුරා වස්‌තු වලට බ්‍රිතාන්‍යයෝ කර තිබුණහ.

වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුය යන නීතිය ගෙන ආ බ්‍රිතාන්‍ය පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්‍රී මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස්‌ තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක්‌ නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක්‌ කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්‍රතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක්‌ නොතිබිණි. එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්‍රිතාන්‍යයෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක්‌ තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්‌තු සහ නිධන් වස්‌තු බ්‍රිතාන්‍යයට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක්‌ සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්‍රිතාන්‍යයෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා මෙම අවස්‌ථාවේදී නම් ඔහු බ්‍රිතාන්‍ය පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක්‌ නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්‌ථානාධිපතිව වැඩ සිටි ස්‌වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක්‌ ඉදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්‍රිතාන්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා බංගලාවක්‌ ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්‌ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්‌ම බ්‍රිතාන්‍යයන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්‍රිතාන්‍ය බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්‌ථාන යම් ප්‍රමාණයකට හෝ බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්‍ෂා විණි.

බ්‍රිතාන්‍යයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්‍රමණ සහ වසංගත රෝග නිසා ක්‍රමයෙන් ජනශුන්‍ය වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්‍යය නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලද්දේ ක්‍රි.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. රජු චෛත්‍යය ප්‍රතිසංස්‌කරණය කොට අතිවිශාල භූමි ප්‍රමාණයක්‌ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්‍රෝධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්‍යද, දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්‍රමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්‍රිතාන්‍යයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්‍රිතාන්‍ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්‍යයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්‍යට අයත් අති විශාල භූමි ප්‍රමාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට්‌ එකක්‌ සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙම චෛත්‍යයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක්‌ ගෙන ගිය ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ. බ්‍රිතාන්‍ය මහ රැජිණටත්, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු අක්‌කර 585 ක්‌ දීඝවාපී රජ මහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්‍රමාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්‍රමාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට්‌ එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්‍රදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්‍රිතාන්‍ය රජයට කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්‍රේෂ්ඨ වීර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද ගල් සන්නස ඇණිකට්‌ එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක්‌ සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්‍රානුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්‍යවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්‌කොට්‌ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්‌කොට්‌ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස්‌ (Sir William Wallace) ගේ හිස්‌ කබල සමඟ විද්‍යාත්මක පරීක්‍ෂණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්‌කබල බ්‍රිතාන්‍යයට රැගෙන ගියේය. විලියම් වොලස්‌, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්‍රීසි රජුගෙන් ස්‌කෝට්‌ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්‌කොට්‌ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස්‌ වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්‌තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්‍ෂිප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්‌ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.

වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්
පී. කේ. ඉශාන්ත ගුණතිලක

http://www.divaina.com/2012/06/17/nimna04.html