රනිල් පාප් වහන්සේ හමුවෙයි
ඉතාලියේ සංචාරයක නිරත එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02 දා) දින වතිකානු නුවරදී අති උතුම් 16 වැනි බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් බැහැදැක්‌කේය. මෙම වසරේ පාප්වහන්සේ බැහැදුටු ප්‍රථම ශ්‍රී ලාංකික නායකයා වනුයේ රනිල් වික්‍රමසිංහ මහතායි.
ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් ජෝශප් ස්‌පෙටේරි රදගුරුතුමන්ගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අනුග්‍රහය, අනුශාසනා හා මඟපෙන්වීම යටතේ ඉතාලියේ ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන්ගේ සම්බන්ධීකාරක නෙවිල් ජෝ පියතුමන් විසින් හා එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා විසින් මෙම බැහැදැකීම සම්බන්ධීකරණය කර ඇත.