ජේසුගේ නාමයෙන් පිළියන්දල පොලිස් බල්ලන්ට කටු කැවූ ඉවැන්ජලික අන්තවාදියෝ

 


පාස්‌ටර් මුදාහැර පිළියන්දල පොලිසිය
දෙමව්පියන් අත්අඩංගුවට අරන්
බොදු බල සේනා සංවිධානය පොලිසිය ඉදිරිපිට විරෝධතාවක

බුදු දහමට එරෙහි ඕනෑම
අභියෝගයකට එරෙහිව අප නැගී සිටිනවා

– ගලබොඩඅත්තේ ඥානසිරි හිමි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න රත්මලාන

බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අන්‍යාගමික කරනු ලැබූ පාස්‌ටර්වරයෙක්‌ පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව එම තැනැත්තා නිදහස්‌ කර ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබූ වැඩිහිටි යුවළක්‌ අත්අඩංගුවට ගැනීමට එරෙහිව බොදු බල සේනාව හා ප්‍රදේශවාසීන් දහසකට අධික පිරිසක්‌ ඊයේ (15 වැනිදා) උදේ පිළියන්දල පොලිසිය ඉදිරිපිටදී විරෝධතාවක නියෑලුණහ.

මෙම විරෝධතාවය උණුqසුම් මුහුණුවරකින් පැවැතිනි.

මෙම විරෝධතාව හේතුවෙන් හොරණ – පිළියන්දල මාර්ගයේ දැඩි වාහන තදබදයක්‌ද පැවතුණි. මීට අමතරව පිළියන්දල නගරයේ සියලු කඩ සාප්පු වසා තිබෙනු දක්‌නට ලැබිණි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදුබල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඥනසිරි හිමියෝ මෙසේ පැවැසූහ.

“මේක ඇත්තටම අසාධාරණ ක්‍රියාවක්‌. දැන් බලන්න මේ බෞද්ධාගමට අගෞරව කරමින් බුදු පිළිම පොළේ ගසා ගිනි තැබූ පුද්ගලයා පිළියන්දල පොලිසිය විසින් නිදහස්‌ කරලා. මේ ගැන පැමිණිලි කළ දෙමාපියන් පොලිස්‌ කූඩුවේ දමලා. මේක නීති විරෝධී ක්‍රියාවක්‌. මේ පාස්‌ටර් විසින් අන්‍යාගමට හරවනු ලැබූ තම දරුවා බේරා ගැනීමට පොලිසියට ගිය දෙමාපියන් මෙසේ අත්අඩංගුවට ගැනීම අසාධාරණයි. මේ දෙමාපියන් නිදහස්‌ කරනතුරු අපි අඛන්ඩව මෙම විරෝධතාවය ගෙන යනවා. මේ රටේ බුද්ධාගම විනාශ වෙන්න අන්‍යාගමිකයන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි බුද්ධාගමට එරෙහිව නැගෙන ඕනෑම අභියෝගයකට එරෙහිව නැගී සිටින්න සූදානම්.

මෙම අවස්‌ථාවට බොදු බල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද, ආගමික නායකයන් ද, ප්‍රදේශවාසීන්ද, ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

Jesus Fucking Christ – ජේසුගේ නාමයෙන් හුකන ලංකා ඉවැන්ජලිකයෝ

 


යක්‌ෂයන් පලවා හැරීමට යෑයි කියා
බුද්ධ පිළිම පොළොවේ ගසමින්
බෞද්ධයන් අන්‍යාගමට හරවන
ඉවැන්ජලිකල් කල්ලියක්‌ කොටුවෙති

චතුර පමුණුව

බෞද්ධයන් අන්‍යාගමට හරවා යක්‌ෂයා පලවා හැරීම වෙනුවෙන් බුදු පිළිම පොළොවේ ගසන මූලධර්මවාදී ක්‍රිස්‌තියානි කල්ලියක්‌ කොටුකර ගැනීමට බොදුබල සේනා සංවිධානයට හැකිව තිබේ.

පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ නිවසකදී මෙම කණ්‌ඩායම බොදු බල සේනා සංවිධානය විසින් කොටු කර ගෙන දෙහිවල පොලිසියට භාරදී ඇත.

නැදිමාල ප්‍රදේශයේ තරුණයකු මීට මාස කිහිපයකට පෙර අන්‍යාගමික තරුණියක්‌ හා විවාහ වී තිබේ. මෙම තරුණිය නිතරම කෑ ගසමින් කෝලාහල කිරීම නිසා එම තරුණයා සිය බිරිය අතහැර පැමිණ ඇත.

කෙසේ නමුත් දෙදෙනා නැවත සමාදාන වී එක්‌ව වසද්දී ගෙදරට පැමිණි පාස්‌ටර්වරයෙක්‌ මේ තරුණියට යක්‌ෂයෙක්‌ වැසී ඇති බවත් එම යක්‌ෂයා පලවා හැරීම සඳහා නිවසේ බුදු පිළිම පොළොවේ ගැසිය යුතු බවත් ප්‍රකාශ කර ඇත. මෙම පාස්‌ටර්වරයා බෞද්ධ තරුණයාවත් මූලධර්මවාදී ආගමට හරවාගෙන ඔහු ලවාම මේ පිළිම පොළොවේ ගසා ඇත.

මේ තරුණයාගේ විපර්යාසය ඔහුගේ දෙමාපියන්ට දැනගන්නට ලැබී මේ ගැන බොදු බල සේනා සංවිධානයට දන්වා ඇත. ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ Æණසාර හිsමියන් ඇතුළු බොදු බල සේනා සාමාජිකයෝ මෙම මූලධර්මවාදී කල්ලිය කොටුකර ගෙන ඇත.

බොදු බල සේනා සාමාජිකයන් හමුවේ පාපොච්චාරණය කර ඇති මේ පාස්‌ටර්වරයා පවසා ඇත්තේ තමන්ට බෞද්ධ තරුණ තරුණියන් අන්‍යාගමට හරවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා විදේශ ආයතනයකින් මුදල් ලැබෙන බවයි. “ද නේම් ඔµa ලොර්ඩ් ජීසස්‌” නම් ඉවැන්ජලිකල් කල්ලිය මගින් මේ පිරිස්‌ මෙහෙයවන බව බොදු බල සේනා සංවිධානය කියයි.

මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ පාස්‌ටර්වරයා මෙරට විද්යුත් මාධ්‍ය ජාලයක සේවය කරන අයෙක්‌ බවද හෙළි වී ඇත.

මෙම සිද්ධිය ගැන “දිවයින” සමග අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ Æණසර හිsමියෝ මෙසේ පැවසූහ.

ඉවැන්ජලිකල් කල්ලි නිසා අසාර්ථක වූ පවුල් 500 ක්‌ පමණ අපේ සංවිධානය මගින් හඳුනාගෙන තියෙනවා. මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගන්න අපි කටයුතු කරනවා. බුදු පිළිම කඩන මේ ඉවැන්ජලිකල් කල්ලියේ ප්‍රධානියා වන 27 හැවිරිදි දිනේෂ් නමැති තැනැත්තා උපතින් හින්දු අයෙක්‌. පසුව ඉවැන්ජලිකල් ආගමට හැරිලා දේව ගැතිවරයෙක්‌ වෙලා තියෙනවා. මීට පෙරත් අපි, මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පෙනී සිටි පාස්‌ටර්වරුන් 18 දෙනෙක්‌ අල්ලා ගත්තා. මේ වැරදිකරුවන්ට එරෙහිව අපි ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා.

 

http://www.divaina.com/2012/10/15/news22.html