පුහුණු ගුරුවරුන් සිටියදී
ඉංග්‍රීසි ඉගැන්වීම එන්ජීඕ එකකට!
පුහුණු ඉංග්‍රීසි ගුරුවරුන් සිටියදී පාසල් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ කාර්යය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයකට පවරනු ලැබ ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහලෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර පාසල්වල දරුවන්ද ඉංග්‍රීසි ඉගැන්වීම් කටයුතු සඳහා යොදවන බවටද තොරතුරු ලැබී තිබේ.
අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය නොවන සංවිධානය ව්‍යාපෘතිය භාරගෙන ඇතැයිද ව්‍යාපෘතියේ සියලු ගෙවීම් ආසියානු සංවර්ධන බැංකු ආධාර මගින් පියවන බවද ඉහත ආරංචිමාර්ග කීවේය. මේ යටතේ එක් ළමයකු වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් දසදහසක පමණ මුදලක් ගෙවන බවද පැවසේ.
ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන් සිටියදී රාජ්‍ය නොවන සංවිධාන මගින් පාසල් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ අවශ්‍යතාව කුමක්‌දැයි අමාත්‍යාංශයේම නිලධාරීහු ප්‍රශ්න කරති.