තිස්ස මස් කඩේ දොර යළි ඇරේ කලින් සිටි ළමයින් ආපසු ගෙන්වා ගනී
තුෂාරී කළුබෝවිල, කේ. ඩී. දේවප්‍රිය – කතරගම
සත්ත්ව ඝාතන සඳහා දරුවන් යොදාගත් බවට ලැබුqණු චෝදනා මත වසා දමන ලද තිස්සමහාරාම බෝගහපැලැස්ස අගාපේ ළමා නිවාසයේදී යළිත් දරුවන් යොදවමින් සත්ත්ව ඝාතන හා ළමා හිංසන සිදු වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.
ඒ අනුව වහාම ඒ පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් යෙදවූ බව එම අධිකාරිය පවසයි.
මෙම වසරේ මාර්තු මාසයේදී අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අධිකරණ නියෝග මත වැටලීම් සිදුකර අධිකාරිය භාරයට පවරාගත් දරුවන් අතර සිටි දරුවන් 9 දෙනකු ද නැවතත් මෙම ළමා නිවාසයේ සිටින බවට අධිකාරියට තොරතුරු ලැබී තිබේ.
අධිකරණ නියෝග මත එම ළමා නිවාසයේ සිටි දරුවන් 90 දෙනකු අධිකාරිය භාරයට ගත් බවත් පසුව එම දරුවන් දෙමවුපිය, භාරකරුවන් සිටින දරුවන් බව තහවුරු වීමෙන් අනතුරුව එම දෙමවුපිය භාරකරුවන් ගෙන්වා අධිකරණ නියෝග ලබාගනිමින් දරුවන් ඔවුන්ට භාරදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියා කරන ලදී.
ඉන්පසුව දෙමවුපිය භාරයේ සිටින දරුවන්, එම දෙමවුපිය භාරකරුවන්ගේ අනුදැනුම හා පෙළඹවීම මත යළිත් ළමා නිවාසයට ගෙන්වාගෙන සිටින බවත් එම දරුවන් හා තවත් දරුවන් දේව මෙහෙයුම් සඳහා යෑයි ගෙන්වා ගනිමින් දහවල් කාලයේ සත්ත්ව ඝාතන සඳහා යොදවා ගන්නා බවත් අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් “දිවයින” කළ විමසීමකදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ බලධාරියෙක් වහාම ඒ පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කර ඇති බව පැවසීය.
මෙම ළමා නිවාසයේ දරුවන්ට හිංසා සිදුවීම, ගැහැනු දරුවන් ගැබ් ගැනීම වැනි දැ දැනගැනීමත් සමඟ මෙය වසා දමන ලෙසට ප්‍රදේශවාසීන් 2004 වසරේදී ඒ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
පසුව 2013 දී හෙළිදරව් වූයේ ළමා නිවාසයට සමගාමීව වසර 8 ක් තිස්සේ සත්ත්ව ඝාතකාගාරයක් මෙහි පවත්වාගෙන යන බව ය.
ගබ්සා කිරීම්වලට යොමු වූ ගැහැනු දරුවන් 9 දෙනකු පිළිබඳව ද මෙම ළමා නිවාසයෙන් වාර්තා වී තිබිණි.
රාජ්‍ය ආයතනයක මාසික වැටුපක් ලබන මවුපියවරුන්ගේ දරුවන් ද මෙම නිවසේ සිටින බව හෙළිදරව් වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මේ සිද්ධිය පිළිබඳ සොයාබලන මාධ්‍යවේදීන්ට ද මරණ තර්ජන, අපහාස කිරීම්, බොරු පැමිණිලි ආදිය සිදුකරන බව ද වාර්තා වේ.