302 ක් ජීවිත බිලිගත් කොරියානු සිවොල් නෞකා ඛේදවාචකය පිටුපස එවැන්ජිකල් බැප්ටිස්ට් පල්ලිය

ටොන් 987 ක බඩු ගෙන යා හැකි සිවොල් නැවේ
ටොන් 3608 ක භාණ්‌ඩ පටවා තිබුණා
අයිතිකරු දූෂණ ක්‍රියා ගැන සිව් වසරක්‌ සිරගතව සිටියා
– පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වෙයි

විපතට පත් සිවොල් නැවේ හිමිකරු යු බියුන් ඉයුන්ගේ නිවස වැටලූ දකුණු කොරියානු පොලිසිය එකී නැවට සම්බන්ධ ලියවිලි රැසක්‌ සොයාගෙන ඇත.

මෙම ලියවිලිවලින් හෙළි වූයේ නැවේ ගමන් කල හැකි සංඛ්‍යාවට වඩා තුන් ගුණයක්‌ එහි ගමන් කර ඇති බවයි.

යූ බියුත් ඉයුන් නමැති මෙ සිවොල් නැවේ හිමිකරුගේ සියොන්ගේජින් මැරයින් සමාගමට අරමුදල් සපයා ඇත්තේ එවැන්ජිකල් බැප්ටිස්‌ට්‌ පල්ලියයි.

සිවොල් නැවේ ටොන් 3608 ක බඩු පටවා තිබූ අතර එහි ගෙන යැමට නියමිත බර ටොන් 987 ක්‌ යෑයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

නැවේ සුක්‌කානම ඇතුළත් පද්ධතිය පවා අලුත්වැඩියා කර නැතැයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දකුණු කොරියානු පොලිසිය බැප්ටිස්‌ට්‌ පල්ලියේ කාර්යාලය ද වටලා තිබේ.

සිවොල් නැව් හිමිකරුවා වංචනික ක්‍රියා සම්බන්ධ සිව් වසරක්‌ සිරදඬුවම් විඳි අයකු යෑයි ද හෙළි වී ඇත.

 

http://www.divaina.com/2014/04/26/forign01.html