වංචනිකව ළමයි විකුණන් කෑ තිස්ස නිවාස අපචාරය


“තිස්‌ස ළමා නිවාසයේ දරුවන්ගෙන් 90%කටම දෙමාපියන් ඉන්නවා”
තුෂාරී කළුබෝවිල
සත්ත්ව ඝාතන සඳහා දරුවන් යොදා ගත් බවට පසුගිය කාලයේ ආන්දොaලනයකට තුඩු දුන් තිස්‌සමහාරාම බෝගහපැළැස්‌ස ළමා නිවාසයේ සිටි දරුවන්ගෙන් සියයට අනූවකටම දෙමව්පියන් සිටින බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් තහවුරු කරගෙන තිබේ.
විවිධ උපක්‍රම යොදමින් එම දරුවන් ළමා නිවාසයට යොමු කරවාගෙන තිබූ බවත්, පාලකයින් විසින් එම දරුවන්ට නොයෙකුත් හිරිහැර සිදු කර තිබූ බවත් අධිකාරිය මගින් තහවුරු කරගනු ලැබීය.
අධිකරණයේ නියෝග මත ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය භාරයට ගැනීමෙන් පසු එම දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර හා මනෝ උපදේශන ප්‍රතිකාර ලබාදී තිබිණි.
දෙමව්පියන් හඳුනා ගැනීමෙන් අනතුරුව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පසුගියදා එම දරුවන් දෙමව්පියන් වෙත භාර දුන්නේය.

http://www.divaina.com/2013/07/20/news10.html

දරුවන් අන්තවාදී ම්ලේච්ඡයන්ගෙන් බේරා ගැනීමට තිස්‌සමහාරාම මාගම ළමා ආරක්‌ෂක පදනම ඉදිරිපත් වෙයි


පිට පළාත්වලින් අනාථ දරුවන් රැගෙන විත්
ළමා නිවාස නමින් නොයෙක්‌ ව්‍යාපාර සිදු කෙරෙනවා

දේවාලේගම ධම්මසේන නාහිමි

කතරගම – කේ. ඩී. දේවප්‍රිය – තිස්‌සමහාරාම ඒ. ඒ. ප්‍රේමසිරි, කුසුම් ප්‍රියන්ත

තිස්‌සමහාරාමය යනු මුළු රටටම බත සැපයිය හැකි ගමක්‌. තිස්‌සමහාරාමයේ විහාරස්‌ථානවලටත් මාගම්පුරේ ජනයාටත් දරුවන්ටත් අපිට කන්න දෙන්න පුළුවන්. ඒ නිසා බෝගහපැළැස්‌සේ ළමා නිවාසයේ දරුවන්ට රැකවරණය දී අධ්‍යාපනය ලබාදීමට හැකි බව තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති, හම්බන්තොට මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, තිස්‌සමහාරාම සදගිරිය උභය විහාරාධිපති, ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ තිස්‌සමහාරාම මාගම ළමා ආරක්‌ෂක පදනම පිහිටුවා අදාළ ළමා නිවාසයේ දරුවන් වසර කීපයක සිට විඳින පීඩාවලින් මුදවා ගැනීමේ වැඩසටහනක්‌ දියත් කිරීම සඳහා තිස්‌සමහාරාම රාජ මහා විහාරස්‌ථානයේ පැවැති විශේෂ රැස්‌වීම අමතමින්ය. මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විහාරාධිපති දේවාලේගම ධම්මසේන හිමියන් පැවැසුවේ තිස්‌සමහාරාමයේ ගැටලු විස¹ ගැනීමට විහාරස්‌ථාන හිමිවරුන්ටත් මාගම ජනයාටත් හැකියි. වෙනත් සංවිධාන සංගම් නාවට කමක්‌ නෑ. මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ද පැමිණිලි කරනවා. තිස්‌සමහාරාමය කතරගම යන පූජනීය ස්‌ථානවලට එන බැතිමතුන් ඉලක්‌ක කර පිට පළාත්වලින් අනාථ දරුවන් රැගෙන විත් ව්‍යාපාරයක්‌ ලෙස මෙවැනි ළමා නිවාස පවත්වාගෙන යනවා. මේවායින් දරුවන්ට මානව දයාව කරුණාව පුරුදු කරනවා වෙනුවට ළමුන් කෲරත්වයට පත්කිරීම පමණක්‌ සිදුකරමින් සත්ව හිංසා කිරීම වැනි දූෂණ ක්‍රියා සිදුකිරීමත්, ගැහැනු දරුවන් අපයෝජනයට ලක්‌ කිරීමත් සිදුවෙමින් පවතිනවා. මෙම ළමා නිවාස පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බව ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පැවැසූහ.

දේශබන්දු ජනරංජන ප්‍රියරත්න බණ්‌ඩාර නීතිඥ මහතා පැවසුවේ රටක අනාගතය දරුවා. ළමා නිවාසයේ හෝ කොතනක හැදුනත් දරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීම සිදු නොකළ යුතුයි. ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය, පරිවාස ආයතන තම යුතුකම් මගහැරලා තියෙනවා. මේ නොදරුවන් ලවා ඝාතන සිදු කිරීම තුළින් මේ අය සමාජයට දමන්නේ අපරාධකරුවන්. ඒ නිසා අපි මෙවැනි ළමා නිවාස තුළ සිදු කරන අපරාධ පිළිබඳව වගකිවයුතු අයගේ අවධානය යොමු කිරීමට ඉදිරියේදි කටයුතු සිදුකරනවා. මෙම විශේෂ අවස්‌ථාවට, ජනමාධ්‍යවේදීන්, තිස්‌සමහාරාම ප්‍රදේශයේ විහාරස්‌ථාන රැසක හිමිවරුන්, නීතිඥයින්, ව්‍යාපාරිකයන්, ශාසන ආරක්‌ෂක බලමණ්‌ඩලයේ සාමාජික මහතුන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

http://www.divaina.com/2013/04/01/news16.html

ආගම් ප්‍රචාරක ළමා නිවාස දරුවන් රැකීමටද වැනසීමටද?

ළමා නිවාස රැසක දරුවන් දැඩි මානසික පසුබෑමක

තුෂාරී කළුබෝවිල

ශ්‍රී ලංකාවේ ළමා නිවාස බොහෝමයක සිටින දරුවන් දැඩි මානසික වියවුල් තත්ත්වයකින් පසුවන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී හෙළිවී ඇත. ළමා නිවාසවල දරුවන්ට අත්විඳීමට සිදුවන තාඩන පීඩන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි ඔස්‌සේ සිදු කළ සමීක්‍ෂණවලින් මෙම කරුණු අනාවරණය වූ බව අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසුවාය. සත්ත්ව ඝාතනය සඳහා දරුවන් යොදා ගැනුණු බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ දරුවන්ට මේ දිනවල ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ මෙහෙයවීමෙන් මනෝ උපදේශන වැඩසටහන් පවත්වන අතර එම දරුවන් ද බරපතල ලෙස මානසික පීඩනයන්ට ගොදුරු වී සිටි බවට තහවුරු වී උපදේශන වැඩසටහන්වලදී හෙළිදරව් වෙමින් තිබේ.

 

http://www.divaina.com/2013/04/28/news13.html

දෙමව්පියන් සහිත ළමයි වංචනිකව අනාථයන් සේ හුවා පා සැප වින්ද තිස්ස පාස්ටර්


තිස්‌ස නිවසෙන් ළමාරක්‍ෂක අධිකාරියට
භාර දුන් දරුවෝ අද උසාවිය හමුවට

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

තිස්‌සමහාරාම ළමා නිවාසයේ සිට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත අධිකරණයෙන් භාරදුන් දරුවන් 38 දෙනෙකු අද (22දා) තිස්‌සමහාරාම අධිකරණය වෙත යොමු කිරීමට නියමිතය.

මෙම දරුවන් සිය දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

මෙම දරුවන් අතරින් වැඩි පිරිසකට දෙමාපියන් සිටින බවත් ළමා නිවාසයක සිටිය යුත්තේ දෙමාපියන් නොමැති අසරණ දරුවන් වූවත් මෙම ළමා නිවාසයේ වැඩිපුර සිට ඇත්තේ දුෂ්කර ගම්මානවල දුප්පත් දරුවන් බවත් අනාවරණය වී ඇතැයි අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මෙහි භාරකාරත්වය දැරූ පාස්‌ටර්වරයා දරුවන් වෙනුවෙන් නිසිඅයුරින් ආධාර ලබා ගනිමින්, දරුවන් වෙනුවෙන් ළමා නිවාසයට ලබාදුන් බස්‌රථ, ජීප්රථ ඇතුළු රථ වාහන සිය පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදවා ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම ළමා නිවාසයේ දරුවන් සඳහා විවිධ පරිත්‍යාගශීලීන් විසින් මාසිකව බැංකු ගිණුම්වලට මුදල් ලබාදෙන අතර පාස්‌ටර්වරයා විවිධ නම් යොදා බැංකු ගිණුම් හතරක්‌ තිස්‌සමහාරාම හා කතරගම ප්‍රදේශයේ ගනුදෙනු සඳහා යොදවා ඇතැයිද පැමිණිලි ලැබී තිබේ.

දුප්පත් පවුල් ඉලක්‌ක කර ආගමට හැරවීම සඳහා ළමුන් යොදා ගැනීම මෙම පාස්‌ටර්වරයා විසින් සිදුකරන අතර මෙම ළමා නිවාසයේ ආදායම් පිළිබඳව හා දරුවන් වෙනුවෙන් ලැබෙන මුදල් පිළිබඳව ආදායම් දෙපාර්තමේන්තුව හෝ වගකිවයුත්තන්ගේ අවධානය වහාම යොමු කළයුතු බවටද ප්‍රදේශවාසීහු කියා සිටිති.

http://www.divaina.com/2013/04/22/news14.html

තිස්‌ස ළමා නිවාසය හරහා රෙදි ගැලවුන කතෝලික අන්තවාදය අපූරුයි නේද?

මෙම පුවත කතෝලික අන්තවාදීන් මේ පින්බිම තුල විඳින වල් බූරු නිදහස කදිමට විදහා පානවා නොවේද? අපගේ ප්‍රවර්ග වලට අලුතින් එකතු වූ පහත සියල්ල එක පුවතකින්ම වීම කට නම් අදහා ගත හැකිද? කටුක සත්‍ය එයයි. පාහර කතෝලික අන්තවාදයට රට බාර දෙනවාද? නැතිනම් අපේ සිංහල බොදු දරුවන් අළුගෝසුවන් කරන මේ පාහර හැත්ත මුගුරෙන් පහරදී ස්වර්ගස්ථ කරනවාද? තීරණය ඔබ අතේයි.

කතෝලික අන්තවාදී ක්‍රියා
– 18ට වැඩි ගැහැණු දරුවන් ළමා නිවාසයේ තබා ගැනීම
– අපරාධ කරවා ළමුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්කිරීම
– ළමාරක්ෂක අධිකාරියට බාධා කිරීම
– වැඩිහිටි දරුවන් රටේ නීතියට එරෙහිව ප්‍රකෝපකාරී කිරීම
– අසභ්‍ය වචන ළමුන් හරහා වැපිරීම
– තමන් විසින් අන්‍යාගමට හරවාගත් වසලයන් විරෝධතා වලට යොමු කරවීම
– නීතියට එරෙහිව කලහකාරී තත්ත්ව නිර්මාණය කිරීම
– පොලීසිය කැඳවීමට සිදුවන තෙක් මෙල්ල නොවීම


කැමරා දකිද්දී දිවයති
ළමා නිවාසයෙත් ගාලගෝට්‌ටියක්‌
තිස්‌ස ළමා නිවාසයේ දරුවෝ
උණුසුම මැදින් ළමා අධිකාරියේ

තුෂාරී කළුබෝවිල, දෙබරවැව – ඒ. ඒ. ප්‍රේමසිරි, කතරගම – කේ. ඩී. දේවප්‍රිය,
රංජිත් විමලසිරි – වැල්ලම්පිටිය

සත්ත්ව ඝාතනය සඳහා දරුවන් යොදා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ සිටි දරුවෝ 76 දෙනෙක්‌ කොළඹ පිහිටි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත අධිකරණ නියෝග මත ඊයේ (5 වැනිදා) රැගෙන එනු ලැබූහ.

එම දරුවන් අතර ගැහැනු දරුවන් පනස්‌දෙනෙකු සහ පිරිමි දරුවන් විසිහතර දෙනකු සිටි අතර එයින් එක්‌ ගැහැනු දරුවකු වයස අවුරුදු 19 ක අයෙකි.

මෙම දරුවන් අධිකාරියට ගෙන්වූ සිද්ධිය වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් බොහෝදෙනෙකු එම ස්‌ථානයට ගොස්‌ සිටි නමුත් මාධ්‍යවේදීන්ගේ කැමරා දැකීමෙන් මහත්සේ කලබලයට පත්වූ දරුවෝ මුහුණු වසාගෙන ඒ මේ අත දුවන්නට වූහ.

උද්ගතවූ තත්ත්වය සමනය කිරීම සඳහා කැමරා අතැතිව සිටි මාධ්‍යවේදීන් දරුවන් සිටි ස්‌ථානයෙන් ඉවත් කිරීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට සිදු විය.

එසේ කලබල වීමට හේතුව කුමක්‌දැයි පසුව එම දරුවන්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ එක්‌තරා රූපවාහිනි නාලිකාවකින් එම දරුවන්ගෙ මුහුණද ආවරණය නොකර මුළු රටම සත්ත්ව ඝාතනයට යොදවා ගත් ළමා නිවාසයේ දරුවන් යෑයි කියමින් පෙන්වූ නිසා එය දැකීමෙන් ඔවුන් බියටත් ලැඡ්ජාවටත් පත්වූ බවය.

මෙම දරුවන් වෙනුවෙන් ඊයේ අධිකාරියේ මනෝ උපදේශකවරුන් යොදවා ගනිමින් මානසික සහන වැඩසටහනක්‌ පැවැත්වූ අතර පසුව ඔවුන්ව වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණි.

කෙස්‌ වෙතත්, ළමයින් අධිකරණ නියෝග මත ළමා ආරක්‍ෂක අධිකාරි භාරයට ගැනීමට ගිය අවස්‌ථාවේ ළමා නිවාස පාලකයන් ඊට විරෝධතාව දැක්‌වීම නිසා එහි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇති විය.

එහි ගිය නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කරමින් පාලකයන් විසින් වැඩිහිටි දරුවන් ප්‍රකෝපකාරී කිරීම නිසා ළමා නිවාසයේ දරුවන් පිටතට ගැනීමට නිලධාරින්ට පැය තුනක පමණ කාලයක්‌ ගත විය.

ළමා නිවාසයේ පාලකයා වූ පාස්‌ටර් විසින් ළමා නිවාසයෙහි කොටසක පවත්වාගෙන යනු ලබන සත්ව ගොවිපළෙහි ඌරන් මැරීම එහි ළමුන් හරහා සිදු කරනු ලැබීය.

එහෙත් ළමා නිවාසයේ හිටපු පාලකයා සහ පරිවාස සහ ළමාරක්‍ෂක කොමසාරිස්‌වරිය විසින් පත් කරන ලද පාලකයෝ ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට බාධාකරමින් ළමා නිවාසයේ දරුවන්ද ප්‍රපෝකාරී කරන්නට වූහ.

මේ අනුව එම ඇතැම් දරුවන් ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින්නට ද විය.

මේ අතර ළමා නිවාසයේ පාලකයන් විසින් මීට පෙර අන්‍යාගමට හරවා ගත් පිරිසක්‌ද එම මොහොතේ ඒ ස්‌ථානයට ගෙන්වා ගෙන කලහකාරී තත්ත්වයක්‌ නිර්මාණය කිරීමටද උත්සාහ ගෙන ඇත.

එහෙත් ළමාරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් එම පිරිස දැනුවත් කර අධිකරණ නියෝග මත එම දරුවන් රැගෙන යන බවත් ඊට එරෙහි වුවහොත් ඔවුන් සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් දැන්වීමෙන් පසු තත්ත්වය සමථයකට පත්විණි.

මෙම කලහකාරී තත්ත්වය හමුවේ විශාල පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද එම ස්‌ථානයට රැගෙන ඒමට ළමා ආරක්‍ෂක අධිකාරියට සිදු විය.

http://www.divaina.com/2013/04/06/news08.html

කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බලු, ඉඳුමිණි ලියනගේ ගේ නිදහසට කරුණු හොඳයිද?


තිස්‌ස නිවසේ භාරකාරත්වයෙන්
පාස්‌ටර්ගේ නැගණිය ඉවතට

තුෂාරී කළුබෝවිල, ලලිත් චාමින්ද – ගාල්ල – එස්‌. කේ. කළුආරච්චි

දකුණ පළාත් පරිවාස කොමසාරිස්‌වරිය විසින් තිස්‌සමහාරාම බෝගහපැළැස්‌ස ළමා නිවාසයේ භාරකාරත්වය පෙරේදා (03 වැනිදා) පාස්‌ටර්වරයාගේම නැගණියට පවරනු ලැබූවද ජනතා උද්ඝෝෂණ හේතුවෙන් ඊයේ (04 වැනිදා) යළි එම භාරකාරත්වයෙන් ඉවත් කිරීමට කොමසාරිස්‌වරිය පියවර ගත්තාය.

මෙම දරුවන් සත්ත්ව ඝාතනයට යොදා ගත් බවට චෝදනා ලැබූ පාස්‌ටර්ගේ නැගණියට පැවරුවේ මන්දැයි zදිවයිනZ කළ විමසීමකදී දකුණු පළාත් පරිවාස හා ළමාරක්‍ෂක කොමසාරිස්‌ ඉඳුමිණි ලියනගේ මහත්මිය පැවසුවේ ඇය එම පාස්‌ටර්ගේ නැගණිය බව තමා නොදැන මෙම පැවරීම කළ බවයි.

එම ළමා නිවාසයේ දැනට සිටින දරුවන් හැත්තෑදෙනා එම ළමා නිවාසයෙන් ඉවත් කර ගැනීම සඳහා ඊයේ (04 වැනිදා) තිස්‌සමහාරාම අධිකරණයට මෝසමක්‌ ඉදිරිපත් කළ බැව් දකුණු පළාත් පරිවාස කොමසාරිස්‌ ඉඳුමිණි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

දකුණ පළාත් ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙසේද කීවාය.

දෙපාර්තමේන්තු පටිපාටියට අනුව තමයි මෙම සිද්ධියෙන් පසු මෙම ළමා නිවාසයේ පාලන මණ්‌ඩලයට දෙදෙනකු පත් කළේ. ඒ අනුව ආනන්ද පියතුමා හා ලාලනී ජයසිංහ යන අය පත් කළා. ළමා නිවාසයේ පාලකවරයාගේ ඥාතීත්වය ගැන සැලකිලිමත් වුණේ නැහැ. ළමුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් තාවකාලිකව තමයි මේ කටයුත්ත කළේ. සත්ත්ව ඝාතන සඳහා යොදාගත් දරුවන් දහදෙනා එම ළමා නිවාසයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. දැනට එම ළමුන් හික්‌කඩුව සහතික කළ පාසලට යොමු කොට තිබෙනවා.

ඉතිරි ළමුන් හැත්තෑදෙනා ළමා නිවාසයෙන් ඉවත්කර ගැනීම සඳහා තමයි අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට කටයුතු කරන්නේ. ඒ සඳහා මෝසමක්‌ අධිකරණයට ඉදිරිපත් කළා. එම ළමුන් රජයේ ළමා නිවාසවලට ඇතුළත් කිරීමට කටයුතු කරනවා.

මෙම අවස්‌ථාවට දකුණ පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්‌මුල්ල. දකුණ පළාත් පරිවාස සහ ළමාරක්‍ෂක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අලහකෝන්, ආණ්‌ඩුකාර ලේකම් ලාල් සමරසේකර යන මහත්වරු ද එක්‌ව සිටියහ.

 

http://www.divaina.com/2013/04/05/news08.html

පාපතර පාස්ටර්ගෙ මස්කඩ කෙරුවාව


ළමයින් ලවා සතුන් මරන්නේ
නියම ඝාතකයා නැති දිනවලදී

පොලිස්‌ පරීක්‍ෂණවලින් සොයා ගනී

හේමන්ත රන්දුණු

තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ පවත්වාගෙන යන සත්ත්ව ගොවිපළේ ඌරන්, කුකුළන් මරා මස්‌ කිරීමට නියමිත ඝාතකයා සේවයට නොපැමිණෙන දිනවලදී එම කාර්ය සඳහා ළමා නිවාසයේ තරුණ පිරිමි ළමයින් යොදවා ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව සත්ත්ව ගොවිපළේ කෙරෙන බොහෝ කටයුතු සඳහා ළමා නිවාසයේ දරුවන් යොදවන බවද හෙළිදරව් වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණ සඳහා ළමාරක්‍ෂක අධිකාරියේද විශේෂ කණ්‌ඩායමක්‌ තිස්‌සමහාරාමයට ගොස්‌ සිටිති.

පරීක්‍ෂණවලදී හෙළිවී ඇති අන්දමට මෙම සත්ත්ව ගොවිපළ ළමා නිවාසය පවත්වාගෙන යන පාස්‌ටර්වරයා විසින් පවත්වාගෙන යයි. එහි සුනාමියෙන් අවතැන්වූ දරුවන් මෙන්ම විවිධ හේතූන් නිසා අසරණ වූ දරුවෝ 89 දෙනෙක්‌ රඳවා සිටිති.

සත්ත්ව ඝාතනය වැනි කෲර ක්‍රියා සඳහා ළමා නිවාසයේ දරුවන් යොදවාගන්නේ නම් එය බරපතළ වරදක්‌ බව පෙන්වා දෙන දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.

 

http://www.divaina.com/2013/03/26/news05.html

මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවාසයේ ෆාදර් ගේ ළමා කරුණාව


ළමා නිවාසයට යන්න බෑ ෆාදර් මට ගහනවා

10 හැවිරිදි දරුවා අධිකරණයේදී කියයි

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

“ළමා නිවහනට යන්න බැහැ. ෆාදර් මට ගහනවා” යෑයි මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවාසයෙන් පැනවිත් කළුතර බස්‌ නැවතුම්පළේ සිටියදී පොලිස්‌ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 10 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්‌ කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා හමුවේ කියා සිටියේය.

පාසල් නිල ඇඳුම පිටින් සැරසී කළුතර බස්‌ නැවතුම්පළේ රැඳී සිටි මෙම දරුවා නගරාන්තර බස්‌ රථ රියෑදුරකු වන තුෂාර සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු බස්‌ නැවතුම්පළේ සේවක පිරිසක්‌ විසින් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට 18 වැනිදා භාරදී තිබිණි.

නුවර ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ පියා මත්පැන් පානය කර නිවසට පැමිණ මවට හා දරුවාට පහරදීම නිසා නුවර පොලිසිය විසින් අධිකරණය මාර්ගයෙන් මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවහනට භාරදී තිබිණි.

ළමා නිවහනේ රඳවා සිටි මෙම දරුවා පාසල් යැමට ප්‍රමාද වීම නිසා මෙසේ පියතුමා විසින් පාරවල් කීපයක්‌ ගැසීම නිසා ඉකුත් 18 වැනිදා කොළඹ යැමට මග්ගොනින් බසයට නැග ඇතැයි පොලිසිය පවසයි.

කළුතරින් බසයේ ගමන් වාරය අවසන් වීම නිසා නැවතත් කොළඹ යැමට බසයක්‌ එනතුරු රැඳී සිටි මෙම දරුවා බස්‌ රථ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් විසින් මෙසේ පොලිසියට භාරදී තිබිණි.

පියතුමා ඉතාමත් සැර බවත් තමන් ඇතුළු ළමයින්ට පහරදෙන බවත් මෙම දරුවා පොලිසියට ප්‍රකාශ කර ඇත.

කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මියගේ උපදෙස්‌ පිට සැරයන් (26166) ලියනගේ මහතා “ඒ” වාර්තාවක්‌ මගින් දරුවා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව පයාගල ජයන්ති ළමා නිවහනේ රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

http://www.divaina.com/2013/01/21/news02.html