මේ අහිංසක දියණියටත් අවසානයේ බෞද්ධයාගේ දාන පාරමිතා පිහිට නොවේද? සර්වබලධාරී දෙවියන්ට හෝ සමිදාණන්ට කරන යාඥා ඇයගේ සැත්කමට පිහිටක් වී ඇතිද?

මේ අහිංසක දියණිය ඔබෙන් අයදින්නේ ජීවිතයයි

මේ දියණිය ජෙලන් රෝෂල්ද සිල්වායි. වයස අවුරුදු 12 කි. දිගුවන් වරලස සහ නිතරම මුහුණේ රැඳුණු සුන්දර සිනහව ඇයගේ රුව තවත් ඔප්නැං වූවාය. ඇයගේ අහිංසක බවත්, සුන්දර රූසපුවත් නිසා සැවොම ඇයට ආදරය කළාය. සිල්වා පවුලේ සුරතලිය බවට පත්වූයේ පුංචි ජෙලන්ය.

ජෙලන් පාසල් ගියේ කොටහේන යහපත් එෙŒරාගේ කන්‍යාරාමයටය. ඇය පාසලේ ද දීප්තිමත් ශිෂ්‍යාවක්‌ වූවාය. ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද ඇය සුවිශේෂී දක්‍ෂතාවක්‌ දැක්‌වූවාය. ඇයගේ ජීවිතයේ අරමුණු කිහිපයක්‌ තිබුණි. ඉන් ප්‍රධානතම අරමුණ වූයේ හොඳින් අධ්‍යාපනික කටයුතු හදාරා වෛද්‍යවරියක්‌ වීමයි. එම නිසා පාසලේ තම යෙහෙළියන්ගේ සහ ගුරුවරුන්ගේ නොමඳ ආදරයද ඇයට හිමි වූවාය.

තමන් සිතන පතන අරමුණු සැබෑ කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. එම අරමුණු කරා ගමන් කිරීමේදී විවිධ බාධක පැමිණෙති. මෙය කාටත් පොදුය. පුංචි ජෙලන්ටත් එසේමය.

ඇයටද තම අරමුණු කරා ළඟාවීමට දෛවය ඉඩ දුන්නේ නැත. නමුත් ඇය එම බාධක බිඳ දමා ඉදිරියටම යැමට සැරසෙයි. නමුත් ගමන යැමට ඇයට අපගේ උදව් උපකාර ගැනීමට සිදුව තිබේ. මේ ඇයගේ එම දුක්‌ත කතාවයි.

ජෙලන්ට කලක සිට තුනටියේ අමාරුවක්‌ තිබුණි. මුලින්ම ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ නොදැක්‌කුවත් එම රෝගී තත්ත්වය වැඩිවීමත් සමග දෙමාපියන්ද ඒ පිළිබඳව වැඩි උනන්දුවක්‌ දැක්‌වූහ. බෙහෙත් කොතරම් ගත්තත් සුව නොවූ කල ඔවුහු ජෙලන්ව විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන ගියහ. එහිදී ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ ජෙලන් කොඳු ඇට පෙළ ඇද වීමේ රෝගී තත්ත්වයට මුහුණ පා ඇති බවයි. එය ඇසීමෙන් පුංචි ජෙලන් දින ගණනාවක්‌ හඬා වැළපුණාය.

ඒ තමන්ගේ දිවි පරදුවට තබා හෝ තම දියනිය සුවපත් කර ගන්නට දැඩි අදිටනින් ජෙලන්ගේ දෙමාපියන් ඇය සුවකර ගැනීමට නොගත් උත්සාහයක්‌ නැත. රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල මාස ගණන් නැවතී ප්‍රතිකාර ලබා ගත්තත් ඇයගේ රෝගය සුව නොවුණි. ලංකාව පුරා සිටින ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් පවා සොයා ගියේ මෙම රෝගය සුවපත් කර ගැනීමටය. නමුත් ගිය කිසිම තැනකින් සාර්ථක ප්‍රතිඵල හිමිවූයේ නැත. මේ අතර ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලුවේ තම දරුවා සුවපත් කර දෙන ලෙසයි.

කොතරම් රෝගී වුවත් ජෙලන් පාසල් ගමන අතහැර දැමීමට අකමැති වූවාය. තම රෝගී තත්ත්වය පසෙක දමා ඇය පාසල් ගියේ ඉගෙන ගැනීමට තිබූ දැඩි කැපවීම නිසාය. තම පුටුවේ එක දිගට වාඩි වී සිටීමට පවා නොහැකි වූ නමුත් ඒ සියල්ල ඇය ඉවසුවාය. පුළුවන් සෑම මොහොතකම ඇය පාසල් ගියාය. ඒ ඇය තුළ තිබුණ උත්සාහය හා අධිෂ්ඨානයයි.

මේ අතර සිල්වා යුවළට දැන ගන්නට ලැබුණේ සජාන් හෙස්‌ නමැති ඉන්දියන් වෛද්‍යවරයකු මෙම රෝගය සඳහා සාර්ථකව ප්‍රතිකාර කරන බවයි. ඔහුගෙන් ප්‍රතිකාර ලබා සුවය ලැබූ කිහිප දෙනකුද මොවුනට මුණගැසී තිබුණි. ජෙලන්වද එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළේය.

එම වෛද්‍යවරයා පැවසුවේ මෙම රෝගයෙන් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි ඉක්‌මණින් ශල්‍යකර්මයක්‌ කළ යුතු බවයි. ඒ සඳහා ලක්‍ෂ 27 ක මුදලක්‌ වැය වන බවද මෙරට පහසුකම් නොමැති නිසා එම ශල්‍යකර්මය සිදු කිරීමට නම් ඉන්දියාවේ ඇපලෝ රෝහලට යායුතු බවත්ය.

රෝගී තත්ත්වය සුවපත් කරගත හැකි බව අසා ඔවුන් සතුටු වුවත් දුක්‌වූයේ ශල්‍යකර්මය සඳහා යන මුදල ඇසීමෙන් පසුවයි. ඔවුන් ළඟ තිබුණ සියලුම මුදල් අවුරුදු ගණනක සිට වියදම් කළේ ජෙලන්ගේ රෝගය සුවකර ගැනීම සඳහාය.

එම රෝගී තත්ත්වය සුවපත් කරගත හැකි යන වචනය ඇසීමෙන් ගොඩාක්‌ සතුටු වූයේ ජෙලන්ය. ඇය තම යෙහෙළියන්ට පවා පැවසුවේ මම ඉක්‌මණින් සනීප වෙනවා කියාය. ඇයගේ පුංචි සිතට මේ වැය මුදල ගැන නිසි අවබෝධයක්‌ නොමැත. සිල්වා යුවළද රෝගී දුවට එය පෙන්නුවේ නැත.

සිල්වා යුවළ මධ්‍යම පාන්තික පවුලක්‌ වන නිසා ඔවුන්ට මේ සඳහා යන ලක්‍ෂ 27 ක මුදල දරා ගැනීමට නොහැකිය. එම යුවළ පරිත්‍යාගශීලී ඔබගෙන් ඉල්ලා සිටින්නේ තම දියණියගේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා දායක වන ලෙසයි.

එම පුංචි අසරණියගේ ශල්‍යකර්මය ඉක්‌මණින් කර ජීවිතය බේරා ගැනීමේ තීන්දුව ඇත්තේ ඔබ අතේය. පිං කැමති කවුරු හෝ ඇයට පරිත්‍යාගයක්‌ කිරීමට කැමති නම් පහත ගිණුම්වලට ඔබේ මුදල් බැර කළ හැකිය. එම්. එෆ්. ප්‍රසාදිනී, කොමාර්ෂල් බැංකුව, වත්තල, ගිණුම් අංකය 8560030958 නැතහොත් එම්. එෆ්. ප්‍රසාදිනී සම්පත් බැංකුව වත්තල ගිණුම් අංකය 100853252496 නැතහොත් පහත දුරකථන අංකවලින් ඇය ගැන වැඩිදුර විස්‌තර දැන ගැනීමට හැකිය. දුරකථන අංක 0724815791, 0718239768, 0112798247.

ගයාන් සමරසිංහ

http://www.divaina.com/2014/11/09/news13.html

 

කතෝලික සභාව නම් ‍මෙයට එකම පිළියම ලෙස යාඥා අනුමත කරනු ඇත. කෙසේ හෝ මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට පිහිට වන දානය නම් එම දහමේ අගය කර නැත. එයට බොදුනුවාගේ මහා කරුණාව අයුතු ලෙස ප්‍රයෝජනයට ගත හැක. ඉන්පසු බොදුනුවාට හා බුදු සසුනට එරෙහි පෙළපාලි හා විරෝධතා, අන්තවාදී ක්‍රියා වලට මෙම අහිංස්කාවියටද කෙලින් කටින් සහභාගි විය හැකි වනු ඇත. නැතිනම් ලංකා පල්ලියේ උපදෙස් අනුව අහිංසක බොදුනු තරුණයෙක් හා යහළු වී උගේ සසර නසා බෞතිස්ම කර පමණක් විවාහ වීමට කොන්දේසි දමා බොදුනු හිස් ගෙඩි අඩු කිරීමට දායක වනු ඇත. මෙතෙක් වූයේ ඒ ටිකය. ආගම්වාදී, අන්තවාදී වර්ගවාදී පල්ලියත් සමඟ පෙනෙන් තෙක් මානයේ ලංකා අනාගතයද එයමය.

Advertisements

ජේසුට කරන යාඥා පලක් වේ නම් මෙවන් මරණ සිදුවේද? හරයක් පිළිසරණක් නැති වැරදි දහම අසරණ ජීවිත පවා බිලිගන්නේ මෙහෙමයි.

ගුරුවරියන් දෙදෙනෙකු විසින් අපයෝජයනට ලක්  කල කඳානේ කතෝලික පාසලක දැරියක්ද මේ ආකාරයටම වසරක් පමණ ජේසුට යාඥා කලාය. අවසානයේ ඇය යකඩ යකාට බිලි වූයේ ජේසු ඇයට දුන් සහනයේ තරම ලොවට පෙන්වීමටය. මේ එවැනිම තවත් අවාසනාවන්ත සිද්ධියකි.

මව සහ පියා විරසකවී
දරුදෙදෙනා මරුට බිලිවුණි

ත්‍රිකුණාමලයේ ඛේදවාචකය

පවුල් ආරවුල් මුල්කරගෙන ඇතිවන ගැටුම්වලදී වැඩිපුරම බැට කන්නේ එවැනි පවුල්වල දරුවන්ය. මවත්, පියාත්a නිවස තුළ ආරවුල්වල පැටලෙද්දී දරුවන්ට මව්පිය දෙදෙනාගේ සෙනෙහස, ආදරය, රැකවරණය අහිමි වී ඉතිරි වන්නේ දුක, කඳුළ, කම්පනය හා අපේක්‍ෂා භංගත්වය පමණි.

ත්‍රිකුණාමලය, කෝනේෂ්වරන් මුහුදු තීරය රත්පැහැ ලේ වලින් වැසී යද්දී, අඹුසැමි ආරවුලකින් ඒ ලේ මත තවත් දරු පැටව් දෙදෙනකු පෙරේදා (21 වැනිදා) මළවුන් අතරට එක්‌ වූයේ මේ පවුල් ආරවුල්වල තරම පෙන්වමිනි.

නෙරංජලා දමයන්ති දක්‍ෂ සයිකල් ශූරියකි. ත්‍රිකුණාමලයේ පාපැදි තරගවලදී පෙරළිකාර ජයග්‍රහණ රැසකට උරුමකම් කී ඇය එම ප්‍රදේශයේ අංක එකේ පාපැදි ශූරියක ලෙස ප්‍රකටය.

මීට වසර දොළහකට දහතුනකට පෙර ඇය සිටියේ හිරිමල් යෞවන විය එළිපත්තේය. ඇයගේ ජනප්‍රියත්වයට ලොල් වූ තරුණයන් ඇයගේ ආදරය දිනා ගන්නට පෙළගැසී සිටියහ. නමුත් ඇයගේ සිත දිනාගත්තේ එක්‌ තරුණයකු පමණි. චීන වරාය ප්‍රදේශයේ පදිංචිව වුන් එම තරුණයා, නෙරංජලාගේ අතගෙන අලුත් කැදැල්ලකට ගියේ දහසකුත් එකක්‌ ප්‍රාර්ථනා පොදි බැඳගෙනය.

ආදරය, ප්‍රේමය හමුවේ ආර්ථික අමාරුකම් හා ලෙඩ දුක්‌ ද පරාජය කරමින් මොවුහු ජීවිතය පටන් ගත්තේ අලුත විවාහ වූ කොයි කාටත් ඇතිවන ප්‍රශ්න නොතකමිනි.

මේ අලුත් කැදැල්ලට සතුටුම දවස උදා වූයේ මීට වසර දොළහකට පෙරය. එදා තරම් මේ මවටත්, පියාටත් ඔවුන් දෙදෙනාගේ ඥතීන්ටත් එවැනි සතුටක්‌ දැනුන දවසක්‌ වෙන නැති තරම්ය.

ඒ සලෝමා ප්‍රේමීසා ද සිල්වා නමැති කිරිකැටි පුංචි දියණිය මෙලොව එළිය දුටු දවස නිසාය. තන පුඩුවලට පුංචි කට තබා දාරක සෙනෙහස හමුවේ කිsරි වූ රුහිරු උරා බීව් දවස තරම් නෙරංජලාට මිහිර ගෙනා දවසක්‌ ඇයගේ දිවියේ නොවුන තරම්ය. දරු සෙනෙහසක හැටි. ඒ තරුණ පියාට දැනුණේ එදාය.

දියණිය ලැබී වසර පහකට පසුව මේ කැදැල්ලට තවත් දරුවකු එක්‌විය. ඒ පුතෙකි. අසේල ගයේෂ් ද සිල්වාය.

රුව ඇති දුවයි, කට ඇති පුතයි, මොන තරම් වාසනාවන්ත පවුලක්‌ ද? දරු දෙදෙනා කන්තලේ අග්‍රබෝධි විදුහලේ අධ්‍යාපනය හදාරන්නට පටන්ගෙන තිබිණි. කාලය ගෙවී ගියේ ඉක්‌මනින්ය. මේ අතර නෙරංජලාට හිටිහැටියේ සිතට දරුණු කේන්තියක්‌ මතුවන්නට විය. ඊටද හේතු තිsබිණි. සැමියා රාජකාරි කළේ මුරකරුවකු ලෙසිනි. රහමෙර මත්පැනට ගිජු වූ ඇතැමුන්ට අඹුදරුවන්ගේ, ඇතැම් සිතුම් පැතුම් පවා අමතකව යති. මේ සැමියාද ටික ටික බීමට පුරුදු වී තිබිණි. බිරිඳට ඒ බීම රිස්‌සුවේ නැත.

අනේ ඡේසුනි, මගෙ ලස්‌සන ලෝකය රැක දෙන්න. මට දැන් තිත්ත වෙලා මේ කාලකණ්‌ණි ජීවිතේ, ඡේසුනි, පිහිට වනු මැනවි· ආමේන් කියමින් ඇය පල්ලියට ගොස්‌ දණ තබා දහස්‌ වරක්‌ ඉල්ලුවේ කරදර දුරු වී සිතුට සැනසුමය.

අවසානයේදී ඇය මේ ප්‍රශ්න හමුවේ මානසික, ආතතියකට පත්විය.

මට කවුරුවත් නෑ ඡේසුනි, මාවයි, මල්ලියි ආරක්‍ෂා කරන්න. අම්ම තාත්තා අපිට බැන්නත් අපි වැරදි කරන්නේ නෑ. අපිට බණින්න එපා. අපි වැරදි කරන්නේ නෑ. සමාව දෙන්න, දෙවියනි සමාව දෙන්න, ස්‌තුතියි… කියා දොළොස්‌ හැවිරිදි දියණිය කොළ කැබැල්ලක දෙවියන් වෙනුවෙන් ලියූ ලිපියක එවැනි සටහනක්‌ තිබිණි.

නෙරංජලා, සැමියා සමග ඇතිකරගත් ආරවුල් දවසින් දවස වැඩිවෙද්දී, සැමියා ද මත්පැනටම ගිජු වී ගිය හැටි පුදුමය.

හරියටම ඉරිදා (21 වැනිදා) එළිවන විට නෙරංජලා සිටියේ දෙලොවකය.

මට මේ කාලකණ්‌ණි ජීවිතේ එපා වෙලා. සතුට, සැනසුම නැති මේ ජීවිතයෙන් මට ඵලක්‌ නෑ මම මැරෙනවා. ඒත්… මගේ දරුවෝ… වුන්ට යන කලක්‌ නෑ. උනුත් මරාගෙන මම මැරෙනවා…. ඇය කල්පනා කළේ එලෙසිනි.

දුවේ ලෑස්‌තිවෙයන් ආච්චිලාගේ ගෙදර යන්න. නෙරංජලා පොඩි පුතුත්, දියණියත් සූදානම් කරගෙන ඔවුන් පදිංචිව සිටි ධාන්‍යගම සිට කෝනේෂ්වරන් ප්‍රදේශයට ගියේ ඇයගේ මවව බැලීමටය. නමුත් හිත යට වෙනම සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබිණි.

උඩ සිතට වඩා යටි සිත ඇයගේ සිරුරේ පාලනය ගෙන තිsබිණි. කෝනේෂ්වරන් වෙරළ තීරයේ චණ්‌ඩ රළ දෙස ඇය මොහොතක්‌ බලා සිටියේ දරු දෙදෙනාගේ අතින් අල්ලාගෙනය.

මහා ඛේදවාචකයක්‌ සිදුවන ඊළඟ නිමේෂය පිළිබඳ කිසිවකු දැන සිටියේ නැත.

චණ්‌ඩ රළ ප්‍රචණ්‌ඩ වී තිබිණි. මුහුදෙන් හමා එන සුළඟ කම්පනයට පත් වූවාක්‌ වැනිය. කෝනේෂ්වරන් ගල් තලාවට නැගගත් නෙරංජලා දරු දෙදෙනාද සමග අවසන් ගමනට සැරසී සිටියේ මානසික ආතතිය, ඒ වන විට ඇයව මුළුමනින්ම ග්‍රහණයට නතුකරගෙන සිටි නිසාය.

දරු දෙදෙනා උඩ සිට පහළට තල්ලුකර දැමූ ඇය සිහිවිකලෙන්ම පහළට පැන්නාය. පහළ ගල්තලාව රත්පැහැ ගැන්වී යද්දී දරු දෙදෙනාගෙ අවසන් සුසුම් පොද කම්පනයට පත්වූ මුහුදු රළ සමඟ එක්‌වී ක්‍ෂතිජය දෙසට ගලා ගියේ තවත් ඛේදවාචකයක, දුක, කඳුළ, සුqසුම අපට උරුමකර දෙමිනි. යුද හමුදා සෙබළුන් හා ධීවරයන් එක්‌ වී බරපතළ තුවාල ලබා සිටි නෙරංජලාව ත්‍රිකුණාමල රෝහලට ගෙන ගියහ. ඇය මේ සටහන තබන විට සිටියේ දැඩිසත්කාර ඒකකයේය.
බිරිඳට මානසික ආතතියක්‌ තිබුණා. බෙහෙත් පවා ගත්තා. සැමියා ඇතුළු සැමියාගේ ඥතීහු එසේ කියා සිටියහ. දුවට එහෙම ආතතියක්‌ තිබුණේ නෑ. ඔය මිනිහා නිසා තමයි මේ අපරාධය වුණේ. නෙරංජලාගේ ඥාතීහු එහෙම කියති. කවුරු කෙසේ මොන දේ කීවත් දැන් ඵලක්‌ නැහැ. දරු දෙදෙනකු වැඩිහිටි වරදින් නිරපරාදේ විනාශ වී ගොස්‌ හමාරය.

ආදරයෙන් අත්වැල් පටලාගෙන ගොඩනගන ප්‍රේම පාරාදීස, ප්‍රශ්න හා කරදර හමුවේ මෙසේ සුනු විසුනු වී යන්නේ නම් කාට කියන්නද? මොන තරම් පවුල් ආරවුල් තිබුණත් මොන තරම් දුක්‌ කරදර තිබුණත් ඒවා හමුවේ දරුවන් විනාශ කර දැමීම නොකළ යුත්තකි. කරදර නැත්තේ කාටද? මේ කොයි කාටත් කරදර ඇත. නොගැලපීම් ඇත. නැති ප්‍රශ්න ඇති වීමද සාමාන්‍යය. නමුත් දරුවන් මේ කිසිදේකට පළි නැත. එනිසා මෙවැනි සුළු ප්‍රශ්න හමුවේ දරුවන් පිළිබඳ සිතා ඒ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට වැඩිහිටියන් ක්‍රියාකළ යුතුව ඇත.

ශිරාන් රණසිංහ සහ
සමන් මල්ලවආරච්චි
ඡායාරූප – සමන් මල්ලවආරච්චි
ත්‍රිකුණාමලය

http://www.divaina.com/2014/09/22/news22.html