මේ අහිංසක දියණිය ඔබෙන් අයදින්නේ ජීවිතයයි
මේ දියණිය ජෙලන් රෝෂල්ද සිල්වායි. වයස අවුරුදු 12 කි. දිගුවන් වරලස සහ නිතරම මුහුණේ රැඳුණු සුන්දර සිනහව ඇයගේ රුව තවත් ඔප්නැං වූවාය. ඇයගේ අහිංසක බවත්, සුන්දර රූසපුවත් නිසා සැවොම ඇයට ආදරය කළාය. සිල්වා පවුලේ සුරතලිය බවට පත්වූයේ පුංචි ජෙලන්ය.
ජෙලන් පාසල් ගියේ කොටහේන යහපත් එෙŒරාගේ කන්‍යාරාමයටය. ඇය පාසලේ ද දීප්තිමත් ශිෂ්‍යාවක් වූවාය. ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද ඇය සුවිශේෂී දක්‍ෂතාවක් දැක්‌වූවාය. ඇයගේ ජීවිතයේ අරමුණු කිහිපයක් තිබුණි. ඉන් ප්‍රධානතම අරමුණ වූයේ හොඳින් අධ්‍යාපනික කටයුතු හදාරා වෛද්‍යවරියක් වීමයි. එම නිසා පාසලේ තම යෙහෙළියන්ගේ සහ ගුරුවරුන්ගේ නොමඳ ආදරයද ඇයට හිමි වූවාය.
තමන් සිතන පතන අරමුණු සැබෑ කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එම අරමුණු කරා ගමන් කිරීමේදී විවිධ බාධක පැමිණෙති. මෙය කාටත් පොදුය. පුංචි ජෙලන්ටත් එසේමය.
ඇයටද තම අරමුණු කරා ළඟාවීමට දෛවය ඉඩ දුන්නේ නැත. නමුත් ඇය එම බාධක බිඳ දමා ඉදිරියටම යැමට සැරසෙයි. නමුත් ගමන යැමට ඇයට අපගේ උදව් උපකාර ගැනීමට සිදුව තිබේ. මේ ඇයගේ එම දුක්ත කතාවයි.
ජෙලන්ට කලක සිට තුනටියේ අමාරුවක් තිබුණි. මුලින්ම ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්‌කුවත් එම රෝගී තත්ත්වය වැඩිවීමත් සමග දෙමාපියන්ද ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දැක්‌වූහ. බෙහෙත් කොතරම් ගත්තත් සුව නොවූ කල ඔවුහු ජෙලන්ව විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන ගියහ. එහිදී ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ ජෙලන් කොඳු ඇට පෙළ ඇද වීමේ රෝගී තත්ත්වයට මුහුණ පා ඇති බවයි. එය ඇසීමෙන් පුංචි ජෙලන් දින ගණනාවක් හඬා වැළපුණාය.
ඒ තමන්ගේ දිවි පරදුවට තබා හෝ තම දියනිය සුවපත් කර ගන්නට දැඩි අදිටනින් ජෙලන්ගේ දෙමාපියන් ඇය සුවකර ගැනීමට නොගත් උත්සාහයක් නැත. රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල මාස ගණන් නැවතී ප්‍රතිකාර ලබා ගත්තත් ඇයගේ රෝගය සුව නොවුණි. ලංකාව පුරා සිටින ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් පවා සොයා ගියේ මෙම රෝගය සුවපත් කර ගැනීමටය. නමුත් ගිය කිසිම තැනකින් සාර්ථක ප්‍රතිඵල හිමිවූයේ නැත. මේ අතර ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලුවේ තම දරුවා සුවපත් කර දෙන ලෙසයි.
කොතරම් රෝගී වුවත් ජෙලන් පාසල් ගමන අතහැර දැමීමට අකමැති වූවාය. තම රෝගී තත්ත්වය පසෙක දමා ඇය පාසල් ගියේ ඉගෙන ගැනීමට තිබූ දැඩි කැපවීම නිසාය. තම පුටුවේ එක දිගට වාඩි වී සිටීමට පවා නොහැකි වූ නමුත් ඒ සියල්ල ඇය ඉවසුවාය. පුළුවන් සෑම මොහොතකම ඇය පාසල් ගියාය. ඒ ඇය තුළ තිබුණ උත්සාහය හා අධිෂ්ඨානයයි.
මේ අතර සිල්වා යුවළට දැන ගන්නට ලැබුණේ සජාන් හෙස් නමැති ඉන්දියන් වෛද්‍යවරයකු මෙම රෝගය සඳහා සාර්ථකව ප්‍රතිකාර කරන බවයි. ඔහුගෙන් ප්‍රතිකාර ලබා සුවය ලැබූ කිහිප දෙනකුද මොවුනට මුණගැසී තිබුණි. ජෙලන්වද එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළේය.
එම වෛද්‍යවරයා පැවසුවේ මෙම රෝගයෙන් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි ඉක්‌මණින් ශල්‍යකර්මයක් කළ යුතු බවයි. ඒ සඳහා ලක්‍ෂ 27 ක මුදලක් වැය වන බවද මෙරට පහසුකම් නොමැති නිසා එම ශල්‍යකර්මය සිදු කිරීමට නම් ඉන්දියාවේ ඇපලෝ රෝහලට යායුතු බවත්ය.
රෝගී තත්ත්වය සුවපත් කරගත හැකි බව අසා ඔවුන් සතුටු වුවත් දුක්‌වූයේ ශල්‍යකර්මය සඳහා යන මුදල ඇසීමෙන් පසුවයි. ඔවුන් ළඟ තිබුණ සියලුම මුදල් අවුරුදු ගණනක සිට වියදම් කළේ ජෙලන්ගේ රෝගය සුවකර ගැනීම සඳහාය.
එම රෝගී තත්ත්වය සුවපත් කරගත හැකි යන වචනය ඇසීමෙන් ගොඩාක් සතුටු වූයේ ජෙලන්ය. ඇය තම යෙහෙළියන්ට පවා පැවසුවේ මම ඉක්‌මණින් සනීප වෙනවා කියාය. ඇයගේ පුංචි සිතට මේ වැය මුදල ගැන නිසි අවබෝධයක් නොමැත. සිල්වා යුවළද රෝගී දුවට එය පෙන්නුවේ නැත.
සිල්වා යුවළ මධ්‍යම පාන්තික පවුලක් වන නිසා ඔවුන්ට මේ සඳහා යන ලක්‍ෂ 27 ක මුදල දරා ගැනීමට නොහැකිය. එම යුවළ පරිත්‍යාගශීලී ඔබගෙන් ඉල්ලා සිටින්නේ තම දියණියගේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා දායක වන ලෙසයි.
එම පුංචි අසරණියගේ ශල්‍යකර්මය ඉක්‌මණින් කර ජීවිතය බේරා ගැනීමේ තීන්දුව ඇත්තේ ඔබ අතේය. පිං කැමති කවුරු හෝ ඇයට පරිත්‍යාගයක් කිරීමට කැමති නම් පහත ගිණුම්වලට ඔබේ මුදල් බැර කළ හැකිය. එම්. එෆ්. ප්‍රසාදිනී, කොමාර්ෂල් බැංකුව, වත්තල, ගිණුම් අංකය 8560030958 නැතහොත් එම්. එෆ්. ප්‍රසාදිනී සම්පත් බැංකුව වත්තල ගිණුම් අංකය 100853252496 නැතහොත් පහත දුරකථන අංකවලින් ඇය ගැන වැඩිදුර විස්‌තර දැන ගැනීමට හැකිය. දුරකථන අංක 0724815791, 0718239768, 0112798247.
ගයාන් සමරසිංහ
http://www.divaina.com/2014/11/09/news13.html