දැයේ දරුවන් වෙනුවෙන් උණු වූ වීර බෞද්ධ හදවත්


බෝගහපැලැස්‌ස පාස්‌ටර්ට
එරෙහිව තිස්‌සේ උද්ඝෝෂණ

කතරගම – කේ. ඩී. දේවප්‍රිය, දෙබරවැව – ඒ. ඒ. පේමසිරි,
වීරවිල – එල්. එච්. කුසුම් ප්‍රියන්ත

තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ දරුවන් ඌරන් ඝාතනයට යෙදවූ පාලකයාට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඔහුගෙන් අතවරයට ලක්‌වූ දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස සහ මෙම පාලක පාස්‌ටර්වරයා අත්අඩංගුවට ගන්නා ලෙසත් බල කෙරෙන උද්ඝෝෂණයක්‌ ඊයේ (7 දා) තිස්‌සමහාරාම නගරයේදී පැවැත්විණි.

දහම් පාසල් දරුවන්, ප්‍රදේශයේ විහාරස්‌ථාන රැසක හිමිවරුන් හා නීතිඥයින්, ගුරුවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

නීතිඥ මාමලා අපි ගැන සොයා බලයි. නේද?” අත්කැකුළු පළා සුරතල් අපිව වනසලා, “ඌරො මරවපු තාත්තාට කෝ දඬුවම්” “සත්ත්ව හිංසා මාමලා කෝ, පරිවාස නැන්දලාට අපිට වැඩිය සල්ලි දෙන පාස්‌ටර් ලොකු වුණා. පාස්‌ටර්ගේ ස්‌වර්ගය ඌරන් මැරීමද, වැනි සටන් පාඨ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවස්‌ථාවට තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති, ආචාර්ය දේවාලේගම ධම්මසේන, කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්‌ස, නැදිගම්විල විහාරාධිපති අමරපුර නිකායේ අනුනායක, උයන්වත්තේ සද්ධාරාම, බෝගහපැළැස්‌ස, කන්දවිහාරාධිපති, කුඩාපානේ ගුණානන්ද, විරපොළ, ශාන්ති නිකේතනාරාමයේ විහාරාධිපති බොරලැස්‌ගමුවේ විජිතසිරි යන හිමිවරුද, පියරත්න බණ්‌ඩාර, ගුණසෝම වික්‍රමසිංහ යන නීතිඥවරුද පළාත් සභා මන්ත්‍රී සිරිපාල ජයවීර, තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ ජයවීර මහත්වරුද ප්‍රදේශයේ දහම් පාසල් රැසක දරුවෝ හා ප්‍රදේශවාසීහුද එක්‌ව සිටියහ.

http://www.divaina.com/2013/04/08/news06.html