පෝප් උන්නැහේ තුවාල වීම ඔච්චරම හංගන්නේ මොකද?



මෙක්‌සිකෝ සංචාරයේදී පාප් වහන්සේ
අනතුරකට ලක්‌ වූ බව හෙළිවේ

මෙක්‌සිකෝවේ සංචාරයක යෙදී සිටිය දී බෙනඩික්‌ පාප්වහන්සේ නාන කාමරයේ වැටී ගිය හිස තුවාල සිදුවීම නිසා රහසිගත ශල්‍යකර්මයක්‌ සිදු කර ඇතැයි ටියුරින් නගරයේ ලාටුවාමියා පුවත්පත කියා සිටී.

පාප්වහන්සේගේ ඉල්ලා අස්‌වීමට බලපා ඇත්තේ ඒකී සිද්ධිය යයිද එම පුවත්පත සඳහන් කරයි.

එම පුවත සනාථ කරමින් වතිකානු පුවත්පතක්‌ද පැවසූවේ මෙක්‌සිකෝ සංචාරයෙන් පසු බෙනඩික්‌ පාප් වහන්සේ ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

 http://www.divaina.com/2013/02/20/forign04.html

Advertisements

චී..චී..පෝප් මහ කැත මිනිහ



වතිකානුව රහස්‌ ලියවිලි පිටකිරීමට
පොලිසියේ 2ක්‌ සම්බන්ධයි

වතිකානුවේ රහස්‌ පිටවීමේ සිද්ධියට වතිකානු පොලිසියේ නිලධාරීන් දෙදෙනකුද සම්බන්ධ වී ඇත. පාප් වහන්සේ ගැන ග්‍රන්ථයක්‌ ලියූ ගියාන්ලුති ග්‍රයි නැමැති මාධ්‍යවේදියා ළග තිබී වතිකානුවට අදාළ රහස්‌ ලියවිලිවලද පිටපත් හමු වී තිබුණි.

මේ සම්බන්ධයෙන් වතිකානු පොලිසියේ ප්‍රධානී ඩොමිනිනෝ ගියානිද සාක්‌ක්‍ෂිකරුවකු ලෙස නම් කර තිබේ. මේ අතර පාප්වහන්සේගේ ආවතේවකරුවෙකු වූ ගබ්රියෙල්ට මාස 18 ක සිරදඬුවමක්‌ නියම වී ඇත.

 

http://www.divaina.com/2012/11/07/forign04.html

කතෝලික දෙවියන්ගේ මිනිස්ලොව ජීවමාන නියෝජිතයාගේ රහස් ගුහාවේ අරුමය



වතිකානුව රහස්‌ පිටකළ විශේෂඥයා අත්අඩංගුවේ

වතිකානුවේ රහස්‌ හෙළි කිරීම සම්බන්ධයෙන් පරිගණක විශේෂඥයකුද අත්අඩංගුවට ගෙන ඇත. ක්‌ලෝඩියෝ සියා පලේට්‌ නැමැති මේ පරිගණක විශේෂඥයා වතිකානු සිරගෙදර රඳවා තිබේ.

පාප්වහන්සේගේ ප්‍රධාන ආවතේවකරුට සහය වීම ගැන ඔහුට චෝදනා එල්ල වී ඇත.

වතිකානු පොලිසිය විසින් කල විමර්ශනයේදී මෙම පරිගණක ශිල්පියා ළග තිබී රහස්‌ ලිපි හමුවී තිබේ.

http://www.divaina.com/2012/11/06/forign06.html

වතිකානුවේ පෝප් උන්නැහේගේ රහස්‌



වතිකානුවේ රහස්‌ හෙළි කළ ගේබ්‍රියෙල් නිවාස අඩස්‌සියේ

වතිකානුවේ රහස්‌ හෙළි කිරීම පිළිබඳ චෝදනා ලැබූ පාප්වහන්සේගේ ප්‍රධාන සේවකයා නිවාස අඩස්‌සියට පත්කර ඇත.

පාඩ්ලො ගේ්‍රබියෙල් බන්ධනාගාරයෙන් නිදහස්‌ කළද නිවාස අඩස්‌සියේ තබන බව වතිකානුව කියයි.

පාප් වහන්සේ පිළිබඳ රහස්‌, එහි අභ්‍යන්තර ගැටුම් පිළිබඳ තොරතුරු මාධ්‍යවලට ලබා දීම ගැන පාඩ්ලෝට චෝදනා එල්ල විය.

මේ තොරතුරු විටිලික්‌ස්‌ ලෙස ඉතාලි පුවත්පතක පළවිය.

 

http://www.divaina.com/2012/07/23/forign01.html