දූෂණ චෝදනා මත වතිකානු බැංකුවේ ප්‍රධානියා පහකෙරේ
දූෂණ චෝදනා මත වතිකානු බැංකුවේ ප්‍රධානියා වූ එට්‌ටෝරේ ගොටිව සේවයෙන් පහ කර ඇත. ආර්ථික විශේෂඥයකු වූ ගොටි සම්බන්ධව ඉතාලි පොලිසිය විසින් පරීක්‍ෂණයක් අරඹා තිබිණි.
මෙම වතිකානු බැංකුවේ මුදල්වලින් යුරෝ මිලියන 23 ක් ක්‍රෙඩටෝ නමැති බැංකුවකට මාරු කිරීමට දැරූ උත්සාහය ද පොලිස්‌පතිට අසු විය.
වතිකානු බැංකුවට ඉතාලි මාපියා කල්ලියේ සබඳතා ඇතැයිද වාර්තා වී තිබිණි.