කල්යල් බලා කතෝලික කරණ අරමුදල් සුද්ධ කල සාතන් ගේ හොරු

වතිකානු ආරක්‍ෂක කණ්‌ඩායම
ගාලු මුවදොර විමර්ශනය කරති

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට සැපත් වීමෙන් පසු ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ දේව මෙහෙය පවත්වන ගාලු මුවදොර පිටියේ ආරක්‌ෂාව පිළිබඳව මෙරටට පැමිණි වතිකානු ආරක්‌ෂක කණ්‌ඩායම් දෙක විසින් විමර්ශනයට ලක්‌කර ඇත.

මෙම ආරක්‌ෂක කණ්‌ඩායම් දෙක සමග ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ නාවික හමුදාපති වසන්ත පෙරේරාද ගාලු මුවදොර පිටියට ගොස්‌ නිරීක්‍ෂණවලට සහය වී තිබේ.

වතිකානු ආරක්‌ෂක කණ්‌ඩායම් දෙක මඩු පල්ලි ප්‍රදේශයේ ද ආරක්‌ෂාව ගැන සොයා බලා ඇත.

මෙහිදී එකී ආරක්‌ෂක විධිවිධාන ගැන එකී වතිකානු කණ්‌ඩායම් සෑහීමට පත්වී ඇතැයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග සඳහන් කළේය. ප්‍රැන්සිස්‌ පාප් වහන්සේට ආරක්‌ෂාව සපයන්නේ ස්‌විස්‌ හා ඉතාලි ආරක්‌ෂක බලමුළු යෑයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය. පාප් වහන්සේ ජනවාරි 13 දා මෙරටට පැමිණෙනු ඇත.

http://www.divaina.com/2015/01/03/news12.html

තම පරම සතුරු යෝහොව: ගේ දූත, පෝප් උන්නැහේ ගේ සිකුරිටි ලා මුලු සෙට් එකම ගාලු මුවදොර ෆන් ගන්නා බව සාතන් විසින් තමාගේ දක්ෂතම ඉතාලි හොරුන් තිදෙනෙක්ට SMS යවා ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක වූ හොර මුල යෝහොව: ගේ නිරුවත ලොවටම පාමින් යූරෝ 4000 ක් තම සන්තකයට ගෙන තිබේ. ලොවටම ආර්ථික අමාරුකම් ඇති මේ සමයේ, දුප්පත් රටවල් මුදල් ගෙවා කතෝලික කරණය පිණිස තිබූ, මේ අරමුදල් මෙසේ අහිමි වීම වතිකානුවට මහත් පාඩුවකි.

පාප්වහන්සේගේ ග්‍රීෂ්ම නිවහනට ඇතුළු වූ
සොරු තිදෙනෙක්‌ යූරෝ 4000 ක්‌ කොල්ල කති

ප්‍රැන්සිස්‌ පාප්වහන්සේගේ ඉතාලියේ පිහිටි ග්‍රිෂ්ම නිවහනට නත්තල් දිනයේ ඇතුළු වූ සොරු තිදෙනෙක්‌ යුරෝ 4000 ක මුදලක්‌ කොල්ල කා ඇත.

මෙම සොරු තිදෙනා එකී නිවහනේ භාරකරු ලෙස කටයුතු කළ කන්‍යා සොයුරියටද පහර දී තිබේ.

නත්තල නිමිත්තෙන් කන්‍යා සොයුරියන් යාච්ඥා කරන අවස්‌ථාවේ මෙම සොරුන් නිවහනට ඇතුළු වී ඇත.

මෙකී සොරු තිදෙනා නිවහනේ ඇති වීඩියෝ කැමරාවල සටහන් වී ඇති බව ඉතාලි පොලිසිය සොයා ගෙන තිබේ

http://www.divaina.com/2015/01/03/forign02.html

download

දේව නියමයෙන් පෝප් උන්නැහේ විසින් වසර ගණනක්, ඌරු කැටයක (Piggy Bank) එකතු කල මේ මුදල් රැකි දේව දූතයන් එම අවස්ථාවේ කන්‍යා සොයුරියන් හා නත්තල නිමිත්තෙන් යාඥා කරමින් සිටි බවත් හොරු පනින විටම වාත වේගයෙන් පලා ගිය බවත් වාර්ථා වේ. වතිකානු මාධ්‍ය වාරණ කණ්ඩායම එම පුවත ලොවට යාමෙන් වලකා ඇත්තේ ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ සිත් බිඳීම වලකාලීමට බවත් නිල නොලත් ආරංචි මාර්ග හරහා වාර්ථා වේ.