මෙවැනි බොරු කීම දෙවියන්ට අගෞරවයකි


මෙවැනි බොරු කීම දෙවියන්ට අගෞරවයකි
තොටගමුවේ රාහුල හිමි 15 වැනි ශත වර්ෂයේ ලක්‌දිව පහලව සිටි අගනා පඬිරුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සකල කලා සර්වඥ, ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාමයන්ගෙන් පිදුම් ලදහ. රහල් හිමියන්ට ධර්ම ඥනයට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදිය සම්බන්ධයෙන්ද විශාල දැනුමක්‌ තිබිණ. උන්වහන්සේ විවිධ ඖෂධයන් පිළිබඳ හසළ දැනුමක්‌ තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ද විය. 6 වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුපුරා වූ ජයබාහු කුමරා රජවූ පසු සපුමල් කුමරු ඔහු ඝාතනය කොට රජවීමට තුන් වරක්‌ම උත්සාහ ගත්තද රාහුල හිමි එය වැළැක්‌වීය. නමුත් සිව්වන වතාවේදී සපුමල්, ජයබාහු මරා සය වැනි බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් ගමෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේගේ දකුණු බාහුවේ “සතුරු බුවනෙකබා බලය තෙවිටක්‌ පසුබා, රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගෙ ගජබා” යන කවි දෙකක්‌ කොටා තිබූ බව විශ්වාස කරයි. උන්වහන්සේ අම්බනදී අපවත් වීමට මොහොතකට කලින් ශරීරය දින ලක්‍ෂයක්‌ නරක්‌ නොවී තබා ගැනීම සඳහා “සුදු අලු රසය” නම් ඖෂධයක්‌ පානය කළ බවද සඳහන් වේ.

1505 දී පෘතුගීසීහු මෙරටට පැමිණි පසුව රජවරුන්ගේ අසමගිකම් ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෲර ලෙස ලක්‌දිව පාලනය කළහ. මේ අතරතුර අම්බන ප්‍රදේශයේ නරක්‌ නොවී තිබෙන දේහය දැක ගම්වාසීන්ගේ විරෝධය ද නොතකා එම දේහය දොඩන්දූව වරායෙන් ගෝවේට ගෙන ගිය බව පැවසෙන පැරැණි ජන කවි දෙකක්‌ද අදටත් එම ප්‍රදේශයේ ජනතාව අතර පවතී. පෘතුගීසීහු ගෝවේ තිබෙන මෙම දේහය ශාන්ත සේවියර්ගේ යෑයි කියමින් ගෞරව දක්‌වති.

සේවියර් පියතුමා යනු පාප් වහන්සේ විසින් 15 වන සියවසෙහි ඈත නැගෙනහිර ආගම පතුරුවා හැරීම සඳහා පත්කළ නියෝජිතයාය. ඔහු චීනයට යන අතරමගදී “සැන්ක්‌ෂන්” නම් දූපතේදී මියගිය බව පැවසේ. ඔහුගේ සිරුර එහි වළලා සති කිහිපයකට පසු මලක්‌කාවට ගෙන යැමට නැවත ගොඩ ගන්නා විට සිරුර නරක්‌ නොවී තිබෙනු දුටු බව කියති.

මෙම දේහය රහල් හිමිගේ යෑයි සිංහලයෝ පවසන අතර එය ශාන්ත සේවියර්ගේ යෑයි කිතුනුවෝ විශ්වාස කරති. මේ සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර තර්ක විතර්ක ගෙනහැර පාති. මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහ යෙදී ඇත්තේ පනස්‌ වැනි දශකයේය. අද එම දේහයේ දකුණු අත නොමැත. එය රෝමයේ පාප් වහන්සේගේ ඉල්ලීමට කපා රෝමයට යෑවූ බව කිතුනුවෝ පවසන අතර එම අතෙහි පෙර කී කවි දෙක කොටා තිබූ බැවින් එය රාහුල හිමිගේය යන්න තහවුරු වන නිසා අත කපා දමා ඇති බව සිංහලයෝ කියති. මේ සම්බන්ධයෙන් පැරැණි පුවත්පත්වල පළවූ ලිපි කිහිපයක්‌ නැවත පෙන්වා දෙන අතර එම ලිපියේ ඉතිරි කොටස අද දැක්‌වේ.

මෙහි සඳහන් වන්නේ කුලතිලක මහතාගේ ලිපි පෙළෙහි අවසාන කොටසය. (බුද්ධ වර්ෂ 2496 බක්‌මස අව දොළොස්‌වක්‌ ශනි දින, සිංහල බෞද්ධයා පුවත්පත)

මෙම සිරුර දැන් දිරාපත් වන්නේ අව්, සුළංවලට මුහුණ දීමෙන් යෑයිද ඒ නිසා මෙම සිරුර වීදුරු පෙට්‌ටියක තබා ආරක්‍ෂා කරතැයි යන්න අපගේ කතෝලික මිත්‍රවරුන් පවසයි. සාවියර්තුමා මළ විගස දෙවියන් විසින් ඒ සිරුර තම බලයෙන් රක්‍ෂා කරමින් අව් සුළං ඊට වහ කදුරු වැනි අපත්‍ය අගුණ බව එසේ නම් නොකීවේ/ දැන ගැනීමට නොතිබ්බේ ඇයි? රෝගියකුට බෙහෙතක්‌ පොවා, ඇල් පැන් පානය කළහොත් ක්‌ෂණයකින් මියයන බව ඒ වෛද්‍යවරයා දැන දැනම ඒ බව රෝගියාටවත් ඔහුගේ හිතවතෙකුටවත් නොකියා සිට ඒ හේතුවෙන්ම රෝගියා නැසී ගියහොත් රෝගියාගේ මරණයට ඒ වෛද්‍යවරයා කතෘ නොවන්නේද? මේ වාගේ බොරු කාරණා කීමෙන් අප්‍රසාදයට පත්වන්නේ තමන්ගේම ආගමික ශාස්‌තෘවරයාණන් වහන්සේම නේද?

සීමා රහිත දෙවියෙක්‌ එසේම අසීමිත කාලයක්‌ නොදිරා දෙව් බල මහිම පෑමට සුරක්‍ෂිත කළැයි කියන ඔය සිරුර එතුමා විසින්ම මාවාලූ හුළං පොදක්‌ වැදීමෙන් අව් රශ්මියෙන්, දිරා පිච්චී ගියෑයි කීම නියම කතෝලික බැතිවරුන්ට නම් විහිළුවකි. විවෘතව තිබීමෙන් වායෝ, තෝජෝ, ධාතුද්වයේ ගුණ ගැන ඒ සිරුරට ස්‌පර්ශ වීම හේතුවෙන් දේව කැමැත්තක්‌/ අධිෂ්ඨානයක්‌ විනාශ වෙත්නම් ලෝකයේ ඇති ධාතුවල ලෝකය මැවූ සර්වබලකාරයාගේ සකල බලම මැඬලීමෙහි, අබලන් කිරීමෙහි, සමථි ඊට වඩා ශක්‌තියක්‌ එකී ධාතුබලවලට ඇති රඟ මොනවට ලොවට ප්‍රත්‍යක්‍ෂ නොවේද? දේවබල පරද්දා ලෝක ධාතු බල රජකරන බව එසේ නම් කතෝලික ධර්මධරයන් පිළිගන්නවාද? සියලු බල යුත් දෙව් කෙනෙකුට වුවමනා නම් ඔය සිරුරම මහා මඩ වගුරක ඔබා තිබූවත්, අග්නි ජාලාවකට මැදිකොට තිබූවත්, කෙසඟක පමණ වෙනසක්‌, විකෘතියක්‌ නොවන ලෙස පවත්නට සුරක්‍ෂිත කරලීම එතුමා හිතූ පමණින් කළ හැකිවන ඉතා සුළු වැඩක්‌ බව හිතා ගන්නටවත් බැරි මිනිස්‌සු බත් කන්නේ පුරුද්දට විය යුතුයි.

කිසිම දෙවියකුගේ සම්බන්ධයක්‌ නැතිව වර්ෂ හාර පන්සියයක්‌ නොව තිස්‌ ලක්‍ෂයක්‌ නොදිරා තිබී ගොඩගත් එක්‌ සත්ත්වයකුගේ සිරුරක්‌ ගැන “පිල්ඩැල්පියා, රැකෝඩ්” නම් පත්‍රයෙහි පුවතක්‌ අපි මෙහි දක්‌වන්නෙමු. මේ සත්ත්වයාගේ උස අඩි 18 කි. දත් 5000 කි. මේ සත්ත්ව සිරුර සොයාගෙන තිබෙන්නේ චාර්ල්ස්‌ එච්. ස්‌ටර්න් බර්ත් නම් පෘථිවි ගර්භාත්කරගත ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමෙහි නියුක්‌තව සිටි ශාස්‌ත්‍රඥ මහතා ඇතුළු පිරිසකටයි. ඇමරිකන් කෞතුකාගාරයේ මේ සිරුර අදටත් තිබේ. වර්ෂ 1909 දී එහි ප්‍රධාන ධුරය උසුලා සිටි ආචාර්ය ඔස්‌බෝර්න් මහතා මේ සත්වයා ගැන කියා ඇත්තේ 1909 දී පොළොවෙහි ගල් තට්‌ටුවක්‌ හාරාගෙන යන විට පාත්තයකුගේ හොටක ආකාර විශාල හොටක්‌ හා ඇත් බඳක්‌ තරම් මහා ශරීරයක්‌ ඇති සත්වයකුගේ මෘත ශරීරයක්‌ ඔවුන්ට සම්භ වූ බවත්, උගේ සම් මස්‌ නහර කිසිවක්‌ කුණු නොවී වියළී වැලි භූමියක මැරී අධික සූර්යතාපයෙන් කුණුනොව ඇට සම් මස්‌ නහර කිසිම දෙයක්‌ කුණු නොවී සුරක්‍ෂිතව තිබූ බවත්. මේ වර්ගයේ සත්ත්වයන් වාසය කොට තිබෙන්නේ නිව් ජර්සි, මිසිසිපි, ඇලඩාම්, යෝමං, මොංටැනා, ඩැකෝටස්‌ යන රටවල බවත්ය. කතෝලික මිතුරනි, මේ දැන් අපි ඔබ තුමන්ලාට පෙන්වා දුන් ප්‍රවෘත්තිය අනුව සර්වබල යුත් මහා දෙවියකු විසින් මිත්‍යාදෘෂ්ටීන්ගේ පවා ආත්ම නැලවිල්ල සඳහා ඉර හඳ පවත්නාතුරු මහා අපූරුවක්‌ ලෙස ලොව කොතැනකවත් නැති අරුම වස්‌තුවක්‌ ලෙස නොදිරා පවත්නට බොහෝ ඕනෑකමින් ආශිර්වාද කොට සුරක්‍ෂිත කරන ලද සාවියර් මුනිවරයාගේ ආත්ම කූඩාරම, විශේෂ උගත් පූජක කිහිප දෙනෙක්‌ විසින් රෑ දවල් දුක්‌ මහන්සි ගෙන හුලං නොවදින වීදුරු පෙට්‌ටියක ලා පාට ඇතිරිලි මතුයෙහි පරෙස්‌සමින් පොරවා රැකබලා ගෙන සිටලත් වර්ෂ හාරසීයක්‌ ඉක්‌මවන්නටත් පෙර එහි මස්‌ කොටස පිටිමෙන් දිරා ගිය මුත් පොළොවේ ඉතා ගැඹුරු පස්‌ යට මේ තිරිසන් සිරුර කිසි නිලධාරියකුගේ පිළිසරණ මාත්‍රයක්‌ නැතිව වර්ෂ තිස්‌ ලක්‍ෂයක්‌ ධාතු ගුණ සංසර්ගයෙන් පමණත් තවමත් මස්‌ පමණකුදු කුණු නොව තිබීම කතෝලිකයන්ගේ පමණක්‌ නොව ක්‍රිස්‌තියානි යෑයි කියන සෑම අයගේම මැවුම්කාරයාට පා පහරක්‌ දීමක්‌ මෙන් නින්දා ගෙනදෙන කාරණයක්‌ නොවේද? තවත් එම සත්වයාගේ මස්‌ කුණු නොවී පැවැත්මට විශේෂයෙන් හේතු වූ බව කියා ඇත්තේ ඔය දේව සුරක්‍ෂිත සිරුරට විෂ වූවා යෑයි කියන සූර්ය රශ්මි ස්‌වල්පයක්‌ නොව අධික සූර්ය තාපයලු. යුදෙව් හෙවත් ක්‍රිස්‌තියානි දෙවියන්ගේ දේව දුර්වලකමක තරම. ඔවුන්ගේම මහා විද්‍යාඥයෙකුගේම මේ ප්‍රකාශයෙන් ප්‍රත්‍යක්‍ෂ වන අයුරු පෙනේද?

එසේම බර්ලින් සමස්‌ත ශාස්‌ත්‍ර ශාලාව සම්බන්ධ ප්‍රථිවිගර්භ විද්‍යාලයේ ආචාර්ය හැන්ස්‌රෙක්‌ නම් ජර්මන් පඬිතුමාට ජර්මනියට අයත් නැගෙහිර අප්‍රිකාවේ උතුරු පෙදෙසෙහි පොළොව යට තිබී මනුෂ්‍ය ඇටසැකිල්ලක්‌ සම්බ වී තිබේ. එය අවුරුදු 150, 900 ක්‌ පරණ එකකැයි එතුමා පරීක්‍ෂා කර කියා තිබේ. මේ අය විලක ගිලී මළ බව අනුමාන කටයුතු බවත් මළකඳ වළ පතුලට වූවිට ක්‍රම ක්‍රමයෙන් වතුර සමඟ ආවැලි පස්‌ හා රට හුණුද ඒ මත වැටී ඉන් වැසී ගොස්‌ කල්යැමෙන් ඒ වැලි හුණු හයිවී ඒ මැද ඇටසැකිල්ල සුරක්‍ෂිතව තිබුණු බවත් සිතා තිබේ. මේ සිරුර ගැන තවත් සැලකිය යුත්තක්‌ නම් මොවුන් ජීවත්ව සිටි බව කියා ඇත්තේ වෙන මැවුම්කාරයකු මවා ඇති ලෝකයක බවයි. බයිබල් දෙවියා මේ ලෝකය මවා තිබෙන්නේ වර්ෂ හයදාහකට බොහෝ මෑතය. මොවුන් සිට ඇත්තේ වර්ෂ එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට පෙරය. එතෙක්‌ කල් පෘථිවි ගර්භයේ කිසිම බාහිර ආධාරයක්‌ නැතිව වැළලී පැවති මේ මිනිස්‌ ඇටසැකිල්ලෙහි ඇට කටු, දත් ඔය ශාස්‌ත්‍රඥ පූර්ණ ප්‍රසාදීවරු බොහෝ දෙනෙක්‌ දිවා රෑ ආරක්‍ෂා කළ සිරුරෙහි ඇට කටු තරම් තවම දිරා ගොස්‌ නැති බව පුදුමයකැයි නොසිතිය යුතුයි. මහා භූත ශක්‌තියෙන් හෙවත් ස්‌වභාව ධර්මය සංයෝගයේ බල මහිමයෙන්ම එලෙස ඒ සැම සිදුව ඇති බව දැනගැනීම යහපති.”

ඉහත සඳහන් වූයේ පේරාදෙණියේ සඳසිරියේ වැසි පුරාවෘත විශේෂඥ සී. පී. කුලතිලක මහතා විසින් 1952 දෙසැම්බර් මස 27 වැනි දින ගෝවේ මෘත දේහය කාගේද යන මැයෙන් ආරම්භ කරන ලද ලිපි පෙළක අවසාන කොටසයි. මෙම ලිපිවල සඳහන් කොටස්‌ ඔහුගේම වචනවලින් උපුටා දක්‌වන්නට සිතුවේ මීට දශක කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් දැක්‌වූ උනන්දුව සහ භාවිත කරන ලද වචනවල ස්‌වරූපය, එම ශෛලියද පෙන්වනු පිණිසය. ඔහු විසින් උත්සාහ කර ඇත්තේ කතෝලික බැතිමතුන්ගේ ආගමික සාස්‌තෘවරයාට හෝ මැවුම්කාර දෙවියන් වහන්සේට හෝ අපහාස කිරීමට නොව මෙම දේහය දෙවියන් විසින් සුරක්‍ෂිත කරන ලද එකකැයි යම් කෙනෙක්‌ කියන්නේ නම් ඔවුන් විසින්ම එම දෙවියන්ගේ බල මහිමය හෑල්ලුවට පත් කරන බැවින් එසේ කිරීමෙන් වළකින ලෙස කියාපෑමටය. දේහය දැන් දිරාපත් වෙමින් පවතින බැවින් බුද්ධ දර්ශනයෙහි සඳහන් වන සියලු දේ අනිත්‍යයි යන්න මෙයටත් බලපා ඇති බවත් දෙවියන් විසින් සුරක්‍ෂිත කොට ඇත්නම් එය සදාකාලික එකක්‌ වනු ඇති බවත්ය. එය සදාකාලිකව සුරක්‍ෂිත වී නොමැති නිසා එම දේහය දෙවියන් වහන්සේ විසින් ආරක්‍ෂා කළ එකක්‌ හෝ දේව බැල්මක්‌ නොලද එකක්‌ බවය. එසේ නම් එය සාන්ත සේවියර් පියතුමාගේ දේහය වීමට නොහැක. එය නම් බෙහෙත් බලයෙන් වසර ගණනාවක්‌ නරක්‌ නොවී තබාගත් රාහුල හිමියන්ගේම දේහය බවයි.

මේ සම්බන්ධයෙන් දේහය සේවියර් පියතුමාගේ හෝ රාහුල හිමියන්ද යන්න පිළිබඳව කරුණු බොහෝ ඉදිරිපත් කළෙමි. මෙම ලිපි පෙළෙහි අවසාන කොටස එන සතියේ පළවනු ඇත.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

 

Source: http://www.divaina.com/2016/06/05/feature03.html

 

1552 දී පෘතුගීසී කපුටන් විසින් කොල්ලකා දසවද දුන් අපේ බුදු පුතුන් ගේ ශ්‍රී දේහය

දේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?

7 වැනි කොටස

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පහළොස්‌ වැනි සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගන්‍ය පඬිරුවනක්‌ විය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවද වෛද්‍ය විද්‍යාව පිළිබඳවද, නක්‍ෂත්‍රය පිළිබඳවද හසල දැනුමක්‌ තිබූ කෙනෙකි. සපුමල් කුමරු, විජයබාහු කුමරු මරා රජ වූ පසු උන්වහන්සේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය.

අපවත් වන මොහොතේ දේහය දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබා ගැනුමට “සිදු අලු රසය” නම් වූ බෙහෙතක්‌ පානය කළ බව ජනප්‍රවාදයේ ඇත. උන්වහන්සේගේ දකුණු අතෙහි කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි ගෝවේ තිබෙන දේහයෙහි දකුණු අත නොමැත. එය රාහුල හිමිගේ දේහය බව සනාථ වන බැවින් අත කපා ඉවත් කර ඇති බවට සැකකෙරේ. ශාන්ත සේවියර් යනු ස්‌පාඤ්ඤයේ ඉපිද නැගෙනහිර ආසියාවේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා පාප්වහන්සේ පත්කළ නියෝජිතයෙකි. එම පියතුමා චීනයට යන අතරතුර “සැන්ක්‌පන්” නම් දූපතෙහිදී මියගිය බව ද මලක්‌කාවට ගෙනයැමට පෙර එහි වළලා මාස කීපයකට පසුව ගොඩගන්නා විට දේහය නරක්‌ නොවී තිබුණු බව ද කිතුනු පොත පතෙහි සඳහන් වේ. තවද දේහයේ තිබෙන විවිධ තුවාල “සාධාරණීය” කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවට දේහයට කෲර අන්දමින් සලකා ඇති බව ද සඳහන් වේ. මෙම සිරුරේ නියම තත්ත්වය පිළිබඳව නිල පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවන්වල විස්‌තරවලින් සිරුරේ දකුණු අත නොමැති බව සනාථ වී ඇත. අද එතැන් සිට….

කතෝලික බැතිමතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට ශාන්ත සේවියර් පියතුමා ජීවත්ව සිටින විට අඩි 5 1/2 ක්‌ එනම් මී. 1. සෙමී. 69 ක උසින් යුක්‌ත බැව් කියෑවේ. නමුත් සිරුරේ මිනුම් ගත් විට හිස කෙලින් තබා දිග මී. 1 සෙ. මී. 46 ක්‌වේ. ඔවුනට අනුව මළ සිරුරෙහි දිග අඩුවීම සාධාරණීය කර ඇත්තේ මෙසේය.

(අ) කලවා ඇටය සෙ. මී. 5 ක්‌ පමණ පහළට ඇදී යැම

(ආ) ශත වර්ෂ 4 ක්‌ තිස්‌සේ සිරුරේ වේලීම නිසා අස්‌ථි බන්ධනීන්ගේ සම්පීඩනය හේතුවෙන් සිරුර හැකිළීම.

(මෙම සාධාරණීයකරණය ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය මතයට එකඟ නොවන බව සිංහලයෝ පවසති)

ඉහත සඳහන් කරුණු කතෝලිකයන් විසින් මෙම සිරුර ශාන්ත සේවියර්ගේ ය යන්න තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද ඒවාය. ඔවුන්ට අනුව ෆ්‍රැන්සිස්‌ සේවියර් පියතුමා දුප්පත්, අඩු පහසුකම් ඇති අයට, රෝගීනට, දුක්‌ පීඩා විඳින්නන්ට උපකාර කළ නිතර යාඥ කරමින් දෙවියන් වහන්සේට සමීපව ජීවත්වූ අයෙකි. එබැවින් එවන් උතුමෙකුගේ සිරුර සාමාන්‍ය කෙනකුගේ සිරුරකට ස්‌වාභාවිකව වන දේ නොවී දෙවියන්ගේ කැමැත්ත මත මෙලෙස නරක්‌ නොවී තිබුණු බවට ඔවුන් විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක්‌ද ලියා ඇත.

නමුත් ගෝවේ දැන් තබා තිබෙන, ශාන්ත සේවියර්ගේ යෑයි කියනු ලබන එම දේහය වෙන කාගේවත් නොව රහල් හිමියන්ගේ යෑයි සිංහලයෝ එදා සිට තරයේ විශ්වාස කරයි. එසේම එය සනාථ කිරීම සඳහා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරති. 20 වන ශත වර්ෂයේදී දේශීය බෞද්ධ ආයතන ගෝවේ බලධාරීන්ගෙන් මෙම දේහය තම රටට ලබා දෙන මෙන් ඉල්ලා ලිපි පවා යවා ඇත. එවකට පැවැති “සිංහල බෞද්ධයා” නම් පුවත්පතෙහිද (1953 දෙසැ( 27) මෙම දේහය රාහුල හිමියන්ගේ බැව් සනාථ කරන කරුණු දක්‌වා ඇත.

සිංහලයන් විසින් තම තර්කය, එනම් මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොව රාහුල හිමිගේම යෑයි යන තර්කය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණුවලින් සමහරක්‌ මෙසේ ය.

(අ) යුරෝපීය ජාතිකයන් තම හිසබූගෑමේ පිළිවෙතක්‌ කිසි කලෙක අනුගමනය කොට නැත. විශේෂයෙන් එලෙස එය වහල් බවේ සංකේතයක්‌ සේ සැලකූ බැවිනි. ශාන්ත සේවියර් ජීවත්වූ කාලයේ ස්‌පාඤ්ඤ හා අනෙක්‌ යුරෝපීය කතෝලික පූජකවරුන් තම හිසකෙස්‌ සහ රැවුල දීර්ඝ ලෙස වැවීම පුරුද්දක්‌ කොට තිබුණි. වර්තමානයේදී වුවද රෝමානු කතෝලික ස්‌පාඤ්ඤ පූජකවරුන් කොණ්‌ඩය බූ ගාන්නේ නැත. නමුත් මෙම දේහයේ හිසෙහි කෙස්‌ ඇත්තේ සම්පූර්ණයෙන් බූ ගෑ පසු දින 2 කට හෝ පසුව මතුවන ප්‍රමාණයක පමණි. රැවුලද එසේමය. නමුත් ඇහි බැමෙහි සම්පූර්ණයෙන්ම කෙස්‌ වැවී ඇත. එසේ නම් ඇහි බැමිවල සම්පූර්ණයෙන් කෙස්‌ තිබීමටද, හිසෙහි කෙස්‌ නොතිබීමටද හේතුව කුමක්‌ විය හැකිද? එකම හේතු වනම් මියගිය තැනැත්තා නිතිපතා කොණ්‌ඩය සහ රැවුල බෑමට පුරුදුවී සිටි අයෙකු වීමයි. සේවියර් පියතුමා එසේ නොකළ බව කව්රුත් දනී.

(ආ) පැරැණි යුරෝපීය සංස්‌කෘතියෙහි මිනිසුන්ගේ නොව ගැහැනුන්ගේ ද කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ නොවිනි, රහල් හිමි කල ආභරණ පැළඳීම සඳහා “ක්‍ෂත්‍රීය” පුද්ගලයන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ පැවතුණි. එසේම උපසම්පදා උත්සවයේදී භික්‍ෂුන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ වූ බැව්ද ඉතිහාසය සාක්‍ෂි දරයි. එසේ නම් මෙම දේහය සේවියර් පූජකතුමාගේ නම් එහි කන් සිදුරු වූයේ කෙසේ ද?

(ඇ) සේවියර්තුමා ස්‌පාඤ්ඤ ජාතිකයෙක්‌ වූ අතර යුරෝපීයයන් අතරේÊවුවද ස්‌පාඤ්ඤ ජාතිකයෝ බෙහෙවින් සුදු හමකට (වර්ණයකට) හිමිකම් කියති. නමුත් මෙම දේහයේ වර්ණය තළඑලළු හෙයින් එය ආසියානු ජාතිකයෙකුගේ මිස කිසිසේත්ම යුරෝපීය ජාතිකයෙකුගේ විය නොහැක.

(ඈ) මෙම දේහයේ ඇස්‌ නිල්පාට නමුදු ස්‌පාඤ්ඤ ජාතිකයනට සාමාන්‍යයෙන් තිබෙන්නේ දුඹුරුපාට බළල් ඇස්‌ය.

(ඉ) දේහයේ දකුණු අත නොමැත. වාර්තාගත වන අන්දමට වර්ෂ 1614 නොවැ. 3 වන දින පෝල් පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි එම දකුණු අත කොටස්‌ 3 කට කපා එක්‌ කොටසක්‌ මැකාවෝ විදුහලටද අනෙක්‌ කොටස මලක්‌කාවටද, ඉතිරි කොටස රෝමයටද යවා ඇත. කතෝලිකයන් අතිශය ලෙස ගෞරව කරන, එවන් වූ වටිනා වස්‌තුවක්‌ මෙවන් වූ කෲර ඉරණමකට භාජන කරත් දැයි සිතිය හැකිද? පෝල් පාප් වහන්සේ එවන් ඉල්ලීමක්‌ සත්‍ය වශයෙන්ම ඉදිරිපත් කොට තිබුණේ නම්, සම්පූර්ණ අතක්‌ වෙනුවට කුඩා ඇඟිල්ලක්‌ කපා යෑවීමට නොහැකි වූයේ මන්ද? නො එසේ නම් එම “අත” කපා ඉවත් කළේ එවන් වූ ඉල්ලීමකට වඩා එම අතෙහිවූ තමන් නොකැමති යම් කිසි “ලකුණක්‌” තිබූ නිසාද? පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි කොටසක්‌ රෝමයට යෑව්වා නම් ඉතිරි කොටස්‌ අනෙක්‌ පෙදෙස්‌වලට යෑව්වේ කාගේ ඉල්ලීම පරිදි ද?

(සිංහලයන් විශ්වාස කරනුයේ රහල් හිමිගේ දකුණු අතෙහි තමන් හඳුනා ගැනීම සඳහා “සතුරු බුවනෙකබා බලය තෙව්ටක්‌ පසුබා රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගේ ගජබා යන කවියද “සවර” ලද මුල් කඳ” යන කවියද කොටා තිබූ බව සහ මෙම අත සිරුරෙන් ඉවත් කර ඇත්තේ එම දේහය සේවියර් පියතුමාගේ නොවේය යන්න ඉන් තහවුරු වන නිසාය).

(ඊ) රෝමානු කතෝලික පූජකවරු සාමාන්‍යයෙන් “ඔඩිසන්” නමැති ක්‍රියාවලිය අතරතුර තම හිස වටේට කවාකාරව “බොන්සෝර්” නමින් හඳුන්වන කෙස්‌ සිඳීම කරන අතර තමා මිය යනතුරුම එසේ තබා ගනිති. මෙම සිරුරේ එබඳු දෙයක්‌ නොමැත.

(එ) වාර්තාවලට අනුව ශාන්ත සේවියර්තුමා වර්ෂ 1507 අප්‍රේල් මස 7 වැනි දින උපත ලබා 1552 දී මිය යන විට වයස අවුරුදු 46 කි. නමුත් මෙම දේහය එවන් තරුණ දේහයක්‌ නොව ඉතා වයස සුදුකෙස්‌ නෙරා ඇති ආසියානු ජාතිකයකුගේ බව පෙන්නුම් කරයි.

(ඒ) ශාන්ත සේවියර්තුමාගේ උස අඟල් 66 කි. සාමාන්‍යයෙන් කෙනෙක්‌ මියගිය විට සිරුර අඟල් 1-2 කින් පමණ දික්‌වේ. එවිට සේවියර්ගේ දේහයේ දිග අඟල් 67 1/2 ක්‌ වත් විය යුතුය. නමුත් මෙම දේහයේ දිග අඟල් 60 ක්‌ පමණ වේ. එබැවින් අනිවාර්යයෙන්ම මෙය සේවියර්ගේ විය නොහැක.

(ඒ) මරණ පරීක්‍ෂක වාර්තාවනට අනුව දේහයේ මරණීය තුවාල ඇති බැව් වෛද්‍යවරු සහතික කරති. සේවියර්තුමා ඉතා ශාන්ත ගුණයන්ගෙන් හෙබි අතර අවසාන කාලයේ ඔහුව බලා ගැනීම සඳහා ඔහුගේ මිතුරන් ද විය. එසේනම් ඔහුගේ දේහයේ මරණීය තුවාල ඇති වීමට හේතුව කුමක්‌ද? (ජනප්‍රවාදයට අනුව 1552 දී පෘතුගීසීන් අම්බන ගුහාවේ සිට දේහය පැහැරගෙන යෑමට සැරසෙන විට ගම්වාසීන් එයට විරුද්ධව සටන් කර ඇත. එම ප්‍රදේශය අදටත් “ඇවිලුම” ලෙස හඳුන්වයි. සිරුරට තුවාල වී ඇත්තේ මෙම අවස්‌ථාවේය යන්න සිහලුන්ගේ විශ්වාසයයි.

(තවත් කරුණු ලබන සතියේ)

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

ෆ්‍රෑන්ක් තිසේරා පාහර පියතුමා ගෙන් රට රැකි නායකයාට තහනම් කොන්දේසි

දෙව් මැදුරේ දේශපාලනය බැහැ – කොන්දේසි පිට මහින්දට එන්න අවසර
2015-04-22 18:51:23
      Views – 5955

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාදම්පේ තනියවල්ලභ දේවාලයේ පැවැති දේව පූජාවකට සහ හලාවත ආසන දෙව්මැදුරේ පැවැති ආගමික වැඩසටහනකට අද සහභාගි වුණා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා.

 

එහෙම සාකච්ඡාවක් පැවැත්වුනා. ඒකේ විශේෂත්වයක් නැහැ මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, මම අනුශාෂකවරයා. ඉතින් ඒක හින්දා විශේෂ සාකච්ඡාවක් කියලා නෙමෙයි

 

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා හලාවත ආසන දෙව්මැදුර වෙත පැමිණීමට පෙර එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාව වන විට අදාළ දෙව්මැදුර වසා තිබීම බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු ඔගස්ටින් ප‍්‍රනාන්දු පැවසුවේ. ප්‍රශ්නය දුරදිග යාම වළකන ලද්දේ දෙව් මැදුරු දායක සභා නියෝජිතයින් සහ තල්විල මීසමේ පාලනාධිපති ෆ්‍රෑන්ක් තිසේරා පියතුමන් මැදිහත්ව දෙව් මැදුර තුළ දේශපාලනය නොකිරීමේ කොන්දේසිය මත මහින්ද රාජපක්ෂ මහතාට දෙව්මැදුරට ඇතුළුවීමට අවසර ලබාදීමෙනි.

 

 

www.nethfm.com 01 www.nethfm.com 02 www.nethfm.com 03

 

 

– See more at: http://offair.nethfm.com/article/16455#sthash.eNJpVEsI.dpuf

පාප්තුමා අපගෙන් සමාව ඉල්ලයි ද?

 

2013 වසරේ දී රාජකීය ආසියාතික සංගමය (මම දැනට එහි සභාපති ධුරය දරමි) විසින් ආචාර්ය විටෝ පර්නිඕලා පියතුමාට සංගමයේ රන් පදක්‌කම පිරිනමන ලදී. එතුමා විෂය ක්‍ෂේත්‍ර කිහිපයකට අදාළ ග්‍රන්ථ ලියා ඇති වුවද පදක්‌කම පිරිනැමීමේදී අපේ සංගමයේ විශේෂ අවධානය යොමු වූයේ කතෝලික පල්ලියේ ඉතිහාසය පිළිබඳ එතුමා විසින් රචිත කාණ්‌ඩ 19 කින් යුත් ග්‍රන්ථ මාලාව වෙතය. එතුමාගේ ශාස්‌ත්‍රීය කටයුතු ගැන බෞද්ධ ඇගයීම විදහා දැක්‌වීම සඳහා පදක්‌කම පැළඳ වීමට මම ප්‍රධාන පෙළේ භික්‍ෂූන් වහන්සේ නමකට ආරාධනා කළෙමි. අවුරුදු 100 වයසැති පර්නිඕලා පියතුමා පදක්‌කම දෙස බලමින් එය අගය කළේ කුඩා දරුවකු සේය. කතෝලික ධර්මය පිළිබඳ තොරතුරු විශේෂයෙන්ම මුල් යුගයේ ඇති වූ අමානුෂික සිද්ධීන් හා අපරාධ වාර්තාගත කොට ඇත්තේ මධ්‍යස්‌ථ ආකාරයෙන් බව මාගේ කතාවේ දී සඳහන් කළෙමි. එමෙන්ම 1978-2005 කාලයේ පාප්තුමාව සිටි 11 වන ජෝන් පෝල් පාප්තුමා කතෝලික පල්ලිය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් සියක්‌ වාරයකට වඩා සමාව අයෑද සිටිය ද ලංකාවේ කරන ලද අපරාධ ගැන අපෙන් සමාව නොගත් බවත් මම සඳහන් කළෙමි.

පෘතුගීසීන්ගේ ලංකා ගමනයට 500 වසරක්‌ පිරීමට පෙර අපේ දෘෂ්ටි කෝණයෙන් ලංකාවේ පෘතුගීසි යුගය හැදැරීම සඳහා ලංකාව පුරා වෙසෙන පුද්ගලයින් සියයකින් පමණ සමන්විත අධ්‍යයන කවයක්‌ මගේ ඉල්ලීම පරිදි ආසියාතික සංගමය මඟින් පිහිටුවන ලදී. මීට පෙර කරන ලද අධ්‍යයන කතෝලික පල්ලියේ හෝ උග්‍ර ලෙස පෘතුගීසිවාදී මතයක්‌ දරන පෘතුගාලයේ ගුල්බන්කියන් පදනමේ අනුග්‍රහයෙන් කරන ලද ඒවාය. අපේ අධ්‍යයන කවයේ සාමාජිකයකු වූ පෘතුගීසි යුගය ගැන ලංකාවේ නිෂ්පාදිත එකම චිත්‍රපටය වූ සංදේශයේ කලා අධ්‍යක්‍ෂ ආරියවංශ වීරක්‌කොඩි කියා සිටියේ පෘතුගීසීන් විසින් කරන ලද අපරාධ එම චිත්‍රපටයේ නිරූපණය නොකරන ලෙස ඔහුට අණ දී තිබුණු බවය.

ලංකා ශිෂ්ටාචාරය පෘතුගීසීන් විසින් කොතෙක්‌ දුරට විනාශ කරන ලද ද යත් ලංකා භික්‍ෂූන් විසින් 11 වන සියවසේ දී සියමට හා බුරුමයට හඳුන්වා දෙනු ලැබු බුදු දහම එම රටවලින් අපේ රටට ගෙන්වා ගැනීමට සිදු විය. අපේ රටේ සිදු වූ විනාශය පෘතුගීසි ඉතිහාසඥයන් වූ ක්‌වේරෝස්‌, ටි්‍රනිඩාඩ් සහ මනුඑල් ඩී සෝසා යන කතෝලික පූජකවරුන් විසින්ම වාර්තා ගත කොට ඇත. අපේ බෞද්ධ සිද්ධස්‌ථාන විනාශ කළ කෲර ආකාරය පිළිබඳ විස්‌තර මේ වාර්තාවල අන්තර්ගතය, එකල උත්කර්ෂවත් ලෙස වැජඹුණු අපේ සිද්ධස්‌ථානවල ඉතිරි වී ඇති නිහඬ නටබුන් අධ්‍යයනය කිරීම හා ඡායාරූප ගත කිරීම අපේ අධ්‍යයන කවයේ එක්‌ අරමුණක්‌ විය.

අපට සිදු වූ විනාශයට පෙර ලංකාව පෘතුගාලයට වඩා හාත්පසින් වෙනස්‌ වූ බව පෘතුගීසි ලේඛනවලින් පෙනේ. 1500 වන විටත් පෘතුගාලයේ ගොඩනැගිලිවල සරල බව, කුඩා ප්‍රමාණය හා රළු බව සඳහන් වී ඇත. 1552 දී ක්‍රිස්‌තියානි පූජකවරයෙකු වූ මොරයස්‌ සිංහල විහාරයකට ගිය විට පවසා ඇත්තේ මෙසේය. එය පෘතුගාලයේ ආර්ච්ඩිකන් පල්ලියට වඩා සෞභාග්‍යයෙන් හා රාජකීය පෙනුමෙන් අනර්ඝය, ලංකාවේ සමහර විහාර ලිස්‌බන් නගරයේ පොහොසත්ම පල්ලියට වඩා සමෘද්ධිමත්ය. කැරට්‌ ගණනාවකින් යුත් රන් වලින් විහාර ආලේප කර ඇත.

විනාශ කරන ලද සිද්ධස්‌ථාන අපේ රටේ සංස්‌කෘතික ඉතිහාසයේ නාමාවලියක්‌ වැනිය. කෝට්‌ටේ රජවාසල, කැලණියේ රජමාළිගාව හා ප්‍රධාන විහාර, සුනේත්‍රාදේවී පිරිවෙන, තොටගමුව, දෙවුන්දර, අත්තනගල්ල, වැලිගම, කෑරගල, වීදාගම සහ අනික්‌ විහාර මේ අතර වේ. විනාශ කළ සිද්ධස්‌ථාන සහ ඒවා මත ඉදිකරන ලද පල්ලි පිළිබඳ කෙටි ලැයිස්‌තුවක්‌ කේවේරොස්‌ සඳහන් කොට ඇත. කැලණිය, දෙවුන්දර, වීදාගම සහ සුනේත්‍රාදේවි පිරිවෙන් වැනි ස්‌ථානවල අදට දක්‌නට ලැබෙන භූමි ප්‍රමාණය මුලින් තිබූ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසකි. කඩුව හරහා ආගමට හැරවීම ලංකාවේ කතෝලික ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක්‌ විය. කතෝලික ග්‍රන්ථවලින්ම ඔවුන්ගේ කෲරකම් ගැන මනා අවබෝධයක්‌ ලබා ගත හැකිය. පූජකතුමෙකු වූ ක්‌වේරොස්‌ මහ හඬින් කියා සිටියේ “ආයුධ ගන්න. ආයුධ ගන්න, ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය (බුදු දහම) රජ කරනු දැකීමට ලංකාවේ කතෝලිකයන්ට ඉඩ සලස්‌වන්න එපා” යන්නය. මනුඑල් ඩී සෝසා මෙසේ ලීවේය. “පෘතුගීසි ජයග්‍රහණයේ උච්චතම අවස්‌ථාවේ දී, ඔහු (පෘතුගීසි සේනාධිපතියා) ඇඹරුම් ගලට තම දරුවන් විසිකිරීමට බෞද්ධ මව්වරුන්ට බල කොට දරුවන් මිරිකී යන ආකාරය බැලීමෙන් පසු ඔවුන්ගේ බෙලි ගසා දැමුවේය. ඔවුන් වාර්තා කර ඇති ආකාරයට ළමයින් කුකුළන්සේ හඬලන තුරු පෘතුගීසී සොල්දාදුවෝ කඩු වලින් ඔවුන්ට වේදනා දුන්හ. මල්වාන පාළමේ දී කිඹුලන්ගේ කෑම සඳහා සිංහලයින් කොතරම් වීසි කළාද යත්, සොල්දාදුවෙකුගේ නලා හඬ ඇසුණ විගස කිඹුලෝ ඒකරාශී වෙති.

ඩි සලනෝවා පියතුමා සිංහලයින් ආගමට හැරවීම ඉතා දුෂ්කර බවත්, කෙතරම් යත්න දැරුවත්, බල කරන්නේ නැතුව ඔවුන් ආගමට හැරවිය නොහැකි බවත් අවධාරණය කළේය. කෲර බලහත්කාරිය සහ පාප්තුමන්ගේ අණ සංයෝග විය යුතු බවට ටි්‍රනිඩාඩ් පියතුමා ලුහුඬින් ප්‍රකාශ කළේ මෙසේය. “පෙර දිග ආක්‍රමණයේ දී ඔවුන්ගේ සිවිල් බලය හා කතෝලික බලය කෙතරම් දුරට ඉතා කිට්‌ටුවෙන් ක්‍රියාත්මක වූවාද යත් එක්‌ බලයක්‌ පමණක්‌ යොදනු ලැබුවේ කලාතුරකිනි. ඇයි ද යත් ආයුධවලින් ආක්‍රමණය කළ හැක්‌කේ ක්‍රිස්‌තු භාෂිතයෙන් ඔවුන්ට දෙන ලද නියෝග මතය. එමෙන්ම ආයුධ පාවිච්චි කිරීමේදී කතෝලික ආගම දෙසීම තරමක්‌ දුරට ප්‍රයෝජනය විය.”

මේ කෲර ක්‍රම නොසෑහේ නම් ආගම වෙනස්‌ කරන අයට විශේෂ වරප්‍රසාද දෙන ලෙස පෘතුගාලයේ රජතුමා විසින් අණ කරන ලදී. තවද ක්‍රිස්‌තියානි නොවන සෑම ප්‍රතිමාවක්‌ම කූඩු කරන ලෙසත් එවැනි ප්‍රතිමා නෙලන්නන්ට බරපතළ දඬුවම් දීමටත් අණ දෙන ලදී. කතෝලික “ශුද්ධ ජලය” ඉසීමෙන් හා යාග කිරීමෙන් බෞද්ධ සිද්ධස්‌ථාන පල්ලිවලට පරිවර්තනය කළ ආකාරය ටි්‍රනිඩාඩ් පියතුමා විස්‌තර කොට ඇත.

ක්‍රිස්‌තියානි ධර්මය හා බුදු දහම පිළිබඳ පවත්ව ලද විවාදයකට කෝට්‌ටේ රජ කළ බුවනෙකබාහු රජතුමා සහභාගි වුවද එයින් කතෝලික ආගම ගැන පැහැදුනේ නැති බව ඔහු කියා සිටියේ මෙසේය. “මගේ රට වැසියන්ට ඔබේ ආගම උගන්වන්න. ඔවුන් එය පිළිගතහොත් මම සතුටු වෙමි. ඔවුන් ආගම වෙනස්‌ කළහොත් මම එයට කිසිදු බාධාවක්‌ නොකරමි. මේ ගැන වාර්තා කරන පෘතුගීසී ලේඛකයකු සඳහන් කළේ රජු එසේ කියා සිටියේ තම රට වැසියන් ක්‍රිස්‌තියානි ආගමට නොහැරෙන බව ඔහු ස්‌ථීර වශයෙන් දැන සිටි නිසා බවය. පෘතුගීසි තරුණයන් ක්‍රිස්‌තියානි ක්‍රමයට යාඥ කරනු දුටු සිංහලයින්ට එය සිනාවට කරුණක්‌ වූ බව ක්‌වේරොස්‌ සඳහන් කළේය. 1547 දී එම කරුණම ගැන කැමින්හා සඳහන් කළේ සෙන්කඩගල රජ ක්‍රිස්‌තියානි පූජකවරුන් ගැන මෙන්ම ක්‍රිස්‌තියානි ධර්මය ගැනද තදින් සිනා සුණේය යන්නයි.

තමා විශ්වාස නොකළ ආගම්වලට පවා සිංහලයින් දැක්‌වූ බෞද්ධ සහනශීලීභාවය පිළිබඳ හොඳම උදාහරණය නම් පෘතුගීසි කතෝලිකයන් මුස්‌ලිම්වරුන් පන්නා දැමූ විට පෘතුගීසීන්ට ළංවිය නොහැකි වන සේ රජතුමා ඔවුන් ඈත ගම්මානවල පදිංචිකරවීමය. ඕලන්ද ප්‍රොතෙස්‌තානුවන් පැමිණ කතෝලික ධර්මය ඇදහීම තහනම් කළ විට රජතුමාගේ පාලන ප්‍රදේශවල කතෝලිකයන්ට පදිංචිවීමට ඉඩ සළසා ආරක්‍ෂාව සපයන ලදී. මේ හේතුව නිසාම ළඟදී පැමිණෙන පාප්තුමා ලවා ජෝසෆ් වාස්‌ ශාන්තුවරයකු බවට පත් කිරීමට නියමිතය.

ආගමට හැරවීමේදී අනුගමනය කරන ලද කෲර පිළිවෙත ලංකාවේ වාසය කළ කතෝලික සේනාධිපතියන් විසින් තම රීසියේ කළ එකක්‌ නොව පාප්තමන්ලා විසින් නිකුත් කරන ලද විශේෂ ආඥවන් (ඡ්ච්ක ඊමකකි) අනුව කරන ලද ඒවාය. 1494 දී කරන ලද ටෝඩසිලාස්‌ ගිවිසුමෙන් එකල පාප්තුමා ලෝකය දෙකට බෙදා ලෝකයේ ඊනියා මිත්‍යා දෘෂ්ටිකයන් ක්‍රිස්‌තියානි ආගමට හැරවීම සඳහා එක්‌ කොටසක්‌ ස්‌පාඤaඤයටත් අනෙක්‌ කොටස පෘතුගාලයටත් භාර දුන්නේය. 1454 දී නිකුත් කරන ලද පාප්තුමාගේ ආඥවෙන් පෘතුගීසී රජුට අණ කර සිටියේය. “මිත්‍යා දෘෂ්ටිකයන් මෙන්ම ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ සතුරන් කුමන දේශයක වාසය කළත් කුමන රජකුට හෝ කුමරකුට අයිති වුවත් ඔවුන් අල්ලා යටත් කර ගන්න. ආක්‍රමණය කොට ඔවුන්ගේ රාජධානි, රටවල්, ඉඩම්, ගම්බිම් හා උන් සතු වස්‌තූන් කොල්ලකා ගන්න. සියලු වැසියන් වහල්ලු බවට පත් කරන්න “පාප්තුමා හරහා කරන ලද මෙම දිව්‍යමය ආඥවේ කෲර අරමුණ සක්‌සුදක්‌ සේ පැහැදිළිය. ලංකාවේ ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල සිදුවූ විනාශය හා මිනිස්‌ ඝාතන මෙම ආඥවල ප්‍රතිඵල විය.

1970 ගණන්වල මුල් කාලයේදී යුද හමුදාවේ තරුණ පිරිසක්‌ විසින් පිහිටුවන ලද රජයක්‌ විසින් පෘතුගාලයේ පැරැණි බල ව්‍යqහය වෙනස්‌ කරන ලදී. ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ නාමයෙන් සියවස්‌ ගණනාවක්‌ කරන ලද වධහිංසා හා මිනිස්‌ ඝාතන ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක්‌ ලිස්‌බන් නගරයේ ඉදිකර ඇත. 1990 ගණන් වන විට පෘතුගාලයේ හා ස්‌පාඤaඤයේ කතෝලික බලය අඩු වෙමින් පැවතිණ.

අතීතයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධව තිබූ ආකල්ප වෙනස්‌ කිරීමට 1990 ගණන්වල කතෝලික පල්ලිය උත්සාහ දැරීය. 1978-2005 දක්‌වා සේවය කළ දෙවන ජෝන් පෝල් පාප්තුමා කතෝලික අපරාධවලට සිය වරකට වඩා සමාව ඉල්ලා සිටියේය. එනම් මධ්‍යම ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේදී පල්ලියේ නාමයෙන් සිදුවූ අපරාධවලට අප්‍රිකානු වහල් වෙළෙ¹මට පල්ලිය සම්බන්ධ වීම ආගමට හැරීම ප්‍රතික්‍ෂේප කළ අය පුච්චා දැමීම කාන්තාවන්ට නිග්‍රහ කිරීම, යුදෙව්වන් කළ සමූල ඝාතනයට සම්බන්ධයක්‌ තිබීම අනෙක්‌ සංස්‌කෘතීන් සහ ආගම්වල කරන ලද හානිය යනාදිය යි.

සමාව අයෑද සිටි අන් සිද්ධීන් නම් රෝමානු කතෝලික ධර්මය හා බිසන්ටයින්වල පෙරදිග ක්‍රිස්‌තියානුන් අතර ඇතිවූ උග්‍ර භේදය, මුස්‌ලිම්වරුන්ට විරුද්ධව කළ කුරුස යුද්ධය, මාර්ටින් ලූතර් හා ප්‍රොටෙස්‌ටන්ත ධර්මයට නිග්‍රහ කිරීම, රුවන්ඩා සමූල ඝාතනයේ දී කතෝලික පූජකවරුන්ගේ කාර්යභාරය යනාදියයි. කතෝලික පල්ලිය විසින් ඕස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ සහ දකුණු ශාන්තිකරයේ දිවයින්වල මුල් වැසියන්ට කරන ලද ල-ජා සහගත අසාධාරණකම්වලට දෙවැනි ජෝන් පෝල් පාප්තුමා සමාව අයෑද සිටියේය. 1054 දී ඕර්තොඩොක්‌ස්‌ ක්‍රිස්‌තියානි පල්ලිය හා ඇති වූ මත භේද භින්නයට පසු පාප්තුමා පළමු වරට ශ්‍රීසියට ගිය ගමනේදී මෙන්ම පළමුවරට මුස්‌ලිම් පල්ලියට ගිය ගමනේදී මුස්‌ලිම්වරුන්ගෙන් හා ඕර්තොඩොක්‌ස්‌ ක්‍රිස්‌තියානි නිකායෙන් සමාව ඉල්ලා සිටියේය. 2005-2013 දක්‌වා සේවය කළ ංඩස වන බෙනඩික්‌ට්‌ පියතුමා යුරෝපය ශීඝ්‍රයෙන් ක්‍රිස්‌තියානි ආගමික බැඳීමෙන් තොර ලෞකික තත්ත්යකට අවතීර්ණ වන බව අවබෝධ කර ගත්තේය. තමා උපත ලත් ජර්මනියේ මග්ඩෙබර්ග් නගරයේ අද ක්‍රිස්‌තියානු ජනගහනය 8% ක්‌ පමණක්‌ බවත් තව දශක කිහිපයකින් වැඩි කතෝලික පිරිසක්‌ රැඳෙන්නේ පැරැණි යටත් විජිත රටවල බවත් කියා සිටියේය. මේ පිරිස පෘතුගීසීන් හා කතෝලිකයන් විසින් බලහත්කාරයෙන් ආගමට හැරවූ අය බව මෙහීදී සඳහන් කළ යුතු ය. ප්‍රංශයේ පල්ලිවල අප්‍රිකානු පූජකයින් වයස්‌ගත සුදු ජාතිකයන්ට ආගම දේශනා කරන ආකාරය බීබීසි වාර්තාමය වැඩසටහනකින් දක්‌නට ලැබුනු අතර මෙයින් ප්‍රංශයේ තරුණ පිරිස ක්‍රිස්‌තියානි ආගම පිළිබඳ දක්‌වන ආකල්පයද තහවුරු විය. බ්‍රිතාන්‍යයේ කරන ලද විමසීමකදී හෙළි වී ඇත්තේ සියවසක්‌ ඇතුළතදී ක්‍රිස්‌තියානි ධර්මය බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වන බවකි. යුරෝපයේ පල්ලියට යන පිරිස ශීඝ්‍රයෙන් අඩුවීමට පිළියමක්‌ යෙදීමේ අරමුණින් බෙනඩික්‌ පාප්තුමා මුල් යුගයේ කතෝලික කේන්ද්‍රස්‌ථානය වූ පෘතුගාලයේ හා ස්‌පාඤaඤයේ සංචාරයක යෙදිණි. මේ රටවල පිරිස්‌ ද පාප්තුමාගේ සංචාරයට විශේෂයෙන්ම ඒ සඳහා වැය වූ මුදල් සම්භාරය ගැන විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියහ. පෘතුගාලය ඇතුළු බටහිර යුරෝපයේ රටවල පසුගිය අවුරුදු 30 තුළ ඇති වූ ආකල්පමය වෙනස ගැන ලාංකිකයෝ නොදනිති. මෑතකදී ලංකාව ගැන ග්‍රන්ථයක්‌ ලියූ එකම පෘතුගීසි ලේඛකයා වන ෆෙලාරෙක්‌ස්‌ මෙසේ සඳහන් කරයි. “අද සිංහල කතෝලිකයන් පුදුම වන්නේ දැනට පෘතුගාල වැසියන් පල්ලියට නොයැම ගැනය.

කතෝලික පූජකවරුන් විසින් කරන ලද ළමා අපචාර පිළිබඳ චෝදනා රාශියකට මුහුණදීමට බටහිර පල්ලියට දැන් දැන් සිදු වී ඇත. පල්ලිය විසින් පාලනය කරනු ලැබූ නිවාස වල සිරකර තැබූ 30000 ක්‌ පමණ වූ කාන්තාවන් වෙනුවෙන් අයර්ලන්තයේ අගමැති සමාව අයෑද සිටියේය. පල්ලියේ පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබූ ආදීවාසී ළමුන් වෙනුවෙන් ඕස්‌ටේ්‍රලියාව සමාව අයෑද සිටියේය. බටහිර රටවල සිදුවූ අයථා ක්‍රියා සම්බන්ධයෙන් පල්ලියට විරුද්ධව ගනු ලැබූ නීතිමය ක්‍රියාවලට සාර්ථක ප්‍රතිඵල දැනටමත් ලැබී ඇත.

වතිකානුවේ ආසියානු ප්‍රචාරක මාධ්‍යයේ (ඒසියා නිව්ස්‌) ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ තෙවන සහශ්‍රයේදී ආසියාවේ කාර්යභාරය නම් මුළු ආසියාවම කතෝලික ආගමට හැරවීමය. එහෙත් අතීතයේ දී මුළු ආසියාවම බුදු දහමින් බබලනු ලැබීය. එම පාප්තුමා විසින් රචිත ග්‍රන්ථයෙහි ඔහුගේ විශේෂ විවේචනයට බුදු දහම භාජනය වූයේ බුදු දහමෙහි මැවුම් කරුවෙකු නොමැති නිසාය. බෞද්ධ අදහස්‌ බටහිර ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන බවත් මොහු අවධාරණය කර ඇත.

එවිට මැල්කම් රංජිත් බිෂොප්තුමා කියා සිටියේ ළමා අපචාර පිළිබඳ කතෝලික පූජකවරුන්ට කරන චෝදනා ගැන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ගෙන යන සංවිධිත ද්වේෂසහගත ප්‍රචාර විශ්වාස නොකරන්න කියාය. එම ලිපියේම බිෂොප්තුමා ංඩස වන බෙනඩික්‌ට්‌ පාප්තුමාගේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට ලාංකික කතෝලිකයන් යාච්C¹ කළ යුතුයෑයි යනුවෙන් ඉල්ලා සිටියේය.

කතෝලික පල්ලියෙන් හා පෘතුගීසීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෲරතර ක්‍රියා අන්තර්ගත පාසල් පොත්වල අඩංගු කොටස්‌ කපා දැමීමටද රංජිත් පියතුමා ප්‍රයත්න දැරීය. දෙමළ මෙන්ම සිංහල ජනයා අතර කතෝලිකයන් සිටින නිසා කොටි ප්‍රශ්නයේදී පල්ලියට මැදිහත් විය හැකි බව කියා සිටියේය. එල්ටීටීයට කතෝලික පූජකවරුන් දුන් සහාය ඔහුට අමතක වී ඇත. ඔහුගේ මතය නොතකා රජය යුදමය වශයෙන් එල්ටීටීය පරාජය කළේය.

අනෙක්‌ රටවලට කළාක්‌ මෙන් අපේ රටේ සිදුවූ අපරාධවලට කිසිදු පාප්තුමෙකු සමාව ඇයද නැත. ළඟදී ලංකාවට පැමිණීමට නියමිත නව පාප්තුමා එවැනි සමාවක්‌ ගනියිද යන්න ප්‍රශ්ණයකි. අතීතයේ කරන ලද අපරාධ එසේ නොවු බව කීමට උත්සාහ කළ මැල්කම් රංජිත් අද කාඩිනල් කෙනෙකි. වතිකානුව හා ශ්‍රී ලංකා රජය අතර ප්‍රධාන අතර මැදියා එතුමාය. ඒ නිසා නව පාප්තුමා සමාව ඇයදීමට සුදානම් වුවත් මැල්කම් රංජිත් කාඩිනල් තුමා එයට ඉඩ නොදෙනු ඇත.

ආචාර්ය

සුසන්ත ගුණතිලක

http://www.divaina.com/2014/12/21/feature18.html

ස්වර්ග කම්කරු ඇඩ් කල්ලියේ ආගම් ප්‍රචාරක ට්‍රික්ස් – ලංකාදීප හරහා

ස්වර්ගයේ කම්කරු ඇඩ්ස් උපක්‍රමය ගැන අපි ලිපියක් පල කලෙමු. මේ එම කල්ලියම ඉරිදා පත්තර හරහා ආගම් ප්‍රචාරය කිරීමට යොදාගන්නා උපක්‍රමයයි.

 

IMG0039A IMG0040A IMG0041A

නොමිළේ මෝඩ ආගම් ප්‍රචාරක පොත් තමාගේ ගොදුරු වල මොළ සෝදනය පිණිස ඔවුන් එවන්නේ එම පත්තර දැන්වීමට ප්‍රතිචාර දක්වන අයටය. මෙන්න එය සිදුවන ආකාරය.

 

ඉහත ඇඩ් එක බලා උනන්දුවන ගොදුර පහත ආකාරයට ඊ-මේල් හරහා කල්ලියෙන් විස්තර විමසයි. එයට පිළිතුරු දෙන කල්ලිය පුහු පත්‍රිකා තොගයක් නොමිළේ එවයි.

පහත ඊ-මේල් ලිපිය හරහා ඔබටත් ගොදුරක් සේ රඟපා වෙන්නේ කුමක්දැයි බලාගත හැක

 

 

කල්ලියේ පිළිතුර

On Monday, 1 December 2014, 12:02, icislinfo ici <icisl.info@gmail.com> wrote:

ඔබ අපට ප්‍රතිචාර දැක්වීම ගැන අපගේ ස්තූතිය පළමුව පළ කර සිටිමු. ජීවිතයේ       විවිධාකාර ගැටලු, ප්‍රශ්න, වේදනා, පීඩා, බලාපොරොත්තු කඩවීම් ඇති අයට ජීවිතයට බලාපොරොත්තුවක් තිබෙන බව පසක් කර දීම අපගේ මෙම වෑයමෙහි අරමුණ වේ. පළමුව මෙය අපි පුද්ගලිකව අත්දුටුවෙමු. ජීවිතයේ සැනසීමට, සහනයට, ප්‍රීතියට සහ සුවයට බාධාව කුමක්දැයි හඳුනාගත් අපි ඉන් නිදහස් වූයෙමු. ඉන්පසු සැබවින්ම අපගේ ජීවිතයට සැබෑ සහ පවතින ප්‍රීතිය, සහනය, සැනසීම, සුවය ලැබුණි. එය ඔබත් සමඟ බෙදාගැනීමට අපට අවශ්‍යය.

 
ඊළඟ පිටුවල මෙම විස්තරය ඇත. එය හොඳින් සහ සාවධානව කියවීමට අපි ඔබට ආරාධනය කරමු. එය ඔබගේ ජීවිතය ජයගැනීමට නව ප්‍රවේශයක් වනු ඇත. ඉන්පසු ඔබගේ ප්‍රතිචාරය අපට ලිපියකින් හෝ ඊ-මේල් මගින් දන්වන්න.
 
අපගේ ලිපිනය: අයි. සී. අයි., තැ. පෙ. 15, ජා-ඇල.
 
Font eka me samaga ewa ata. eye install karaganna.
ස්තූතියි!
 
අධ්‍යක්ෂක

විමසුම් ලිපිය

On 30 November 2014 at 22:10, godura <godura@gmail.com> wrote:

Hello,
   Obalaage Lankaadeepa ad eka nisaa ewami. Matath wisthara kiyanna.
Thanks
-Godura

 

 

අනේ අපොයි!…ජනපති හා වෛරය පාප් ගෙන් පිරිමසා ගන්නා රෝමානු කතෝලික පුජක වසලයෝ.

පාප්තුමාට එන්න එපාලු

2014 දෙසැම්බර් මස 04 18:16:28 | . , තිලිණි ද සිල්වා,තුෂාර සිල්වා

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාරය  කල් දමන්නැයි කියමින්  මෙරට ඉහළ පෙළේ රෝමානු කතෝලික පුජකවරුන් කිහිප දෙනකු හා කතෝලිකයන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කැර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ කතෝලික පුවත්පතක් වන ‘මැසෙන්ජර්‘ පුවත්පතේ හිටපු සංස්කාරකවරයකු වන  හෙක්ටර් වෙල්ගම්පොල කියා සිටින්නේ මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැමි කටවුට්,මැතිවරණ  පුවරු වලින් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවයි.

පාප් වහන්සේගේ සංචාරය සිදු වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කතෝලික ජනතාව වේදනාවට ලක් කළ බවත්,මහත් මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැම් කටවුට් වලින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය  වතිකානයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාවද ඇතැම් පුවරුවල දකින්නට ලැබෙන බව වෙල්ගම්පොළ මහතා කියා ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ වාර්තාවේ සඳහන්වේ.

එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබද අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අග රද ගුරු  වෙත ලිපියක් ලියමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බව හා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී තිබේ.

මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණිම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයටද හානියක් යැයි  පෙන්වා දී ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ වාර්තාවේ දැක්වේ.

 

src:

http://www.lankadeepa.lk/index.php/articles/280069

 

‘පාප්තුමාත් ඡන්දෙට යොදාගෙන‘

2014 දෙසැම්බර් මස 04 17:33:13 | . , අශේන් සේනාරත්න

 ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එසේ ප්‍රදර්ශනය කොට ඇති සියලු දේශපාලන පෝස්ටර හා කටවුට් වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන පිළිබඳ මාධ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.

 

Src:

http://www.lankadeepa.lk/index.php/articles/280063

මේ කතෝලික මාධ්‍යවේදියෝ කවුද? මොනවද කරන්නේ?

මේ රටේ බෞද්ධ මාධ්‍යවේදීන් කියා කොටසක් නැත. කෙසේ  නමුත් දහසක් කතෝලික කුමණ්ත්‍රණ මැද සිදුවීමට නියමිත පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය මැද කතෝලික මාධ්‍යවේදී මෙරුවන් පිරිසක් එක්වරම මතුවී තිබේ. බොදුනුවාට ජාතිවාදී ලේබලය ඇලවීමට මැලි නොවන පිරිස් මේ ආගම්වාදීන් ගැන කියන්නේ මොනවාද? කිසිවක් නැත. මන්ද එම ලේබල් කාරයන් පිරිසම මේ ආගම්වාදී කතෝලික මාධ්‍ය හැතිකරය තුල සිටින බැවිනි. පසුගියදා පැවති සංඝ සම්මේලනයට මෙරටට වැඩි, බුරුම අවිහිංසාවාදී බෞද්ධ සටනේ පියා පූජණීය විරාතු හිමියන්ට ඉංග්‍රීසි මාධ්‍ය හරහා එරෙහි වූවෝ මේ කල්ලතෝනි පර බල්ලෝයි. එනමුත් මුළු ලොවේම පරාජිත කුරුස යුද්ධයේ නියමුවා වන වතිකානු බලකොටුවේ පාප්වහන්සේ මෙරටට සැපත්වීමට එරෙහි පුවතක් මේ “බෞද්ධ ජාතිවාදී” රටේ පල නොවේ. . කතෝලිකයන් එය විග්‍රහ කරන්නේ කෙසේද? මැලක්ම් ජඩයාගේ කටුකන මේ බලු රැල පාප්වහන්සේ බැහැදකීමට අමුතුවෙන් ඉල්ලිය යුතුද? කොටින්ට කඩේ ගිය මැල්කම් මුන් ටික බලෙන් ගෙන්වා පාප් වහන්සේ මුණගස්වනු ඇත. මෙයට පුවත් ප්‍රචාරය දීම ඒකාන්තයෙන්ම මුන්ගේ තොවිලයට පෙර සූදානමකි. කතෝලික වූ පමණින් මේ රටේ මාධ්‍යවේදීන්ට වූ කිසිම අකටයුත්තක් නැති කල මේ මෙරුවන් රැල හුදු කුමණ්ත්‍රණයක් සඳහාම සක්කිලි පල්ලිය විසින් නිපදවූ හැතිකරයකි. ආගම්වාදී මාධ්‍ය මෙරුවන්ගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලාගැනීමට රටටම හැකිවනවා ඇත.

පාප් වහන්සේ මුණගැසීමට
කතෝලික මාධ්‍යවේදියෝ අවස්‌ථාවක්‌ ඉල්ලති

නෝමන් පලිහවඩන

ශුද්ධෝත්තම පළමු වැනි ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි පසු උන්වහන්සේ මුණගැසීමට අවස්‌ථාව සලසා දෙන ලෙස කතෝලික මාධ්‍යවේදියෝ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාමන්ගෙන් ඉල්ලීමක්‌ කර සිටිති.

ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍යවල කතෝලික මාධ්‍යවේදීන් සේවය කරන අතර පාප්තුමා ශ්‍රී ලංකාවට සැපත් වූ පසු දින එම මාධ්‍යවේදීන් පිරිසට උන්වහන්සේ මුණ ගැසීමට අවස්‌ථාව සලසාදීම ඉතා වැදගත් බවද කියති.

මේ අනුව එම කතෝලික මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ ඒ ඒ මාධ්‍ය ආයතන මගින් ලබාගෙන එම අවස්‌ථාව ලබාදීමට කටයුතු සලසා දෙන ලෙසද ඔවුහු කාදිනල්තුමාගෙන් ඉල්ලා සිටිති.

 

http://www.divaina.com/2014/11/17/news10.html

සිරිමාට එරෙහි කතෝලික කුමණ්ත්‍රණය හා ඇගේ කතෝලික දියණිය

2015 ජනපතිවරණය හා සිංහල බෞද්ධයා

මීරියබැද්ද කන්ද දෙමළ වතු කම්කරුවන් තුන්සියයක්‌ බිලිsගෙන ඒ කිසිවක්‌ සිදු නොවූ අන්දමට නිහඬව බලා සිටී. අසරණ දුගී වතු කම්කරුවෝ අඩි 30 ක පස්‌ කන්දකට බිලිවූහ. අපට සිදුකළ හැක්‌කේ කුමක්‌ද? ඔවුනට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පමණි. ජීවිතය පුරාම පීඩිත භාවයෙන් පෙළනු ලැබූ මේ වතු කම්කරු පිරිසගේ මරණය ද පීඩිත විය. මෙය සැබැවින් ම ෙ€දයකි. ස්‌වභාව ධර්මයා විටක අපට ඉතාම කාරුණිකව සලකන අතර, විටෙක අතිශය ප්‍රචණ්‌ඩ ලෙස අපට පහර දෙයි. වෙඩි උණ්‌ඩයෙන් හෝ කාලතුවක්‌කුවෙන් පහර දී මීරියබැද්ද කන්දෙන් පලිගත නොහැකිය. මීරියබැද්ද ගම්මානය ද ඉතිහාසයට එකතු විය. ශිෂ්ටාචාරය එතැන වැළලිණි.

මේ ස්‌වාභාවික විපත රටේ දේශපාලන උණුසුම වෙනතකට හැරවීය. මහින්ද – රනිල් – පොදු අපේක්‍ෂක සටන ගැන නිරන්තරව පිටු පිරවූ මාධ්‍ය ද මීරියබැද්ද කන්ද විසින් යටකරනු ලැබිණි. එහෙත් තව ටික දිනකින් යළිත් ජනපතිවරණ උණුසුම ඉදිරියට එනු ඇත. මීරියබැද්ද ගම ක්‍රමයෙන් මතකයෙන් ගිලිහෙනු ඇත. 2015 ජනවාරි මාසයේදී අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණයක්‌ පැවැත්වෙන බව අගමැති දි. මු. ජයරත්න මහතා පසුගිය සතියේදී මහනුවර පැවැති රැස්‌වීමකදී ප්‍රකාශ කර තිබිණි. ජනපතිවරණයට පෙර හෝ පසුව අගමැති ධුරයේ වෙනසක්‌ ඇති වනු ඇත. පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍ය මණ්‌ඩලය ඉල්ලා තිබුණේ ජනාධිපතිවරණයට පෙර අගමැති ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ යුතු බවයි. මේ ගැන රටේ විධායකය කවර මතයක්‌ දරන්නේ ද යන්න පැහැදිලි නැති වුවත් සිරිසේන මහතා අගමැති ධුරයට පත් කිරීම ශ්‍රීලනි පාක්‍ෂිකයන් යම් ප්‍රබෝධයකට පත් කිරීමට හේතු වනු ඇත.

ඌව පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය තමන් 2009 දී ලැබූ ඡන්ද ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ ලබා ගැනීමට හැකි වීම නිසා නව පණක්‌ ලැබූ පිරිසක්‌ සේ ක්‍රියා කරන බව පෙනේ. එහෙත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට 2015 ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි වේද? 1999 දී පැවැති ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ නායකයාට යම් වාසිසහගත තත්ත්වයක්‌ නිර්මාණය වී තිබුණද, එය වැළකුණේ හිටපු ජනාධිපතිනිය කොළඹ පුරහලේදී කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයකට ලක්‌වීම නිසා ය. මේ නිසා හිටපු ජනාධිපතිනියගේ ඇසක්‌ අහිමි වුවත් සිංහල ජනතාව අවසන් මොහොතේ ඇයට ඡන්දය දුන් නිසා 1994 ට පසුව යළිත් වරක්‌ බලය තහවුරු කර ගැනීමට කුමාරතුංග මහත්මියට හැකි විය. ඇය සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය නායිකාවක්‌ වූයේ නම් නැත. ශ්‍රීලනිපයෙන් ජනපති පදවියට පත් වුවත් ඇය අනුගමනය කළ ප්‍රතිපත්ති බොහෝ දුරට සමාන වූයේ ඇගේ සැමියාගේ පක්‍ෂය එනම් ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ප්‍රතිපත්තිවලටය. කුමාරතුංග මහත්මිය කිසිම විටෙක ඇගේ මව මෙන් එනම් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මෙන් සිංහල බෞද්ධ නායිකාවක්‌ නොවූවාය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය නම් සැබැවින් ම හොඳ බෞද්ධ නායිකාවකි. ඇය බලයෙන් පහ කිරීම 1962 දී සිදු වූ හමුදා කුමන්ත්‍රණය කෙළින්ම කතෝලික කුමන්ත්‍රණයක්‌ විය. එහි ප්‍රමුඛ වූ සියලු දෙනාම කතෝලික හමුදා නිලධාරීහු විය. සිරිමාවෝ මැතිනිය 1960 කතෝලික පාසල් රජයට පවරා ගැනීම පිළිබඳ කතෝලික සභාව බෙහෙවින් සසල විය. කවරක්‌ නමුත් ඇගේ දියණිය බෞද්ධයාට හිතවත් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළාද යන්න බලවත් ප්‍රශ්නයකි. ඒ ඇගේ දේශපාලන දර්ශනය අනුව විය හැකිය.

2015 ජනපතිවරණයේදී සිංහල බෞද්ධයා ඡන්දය ලබා දිය යුත්තේ කාටද? මහින්ද රාජපක්‍ෂ මහතාට ආකර්ෂණය වන්නේ සිංහල බෞද්ධ ඡන්ද පමණකි. නමුත් බෞද්ධ බලවේග වත්මන් ජනපති සමඟ යම් විරසකයකින් කටයුතු කරන්නේද? ජාතික හෙළ උරුමය ජනපතිවරයාට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට මෙතෙක්‌ පිළිතුරක්‌ ලැබී නැත. බොදු බල සේනාව නම් ප්‍රකාශ කර තිබුණේ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් අතරින් තරමක්‌ හෝ සහනයක්‌ වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා බවයි. අපත් මේ අදහසේ සිටිමු. කවර වැරදි තිබුණද, මහින්ද ජනපතිට තව එක්‌ අවස්‌ථාවක්‌ ලබා දීමට සිංහල බෞද්ධයා ක්‍රියා කළ යුතු බව අපේ මතයයි. බොහෝ වැරදි අඩුපාඩුකම් සිදුÊවී ඇති බව අප දනිමු. නමුත් 2015 ජනපති මැතිවරණය සිංහල බෞද්ධයාට ඉතා තීරණාත්මක බැවින් වඩා සාධනීය අපේක්‍ෂකයා තෝරා ගැනීම ඉතා වැදගත් ය.

අතුරලියේ රතන හිමියන් පිවිතුරු හෙටක්‌ සංවිධානය ඔස්‌සේ විධායක ජනපති ක්‍රමයේ බලතල අඩු කිරීමට යෝජනා ගෙනැවිත් ඇත. මේ යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් හැකි සෑම වෙරයක්‌ම දරා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට කටයුතු කරන බව රතන හිමි එදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උස්‌ හඬින් ප්‍රකාශ කළේය. රතන හිමියන්ගේ කණස්‌සල්ල කුමක්‌ දැයි අප නොදන්නා මුත් මහින්ද පරාජය කර ගෙන එන අපේක්‍ෂකයා රතන හිමිට පාලනය කළ හැකි ද යන ප්‍රශ්නය අපි නඟමු. මහින්ද රාජපක්‍ෂ පරාජය කර රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් කළ ද ඔහු හදිසියේ ජනපති ක්‍රමය වෙනස්‌ කිරීමට යන්නේ නැත. ඇත්තෙන්ම විධායක ජනපති ක්‍රමය වෙනස්‌ කිරීමට උත්සාහ කිරීම සිංහලයාට අවාසියකි. එය විරුද්ධ පක්‍ෂයේ කුහකකම විදහා දැක්‌වීමක්‌ මිස අන් දෙයක්‌ නොවේ. කොටි පරාජය කිරීම සඳහා නිසි දේශපාලන නායකත්වයක්‌ ලබාදීමට විධායක ජනපති ක්‍රමය බෙහෙවින් ඉවහල් විය. එසේම රට ස්‌ථාවරව තබා ගැනීමට විශේෂයෙන් දේශපාලන ස්‌ථාවරය පවත්වාගෙන යැමට විධායක ජනපති ක්‍රමය අත්‍යාවශ්‍යය. 2015 දී කවරකු බලයට පත් වුවද විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු නැත. එසේම ජනපතිවරණයක්‌ ආසන්නයේ කඩිමුඩියේ ව්‍යවස්‌ථා වෙනස්‌කම් සිදු කිරීම අමනකමකි.

චතුර පමුණුව

http://www.divaina.com/2014/11/01/feature01.html

අධිකරණ තීන්දුවට අපහාස කල කළුතර පිලිප්නේරි මුණිඳුන්ගේ අන්තවාදී කල්ලිය


 කටුකුරුන්දට කඳුළු ගෑස්‌ ප්‍රහාර…


දෙපිරිස මත දෙකක

 

පොලිසිය ගත් ක්‍රියා මාර්ගයට විරෝධය

ප්‍රතිමාවක්‌ තැම්පත් කිරීමේ උත්සාහය සමග නොසන්සුන්වේ

හෙට්‌ටිපොල සීවලී හිමියන් හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා උණුසුම් වචන හුවමාරුවක.

සටහන සහ ඡායාරූප – විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

කළුතර, කටුකුරුන්ද හන්දියේ සිට ශාන්ත පිලිප්නේරි දේවස්‌ථානයට යන ශාන්ත පිලිප්නේරි මාවත ආරම්භ වන ස්‌ථානයේ කිතුනු බැතිමතුන් ඊයේ (21 වැනිදා) ශාන්ත පිලිප්නේරි මුණිඳුන්ගේ ප්‍රතිමාවක්‌ ස්‌ථාපිත කළ අතර එය නීත්‍යානුකූල නොවන බව කියමින් අධිකරණ නියෝගයක්‌ රැගෙන ආ දකුණු කළුතර පොලිසිය එම ප්‍රතිමාව ගලවා දකුණු කළුතර පොලිසිය වෙත ගෙන ගියහ.

මින් කුපිත වූ දහස්‌ ගණනක පිරිසක්‌ ගාලු පාර අවහිර කරමින් කෑකෝ ගසමින් යාඥ කරමින් හා ගීතිකා ගායනා කරමින් සිටි අතර ප්‍රතිමාව නැවත ගෙනඑන තුරු ගාලු පාරෙන් ඉවත් නොවන බව කියා සිටියහ.

කලමුල්ල මීසම් පාලනාධිපති ලෝරන්ස්‌ රාමනායක පියතුමා හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා අතර ඇති වූ සාකච්ඡාවකින් පසුව නැවත ප්‍රතිමාව ගෙන ඒමට තීරණය විය.

ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව මෙම ප්‍රතිමාව ස්‌ථාපිත කරන බවට පොලිසියට දන්වා තිබූ කරුණු අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එය ස්‌ථාපිත කිරීමට ඉඩ නොදෙන ලෙසට කළුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය අධිකරණ නියෝගයක්‌ ලබාදී තිබුණි.

ඒ අනුව ඊයේ (21 වැනිදා) දහවල් 12.40 ට පමණ ප්‍රතිමාව පොලිසියට ගෙන යැමත් සමග ජනතාව මාර්ගය වසා ආරම්භ කළ උද්ඝෝෂණය සවස 3.15 ට පමණ නැවත ප්‍රතිමාව ගෙන එනතුරුම පැවැත්විණි.

නැවත ගෙන එන ලද ප්‍රතිමාව කිතුනු බැතිමතුන් විසින් එම ස්‌ථානයේම නැවත ස්‌ථාපනය කොට යාඥ කිරීමට පටන් ගන්නා ලදී.

මෙම අවස්‌ථාවේදී එතැනට වී සිටි පූජ්‍ය හෙට්‌ටිපොල සීවලී හිමියන් ඇතුළු ස්‌වාමීන් වහන්සේලා පිරිසක්‌ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට බලකර සිටියහ.

එම ස්‌ථානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කළුතර කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන රැසක නිලධාරීන්ද, කැරලි මර්දන නිලධාරීන් හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද කැඳවා තිබුණි.

ඉන්පසු පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස්‌ හා ජල ප්‍රහාරයක්‌ එල්ල කිරීමට පොලිසියට සිදුවූ අතර ප්‍රකෝප වූ පිරිස්‌ පොලිස්‌ නිලධාරීන්ට ගල් මුල්වලින් දමා ගැසීමත් සමග කටුකුරුන්ද හන්දිය යුද පිටියක සිරි ගත්තේය.

ප්‍රතිමාවටද ජල ප්‍රහාර එල්ල විය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු, සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ සහ කළුතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක සම්පත් බණ්‌ඩාර යන මහත්වරුන් පිරිස සන්සුන් කිරීමට මහත් වෙහෙසක්‌ ගත්හ.

පොලිස්‌ නිලධාරීන්ටත් තුවාල

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (21 වැනිදා) ඇතිවූ කලබලකාරී තත්ත්වයේදී කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකුද මහමග වාහනවල ගමන් ගත් කිහිප දෙනකුද ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වීමෙන් සුළු තුවාල ලබා ඇත.

 

http://www.divaina.com/2014/09/22/news32.html

 

කන්න දුන් අත හපා කා පස්ස බිම ඇනගත් එමානුවෙල් සිය කතෝලික කම තවදුරටත් ලොවට පෙන්වයි.

කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් කිරීම මානව හිමිකම් කඩ කිරීමක්‌ද?

සති තුනක්‌ තිස්‌සේ ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ විවිධ රැඟුම් දැක්‌වූයේ කොටි හිතවාදී සංවිධානයි.

එහෙත් ශ්‍රී ලංකා රජය කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. එය අශ්වයා පැනගියාට පසු ඉස්‌තාලය වසා දැමීමක්‌ වැනිය. තහනමට ලක්‌ වූ සංවිධාන මෙසේයි.

1. කොටි සංවිධානය, 2. ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය, 3. ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, 4. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, 5. ලෝක ද්‍රවිඩ සංසදය, 6. කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය, 7. ඔස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය, 8. ගෝලීය ද්‍රවිඩ සංසදය, 9. කැනඩා ද්‍රවිඩ ජාතික කමිටුව, 10. ද්‍රවිඩ ජාතික කවුන්සිලය, 11. ද්‍රවිඩ තරුණ සංවිධානය, 12. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව. 13. අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව, 14. ද්‍රවිඩ ඊලම් ජනතා සභාව, 15. ලෝක ද්‍රවිඩ සහන අරමුදල, 16. මූලස්‌ථාන කණ්‌ඩායම

මේ සංවිධාන අතරින් කීපයක නායකයන් ලෙස එමානුවෙල් පියනම නදියවන් හෙවත් පෙරිම්පනායගර් විශ්වනාදන්, රුද්රමාරන් සහ විනයකුමාරන් විනයාගන් ක්‍රියා කරයි.

රජය මෙම තහනම ප්‍රකාශයට පත් කිරීම එකී සංවිධානවලට පමණක්‌ නොව මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය හා ද්‍රවිඩ සංධානයට එල්ල වූ අතුල් පහරකි.

මෙලෙස රජය කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් කිරීමෙන් පසු හිටපු බ්‍රිතාන්‍ය මන්ත්‍රී ජෝන් රසන් පැවසුවේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ බවයි.

එසේම ගෝලීය ද්‍රවිඩ සංසදයේ මෙරට ප්‍රචාරක ඒජන්තවරුන්ටද එකී තහනම නිසා කොටි ප්‍රචාරවලට මුල්තැන දීමට නොහැකි වී තිබේ.

රජයේ මේ ක්‍රියාමාර්ගය ගැන මෙතෙක්‌ රාජ්‍ය නොවන සංවිධාන හා මානව හිමිකම් කවුන්සලය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

එහෙත් එකී සංවිධානවල ක්‍රියාකාරීහු පසුගිය කාලයේ සංචාරකයන් වේශයෙන් මෙරටට පැමිණ තිබේ.

තහනම ප්‍රකාශයට පත් වීමත් සමගම ඔවුන්ටද මෙරටට පැමිණීමට නොහැකිය. මේ පසුබිම මැද ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් කලබලයට පත්වී ඇත. අපි සාකච්ඡාමය විසඳුමකට එළඹීම සඳහා සූදානම් වූ අවස්‌ථාවේ රජය ගෝලීය ද්‍රවිඩ සංසදය තහනම් කිරීම වැරදි සහගත ක්‍රියාවක්‌ යෑයි ඔහු කියා සිටියේය.

එහෙත් පසුගිය මාර්තු 27 දා ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවේදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් දේවගැති පැවසුවේ රජයට හා ජනාධිපතිට මෙහිදී හොඳ පාඩමක්‌ උගන්වන බවයි.

සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා ඇත්තේ ගෝලීය ද්‍රවිඩ සංසදය, ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධානයක්‌ බවයි. එහෙත් එය කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධානයක්‌. අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙයවන විශ්වනාදන් රුද්රකුමාරන් යනු ප්‍රභාකරන්ගේ උපදේශකයාය. ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසයට සම්බන්ධ සෑම් පාරි නමැත්තිය හිටපු කොටි ක්‍රියාකාරිනියකි. කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් ප්‍රපාල පිල්ලේ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ සංස්‌කාරක ලෙස කටයුතු කළ සී. පී. සිවරාම් හෙවත් තාරකිගේ මස්‌සිනායි. තාරකී කොටියකු නොවන බව පෙන්නුම් කිරීමට මෙරට ඇතැම් මාධ්‍ය පාර්ශ්ව ද උත්සාහ කළේය.

ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය මෙහෙයවූ අර්ජුන් එදිරිවීරසිංහම් නමැත්තා ශ්‍රී ලංකාවට ඒමටද මෑතකදී උත්සාහ කළේය.

මේ කොටි හිතවාදී සංවිධානවලට සම්බන්ධ ටැමිල් සී. එන්. එන්. වෙබ් අඩවිය මෙහෙයවූ කන්නන්ද මෙරටට පැමිණ ආරක්‍ෂක අමාත්‍යාංශය මෙහෙයවූ ආරක්‍ෂක සමුළුවට ද සහභාගි විය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ අගෝස්‌තු 21 දා විශ්‍රාම යයි. එහෙත් ඇයට ශ්‍රී ලංකා රජය කොටි හිතවාදී සංවිධාන 16 කට පැනවූ තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමට නොහැකිය. එසේම මෙම සංවිධාන මානව හිමිකම් ආරක්‍ෂකයන් යෑයි ප්‍රකාශ කිරීමටද ඉඩක්‌ නැත.

එකී සංවිධාන ප්‍රධානීහු මානව හිමිකම් සමුළුව වෙත පැමිණියේ බටහිර රටවල සහය මතය.

ඔවුන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා නිල ආවරණය ද ලැබී තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා රජය පැනවූ තහනම නිසා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 2015 දී ආරම්භ වන අවස්‌ථාවේ එම කොටි ක්‍රියාකාරීන්ට ඊට සහභාගි විය හැකිද යන ප්‍රශ්නය බටහිර රටවල් හමුවේ පවතී.

මෙතෙක්‌ දවස්‌ එමානුවෙල් පියනම ඇතුළුÊකොටි ක්‍රියාකාරීහු හඳුන්වනු ලැබුවේ මානව හිමිකම් රැකවලුන් ලෙසයි. එහෙත් මින්පසු ඔවුහු ත්‍රස්‌තවාදයේ රැකවලුන් ලෙසට නම් වී ඇත.

මෙලෙස ක්‍රියාත්මක වූ කොටිහිතවාදී සංවිධානවල පසුබිමේ සිටියේ බටහිර රටවල්ය. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සමග සාකච්ඡා කළේය. කැනඩාවේ දේශපාලනඥයන් ද එරට කොටි හිතවාදී සංවිධාන සමග රහස්‌ සාකච්ඡාවල නිරත වී තිබිණි. එසේම ගෝලීය ද්‍රවිඩ සංසදය බ්‍රිතාන්‍ය දේශපාලන පක්‍ෂ සමඟ දැඩි සබඳකම් පවත්වයි. එහෙත් ශ්‍රී ලංකා රජය කොටි සංවිධාන 16 කට පැනවූ තහනම මත විදේශ රටවල් කෙලෙස ක්‍රියා කරන්නේ ද යන ප්‍රශ්නය පැනනැගී ඇත.

මෙවන් පසුබිමක්‌ මැද එකී සංවිධානවලට අරමුදල් එකතු= කර ගත හැකිවේ ද?

මේ අතර රජය පැනවූ තහනම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ සමඟ සබඳකම් පැවැත්වීම ද ප්‍රශ්නයක්‌ වී ඇතැයි කොටි වෙබ් අඩවියක්‌ ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය මත රජය මීළඟ පියවර ද ගත යුතුව තිබේ. ඒ එකී කොටි හිතවාදී සංවිධාන සමඟ සබඳකම් පවත්වන මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද තහනම් කිරීමයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ එකී කොටි සංවිධාන සමග සබඳකම් පවත්වන බව රහසක්‌ නොවේ. එය තහවුරු වූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු කොටි ක්‍රියාකාරීන් සමග සතුටු සාමීචියේ යෙදීම නිසායි.

ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහි ඝෝෂා කළ කැනඩා ද්‍රවිඩ සංවිධානයේ ක්‍රිෂ්ණ සවරිමුත්තු නමැත්තා ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවට ගොස්‌ උතුරේ පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට මින් මතු ඉඩ නොලැබෙන බව කියා සිටියේය.

ඉන් සනාථ වුයේ 2009 සිට 2014 දක්‌වා මොවුන් මෙරටට පැමිණ තම ඉලක්‌ක සපුරාගෙන ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීමයි.

සවරීමුත්තුලා ජිනීවාහිදී රඟ දැක්‌වූ නාටකය අපි දුටුවෙමු. ඔවුන්ට තවදුරටත් මෙරටට පැමිණ රාජෙද්‍රdaහී ක්‍රියාවල නිරතවීමට ඉඩදිය යුතුද?

“අපේ ක්‍රීඩාව හමාරයි” යෑයි යුරෝපා කොටි වෙබ් අඩවිය පැවසුවේ මේ නිසාය. කැනඩාවේ ද්‍රවිඩයන් 300,000 ක්‌ සිටිනවා. රජය පැනවූ තහනම නිසා අපේ සබඳතාවලට බරපතළ ප්‍රශ්න මතුවී තිබෙනවා යෑයි සවරීමුත්තු නමැත්තා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීමට සියයට 100 ක්‌ ම විවිධ කුමන්ත්‍රණ දියත් කළේ කොටි හිතවාදී සංවිධානයි.

ඔවුහු එහිදී විවිධ වහසිබස්‌ දෙඩූහ.

උතුරු පළාත් සභාව අපි සමග සිටිනවා අපිව නවත්වන්න කාටත් බැහැ යෑයි කොටි ඩයස්‌පෝරාව කියා සිටියහ.

වලිකාමම් ප්‍රාදේශීය සභාවේ නියෝජිතයකු ද ජිනීවාහිදී කොටි ක්‍රියාකාරීන්ට එක්‌විය. එහෙත් මානව හිමිකම් මුවාවෙන් ත්‍රස්‌තවාදී ආරක්‍ෂකයන්ට එක්‌වීමට ඉඩදිය යුතුද?

* කීර්ති වර්ණකුලසූරිය

 

http://www.divaina.com/2014/04/04/feature.html