අනේ අපොයි!…ජනපති හා වෛරය පාප් ගෙන් පිරිමසා ගන්නා රෝමානු කතෝලික පුජක වසලයෝ.

පාප්තුමාට එන්න එපාලු

2014 දෙසැම්බර් මස 04 18:16:28 | . , තිලිණි ද සිල්වා,තුෂාර සිල්වා

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාරය  කල් දමන්නැයි කියමින්  මෙරට ඉහළ පෙළේ රෝමානු කතෝලික පුජකවරුන් කිහිප දෙනකු හා කතෝලිකයන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කැර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ කතෝලික පුවත්පතක් වන ‘මැසෙන්ජර්‘ පුවත්පතේ හිටපු සංස්කාරකවරයකු වන  හෙක්ටර් වෙල්ගම්පොල කියා සිටින්නේ මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැමි කටවුට්,මැතිවරණ  පුවරු වලින් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවයි.

පාප් වහන්සේගේ සංචාරය සිදු වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කතෝලික ජනතාව වේදනාවට ලක් කළ බවත්,මහත් මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැම් කටවුට් වලින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය  වතිකානයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාවද ඇතැම් පුවරුවල දකින්නට ලැබෙන බව වෙල්ගම්පොළ මහතා කියා ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ වාර්තාවේ සඳහන්වේ.

එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබද අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අග රද ගුරු  වෙත ලිපියක් ලියමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බව හා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී තිබේ.

මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණිම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයටද හානියක් යැයි  පෙන්වා දී ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ වාර්තාවේ දැක්වේ.

 

src:

http://www.lankadeepa.lk/index.php/articles/280069

 

‘පාප්තුමාත් ඡන්දෙට යොදාගෙන‘

2014 දෙසැම්බර් මස 04 17:33:13 | . , අශේන් සේනාරත්න

 ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එසේ ප්‍රදර්ශනය කොට ඇති සියලු දේශපාලන පෝස්ටර හා කටවුට් වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන පිළිබඳ මාධ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.

 

Src:

http://www.lankadeepa.lk/index.php/articles/280063