පරංගි හා ලන්දේසි විසින් මැකූ රයිගම පතිරාජ පිරුවෙණ


රටම එකෙළි කළ
රයිගම පතිරාජ පිරුවෙණ
ඉතිහාසයේ සැ`ගව ගියේ මෙහෙමයි!

සිදත් සඟරාවෙහි අවසන් ගීයෙහි “දකුණ ලක සියල් බුජ මහවුරෙහි රක්‌නා දෙදෙරද ගම් විමනද” යන්න දැනට ද සැලකිල්ලට භාජන වී තිබෙනවා. ඇතැම් තැනක මෙය හමුවන්නේ ” රදලගම් යනුවෙන්. රදල යනු රාජකුළ යන අරුතයි. එකල රටේ වගකිව යුතු තත්ත්වයේa නිලධාරීන් ” රාජ කුලයට අයත් වූවන් සේ සලකණු ලැබුවා. ඒ නිසා අලකේෂ්වර පවුලට ලැබුණ ප්‍රවේණිගම රාජකුල

ග්‍රාම + රදොලගම + රදලගම් වී යෑයි එක්‌ මතයක්‌. මෙයට විරුද්ධව තවත් මතයක්‌ තිබෙනවා. නිශ්ශංක අලකේෂ්වර ස්‌වාධීන පාලකයකු වශයෙන් ජීවත් වූ නිසා ඔහුද “රජ යන්න” භාවිත කරන්නට ඇති. ඔහුගේ ග්‍රාමය රාජග්‍රාම + රදගම් වී යෑයි තවත් මතයක්‌. මුඛපරම්පරාගත වෘත්තාන්තයක්‌ අනුව මේ ප්‍රදේශයේ පැවති විසල් වනයක්‌ නිසා රද්වන + රද්ගම + රදගම වී යෑයි සැලකෙනවා . කෙසේ හෝ වේවා මෙම රදගම අද “රයිගම” යයි සැලකෙන නාමය බව පැහැදිලියි.

කිත්සිරිමෙවන් කැලණි ශිලා ලිපියෙහි දැනට කියවා ඇති පාඨයක්‌ අනුව

“දේව පතිරාජෙන රාජග්‍රාම සමීපෙ හොරණ නාම ස්‌ථානෙ ප්‍රතිෂ්ඨාපිතේ, පතිරාජ පරිවෙන ස්‌ථවිර පදං ලබ්ධවා…………” යෑයි විස්‌තර වෙනවා. එසේ නම් මේ කියමනත් අද මෙතැන ඇති නටබුනුත් දෙස බලන විට හොරණ පිහිටි පතිරාජ පිරුවන අන් තැනක පැවතියේ යෑයි සිතිය නොහැකියි. එමෙන්ම පැරණි නිධන් වදුලක මෙසේ ද සඳහන් වෙනවා.

“රයිගම් නම් නුවරෙක්‌ ඇත. ඊට නැගෙනහිරින් පතිරාජ නම් අරමෙක්‌ ඇත………”

මේ කරුණු ද සලකතොත් සිදත, මයුරය වැනි ග්‍රන්ථකරණය සඳහා පසුතල වූ පතිරාජ පිරුවන හොරණ පිහිටි බව පැහැදිලියි. එසේ වෙතොත් හොරණ රජ මහා විහාර භික්‍ෂු පරපුර ඓතිහාසික වශයෙන් පොළොන්නරු යුගය දක්‌වාත් ගමන් කරනවා. මෙයින් පැහැදිලි වන්නේ කුමක්‌ද? මුල් අවස්‌ථාවෙහිදී බෝධිරාජයා පමණක්‌ පැවති මෙතන පසුකාලයේදී ප්‍රාදේශීය පාලකයන් විසින් සෙසු විහාරාංගයන් එක්‌කොට වැඩිදියුqණු කරන ලද බවයි. මේ ස්‌ථානයේ දැනට සොයාගෙන ඇති නටබුන්වලින් සමහරක්‌ දඹදෙණි, යාපහු යුගවලට අයත් වීමද මෙහි ලා සැලකිය යුතු කරුණක්‌. මෙහි ඇති ඇතැම් ශිලාස්‌ථම්භයක හෝ ගල්කැටයමක පෞරාණිකත්වය අනුව දඹදෙණියේ සහ යාපහු යුගයන්හි මෙතන විශාල ආරාමයක්‌ තිබුණේ යෑයි සැලකිSම අපහසු වන්නෙ නෑ.

පැරණි යුගයෙහි දේශපාලන තන්ත්‍රයෙහි විශේෂ ලක්‌ෂණයක්‌ දක්‌නට ලැබෙනවා. එනම් දේශපාලනය බුද්ධ ශාසනය අතර පැවති දැඩි සම්බන්ධතාවයි. රජවරුත් වෙනත් රාජකීය ප්‍රබලයෝත් තමන්ගේ නමින් ආරාම කෙරෙව්වා. ඒවාට පුදපඬුරු වශයෙන් ගම් නියම්ගම් පිදුවා. එමෙන්ම එහි වැඩ සිටි භික්‍ෂුන්ගේ නොමද ආශිර්වාදයත්, සහායත් ඔවුන්ට ලැබුණා. මෙම විහාරාරාමයන්හි දියුණුව හෝ පරිහාණිය රඳා පැවතියේ ස්‌වකීය අනුග්‍රාහකයන්ගේ ජය හෝ පරාජය මතයි. මේ අනුව ආර්යචක්‍රවර්තීන් පරදවා හතරවන පරාක්‍රමබාහු පලවා හැර අලකේaෂ්වරගේ බලය වර්ධනය වන විට ඔවුන්ගේ අනුග්‍රහය ලැබූ හොරණ පතිරජ පිරුවනේද ස්‌වර්ණමය යුගය උදාවීම ස්‌වභාවිකයි.

ක්‍රි. ව. 1344 දී ඉබන්බතුතා නම් සංචාරකයා ලංකාවට පැමිණෙන විටත් අලගක්‌කෝනාර රයිගම්පුර විසූ බව පෙනෙනවා. ඉබන්බතුතා ඔහු හඳුන්වන්නේ අල්කෝනාර් යන නමින්. ඔහු සිය පුත්‍රයා විසින් ඇස්‌ දෙක අන්ධ කරනු ලැබ විසූ බවත් කියවෙනවා. එහෙත් මේ වන විටත් අලකේශ්වර පවුලේ දේශපාලන බලය ස්‌ථාවරව තිබිණා. එය විනාශ වූයේ චීන සෙන්පතියකු විසින් වීර අලකේශ්වර පරාජයකොට සිරකරුවෙකු වශයෙන් අල්වාගෙන යැමෙන් පසුවයි. හතරවන පරාක්‍රමබාහු රජු බලයට පත්වුණේ ඉන් පසුවයි. හේ ආර්යචක්‍රවර්ත්‍රී වෙතින් පරාජය ලැබ රෝහණයට පලා ගිය පස්‌වන පරාක්‍රමබාහුගේ බෑණා කෙනෙකු බව පෙනෙනවා. එසේ නම් ස්‌වකීය මාමාගේ විරුද්ධවාදීන් වන අලකේශ්වර වරුන් කෙරෙහි විරුද්ධතාවය මොහු තුළත් පවතින්නට ඇති. හයවැනි පරක්‍රමබාහු ස්‌aවකීය අගනුවර වශයෙන් තෝරාගත්තේ කෝට්‌ටේ තිබුණු බලකොටුවයි. එහෙත් ස්‌වකීය පූර්වගාමීන් හා විරුද්ධවාදීන් වන අලකේශ්වර වරුන්ගේ රාජධානිය මොහු අමතක කර දමන ලද බව පෙනෙනවා. යටත් පිරිසෙයින් තමා බාල කල හැදුනු වැඩුණු වීදාගම විහාරස්‌ථානය පවා නොතකා හරින ලද බවක්‌ තමයි පෙනෙන්නෙ.

සීතාවක රාජසිංහයන්ගේ මරණින් පසුව රයිගම් කෝරළය හා ඒ අවට ප්‍රදේශ නිත්‍ය වශයෙන්ම පරංගීන් යටතට පත් වුණා. මුල් යුගයේ ගෙන ගිය සටන් ව්‍යාපාරයන්හි දී තමනට විපක්‍ෂව සිටි මේ ප්‍රදේශ වලින් ඔවුන් සෑහෙන පළිගැනීමකින් තෘප්තිමත් වෙන්න ඇති. දොන් ජුවන් ධර්මපාලගේ මරණින් පසුව ඔවුන් කන්ද උඩරට හැර සෙසු සියලු මුහුදු බඩ ප්‍රදේශවල නීත්‍යානුකූල උරුමක්‌කාරයන් බවට පත්වුණා. එතැන් සිට ස්‌වකීය පාලන ප්‍රතිපත්තීන් මෙන්ම ආගමික ප්‍රතිපත්තීන් ද සිත්සේ ක්‍රියාත්මක කිරීමේ වරය ඔවුනට ලැබුණා.

පරංගි ආගමික ප්‍රතිපත්තිය වූයේ ක්‍රිස්‌තු ලබ්ධිකයන් හැර සෙසු සියලුම ආගමිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් සේ සලකා ඔවුන් පිටු දැකීමයි. කතෝලික පල්ලි හැර සෙසු සියලුම ආගමික පූජනීය ස්‌ථාන මිථ්‍යා දෘෂ්ටික මධ්‍යස්‌ථාන සේ සලකා විනාශ කිරීමයි. ඒ තැන්වල කතෝලික පල්ලි ගොඩනැඟීමයි. පරංගීන් විසින් ලියන ලද ඇතැම් වාර්තාවන් අනුව රයිගම් කෝරළයේ විහාරයක්‌ කඩා වටිනා වස්‌තු පැහැර ගත් බවත්, චෛත්‍ය කඩා බිඳ දමන ලද බවත් සඳහන් වෙනවා. මේ විනාශයට ලක්‌ වූ ආරාමය හොරණ රජමහා විහාරය යෑයි සාධාරණව තර්ක කළ හැකියි. ඔවුන් විනාශ කළ සෑම විහාරයක්‌ පැවති ස්‌ථානයකම පල්ලිsයක්‌ ගොඩනගනු ලැබුවා. එසේ හොරණ ඓතිහාසික රජමහා විහාර භූමියේ ද පරංගීන් විසින් පල්ලියක්‌ ගොඩ නොනගන ලද්දේ යෑයි සිතිය හැකිද?

පරංගීන් මුහුදුබඩ පාලනය භාරගත් අවස්‌ථාවේ පටන්ම කිහිප අංශයකින්ම නැගුණු බාධකයනට මුහුණ දීමට ඔවුනට සිදුවුණා. එක්‌ පසෙකින් තමනට විරුද්ධව කඩුව අමෝරාගෙන සිටි කන්ද උඩරට විමලධර්මසූරියයි. අනෙක්‌ පැත්තෙන් නිරන්තරයෙන්ම පහත රටින් පැන නැගුණු කැරලි පිළිබඳ තර්ජනයයි. මෙම බාධකයනට මුහුණ දී රටේ සාමය පවත්වා ගැනීමට ගමන් මාර්ග පහසුකම අවශ්‍ය වුණා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ගමන් මාර්ග දෙකක්‌ සකස්‌ වී තිබුණා.

1. කොළඹ සිට කඩුවෙල, හංවැල්ල, අවිස්‌සාවේල්ල හරහා මහනුවරට

2. මල්වානේ සිට හංවැල්ල හරහා හොරණට , හොරණින් පානදුරයට, රත්නපුරයට හා අඟුරුවාතොටට……….

මේ නිසා හොඳම ගමන් සංධිස්‌ථානයක පිහිsටි හොරණ රජමහා විහාරයට ඔවුන්ගේ පළමු පහර එල්ල වීම ස්‌වාභාවිකයි. මෙම යුගයෙහි පරංගීන්ට විරුද්ධව වැඩියෙන්ම කැරලිs පැන නැගුනේ කලින් සීතාවක රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශ වලයි. විශේෂයෙන්ම දොන් ජෙරනිමෝද අසවේදෝ පරංගි කපිතාන් ජෙනරාල් වරයා වශයෙන් සිටියදී මෙම කැරලි ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. වරක්‌ රයිගම් කෝරළ ප්‍රදේශයෙහි පැන නැගුණු කැරැල්ලක්‌ මැඬලීමට සමරකෝන් මුදලි යටතේ හාරසීයක ලස්‌කිරිඤ්ඤ බට හමුදාවක්‌ යවන ලද බව පෙනෙනවා. තවත් වරක පැන නැගුණු අරගල මැඬ පවත්වා, රයිගම් කෝරළය සෙමෙහි තැබීම සඳහා පර්නැන්ඩු මුදලි රයිගම් කෝරළයෙහි බලකොටුවක වාඩිලා සිටි බවත් සඳහන් වෙනවා. තවත් අවස්‌ථාවකදී ව්‍යාප්තව ගිය කැරැල්ලක්‌ මැඬලීමට ගිය අසවේදෝ කපිතාන් ජනරාල් හොරණ හරහා ආපසු ගිය බවද සඳහන් . ඒ අවස්‌ථාවේදී හොරණදී අසවේදෝ කැරලිකරුවන් සමඟ සටන් කළ බවත් කියවෙනවා.

මෙබඳු සටන් ව්‍යාපාරයන් පවතිද්දී ඒ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පෘතුගීසි ප්‍රතිපත්තිය වුණා. එබඳු තත්ත්වයක්‌ යටතේ හොරණ රජමහා විහාරය ඔවුන්ගේ ප්‍රහාරයට ලක්‌ වීම පුදුමයක්‌ නොවේ. මේ වන විට රයිගම් කෝරළයේ පූජනීය ස්‌ථාන අතරින් පෙරමුණෙහි වූවේ වීදාගම විහාරය සහ හොරණ රජමහා විහාරයයි. පරංගි සිංහල සටන්වලදී සිංහල රණකාමින්ගේ රක්‍ෂාස්‌ථානයන් වශයෙන් ද මේ ස්‌ථාන වැදගත් තැනක්‌ ගත් බවට සැකයක්‌ නැහැ. පරංගි ආධිපත්‍යයෙන් රට නිදහස්‌ කරගැනීම සඳහා සිංහල හදවත් මුවහත් කිරීමෙහිලා මේ ස්‌ථානයේ දුකසේ වැඩ විසූ භික්‍ෂුන් වහන්සේ සෑහෙන ප්‍රමාණයක්‌ උත්සාහයක්‌ දරන්නට ඇති. මෙසේ ඇති වූ කැරලි මැඬලීමේදී මූලික වශයෙන් පරංගි ප්‍රහාර මෙම ආගමික මධ්‍යස්‌ථානයන්ට එල්ල වීම ස්‌වාභාවිකයි. මෙබඳු ප්‍රහාරයකදී කෝපයට පත් වූ පරංගි හොරණ රජමහා විහාරයේ පැවති ඓතිහාසික බෝධි වෘක්‍ෂයද කපා දැම්මා. බෝධි රාජයා කපා දැමීමෙන් පසු සත් දිනක්‌ වනතුරු එතනින් ලේ වැගුරුණු බව අදත් මුඛ පරම්පරාගත වෘත්තාන්තයන්හි සඳහන් වෙනවා.

හොරණ රජමහා විහාරයේ පරිහානිsයට ඊළඟ හේතුව වුණේ පරංගීන් තුළ පැවති ආගම් පිස්‌සුවයි. තමන් විසින් විනාශ කරන ලද අන්‍යාගමික පූජනීය ස්‌ථාන පිහිටි ස්‌ථානයෙහි ඒ මත කතෝලික පල්ලි ගොඩනැඟිම ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්තියෙහි විශේෂාංගයක්‌ බව අප මුලින්ද පෙන්වා දුන්නා. පෘතුග්‍රීසි මූලාශ්‍රයනට අනුව වීදාගම විහාරය බිඳ හෙළා ඒ මත පල්ලියක්‌ ගොඩනැගූ බව පෙනෙනවා. එසේ නම් වීදාගම විහාරය සමඟ දීර්ඝකාලීන සම්බන්ධකම් පැවැත්වූ සම ආයතනයක්‌ වශයෙන් ඓතිහාසික යුගයන්හි නැගී සිටි හොරණ රජමහා විහාරයට ද එම ඉරණම ම අත් වීම අප අපේක්‌ෂා කළ යුතුයි.

ක්‍රිස්‌තුලබ්ධිය ප්‍රචාරය කිරීමෙහිලා එක්‌ පරංගි උපක්‍රමයක්‌ වූයේ පල්ලි ආශ්‍රිතව ගෙනගිය අධ්‍යාපනික හා සමාජ සේවා ව්‍යාපාරයයි. හොරණ ග්‍රාමයෙන් හා ඒ අවට ගම් කිහිපයකින් ලැබුණු ආදායම ක්‍රිස්‌තියානි අනාථ දරුවන්ගේ මඩමක වියදම සඳහා යොදවන ලද බව එක්‌තරා පෘතුගී්‍රසි මූලාශ්‍රයක දැක්‌වෙනවා.

පෘතුග්‍රීසින්ගෙන් පසුව ලක්‌දිව මුහුදුබඩ ප්‍රදේශ පත් වූයේ ලන්දේසි ආදිපත්‍යයටයි. මුහුදුබඩ ප්‍රදේශ වල ආදිපත්‍ය සඳහා පරංගීන් හා ඕලන්දයන් අතර ඇති වූ ගැටුම් රයිගම් හා පස්‌දුන් කෝරළ වලද බෙහෙවින් දක්‌නට ලැබුණා. පෘතුගීසින් හා ලන්දේසින් අතර ප්‍රදේශ බෙදා ගැනීමේදි ඔවුන්ගේ පාලන සීමාව වැටී තිබුණේ රයිගම් කෝරළයෙන්. මේ නිසා දෙපක්‍ෂය අතර ඇති වූ සටන් රාශියක්‌ම රයිගම් කෝරළය තුළදී ඇතිවීම ස්‌වභාවිකයි. මෙම සටන් වලදී මෙම ප්‍රදේශයේ තිබුණු පූජනීය ස්‌ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා.

ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ලන්දේසිs අතට පත් වූ පසු ඔවුන් රෙපරමාදු ධර්මය මෙහි ප්‍රචලිත කිරීමට උනන්දු වුණා. ආගම ප්‍රචාරණය කිරීමෙහිලා ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්‌ වූයේ පෘතුග්‍රීසින් පිහිටුවන ලද කතෝලික පල්ලි රෙපරමාදු පල්ලි බවට පත් කිරීමයි. අනතුරුව ඒවා අධ්‍යාපන මධ්‍යස්‌ථාන බවට පත් කිරීමයි. දැනට රාජ්‍ය ලේඛනාගාරයේ ඇති ලියකියවිලි හා තෝම්බු වලින් හොරණ රජමහා විහාර භූමියේ ලන්දෙසි පාසලක්‌ පැවති බව පෙනී යනවා. මිල්ලෑව, මීවන පලාන, වැලිකල, මීමන වැනි ගම් දහයක පවුල්වල ළමුන් මේ ස්‌ථානයට පැමිණි බව එම තෝම්බු වල සඳහන් වෙනවා. එපමණක්‌ නොව මෙම පාසල රෙපරමාදු පූජකවරයකුගේ පාලනය යටතෙහි පැවති බවත්, ළමයින් සෑහෙන සංඛ්‍යාවක්‌ මෙහි ඉගෙනීම ලැබූ බවත් පැහැදිලි වෙනවා.

පරංගි, ලන්දේසි පාලන සමයන්හි හොරණ රජමහා වෙහෙරට අත් වූ තත්ත්වය මින් පැහැදිලියි. කෝට්‌ටේ අර්බුදකාරිත්වය නිසා කෙමෙන් පිරිහෙමින් පැවති මෙම ස්‌ථානයට මාරක පහර වැදුණේ මෙම විදේශීන් අතිsන්. නිරන්තරව පැවති අවුල් වියවුල් නිසා මේ ප්‍රදේශයෙහි වැසියෝ බොහෝ විට කන්ද උඩරටට පලාගියා. විශේෂයෙන්ම සීSතාවක රාජසිංහගේ අවසාන සමයේදි මෙය බහුල වශයෙන් දක්‌නට ලැබුණා. ජන ශූන්‍ය ප්‍රදේශයක්‌ බවට මෙය පත්වන විට එම වැසියන්ගේ පුදප`ඩුරින් ඔදවත් වුණු වෙහෙර ද අඩපණ වී යැම නොවැළැක්‌විය හැකි කරුණක්‌. පරංගීන්ගේ, “ආගම් පිස්‌සුව” නිසා මෙම ස්‌ථානය පමණක්‌ නොව මෙහි තිබුණු අගනා පූජනීය වස්‌තූන් aද විනාශ වී ගියා. සිල්වත්, නැණවත් මහතෙරවරුන් විසින් සෙව්නා ලද මේ බිම ක්‍රමයෙන් භික්‍ෂුන් වහන්සේගෙන් හිස්‌ව ගියා. පිළිම ගෙවල්, දාගැබ්, වෙහෙර විහාර, ලැගුම් ගෙවල් විනාශ වී ගියා. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ යෞවන සමයෙහි නැගුණු බීජයකින් පැන නැගී, අත්‍යන්ත ශ්‍රද්ධා භක්‌තියකින් පිරී ඉතිරී ගිය බෞද්ධයන්ගේ සාදු නාදයෙන් නව ජීවයක්‌ ලබමින් වැඩුණු බෝධීන් වහන්සේ, සැතපුම් දහස්‌ ගණනක්‌ එපිට යුරෝපීය දේශයක ජනිතව සුරතින් කඩුවත් වමතින් කුරුසයත් රැගෙන මෝසම් සුළ`ගින් පාවුණු නැවකින් ලක්‌දිවට පා තැබූ මිසදිටු අතකින් කැපි මේ පොළවට පස්‌ වුණා. තත් බෝධිරාජයාණන්ගේ සුරක්‌ෂිත භාවය සඳහා සැදැහැත් රජදරුවන් විසින් සද්ධා භක්‌තියට අබමල් පියල්ලකිනුදු දැඩි බවින් අඩු නැති සෛලමය බලකොටුවක්‌ සේ කරවන ලද බෝ කොටුව කාලයාගේ ඇවෑමෙන් විනාශ වුණා.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි

http://www.divaina.com/2013/01/20/feature02.html

රටේ පුරාවස්‌තු ගිල්ල ලොකුම ඉතිහාසගත බහිරවයෝ, කුරුස යුද්ධ කාරයෝ


පුරාවස්‌තු කොල්ලයේ අතීතකතාව

වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්‍ර ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්‍යසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්‍යයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.

පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසය

මුලින්ම අප රට ආක්‍රමණය කළේ චෝල රජවරුන්ය. ශ්‍රී ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්‍රමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්‍රධාන චෝල ආක්‍රමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්‍රමණයයි. ක්‍රි.ව. 985 සිට ක්‍රි.ව. 1014 දක්‌වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස්‌ වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්‌තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්‍ර චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්‍ර චෝලගේ පාලන සමය ක්‍රි.ව. 1014 සිට ක්‍රි.ව. 1044 දක්‌වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්‍රමණය වුණි. මෙලෙස චෝල පාලනය ක්‍රි.ව. 1070 වන තෙක්‌ පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්‌සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්‍රමණිකයා අති මහත් විනාශයක්‌ කොට වස්‌තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්‍රි.ව. 1215 සිට ක්‍රි.ව. 1236 දක්‌වා පැවතිණි.

ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්‌තු කොල්ලය සිදු කළේ, ක්‍රි.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්‍රි.ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්‌තූපය විනාශ කොට එය පිහිටි ස්‌ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්‌තූපයෙහි තිබුණු වටිනා පුරා වස්‌තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්‌තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක්‌ කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි අගනුවර කෝට්‌ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්‌ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්‌ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්‌තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්‍ෂුන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්‍ෂිත ස්‌ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්‌ටේ සුනේත්‍රාදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්‌තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්‍ර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්‌කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්‌කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්‍රදේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්‌තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්‌, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්‌පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්‌, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක්‌ බවට හුවා දක්‌වමින් වර්තමානයේ පවා ප්‍රදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්‍රදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.

ක්‍රි.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්‍රිකුණාමලය නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ගෝකණ්‌ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්‍රි.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්‍ෂි දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික්‌ බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්‍රිකුණාමලයේ දිස්‌ වෙයි.

පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්‍රදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්‌තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට්‌ දූපතෙහි ඇති බෞද්ධ ස්‌තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක්‌ සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්‌තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට්‌ දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්‌තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්‍රදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්‌ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්‌වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක්‌ පමණක්‌ බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්‍රි.ව. 1658 සිට 1796 දක්‌වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්‌තු ආදියට සිදු වූ හානිය සාපේක්‍ෂ වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්‍රිතාන්‍යයෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්‍රී ලංකාවම යටත් කර ගත්හ. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්‍රකාරව බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ආරක්‍ෂා කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්‍රිතාන්‍යයෝ අපගේ බෞද්ධ සිද්ධස්‌ථාන සංරක්‍ෂණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්‌තු, සොරකම් කොට ඒවා බ්‍රිතාන්‍යයට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්‍රමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්‍රදානය කරන ලද සෙල්මුවා සන්නස්‌ද සූක්‍ෂම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්‍රිතාන්‍යයන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්‌තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු එවකට පුරා විද්‍යා කොමසාරිස්‌ වූ එස්‌. එම්. බරෝස්‌ (S. M. Burous) ගේ අධීක්‍ෂණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්‍යාඥයෙක්‌ නොවුණු අතර බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්‍රිතාන්‍යයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්‌තු සහ නිධන් වස්‌තු බ්‍රිතාන්‍යය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්‌ස්‌ (Ralph Backhaus) නම් වූ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්‍රී ලංකාවෙහි පුරා වස්‌තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්‍යා කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් හතරැස්‌ කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1887 දී අඩි 162 ක්‌ දිග උමගක්‌ ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක්‌ කඩා වැටී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පිරිසක්‌ එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු සහ සංරක්‍ෂණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක්‌ අනුරාධපුර රාජධානියෙහි පුරා වස්‌තු වලට බ්‍රිතාන්‍යයෝ කර තිබුණහ.

වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුය යන නීතිය ගෙන ආ බ්‍රිතාන්‍ය පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්‍රී මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස්‌ තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක්‌ නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක්‌ කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්‍රතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක්‌ නොතිබිණි. එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්‍රිතාන්‍යයෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක්‌ තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්‌තු සහ නිධන් වස්‌තු බ්‍රිතාන්‍යයට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක්‌ සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්‍රිතාන්‍යයෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා මෙම අවස්‌ථාවේදී නම් ඔහු බ්‍රිතාන්‍ය පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක්‌ නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්‌ථානාධිපතිව වැඩ සිටි ස්‌වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක්‌ ඉදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්‍රිතාන්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා බංගලාවක්‌ ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්‌ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්‌ම බ්‍රිතාන්‍යයන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්‍රිතාන්‍ය බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්‌ථාන යම් ප්‍රමාණයකට හෝ බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්‍ෂා විණි.

බ්‍රිතාන්‍යයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්‍රමණ සහ වසංගත රෝග නිසා ක්‍රමයෙන් ජනශුන්‍ය වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්‍යය නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලද්දේ ක්‍රි.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. රජු චෛත්‍යය ප්‍රතිසංස්‌කරණය කොට අතිවිශාල භූමි ප්‍රමාණයක්‌ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්‍රෝධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්‍යද, දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්‍රමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්‍රිතාන්‍යයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්‍රිතාන්‍ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්‍යයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්‍යට අයත් අති විශාල භූමි ප්‍රමාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට්‌ එකක්‌ සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙම චෛත්‍යයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක්‌ ගෙන ගිය ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ. බ්‍රිතාන්‍ය මහ රැජිණටත්, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු අක්‌කර 585 ක්‌ දීඝවාපී රජ මහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්‍රමාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්‍රමාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට්‌ එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්‍රදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්‍රිතාන්‍ය රජයට කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්‍රේෂ්ඨ වීර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද ගල් සන්නස ඇණිකට්‌ එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක්‌ සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්‍රානුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්‍යවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්‌කොට්‌ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්‌කොට්‌ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස්‌ (Sir William Wallace) ගේ හිස්‌ කබල සමඟ විද්‍යාත්මක පරීක්‍ෂණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්‌කබල බ්‍රිතාන්‍යයට රැගෙන ගියේය. විලියම් වොලස්‌, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්‍රීසි රජුගෙන් ස්‌කෝට්‌ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්‌කොට්‌ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස්‌ වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්‌තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්‍ෂිප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්‌ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.

වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්
පී. කේ. ඉශාන්ත ගුණතිලක

http://www.divaina.com/2012/06/17/nimna04.html

සිරිලක කිතුදහම විකාශනය වූ ආකාරය – 2

ජාත්‍යන්තර දේශපාලන කැළඹීම් මත 1658 දී නිහීන පෘතුගීසීන් පළවා හැරි නින්දිත ලන්දේසීන් පහතරට පෙදෙස් වල බලය ලබාගෙන එය දූෂණය කරන්නට පටන් ගත්හ. ලක්මවට එම ගැහැට විඳීමට හේතු වූ කාරණා බොහෝමයකි. ඒවා අතර දුර්වල රජවරුන්, සිංහල රජවරුන්ට මුහුදු බලය නැති වීම, රජ පවුල් ඇතුලේ බල අරගල හා හැම ද්‍රෝහී පර ජාතිකයාම හා උගේ කුණු ලබ්ධිය මෛත්‍රියෙන් යුතුව ඉවසීමේ මෙරට පාලකයන්ගේ අද දක්වා පවතින මුග්ධ ලක්ෂණය ඉතා ඉහලින්ම වග කියන බව ඉතාම ප්‍රකට කරුණක් විය. රෙපරමාදු ක්‍රිස්තියානිය මොවුන්ගේ මිසදිටු දෘෂ්ඨිය විය.

කළින් සිටි පරංගියා බෞද්ධයන් කතෝලිකයන් කරවූ පිළිවෙතම පසුව ආ ලන්දේසියා එම අසරණ කතෝලිකයන් රෙපරමාදු බවට පත්කිරීමට යොදා ගත්හ. එක ජීවිතයක තනතුරු නම්බුනාම වෙනුවෙන් සිය අනාගත සසර පැවත්මම අණතුරේ හෙලූ සමහර බෞද්ධයෝ ක්‍රිස්තියානිය වැළඳගත්හ. එසේ නොකල අය පීඩනයට ලක් කිරීම පිණිස රජයේ රැකියා යොදාගත්හ, උප්පැන්න /විවාහ ලියාපදිංචිය පූජකයන් යටතේ තබමින් තවත් කොටසක් ක්‍රිස්තියානි කර ඔවුන්ගේ අනන්ත අනාගත සසරම වනසා දැමීය. ඉඩකඩම් වල ඔප්පු, තෝම්බු සකස් කිරීම පවා මිසදිටු ලෝගුකාරයන් යටතේ තබා තව තවත් ක්‍රිස්තියානි මරු වැල් බෞද්ධයන්ට අටවනු ලැබීය.

1711 ජුනි 06 දින, ලන්දේසි ආණ්ඩුකාර හෙන්ඩ්‍රික් බේනර් පාහරයා විසින් පනවන ලද නීතියක් මගින් බෞද්ධ , හින්දු ආගම් ඇදහීම තහනම් කරන ලදි. බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමාවලට වැඳීම පිදීම තහනම් කලහ. මෙසේ බෞද්ධයන් අති උතුම් ලෙස බුදු පිළිම වන්දනාව/පූජාව තුලින් පවත්වාගෙන ආ බුද්ධ දේශිත උද්දේශික චෛත්‍ය වන්දනාව/පූජාව එදින සිට බෞද්ධයාට සිය දහම් දිවයින තුලම අහිමි විය. වැඳුම් පිදුම් කරන අයට වධ හිංසා පැමිණවූහ.

මෙම නින්දිත ආගමික පෙළීමට මුහුණ දීමට තරම් කොන්ද නැති අසරණයන් රෙපරමාදු ආගම වැළඳගත්හ. මෙසේ පහතරට බහුතරයක් හෙළයන්ගේ අදීන බෞද්ධ අන්‍යතාව ක්‍රමානුකූලව වනසා ඔවුන් පර මානසිකත්වයක් සහිත අවජාතක ක්‍රිස්තියානීන් බවට පත්කලහ. පෘතුගීසි හැතිකරය මෙන්ම ලන්දේසි හැතිකරයද ළමා පරපුර සිය ඉලක්කයට හසු කලේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයෙනි. සිය වෙළදාමට තමාගේ කකුල් ලෙවකන කළු හම වහල් පෙලපතක් යටත් විජිත වලින්ම බිහිකර ගැනීම හොඳ ආයෝජනයක් බව ඔවුන් දත්හ. නම් වශයෙන් නොකීවද , කොළඹ අදටත් ඇති සමහර පාසැල් වල මෙම අවජාතක, අධිමාන්නක්කාර, ජාතිය ගැන අබමල් රේණුවක කැක්කුමක් නැති පාහර  පෙළපත මේ දක්වාම බිහි කරමින් සිටින බව රහසක් නොවේ. රනිල් වික්‍රමසිංහ නම් අවජාතක නපුංසකයා මෙරට පෘතුගීසි ආක්‍රමණය පවා සැමරීම සඳහා උත්සව පැවැත්වීමට උත්සාහ කිරීම මෙයට  මෑතකාලීන හොඳම උදාහරණයයි. අදටත් පවතින, සංකර නම් සහිත කොළඹ පාසල් සියල්ල ලන්දේසීන් විසින් අරඹපු ඒවායි.

පාසැල් වලින් නොනැවතුනු ලන්දේසීන් නම් මිස්දිටුවෝ, සිය දේශපාලන අවිය වූ ආගම තුලින් හෙළයාගේ මොළ සෝදනය පිණිස තවත් බොහෝ දුර ගියේය.  ක්‍රිස්තියානි රෙපරමාදු පොත් පත් මුද්‍රණය කරමින් බෞද්ධයන් ඉලක්ක කරමින් ඒවා බෙදන්නට විය. කපටි පල්ලි පූජකයන් සිංහල භාෂාව උගෙන ක්‍රිස්තියානි සාහිත්‍යයක් ගොඩ නගන්නට උත්සාහ කර ඇත. ඉතිහාසය නැවත නැවත ප්‍රතිවාදනය වන හැටි බලන්න. මෙරට බෞද්ධ උරුමය ට අලගු තැබීමටවත් අතීතයක් නැති පල්ලිය අදටත් මේ නින්දිත ක්‍රියාවේ යෙදෙන්නේ නැතිද? එසේ ඔබ සිතනවානම් එය මහාම මුලාවකි. තේවත්තේ පල්ලියේ නායක පූජකයා ඇතුළු හොරු රැළ විසින් මහ දවල් ලක් ඉතිහාසය උඩු යටිකුරු කරමින් සිටින්නේ කිසිවෙකුගේ බාදාවක් පවා නොළබමිනි. එය වාවාගත නොහැකි වූ දේශප්‍රේමීන් විසින්  එය හෙළිකර තිබුණේ මෙසේයි.

සිංහල බසින් දේව මෙහෙය පැවැත්වීමද පූජකයන් විසින් රඟපාන ලදි. පසන් ගී නමින් එන ගී අදද භාවිතා වේ. මෙම උවදුරේ වර්ථමාන ස්වරූපය නම් තවත් භයංකාර එකකි. අමු අමුවේ සිංහල බෞද්ධ වචන කිසි ලැජ්ජාවක් නැතුව මැල්කම් රංජිත් නඩය විසින් සොරකම් කරමින් සිටී. මෑතක මෙරටට ගොවෙන් ගෙනා මළකුණක් පෙන්වමින් අහවලාගේ “ශුද්ධ වූ ධාතූන්” යැයි කීමට තරම් එම හොර කල්ලිය නිර්භය විය. ඊට අමතරව පන්සල් වල සිදු කරන වතාවත් පල්ලිය විසින් අමු අමුවේ කොපි කරමින් ලන්දේසියාගේ උරුමය ඔවුන්ගේ සෙරප්පු ලෙවකන මෙරට කල්ලතෝනියන් විසින් ඉදිරියට ගෙනයන ආකාරය අවධානයෙන් බලන කාහට වුවද පෙනේ.

මීට අමතරව බෞද්ධයන් රජයේ තනතුරු ලැබීමට නුසුදුස්සන් යැයි නීති පැනවිනි. වීරපරාක්‍රම රජ දවස ගොන්සාල්වේස් වැනි කපටි පල්ලි පූජකයන් උඩරට රජුන් සමඟ ගිවිසුම් ගැහුවේ රෝමානු කතෝලික ආගම පළමු කොන්දේසි ලෙස තබාගෙනය. අද දවසේ ගොන්සාල්වේස් හෙවත් කොටි  මැල්කම් රංජිත් පවතින රජයත් සමඟ කොන්දේසි ගහන්නේ පල්ලිය ළමයි මස් කලත් පපු කැවුතු විකුනුවත් නත්තලට අපි එන්න නම් ඒවා යට ගසා පල්ලියයේ පව් වලට විධායක බලතල ලැබිය යුතුයි කියායි.  අසුරු සැනින් දිනුම ලබාගත් මෙකල ගොන්සාල්වේස් එකල ගොන්සාල්වේස්ට වඩා  මොන තරම් දරුණුද?

මතු සම්බන්ධයි…