මන්නාරම් රදගුරුගේ බොරු 146,679

 


මන්නාරම රදගුරුගෙන් අපරාධ විමර්ශන
නිලධාරීහු ප්‍රශ්න කරති

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

උතුරු නැගෙනහිර පැවැති යුද්ධය හේතුවෙන් එක්‌ලක්‌ෂ හතළිස්‌ හයදහස්‌ හයසිය හැත්තෑනවයක (146,679 ක) ජනතාවක්‌ අතුරුදන්වී ඇති බවට මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා කර ඇති ප්‍රකාශය පිළිබඳව අපරාධ විමර්ශන නිලධාරීන් රදගුරුවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

රහස්‌ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු විසින් මෙම ප්‍රශ්න කිරීම කර ඇත්තේ තවත් පූජකවරුන් පිරිසක්‌ සිටි අවස්‌ථාවේදී යෑයි ආරංචි මාර්ග දක්‌වයි.

මන්නාරම් රදගුරුවරයා විසින් උගත් පාඩම් කොමිසම හමුවේ ප්‍රකාශයක්‌ කරමින් එක්‌ලක්‌ෂ හතළිස්‌ හයදහස්‌ හත්සිය හැත්තෑ නවයක පිරිසක්‌ අතුරුදන් වී ඇතැයි පවසා තිබුණි.

මෙහිදී මන්නාරම් රදගුරුවරයා පවසා ඇත්තේ එක්‌ පූජකවරයකුද අතුරුදන් වී ඇති පිරිසට ඇතුළත් වන බවයි.

http://www.divaina.com/2012/05/12/news04.html