පල්ලියේ දේශපාලනය එතෙර හා මෙතෙර

කතෝලික පල්ලියේ බලයෙන් සහමුලින් දේශපාලනය පවා හැසිරවෙන යුරෝපය තුල, මහා බ්‍රිතාන්‍ය යේ අසල්වැසියා වන අයර්ලන්තයේ , බටහිර ලෝකයේ ඇමෙරිකාව තුල පවා දරුවන් දශක ගණනාවක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක් වූ ඇසට කඳුළු ගෙනෙන සංවේදී චිත්‍රපටියකි.

1965 තරම් අතීතයේ පටන් අද දක්වාම කතෝලික පල්ලියේ ආශිර්වාදයෙන් ලොව පුරා දරුවන් නොදන්නා සංඛ්‍යාවක් ලිංගික අපයෝජනය තුලින් ඔවුන්ගේ ලමා කාලය සහමුලින් උදුරා දමා ඇත්තේ අනාථ නිවාස වලදී පමණක් නොව, සිය නිවසේදීම හා පල්ලියේ පාසල් තුලදීමය. වතිකානුව, කාඩිනල් වරු, ඉහල ස්ථාන වන සිටි අනේක පූජක පැලැන්තිය, කන්‍යා සොයුරියන්, මව්වරුන් කතෝලික ෆාදර් ගේ නින්දිත ක්‍රියා එක සිතින් අනුමත කලේ අපයෝජිත දරුවන් දරුණු හිංසනයන්ට පවා ගොදුරු කරමිනි.

කිතුණු භක්තිය අදහන තම ජනයා හුදෙක් තමාගේ පැවැත්මේ පදනම පමණක් මිස ඔවුනට කිසිම යුක්තියක් ඉටු වීම අදාල නොවන බවත්, එය හැකිනම් මුදලින් ගෙවා අමතක කල යුතු දෙයක් බවත් කතෝලික පල්ලියේ අරමුණ බව මෙම චිත්‍රපටිය පුරාම නැවත නැවත පෙන්වා දෙන තිත්ත ඇත්තය.

එහි වින්දිත දරුවෙකු අසා සිටින්නේ, යමුකු ඔබෙන් ඇසුවොත්…. “මම ඔබගේ ළමා විය සහමුලින් සොරාගමි, ඔබව සහමුලින් අපහාසයට, විහිළුවට පත්කරමි, ලිංගිකව අපයෝජනය කරමි නමුත් එයට මම ගෙවමි..ඔබට කීයක් උවමනාද?” වන්දිය කීයක් විය යුතුද?..ඔබම සිතා බලන්න

1965 මුලින් දැනගන්නා දවස් වල පටන් දශක 6ක් තිස්සේ නිහඬව ඇදී ගිය මෙම පල්ලිය මූලික ඛේදවාචකයේ විපාක එයට ගොදුරු වූ සියළු දරුවන් අදටත් විඳී. තම බිරියට, ස්වාමියාට සිරුර ස්පර්ශ කිරීමට ඉඩදීම ඔවුනට පිළිකුල් අත්දකීමකි. එකිනෙකාට කැමති යුවලවල් පවා වෙන්වීම සිදු වී ඇත. මානසික අබාධ මියෙන තෙක් ඔවුනගෙන් ඉවත් නොවන බව ඔවුන් කිය සිටී.

අවසානයේ මිනියේ මතක් පුවරුවේ පූජ්‍ය කටුගා දමාගෙන සැතපීමට එම නින්දිත පූජකයාට සිදු වුයේ කතෝලික පල්ලියේ බලයට අභියෝග කල නියම එක් මාධ්‍යවේදී මනුෂ්‍ය සත්පුරුෂයෙක් අයර්ලන්තයේ දරුවන්ගේ වාසනාවට පහල වූ හෙයිනි.

නරඹන්න.. එම දරුවන් වෙනුවෙන් කඳුළු සලන්න.

තව කීයක් ළමා අපයෝජකයෝ කතෝලික පල්ලියේ පූජ්‍ය වෙස්ගෙන ඔහුගේ මගම යන්නේද පවා ඉඟි පැහැදිළිව මෙම චිත්‍රපටියේ දක්වා ඇත.

දැන් අපි මේ පල්ලියේ වතිකානු මූලික, කාඩිනල්ලාගේ ෆාදර්ලාගේ තම භක්තිකයන්ටම එරෙහි රැවටිලිකාර වංචාවේ ලාංකික මුහුණුවරත් මේ සමගම සලකා බලමු.

වස්ති කාණුවේ පෝප් මහතා අපගේ මැල්කම් කාඩිණල් කුණා හරහා කෝටි කීපයක් වන්දි වශයෙන් පාස්කු වින්දිතයන්ට ලබාදුන් බව අපි දනිමු.

එය ඉස්ලාම් පල්ලිය හා එක ගෙයි කමින්. සුළු ආගමික කල්ලි වශයෙන් එකමුතු වෙමින් දශක ගාණක් හිතවත් බොදුනුවාට එරෙහි දේශපාලන, ව්‍යවස්ථාමය, නීතිමය (කාඩිණල් රංජිත් ඉස්ලාමිකයන් හා කල්ලි ගැසී එක හඬින් අන්‍යාගම්කරණ පනතට විරෝධය පෑම) , ත්‍රස්තවාදීමය (කාඩිණල් රංජිත් කොටින්ට දේව මෙහෙ පැවැත්වීම, බැටරි ප්‍රවාහනය) කුමණ්ත්‍රණ කරමින් නැටූ නාඩගම් අවසන් වනසේ සහරාන් කාඩිණල්ට කණ හරහා දුම් පිටවනසේ දුන් පාස්කු ප්‍රහාරයට වස්ති කාණුව ලබා දුන් වටිනාකමයි.

එය ලැබීමට ප්‍රථම මෙම බලු කාඩිනල් තුමා ආවේශ වූ යක්ෂයෙක් මෙන් කිතුණු ජනතාව වෙනුවෙන් විරෝධතා පැවැත්වීය. අහෝ ඛේදයකි සහරාන්ගේ නෑයන් දුන් මුදල් කොතරම් රසවත් වීද කියතොත් එය මුස්ලිම් තරුණයන් 7, 8 කගේ වැඩක් තරමට ලඝු කොට තම්බි සමඟ අත්වැල බැඳ උන්ගේ කෙළ ගැසූ , චූ දැමූ පුඩින් කතෝලිකයන්ට කවමින් පෙළපාලි පැවැත්වීය.

රටේ අනෙක් සියළු ජනතාවට රජය කල සියළු පාහරකම් ප්‍රශ්ණයක් වුවද , කාඩිනල් බල්ලා හා උගේ කුක්ක්කන්ට (රැට්ටා, ජෙහාන් අප්පුහාමි ආදී) එකම අවුල වූයේ පාස්කු ප්‍රහාරය පමණි.

ආ වැරදීමකි..උතුරේ ස්වයං පාලනය, දෙමළ ජනතාවගේ අසම්ජ්ජාති අයිතීන්..ආදියද කොටි ෆාදර්ස්ලා හරහා ගාළුමුවදොර අල්ලාගෙන සිටීමට කදිම අවස්ථාවක් බවට කාඩිනල් බල්ලා එය පත් කරගත්තේ හසරක් නොදැන එයට සහභාගී වූ බෞද්ධ භික්ෂූන්ට පවා සිය නින්දිත අරමුණු සඟවමිනි.

ජිනීවා ගොස් පාස්කු ප්‍රහාරයේ වැරැද්ද, එවක නපුංසකව සිටි රජය මත පීඩනයක් බවට පත්කිරීමට හැදුවද මේකා ට සවන් දීමට පවා එකෙක් සොයා ගැනීමට නොමැතිව බල්ලෙක් සේ ජිනීවා වලින් පසුබැසීමට කාඩිනල් ට සිදුවිය. එය ගැන අද වනතෙක් කථා නොකිරීමට කාඩිනල් ප්‍රවේශම් නේද?

දැන් එකක් පැහැදිළිය…තම්බින් සමඟ දීගය නැවත ගොඩය, කොතරම් කෑගැසුවද අසන කිසිවෙකුත් නැත. වැරැද්දට අල්ලා ගැනීමට මෛත්‍රීපාල නම් පොන්නයෙක්ද ඇත. ඒ හා වගකිව යුතු රනිල් සිටියද ඔහු ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි රැහේ බැවින් අල්ලා ගැනීම සුදුසු නැත. විධායක බලතල පවා ඔහුට ඇත.. අම්මො බයේ බැරිය. වින්දිතයන්ගේ පාඩු මුදලින් පියවා, ගෙවල් පවා දී අවසන්ය. අඩුව කුමක්ද?

නැවත ඉස්ලාම් බෝම්බ වරුසාවක් ලැබෙන තෙක් උන් හා එක්ව හිතවත් බොදුනුවාට එරෙහි දේශපාලන, ව්‍යවස්ථාමය, නීතිමය, ත්‍රස්තවාදීමය පරණ කුමණ්ත්‍රණ කිරීමට පසුබිම තවමත් නැත.

එයට වහාම පාර කැපීම කල යුතුය.. ඉහත සත්‍ය සිදුවීමේ අයර්ලන්තයේ දරුවන් ට වතිකානුව පිටුපෑ සේම භක්තිමත් ලාංකික කතෝලිකයාට ලැබිය යුතු නියම යුක්තියට කාඩිනල් මැල්කම් රංජිත් නම් සුනඛයා පිටුපාන්නේ එසේය.

මේ අද උණු උණුවේ පළවූ පුවතකි.

අතපසුවීම් පිළිගන්නේ නම්, පාස්කු ප්‍රහාරය අමතක කිරීමට සූදානම් – කාදිනල් හිමිපාණන් හිටපු ජනපති මෛත්‍රීට කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අතින් කිසියම් අතපසුවීමක් සිදුවූයේ නම් එය පිළිගතහොත් , එම සිදුවීම අමතක කිරීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පිරිසකට නිවාස ලබා දීමේ අවස්ථාවට මීගමුව ප්‍රදේශයේදී අද එක්වෙමින්.

පාස්කු ඉරිදා පවුල් පිටින් දේව මෙහෙයන්ට සහභාගී වී දෙවියන් වහන්සේට සිය භක්තිය පිරිනැමූ 290 වූ මියගිය අපගේ සහෝදර කිතුණු ජනතාව ගේ ඥාතීන් තමන්ගේ ඥාතීන්ට ලැබිය යුතු යුක්තිය මහ දවල් පාවා දීමට කාඩිනල්ට බලය දුන්නාද? ඔහුට කවදත් නැතිවම බැරි බොදුනුවාට එරෙහි දේශපාලන, ව්‍යවස්ථාමය, නීතිමය, ත්‍රස්තවාදීමය කුමණ්ත්‍රණ සඳහා කාඩිනල් අත්තනෝමතිකව එම පාවාදීම කලාද? රැට්ටා, ජෙහාන් අප්පුහාමි උගුර කඩාගෙන , කකුල් ගෙවාගෙන කුරුස කර ගසාගෙන පෙළපාලි ගියේ මෙමෙ පාවාදීම රසවිඳීමටද?

දිට්ටධම්ම වේදනීය කර්මය පස්සෙන් එන්නේ මෛත්‍රීපාල නම් පොන්නයා පිටුපසද? නැතිනම් බෝම්බ සත්‍ය වශයෙන් තබා පල්ලි පිපිරවූ ලංකා ජමාත් මූලික සමස්ථ ඉස්ලාම් අන්තවාදය පිටුපසද යන්න මේ සුනඛයා නොදනී. උතුම් බොදු වචන යොදමින් ජනතාව නොමගයවමින් තම වින්දිතයන්ම පාවා දීම පමණක් හොඳින්ම දනී. රට පුරා ඔඩු දුවා ඇති එම අන්තවාදී ඉස්ලාම් සංවිධාන එකක්වත් තහනම් කිරීමට මේ සුනඛයා කල අල්පමාත්‍ර ඉල්ලීමක් නැත. මස් රාත්තල වැරදි වෙළෙන්දාගෙන් ඉල්ලන ෂයිලොක් ඔහුම බව සුන්ඛ මැල්කම් පෙන්වමින් සිටී

අහෝ කිතුනු ජනතාවනී ඔබගේ ද්‍රෝහී කාඩිනල් කෙසේ ඔබට සැලකුවද බෞද්ධ අපි ඔබගේ දුක වෙනුවෙන් එදා මෙන්ම අදත් සිටිමු.

බෞද්ධ විරෝධතා කරුවන් උපකාරයෙන් ඊලාම් අන්තවාදය පාන කාඩිනල් රංජිත් ජඩයා

මේ 03/05/22 ගෝල්ෆේස්.. Src: https://www.youtube.com/c/Unstoppablelink/community

[යුද්ධයේදී සිතාමතා කළ සිවිල්] දෙමළ ජන සංහාරය පිළිගනු!❗

දෙමළ ප්‍රදේශ සිංහල ජනතාව පදිංචි කිරීම නවතනු!❗

උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක් දෙනු [ෆෙඩරල් නිර්ණය සඳහා]!❗

ගෝඨා පමණක් නොව රාජපක්ෂ පවුලම දැන් රටට තිත්තය. පාරිලිමේන්තු ගූ කන 225ම ඌරන් බව උන් විසින්ම ඔප්පු කොට හමාරය. එහි වාදයක් නැත. රටේ සිංහල බෞද්ධයන් කිසිවෙකුට ඒ ගැන තිබූ වේදනාව මැල්කම් රංජිත් ජඩයාට තිබ්බේ නැත. අරගලය නම් බොරදියේ මාළු බෑමට නම් පුදුම ආශාවක් ජඩයාට ඉපදී තිබේ.

හෙළ බොදු තරුණ ජවය අරගලය පටන් ගත් ඉලක්කය ගැන හසරක් මැල්කම් රංජිත් ජඩයාට නැත. තිබ්බා නම් මෙවන් වර්ගවාදී ඊලාම්වාදී, රට බෙදන සක්කිළි ඉල්ලීම් රංජිත් ජඩයාගේ කණ්ඩායම හිරිකිතයක් නැතිව උස්සන් ඉන්නෙ නැත. තම්බින් මෙන්ම ජාතිවාදය එපා කියමින් ජාතිවාදය, ආගම්වාදය රිංගවා අරගලය කොල්ල කන්න, හයිජැක් කරන්න එන්නෙ නැත.

වතිකානුව හෙවත් පෝප් ගේ වස්ති-කාණුව ස්වර්ගය සේ සිතා සිටින කාඩිනල් රංජිත් බල්ලෝ. එය වතිකානුව නොව වතිකානය කියා නැවත නම් කලේ ලැජාවට නේද? සිංහල බෞද්ධ අපිට අන්තවාදය කියා කියන තොපේ කණ්ඩායම , “කාගේද මේ බලවේගේ? – පුංචි රෝමේ බලවේගේ” කියමින් පිට රටක පර මානසිකත්ව රැලියක් මීගමුවෙන් පටන් ගත් හැටි අපි හොඳින් මාධ්‍ය තුලින් දිටුමු. තොපි ඒ කෙල ගැසුවේ ලාංකික සහෝදර බෞද්ධ ජනතාවගේ හිතවත්කමටය. තමා රෝමයේ කියා සිතන් ඉන්න හැත්තට ලංකාව ගැන මොන ජාතික , දේශපාලනික කැක්කුමක්ද? රංජිත් මැල්කමෝ තොට ඒකේ ඇති කතෝලික අන්තවාදී දුඟඳ දැනුනේ නැතිද?

අන්‍යාගම්කරණ පනත සියළු ආගම්වලට එකසේ බලපැවැත්වෙන සේ ගෙන ඒමට විරුද්ධව කාඩිනල් බල්ලා අත්වැල් බැඳගත්තේ ජිහාඩ් අන්තවාදීන් සමඟය. ඒ සුළු ආගමික එකස්කියුස් එක යොදා ගෙනය. ඉස්ලාම්, කතෝලික ආගම් දෙකම හරි හරියට තම රිසි සේ බොදුනුවන් ආගම් වෙනස්කර පවුල් පිටින් අවීචි පෝලිමට දමමින් සිටි නිසාය. අවසන දෛවයේ සරදමක් ලෙස, පැවතුන පක්ෂ විපක්ෂ දේශපාළු සියළු හැතිකරයේ ආශිර්වාදයෙන් රාජපක්ෂ පවුලේ ඡන්ද ගුන්ඩුවක් සේ පාස්කු ප්‍රහාරය තොපේ පළු කඩාගෙන යනසේ වැදුනම එයට වැඩිපුරම ශෝක වූයේ තොගේ ඉස්ලාම් සහෝදරත්වයද? තොපි විසින්ම විනාශ කරමින් කෑලි කඩා කමින් සිටි බෞද්ධ ජන සමාජයද බව අවංකව සිතා බලපිය කාඩිනල් වසලයෝ

කාඩිනල් පාස්කු ප්‍රහාරයට පෙර ජයටම එදා තම්බින් සමඟ කාපු දීගයම පාස්කු ප්‍රහාරයෙන් පසුත් තම්බින් කරේ තබාගෙන කමින් සිටින්නේ ඉස්ලාම් ජිහාඩයේ වහල් බිරිය කතෝලික සභාව බව නැවත ඔප්පු කරමිනි. රාජපක්ෂ හැතිකරය ගේ සම්බන්ධය පමණක් සිය එකම ඉලක්කය කර ගනිමිනි. රට පුරා කතෝලික පල්ලි 10ක බෝම්බ එකොලහක් පිපිරවීම මුස්ලිම් තරුණයෝ 7-8ක ප්‍රහාරයක් බව බැලු බැල්මට එම මන්ද බුද්ධික කාඩිනල්ට පෙනුනේ එලෙසය. සියළු ඉස්ලාම් ආගමික පල්ලි තුලින් කඩු , කැති, පොළු දස දහස් ගණනින් එකතු කර තිබ්බේ අර හත් අට දෙනාය. මුස්ලිම් කාන්තාවන්, දරුවන් මහල්ලන් පවා ගතින් සිතින් පාස්කු ප්‍රහාරයට එක ජන සමාජයක් සේ එක්සත්ව එක්සිත්ව සම්බන්ධ බව මාධ්‍ය වලින් රටටම හෙළි වුවත් කාඩිනල් එය දන්නේ නැත.

සර්ව නින්දනීය රාජපක්ෂලා පමණක් මෙය කලා කියන්නේ සත්‍ය කුමක් වුවත් තමාගේ හා තම ජේසුදමිළ පාත්‍ර වර්ගයාගේ අභිලාශය ඉෂ්ථ සිද්ධ කර ගැනීමටය. කොටි පරාජය කිරීමේ වෛරයද, පාස්කුවේ වෛරයද , ඉස්ලාම් ජන සමාජයෙන් උපන් ප්‍රහාරයේ සත්‍ය කුමක් වුවත් ගෝඨා නම් කුප්පයා හරහා පියවා ගැනීමටය. හොඳින් මතක තබා ගන්න. ප්‍රභාකරන් පවා ඇතුලත් වන කුළකයක් වන ජේසුදමිළ පාත්‍ර වර්ගයා කාඩිනල් ගේ ප්‍රියතම පාත්‍ර වර්ගයා වූ බැවින්ම ඔහුට කාඩිනල් භාවය එකල සිටි පෝප් උන්නැහේ විසින් පිරිනැමීමට කාරුණික විය. තමා පවා අයත් ජේසුහෙළ පාත්‍ර වර්ගයාට වඩා කාඩිනල් කවදත් ජේසුදමිළ පාත්‍ර වර්ගයා ඇලුම් කල ලොකුම හේතුව එයයි. කථා කරන විදිහෙන්, හැසිරීමෙන් හා චින්තන ශක්තියෙන් කාඩිනල් ගේ ගන්නට මෙලෝ හසරක් නැති බව කට අරින සුළු මොහොතේ පිට කරන දෙයින් ඉතා පැහැදිළිය. එවන් අයෙක්ට කාඩිනල් තනතුරක් ස්වර්ගය ට වඩා උතුම්ය. එසේ හෙයින් කාඩිනල්ගේ ලාමක, මන්දබුද්ධික, ස්වයං විනාශකාරී මානසිකත්වය කිසිසේත් තේරුම් ගැනීමට අපහසු එකක් නොවේ.

අරගලයේ එකම සටන් පාඨය විය යුත්තේ 225ම පන්නා දැමීමය. එයට ගෝඨා ඇතුලත් බව අමුතුවෙන් කිවයුතු නොවූවද, “ගෝඨා ගෝ හෝම්” කියා විශේෂයෙන් කීමේ කිසිදු වරදක්ද නැත. එයිත් පිට කිසිදු සටන් පාඨයක් ඉස්සීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුය. සටන හයිජැක් කරන්නේ එය අල කිරීමටය. සමහර විට සජිත් ගේ මව හරහා සජිත්ව මිළට ගත් රාජපක්ෂ වරු කාඩිනල් වත් මිළට ගත්තා විය හැකිය.

අරගල කරුවනී ඇතුලතින් කා දමන කතෝලික සභාවෙන් හා ඉස්ලාම් රංගන ශිල්පීන් ගෙන් ප්‍රවේශම් වී ගෝල්ෆේස් හී සටන් කිරීම මැනවි.

අරගලයේ නියම දිශාව කුමක්විය යුතුද යන්න ඔබට පැහැදිලි නැතිද? එසේ නම් මේ Unstoppable YouTube චැනලය හරහා එය සහමුලින් හදාරා දැනගන්න. අරගල කරුවන් පවා නොදන්නා එම දිශාව ඔබ වත් හදාරා බලන්න.

225ටම අපභ්‍රංශයක් වූ මේ ගැටළුවට විසඳුම, රටේ අනාගතය, වර්තමාන විනාශය යන සියල්ල අපේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වන සංඝයා වහන්සේ උතුමෙක් විසින් සරලව විග්‍රහ කර ඔබ දැනුවත් කරන ආකාරය වෙන කිසිදු ආගමික දේශපාලන නායකයෙක්ට කල හැකි යැයි ඔබ සිතන්නේද?

සම්මුති-සේක -අසේක මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

මෙවැනි බොරු කීම දෙවියන්ට අගෞරවයකි


මෙවැනි බොරු කීම දෙවියන්ට අගෞරවයකි
තොටගමුවේ රාහුල හිමි 15 වැනි ශත වර්ෂයේ ලක්‌දිව පහලව සිටි අගනා පඬිරුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සකල කලා සර්වඥ, ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාමයන්ගෙන් පිදුම් ලදහ. රහල් හිමියන්ට ධර්ම ඥනයට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදිය සම්බන්ධයෙන්ද විශාල දැනුමක්‌ තිබිණ. උන්වහන්සේ විවිධ ඖෂධයන් පිළිබඳ හසළ දැනුමක්‌ තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ද විය. 6 වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුපුරා වූ ජයබාහු කුමරා රජවූ පසු සපුමල් කුමරු ඔහු ඝාතනය කොට රජවීමට තුන් වරක්‌ම උත්සාහ ගත්තද රාහුල හිමි එය වැළැක්‌වීය. නමුත් සිව්වන වතාවේදී සපුමල්, ජයබාහු මරා සය වැනි බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් ගමෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේගේ දකුණු බාහුවේ “සතුරු බුවනෙකබා බලය තෙවිටක්‌ පසුබා, රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගෙ ගජබා” යන කවි දෙකක්‌ කොටා තිබූ බව විශ්වාස කරයි. උන්වහන්සේ අම්බනදී අපවත් වීමට මොහොතකට කලින් ශරීරය දින ලක්‍ෂයක්‌ නරක්‌ නොවී තබා ගැනීම සඳහා “සුදු අලු රසය” නම් ඖෂධයක්‌ පානය කළ බවද සඳහන් වේ.

1505 දී පෘතුගීසීහු මෙරටට පැමිණි පසුව රජවරුන්ගේ අසමගිකම් ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෲර ලෙස ලක්‌දිව පාලනය කළහ. මේ අතරතුර අම්බන ප්‍රදේශයේ නරක්‌ නොවී තිබෙන දේහය දැක ගම්වාසීන්ගේ විරෝධය ද නොතකා එම දේහය දොඩන්දූව වරායෙන් ගෝවේට ගෙන ගිය බව පැවසෙන පැරැණි ජන කවි දෙකක්‌ද අදටත් එම ප්‍රදේශයේ ජනතාව අතර පවතී. පෘතුගීසීහු ගෝවේ තිබෙන මෙම දේහය ශාන්ත සේවියර්ගේ යෑයි කියමින් ගෞරව දක්‌වති.

සේවියර් පියතුමා යනු පාප් වහන්සේ විසින් 15 වන සියවසෙහි ඈත නැගෙනහිර ආගම පතුරුවා හැරීම සඳහා පත්කළ නියෝජිතයාය. ඔහු චීනයට යන අතරමගදී “සැන්ක්‌ෂන්” නම් දූපතේදී මියගිය බව පැවසේ. ඔහුගේ සිරුර එහි වළලා සති කිහිපයකට පසු මලක්‌කාවට ගෙන යැමට නැවත ගොඩ ගන්නා විට සිරුර නරක්‌ නොවී තිබෙනු දුටු බව කියති.

මෙම දේහය රහල් හිමිගේ යෑයි සිංහලයෝ පවසන අතර එය ශාන්ත සේවියර්ගේ යෑයි කිතුනුවෝ විශ්වාස කරති. මේ සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර තර්ක විතර්ක ගෙනහැර පාති. මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහ යෙදී ඇත්තේ පනස්‌ වැනි දශකයේය. අද එම දේහයේ දකුණු අත නොමැත. එය රෝමයේ පාප් වහන්සේගේ ඉල්ලීමට කපා රෝමයට යෑවූ බව කිතුනුවෝ පවසන අතර එම අතෙහි පෙර කී කවි දෙක කොටා තිබූ බැවින් එය රාහුල හිමිගේය යන්න තහවුරු වන නිසා අත කපා දමා ඇති බව සිංහලයෝ කියති. මේ සම්බන්ධයෙන් පැරැණි පුවත්පත්වල පළවූ ලිපි කිහිපයක්‌ නැවත පෙන්වා දෙන අතර එම ලිපියේ ඉතිරි කොටස අද දැක්‌වේ.

මෙහි සඳහන් වන්නේ කුලතිලක මහතාගේ ලිපි පෙළෙහි අවසාන කොටසය. (බුද්ධ වර්ෂ 2496 බක්‌මස අව දොළොස්‌වක්‌ ශනි දින, සිංහල බෞද්ධයා පුවත්පත)

මෙම සිරුර දැන් දිරාපත් වන්නේ අව්, සුළංවලට මුහුණ දීමෙන් යෑයිද ඒ නිසා මෙම සිරුර වීදුරු පෙට්‌ටියක තබා ආරක්‍ෂා කරතැයි යන්න අපගේ කතෝලික මිත්‍රවරුන් පවසයි. සාවියර්තුමා මළ විගස දෙවියන් විසින් ඒ සිරුර තම බලයෙන් රක්‍ෂා කරමින් අව් සුළං ඊට වහ කදුරු වැනි අපත්‍ය අගුණ බව එසේ නම් නොකීවේ/ දැන ගැනීමට නොතිබ්බේ ඇයි? රෝගියකුට බෙහෙතක්‌ පොවා, ඇල් පැන් පානය කළහොත් ක්‌ෂණයකින් මියයන බව ඒ වෛද්‍යවරයා දැන දැනම ඒ බව රෝගියාටවත් ඔහුගේ හිතවතෙකුටවත් නොකියා සිට ඒ හේතුවෙන්ම රෝගියා නැසී ගියහොත් රෝගියාගේ මරණයට ඒ වෛද්‍යවරයා කතෘ නොවන්නේද? මේ වාගේ බොරු කාරණා කීමෙන් අප්‍රසාදයට පත්වන්නේ තමන්ගේම ආගමික ශාස්‌තෘවරයාණන් වහන්සේම නේද?

සීමා රහිත දෙවියෙක්‌ එසේම අසීමිත කාලයක්‌ නොදිරා දෙව් බල මහිම පෑමට සුරක්‍ෂිත කළැයි කියන ඔය සිරුර එතුමා විසින්ම මාවාලූ හුළං පොදක්‌ වැදීමෙන් අව් රශ්මියෙන්, දිරා පිච්චී ගියෑයි කීම නියම කතෝලික බැතිවරුන්ට නම් විහිළුවකි. විවෘතව තිබීමෙන් වායෝ, තෝජෝ, ධාතුද්වයේ ගුණ ගැන ඒ සිරුරට ස්‌පර්ශ වීම හේතුවෙන් දේව කැමැත්තක්‌/ අධිෂ්ඨානයක්‌ විනාශ වෙත්නම් ලෝකයේ ඇති ධාතුවල ලෝකය මැවූ සර්වබලකාරයාගේ සකල බලම මැඬලීමෙහි, අබලන් කිරීමෙහි, සමථි ඊට වඩා ශක්‌තියක්‌ එකී ධාතුබලවලට ඇති රඟ මොනවට ලොවට ප්‍රත්‍යක්‍ෂ නොවේද? දේවබල පරද්දා ලෝක ධාතු බල රජකරන බව එසේ නම් කතෝලික ධර්මධරයන් පිළිගන්නවාද? සියලු බල යුත් දෙව් කෙනෙකුට වුවමනා නම් ඔය සිරුරම මහා මඩ වගුරක ඔබා තිබූවත්, අග්නි ජාලාවකට මැදිකොට තිබූවත්, කෙසඟක පමණ වෙනසක්‌, විකෘතියක්‌ නොවන ලෙස පවත්නට සුරක්‍ෂිත කරලීම එතුමා හිතූ පමණින් කළ හැකිවන ඉතා සුළු වැඩක්‌ බව හිතා ගන්නටවත් බැරි මිනිස්‌සු බත් කන්නේ පුරුද්දට විය යුතුයි.

කිසිම දෙවියකුගේ සම්බන්ධයක්‌ නැතිව වර්ෂ හාර පන්සියයක්‌ නොව තිස්‌ ලක්‍ෂයක්‌ නොදිරා තිබී ගොඩගත් එක්‌ සත්ත්වයකුගේ සිරුරක්‌ ගැන “පිල්ඩැල්පියා, රැකෝඩ්” නම් පත්‍රයෙහි පුවතක්‌ අපි මෙහි දක්‌වන්නෙමු. මේ සත්ත්වයාගේ උස අඩි 18 කි. දත් 5000 කි. මේ සත්ත්ව සිරුර සොයාගෙන තිබෙන්නේ චාර්ල්ස්‌ එච්. ස්‌ටර්න් බර්ත් නම් පෘථිවි ගර්භාත්කරගත ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමෙහි නියුක්‌තව සිටි ශාස්‌ත්‍රඥ මහතා ඇතුළු පිරිසකටයි. ඇමරිකන් කෞතුකාගාරයේ මේ සිරුර අදටත් තිබේ. වර්ෂ 1909 දී එහි ප්‍රධාන ධුරය උසුලා සිටි ආචාර්ය ඔස්‌බෝර්න් මහතා මේ සත්වයා ගැන කියා ඇත්තේ 1909 දී පොළොවෙහි ගල් තට්‌ටුවක්‌ හාරාගෙන යන විට පාත්තයකුගේ හොටක ආකාර විශාල හොටක්‌ හා ඇත් බඳක්‌ තරම් මහා ශරීරයක්‌ ඇති සත්වයකුගේ මෘත ශරීරයක්‌ ඔවුන්ට සම්භ වූ බවත්, උගේ සම් මස්‌ නහර කිසිවක්‌ කුණු නොවී වියළී වැලි භූමියක මැරී අධික සූර්යතාපයෙන් කුණුනොව ඇට සම් මස්‌ නහර කිසිම දෙයක්‌ කුණු නොවී සුරක්‍ෂිතව තිබූ බවත්. මේ වර්ගයේ සත්ත්වයන් වාසය කොට තිබෙන්නේ නිව් ජර්සි, මිසිසිපි, ඇලඩාම්, යෝමං, මොංටැනා, ඩැකෝටස්‌ යන රටවල බවත්ය. කතෝලික මිතුරනි, මේ දැන් අපි ඔබ තුමන්ලාට පෙන්වා දුන් ප්‍රවෘත්තිය අනුව සර්වබල යුත් මහා දෙවියකු විසින් මිත්‍යාදෘෂ්ටීන්ගේ පවා ආත්ම නැලවිල්ල සඳහා ඉර හඳ පවත්නාතුරු මහා අපූරුවක්‌ ලෙස ලොව කොතැනකවත් නැති අරුම වස්‌තුවක්‌ ලෙස නොදිරා පවත්නට බොහෝ ඕනෑකමින් ආශිර්වාද කොට සුරක්‍ෂිත කරන ලද සාවියර් මුනිවරයාගේ ආත්ම කූඩාරම, විශේෂ උගත් පූජක කිහිප දෙනෙක්‌ විසින් රෑ දවල් දුක්‌ මහන්සි ගෙන හුලං නොවදින වීදුරු පෙට්‌ටියක ලා පාට ඇතිරිලි මතුයෙහි පරෙස්‌සමින් පොරවා රැකබලා ගෙන සිටලත් වර්ෂ හාරසීයක්‌ ඉක්‌මවන්නටත් පෙර එහි මස්‌ කොටස පිටිමෙන් දිරා ගිය මුත් පොළොවේ ඉතා ගැඹුරු පස්‌ යට මේ තිරිසන් සිරුර කිසි නිලධාරියකුගේ පිළිසරණ මාත්‍රයක්‌ නැතිව වර්ෂ තිස්‌ ලක්‍ෂයක්‌ ධාතු ගුණ සංසර්ගයෙන් පමණත් තවමත් මස්‌ පමණකුදු කුණු නොව තිබීම කතෝලිකයන්ගේ පමණක්‌ නොව ක්‍රිස්‌තියානි යෑයි කියන සෑම අයගේම මැවුම්කාරයාට පා පහරක්‌ දීමක්‌ මෙන් නින්දා ගෙනදෙන කාරණයක්‌ නොවේද? තවත් එම සත්වයාගේ මස්‌ කුණු නොවී පැවැත්මට විශේෂයෙන් හේතු වූ බව කියා ඇත්තේ ඔය දේව සුරක්‍ෂිත සිරුරට විෂ වූවා යෑයි කියන සූර්ය රශ්මි ස්‌වල්පයක්‌ නොව අධික සූර්ය තාපයලු. යුදෙව් හෙවත් ක්‍රිස්‌තියානි දෙවියන්ගේ දේව දුර්වලකමක තරම. ඔවුන්ගේම මහා විද්‍යාඥයෙකුගේම මේ ප්‍රකාශයෙන් ප්‍රත්‍යක්‍ෂ වන අයුරු පෙනේද?

එසේම බර්ලින් සමස්‌ත ශාස්‌ත්‍ර ශාලාව සම්බන්ධ ප්‍රථිවිගර්භ විද්‍යාලයේ ආචාර්ය හැන්ස්‌රෙක්‌ නම් ජර්මන් පඬිතුමාට ජර්මනියට අයත් නැගෙහිර අප්‍රිකාවේ උතුරු පෙදෙසෙහි පොළොව යට තිබී මනුෂ්‍ය ඇටසැකිල්ලක්‌ සම්බ වී තිබේ. එය අවුරුදු 150, 900 ක්‌ පරණ එකකැයි එතුමා පරීක්‍ෂා කර කියා තිබේ. මේ අය විලක ගිලී මළ බව අනුමාන කටයුතු බවත් මළකඳ වළ පතුලට වූවිට ක්‍රම ක්‍රමයෙන් වතුර සමඟ ආවැලි පස්‌ හා රට හුණුද ඒ මත වැටී ඉන් වැසී ගොස්‌ කල්යැමෙන් ඒ වැලි හුණු හයිවී ඒ මැද ඇටසැකිල්ල සුරක්‍ෂිතව තිබුණු බවත් සිතා තිබේ. මේ සිරුර ගැන තවත් සැලකිය යුත්තක්‌ නම් මොවුන් ජීවත්ව සිටි බව කියා ඇත්තේ වෙන මැවුම්කාරයකු මවා ඇති ලෝකයක බවයි. බයිබල් දෙවියා මේ ලෝකය මවා තිබෙන්නේ වර්ෂ හයදාහකට බොහෝ මෑතය. මොවුන් සිට ඇත්තේ වර්ෂ එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට පෙරය. එතෙක්‌ කල් පෘථිවි ගර්භයේ කිසිම බාහිර ආධාරයක්‌ නැතිව වැළලී පැවති මේ මිනිස්‌ ඇටසැකිල්ලෙහි ඇට කටු, දත් ඔය ශාස්‌ත්‍රඥ පූර්ණ ප්‍රසාදීවරු බොහෝ දෙනෙක්‌ දිවා රෑ ආරක්‍ෂා කළ සිරුරෙහි ඇට කටු තරම් තවම දිරා ගොස්‌ නැති බව පුදුමයකැයි නොසිතිය යුතුයි. මහා භූත ශක්‌තියෙන් හෙවත් ස්‌වභාව ධර්මය සංයෝගයේ බල මහිමයෙන්ම එලෙස ඒ සැම සිදුව ඇති බව දැනගැනීම යහපති.”

ඉහත සඳහන් වූයේ පේරාදෙණියේ සඳසිරියේ වැසි පුරාවෘත විශේෂඥ සී. පී. කුලතිලක මහතා විසින් 1952 දෙසැම්බර් මස 27 වැනි දින ගෝවේ මෘත දේහය කාගේද යන මැයෙන් ආරම්භ කරන ලද ලිපි පෙළක අවසාන කොටසයි. මෙම ලිපිවල සඳහන් කොටස්‌ ඔහුගේම වචනවලින් උපුටා දක්‌වන්නට සිතුවේ මීට දශක කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් දැක්‌වූ උනන්දුව සහ භාවිත කරන ලද වචනවල ස්‌වරූපය, එම ශෛලියද පෙන්වනු පිණිසය. ඔහු විසින් උත්සාහ කර ඇත්තේ කතෝලික බැතිමතුන්ගේ ආගමික සාස්‌තෘවරයාට හෝ මැවුම්කාර දෙවියන් වහන්සේට හෝ අපහාස කිරීමට නොව මෙම දේහය දෙවියන් විසින් සුරක්‍ෂිත කරන ලද එකකැයි යම් කෙනෙක්‌ කියන්නේ නම් ඔවුන් විසින්ම එම දෙවියන්ගේ බල මහිමය හෑල්ලුවට පත් කරන බැවින් එසේ කිරීමෙන් වළකින ලෙස කියාපෑමටය. දේහය දැන් දිරාපත් වෙමින් පවතින බැවින් බුද්ධ දර්ශනයෙහි සඳහන් වන සියලු දේ අනිත්‍යයි යන්න මෙයටත් බලපා ඇති බවත් දෙවියන් විසින් සුරක්‍ෂිත කොට ඇත්නම් එය සදාකාලික එකක්‌ වනු ඇති බවත්ය. එය සදාකාලිකව සුරක්‍ෂිත වී නොමැති නිසා එම දේහය දෙවියන් වහන්සේ විසින් ආරක්‍ෂා කළ එකක්‌ හෝ දේව බැල්මක්‌ නොලද එකක්‌ බවය. එසේ නම් එය සාන්ත සේවියර් පියතුමාගේ දේහය වීමට නොහැක. එය නම් බෙහෙත් බලයෙන් වසර ගණනාවක්‌ නරක්‌ නොවී තබාගත් රාහුල හිමියන්ගේම දේහය බවයි.

මේ සම්බන්ධයෙන් දේහය සේවියර් පියතුමාගේ හෝ රාහුල හිමියන්ද යන්න පිළිබඳව කරුණු බොහෝ ඉදිරිපත් කළෙමි. මෙම ලිපි පෙළෙහි අවසාන කොටස එන සතියේ පළවනු ඇත.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

 

Source: http://www.divaina.com/2016/06/05/feature03.html

 

1552 දී පෘතුගීසී කපුටන් විසින් කොල්ලකා දසවද දුන් අපේ බුදු පුතුන් ගේ ශ්‍රී දේහය

දේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?

7 වැනි කොටස

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පහළොස්‌ වැනි සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගන්‍ය පඬිරුවනක්‌ විය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවද වෛද්‍ය විද්‍යාව පිළිබඳවද, නක්‍ෂත්‍රය පිළිබඳවද හසල දැනුමක්‌ තිබූ කෙනෙකි. සපුමල් කුමරු, විජයබාහු කුමරු මරා රජ වූ පසු උන්වහන්සේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය.

අපවත් වන මොහොතේ දේහය දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබා ගැනුමට “සිදු අලු රසය” නම් වූ බෙහෙතක්‌ පානය කළ බව ජනප්‍රවාදයේ ඇත. උන්වහන්සේගේ දකුණු අතෙහි කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි ගෝවේ තිබෙන දේහයෙහි දකුණු අත නොමැත. එය රාහුල හිමිගේ දේහය බව සනාථ වන බැවින් අත කපා ඉවත් කර ඇති බවට සැකකෙරේ. ශාන්ත සේවියර් යනු ස්‌පාඤ්ඤයේ ඉපිද නැගෙනහිර ආසියාවේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා පාප්වහන්සේ පත්කළ නියෝජිතයෙකි. එම පියතුමා චීනයට යන අතරතුර “සැන්ක්‌පන්” නම් දූපතෙහිදී මියගිය බව ද මලක්‌කාවට ගෙනයැමට පෙර එහි වළලා මාස කීපයකට පසුව ගොඩගන්නා විට දේහය නරක්‌ නොවී තිබුණු බව ද කිතුනු පොත පතෙහි සඳහන් වේ. තවද දේහයේ තිබෙන විවිධ තුවාල “සාධාරණීය” කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවට දේහයට කෲර අන්දමින් සලකා ඇති බව ද සඳහන් වේ. මෙම සිරුරේ නියම තත්ත්වය පිළිබඳව නිල පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවන්වල විස්‌තරවලින් සිරුරේ දකුණු අත නොමැති බව සනාථ වී ඇත. අද එතැන් සිට….

කතෝලික බැතිමතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට ශාන්ත සේවියර් පියතුමා ජීවත්ව සිටින විට අඩි 5 1/2 ක්‌ එනම් මී. 1. සෙමී. 69 ක උසින් යුක්‌ත බැව් කියෑවේ. නමුත් සිරුරේ මිනුම් ගත් විට හිස කෙලින් තබා දිග මී. 1 සෙ. මී. 46 ක්‌වේ. ඔවුනට අනුව මළ සිරුරෙහි දිග අඩුවීම සාධාරණීය කර ඇත්තේ මෙසේය.

(අ) කලවා ඇටය සෙ. මී. 5 ක්‌ පමණ පහළට ඇදී යැම

(ආ) ශත වර්ෂ 4 ක්‌ තිස්‌සේ සිරුරේ වේලීම නිසා අස්‌ථි බන්ධනීන්ගේ සම්පීඩනය හේතුවෙන් සිරුර හැකිළීම.

(මෙම සාධාරණීයකරණය ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය මතයට එකඟ නොවන බව සිංහලයෝ පවසති)

ඉහත සඳහන් කරුණු කතෝලිකයන් විසින් මෙම සිරුර ශාන්ත සේවියර්ගේ ය යන්න තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද ඒවාය. ඔවුන්ට අනුව ෆ්‍රැන්සිස්‌ සේවියර් පියතුමා දුප්පත්, අඩු පහසුකම් ඇති අයට, රෝගීනට, දුක්‌ පීඩා විඳින්නන්ට උපකාර කළ නිතර යාඥ කරමින් දෙවියන් වහන්සේට සමීපව ජීවත්වූ අයෙකි. එබැවින් එවන් උතුමෙකුගේ සිරුර සාමාන්‍ය කෙනකුගේ සිරුරකට ස්‌වාභාවිකව වන දේ නොවී දෙවියන්ගේ කැමැත්ත මත මෙලෙස නරක්‌ නොවී තිබුණු බවට ඔවුන් විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක්‌ද ලියා ඇත.

නමුත් ගෝවේ දැන් තබා තිබෙන, ශාන්ත සේවියර්ගේ යෑයි කියනු ලබන එම දේහය වෙන කාගේවත් නොව රහල් හිමියන්ගේ යෑයි සිංහලයෝ එදා සිට තරයේ විශ්වාස කරයි. එසේම එය සනාථ කිරීම සඳහා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරති. 20 වන ශත වර්ෂයේදී දේශීය බෞද්ධ ආයතන ගෝවේ බලධාරීන්ගෙන් මෙම දේහය තම රටට ලබා දෙන මෙන් ඉල්ලා ලිපි පවා යවා ඇත. එවකට පැවැති “සිංහල බෞද්ධයා” නම් පුවත්පතෙහිද (1953 දෙසැ( 27) මෙම දේහය රාහුල හිමියන්ගේ බැව් සනාථ කරන කරුණු දක්‌වා ඇත.

සිංහලයන් විසින් තම තර්කය, එනම් මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොව රාහුල හිමිගේම යෑයි යන තර්කය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණුවලින් සමහරක්‌ මෙසේ ය.

(අ) යුරෝපීය ජාතිකයන් තම හිසබූගෑමේ පිළිවෙතක්‌ කිසි කලෙක අනුගමනය කොට නැත. විශේෂයෙන් එලෙස එය වහල් බවේ සංකේතයක්‌ සේ සැලකූ බැවිනි. ශාන්ත සේවියර් ජීවත්වූ කාලයේ ස්‌පාඤ්ඤ හා අනෙක්‌ යුරෝපීය කතෝලික පූජකවරුන් තම හිසකෙස්‌ සහ රැවුල දීර්ඝ ලෙස වැවීම පුරුද්දක්‌ කොට තිබුණි. වර්තමානයේදී වුවද රෝමානු කතෝලික ස්‌පාඤ්ඤ පූජකවරුන් කොණ්‌ඩය බූ ගාන්නේ නැත. නමුත් මෙම දේහයේ හිසෙහි කෙස්‌ ඇත්තේ සම්පූර්ණයෙන් බූ ගෑ පසු දින 2 කට හෝ පසුව මතුවන ප්‍රමාණයක පමණි. රැවුලද එසේමය. නමුත් ඇහි බැමෙහි සම්පූර්ණයෙන්ම කෙස්‌ වැවී ඇත. එසේ නම් ඇහි බැමිවල සම්පූර්ණයෙන් කෙස්‌ තිබීමටද, හිසෙහි කෙස්‌ නොතිබීමටද හේතුව කුමක්‌ විය හැකිද? එකම හේතු වනම් මියගිය තැනැත්තා නිතිපතා කොණ්‌ඩය සහ රැවුල බෑමට පුරුදුවී සිටි අයෙකු වීමයි. සේවියර් පියතුමා එසේ නොකළ බව කව්රුත් දනී.

(ආ) පැරැණි යුරෝපීය සංස්‌කෘතියෙහි මිනිසුන්ගේ නොව ගැහැනුන්ගේ ද කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ නොවිනි, රහල් හිමි කල ආභරණ පැළඳීම සඳහා “ක්‍ෂත්‍රීය” පුද්ගලයන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ පැවතුණි. එසේම උපසම්පදා උත්සවයේදී භික්‍ෂුන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ වූ බැව්ද ඉතිහාසය සාක්‍ෂි දරයි. එසේ නම් මෙම දේහය සේවියර් පූජකතුමාගේ නම් එහි කන් සිදුරු වූයේ කෙසේ ද?

(ඇ) සේවියර්තුමා ස්‌පාඤ්ඤ ජාතිකයෙක්‌ වූ අතර යුරෝපීයයන් අතරේÊවුවද ස්‌පාඤ්ඤ ජාතිකයෝ බෙහෙවින් සුදු හමකට (වර්ණයකට) හිමිකම් කියති. නමුත් මෙම දේහයේ වර්ණය තළඑලළු හෙයින් එය ආසියානු ජාතිකයෙකුගේ මිස කිසිසේත්ම යුරෝපීය ජාතිකයෙකුගේ විය නොහැක.

(ඈ) මෙම දේහයේ ඇස්‌ නිල්පාට නමුදු ස්‌පාඤ්ඤ ජාතිකයනට සාමාන්‍යයෙන් තිබෙන්නේ දුඹුරුපාට බළල් ඇස්‌ය.

(ඉ) දේහයේ දකුණු අත නොමැත. වාර්තාගත වන අන්දමට වර්ෂ 1614 නොවැ. 3 වන දින පෝල් පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි එම දකුණු අත කොටස්‌ 3 කට කපා එක්‌ කොටසක්‌ මැකාවෝ විදුහලටද අනෙක්‌ කොටස මලක්‌කාවටද, ඉතිරි කොටස රෝමයටද යවා ඇත. කතෝලිකයන් අතිශය ලෙස ගෞරව කරන, එවන් වූ වටිනා වස්‌තුවක්‌ මෙවන් වූ කෲර ඉරණමකට භාජන කරත් දැයි සිතිය හැකිද? පෝල් පාප් වහන්සේ එවන් ඉල්ලීමක්‌ සත්‍ය වශයෙන්ම ඉදිරිපත් කොට තිබුණේ නම්, සම්පූර්ණ අතක්‌ වෙනුවට කුඩා ඇඟිල්ලක්‌ කපා යෑවීමට නොහැකි වූයේ මන්ද? නො එසේ නම් එම “අත” කපා ඉවත් කළේ එවන් වූ ඉල්ලීමකට වඩා එම අතෙහිවූ තමන් නොකැමති යම් කිසි “ලකුණක්‌” තිබූ නිසාද? පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි කොටසක්‌ රෝමයට යෑව්වා නම් ඉතිරි කොටස්‌ අනෙක්‌ පෙදෙස්‌වලට යෑව්වේ කාගේ ඉල්ලීම පරිදි ද?

(සිංහලයන් විශ්වාස කරනුයේ රහල් හිමිගේ දකුණු අතෙහි තමන් හඳුනා ගැනීම සඳහා “සතුරු බුවනෙකබා බලය තෙව්ටක්‌ පසුබා රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගේ ගජබා යන කවියද “සවර” ලද මුල් කඳ” යන කවියද කොටා තිබූ බව සහ මෙම අත සිරුරෙන් ඉවත් කර ඇත්තේ එම දේහය සේවියර් පියතුමාගේ නොවේය යන්න ඉන් තහවුරු වන නිසාය).

(ඊ) රෝමානු කතෝලික පූජකවරු සාමාන්‍යයෙන් “ඔඩිසන්” නමැති ක්‍රියාවලිය අතරතුර තම හිස වටේට කවාකාරව “බොන්සෝර්” නමින් හඳුන්වන කෙස්‌ සිඳීම කරන අතර තමා මිය යනතුරුම එසේ තබා ගනිති. මෙම සිරුරේ එබඳු දෙයක්‌ නොමැත.

(එ) වාර්තාවලට අනුව ශාන්ත සේවියර්තුමා වර්ෂ 1507 අප්‍රේල් මස 7 වැනි දින උපත ලබා 1552 දී මිය යන විට වයස අවුරුදු 46 කි. නමුත් මෙම දේහය එවන් තරුණ දේහයක්‌ නොව ඉතා වයස සුදුකෙස්‌ නෙරා ඇති ආසියානු ජාතිකයකුගේ බව පෙන්නුම් කරයි.

(ඒ) ශාන්ත සේවියර්තුමාගේ උස අඟල් 66 කි. සාමාන්‍යයෙන් කෙනෙක්‌ මියගිය විට සිරුර අඟල් 1-2 කින් පමණ දික්‌වේ. එවිට සේවියර්ගේ දේහයේ දිග අඟල් 67 1/2 ක්‌ වත් විය යුතුය. නමුත් මෙම දේහයේ දිග අඟල් 60 ක්‌ පමණ වේ. එබැවින් අනිවාර්යයෙන්ම මෙය සේවියර්ගේ විය නොහැක.

(ඒ) මරණ පරීක්‍ෂක වාර්තාවනට අනුව දේහයේ මරණීය තුවාල ඇති බැව් වෛද්‍යවරු සහතික කරති. සේවියර්තුමා ඉතා ශාන්ත ගුණයන්ගෙන් හෙබි අතර අවසාන කාලයේ ඔහුව බලා ගැනීම සඳහා ඔහුගේ මිතුරන් ද විය. එසේනම් ඔහුගේ දේහයේ මරණීය තුවාල ඇති වීමට හේතුව කුමක්‌ද? (ජනප්‍රවාදයට අනුව 1552 දී පෘතුගීසීන් අම්බන ගුහාවේ සිට දේහය පැහැරගෙන යෑමට සැරසෙන විට ගම්වාසීන් එයට විරුද්ධව සටන් කර ඇත. එම ප්‍රදේශය අදටත් “ඇවිලුම” ලෙස හඳුන්වයි. සිරුරට තුවාල වී ඇත්තේ මෙම අවස්‌ථාවේය යන්න සිහලුන්ගේ විශ්වාසයයි.

(තවත් කරුණු ලබන සතියේ)

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

ෆ්‍රෑන්ක් තිසේරා පාහර පියතුමා ගෙන් රට රැකි නායකයාට තහනම් කොන්දේසි

දෙව් මැදුරේ දේශපාලනය බැහැ – කොන්දේසි පිට මහින්දට එන්න අවසර
2015-04-22 18:51:23
      Views – 5955

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාදම්පේ තනියවල්ලභ දේවාලයේ පැවැති දේව පූජාවකට සහ හලාවත ආසන දෙව්මැදුරේ පැවැති ආගමික වැඩසටහනකට අද සහභාගි වුණා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා.

 

එහෙම සාකච්ඡාවක් පැවැත්වුනා. ඒකේ විශේෂත්වයක් නැහැ මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, මම අනුශාෂකවරයා. ඉතින් ඒක හින්දා විශේෂ සාකච්ඡාවක් කියලා නෙමෙයි

 

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා හලාවත ආසන දෙව්මැදුර වෙත පැමිණීමට පෙර එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාව වන විට අදාළ දෙව්මැදුර වසා තිබීම බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු ඔගස්ටින් ප‍්‍රනාන්දු පැවසුවේ. ප්‍රශ්නය දුරදිග යාම වළකන ලද්දේ දෙව් මැදුරු දායක සභා නියෝජිතයින් සහ තල්විල මීසමේ පාලනාධිපති ෆ්‍රෑන්ක් තිසේරා පියතුමන් මැදිහත්ව දෙව් මැදුර තුළ දේශපාලනය නොකිරීමේ කොන්දේසිය මත මහින්ද රාජපක්ෂ මහතාට දෙව්මැදුරට ඇතුළුවීමට අවසර ලබාදීමෙනි.

 

 

www.nethfm.com 01 www.nethfm.com 02 www.nethfm.com 03

 

 

– See more at: http://offair.nethfm.com/article/16455#sthash.eNJpVEsI.dpuf

පූජකවරු සහ කන්‍යා සොයුරියන් රාජ්‍ය විරෝධි ක්‍රියාමාර්ග වල – මේවා කතෝලික රනිල්ට ජාතිවාදය නොවේ

යුද අපරාධ වාර්තාව කල්දැමීමට එරෙහිව
මන්නාරම් රදගුරු හා ද්‍රවිඩ සන්ධාන විරෝධය

ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී ආර්. සම්බන්ධන්ගේ හා සුමත්තිරන්ගේ ඡායාරූප පුළුස්‌සන කොටි ක්‍රියාකාරීහු

සත්‍යය වසන්කළ නොහැකිය – බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට්‌ චර්චිල්

ජිනීවා මානව හිමිකම් සැසිවාරය මාර්තු 2 දා ආරම්භ මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හා උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව කල්දැමීම ගැන උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත. මෙය උතුරේ සාමකාමී වාතාවරණය බිඳදැමීමේ ක්‍රියාදාමයකි.

මෙහිදී රායප්පු ජෝශප් පවසා ඇත්තේ බරපතළ ප්‍රකාශයකි.

සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක්‌ මරාදැමූ බවත් එය ජාති ඝාතනයක්‌ බවත් රජය යුද අපරාධ සම්බන්ධව දේශීය විර්ශනයක්‌ පැවැත්වීම ප්‍රතික්‍ෂේප කරන බවත් ඔහු පවසා තිබේ.

මාර්තු මසදී එකී යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කළ යුතු බවද එය ප්‍රමාද කිරීම ද්‍රවිඩ ජනතාවට කරන ෙද්‍රdaහිකමක්‌ බවද මන්නාරම රදගුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

රායප්පු ජෝශප්ගේ මෙම ප්‍රකාශයට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයද සහය දක්‌වා තිබේ. යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයට පූජකවරු සහ කන්‍යා සොයුරියන්ද සහභාගිවී ඇත.

මන්නාරම් රදගුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ අළුතින් යුද අපරාධ තොරතුරු මතුවී ඇති බවයි.

විශ්වමඩු ප්‍රදේශයේ මළ සිරුරු 30000 ක්‌ 35000 ක්‌ අතර සංඛ්‍යාවක්‌ තිබෙන බව දුටු බවට සාක්‍ෂිකරුවන් සිටිනවා යයිද ඔහු බ්‍රිතාන්‍යයේ බී. බී. සී. ද්‍රවිඩ සේවාව අමතමින් කියා සිටියේය.

යාපනයේ පැවැති උද්ඝෝෂණයට සමානව බ්‍රිතාන්‍ය කොටි හිතවාදින් ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී යුද අපරාධ වාර්තාව වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත.

එහිදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රී සුමන්තිරන්ගේ ඡායාරූපද පුළුස්‌සා දමා තිබේ.

මේ පසුබිම මැද යාපනයේ උද්ඝෝෂණයට යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් සහභාගි වී නැත. මෙම උද්ඝෝෂණයට සහභාගිවූවන් මියගිය කොටි ත්‍රස්‌තයන් කීපදෙනෙකුගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර ඇත.

මෙහිදී උතුරු පළාත් සභාවද එකී උද්ඝෝෂණය වෙනුවෙන් පැය 2 ක නි? වක්‌දී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායක තුසින්තාන් නැමැත්තා යාපනයේ ටෙම්පල් පාරේ ඇති එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස්‌ සංදේශයක්‌ද බාරදී ඇත.

අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ රාසකුමාරන් නැමැත්තා තිලිපන් නැමැති ත්‍රස්‌තයාගේ ස්‌මාරකය තිබූ ස්‌ථානයට අවුත් එකී සන්දේශයේ පිටපත් මන්නාරම රදගුරු වෙත බාරදී එය කොළඹ එක්‌සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත වෙත යොමුකරන්නැයි ඉල්ලා ඇත.

මෙයට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සන්දේශයක්‌ යවමින් උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ ඉල්ලා තිබේ.

මේ තොරතුරු මුළුලොව පුරා පැතිරීගොස්‌ ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු කූගන් මෙහෙයවන යුරෝපා කොටි ගුවන් විදුලිය ඊට පුළුල් ප්‍රචාරයක්‌ දී තිබේ.

එහෙත් ද්‍රවිඩ නිජබිම් සංකල්පය පිළිගත යුතු යයි පැවසූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නම් මෙවන් තොරතුරු සාවධ්‍ය තොරතුරුයි.

කිසිඳු පිළිගැනිමක්‌ නැති එකී විශ්වවිද්‍යාල ආචාර්වරයා කුමක්‌ පැවසුවත් ඔහු චරිතයක්‌ නොවේ.

මේ පසුබිම මැද මන්නාරම් රදගුරු යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇත්තේ රාජ්‍ය විරෝධි ක්‍රියාමාර්ගයක්‌ නොවේද?

මෙයට වසර කිහිපයකට පෙර කොටි සංවිධානය ලයන් එයාර් යානාවකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කල අවස්‌ථාවේ මළ සිරුරු සොයාගැනීමට එවකට මන්නාරම් පොලිස්‌ අධිකාරිවරයා කළ ඉල්ලීමට සහය නුදුන්නේද මන්නාරම රදගුරුවරයායි.

– කීර්ති වර්ණකුලසූරිය

ක්‍රිස්‌තියානි කටයුතු ඇමති කල්ලතෝනියා හෙළ බොදු ඇමතිගේ ආරක්ෂාව ඉවත් කල වගයි

මරණ තර්ජන ඇති බවට
පොලිසියට පැමිණිලි කළ පසු ආරක්‍ෂාව ඉවත් කළා

– ගම්මන්පිලගෙන් ඇමැති ජෝන්ට ලිපියක්‌

තමාට මරණ තර්ජන ඇති බවට බොරැල්ල පොලිසියට පැමිණිල්ලක්‌ කළ දිනට පසු දින තමාට ලබාදී තිබුණු පොලිස්‌ ආරක්‍ෂාව ඉවත්කරන ලද බව පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්‌තියානිs කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා වෙත ලිපියක්‌ යවමින් සඳහන් කර සිටී. එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ජනවාරි 12 දින වන විට අංක 0714437681 සහ 0717172896 යන දුරකථන වලින් මටද අංක 0724698967 යන දුරකතනයෙන් මගේ බිරිඳටද මරණීය තර්ජන එල්ල කරමින් ඇමතුම් ලැබී තිබිණි. එවකට මගේ කාර්යාලය තිබුණේ බොරැල්ලේ බැවින් අපි යොමු අංක සීඅයිබී 1(1)251/136 සහ සීඅයිබී(1) 252/137 යටතේ බොරැල්ල පොලිසියට පැමිණිලි කළෙමු. එවිට ප්‍රකාශය සටහන් කර ගත් පොලිස්‌ නිලධාරියා පැවසුවේ පසුදින උදැසන උසාවි නියෝගයක්‌ ලබාගෙන පැය විසිහතරක්‌ ඇතුළත තර්ජකයන් සොයා ගන්නා බවයි. නමුත් ජනවාරි 22 දින තෙක්‌ පොලිසිය උසාවි නියෝගය ලබා ගැනීමට උත්සුක නොවිණි. උසාවි නියෝගය ලබාගත් නමුත් තවමත් තර්ජකයන් හඳුනා ගැනීමට කටයුතු කර නැත.

පොලිසියේ අකාර්යක්‍ෂමතාවය තර්ජකයන් දිරිමත් කර ඇත. එබැවින් තවමත් තර්ජන එල්ල වන අතර පළමු පැමිණිල්ලට පොලිසිය පියවර නොගත් බැවින් අනෙකුත් තර්ජන පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට මම කාලය නාස්‌ති නොකළෙමි. 2015 ජනවාරි 13 දින පස්‌වරු 12.17 ට 0718838473 යන අංකයෙන් මගේ බිරිඳට ලැබුණු දුරකථන ඇමතුමෙන් පැවසුවේ “උෙඕ මිනිහාත් අරගෙන රටින් පැන්නේ නැත්නම් එක්‌නැලිගොඩට වෙච්ච දේමයි උඹේ මිනිහාටත් වෙන්නේ” යන්නයි. එබැවින් මෙම තර්ජකයින් සොයාගැනීමෙන් දැවැන්ත ආන්දොaලනයකට තුඩුදීඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳව හෝඩුවාවක්‌ සොයා ගැනීමටද හැකිවනු ඇත.

මරණ තර්ජන පිළිබඳ විමර්ශනයට පොලිසිය දැඩි අකාර්යක්‍ෂමතාවයකින් කටයුතු කළත් මගේ ආරක්‍ෂාව ඉවත් කිරීමට නම් ඉතා කාර්යක්‍ෂමව කටයුතු කරන ලදී. මා මරණ තර්ජන පිළිබඳ පොලිසියට පැමිණිලි කළ දිනට පසු දින මට සපයා තිබුණු පොලිස්‌ ආරක්‍ෂාව ඉවත් කරන ලදී. ඊට හේතුව ලෙස පොලිසිය දැක්‌වූයේ පළාත් සභා මන්ත්‍රීවරයකුට පොලිස්‌ ආරක්‍ෂාව නොසපයන බවයි. පළාත් සභා මන්ත්‍රී යන තනතුරට පොලිස්‌ ආරක්‍ෂාව නොලැබෙන බව මම දනිමි. මට පොලිස්‌ ආරක්‍ෂාව සැපයුවේ මා පළාත් සභා මන්ත්‍රීවරයකු හේතුවෙන් නොව මගේ ජීවිතයට තර්ජන පවතින බවට ආරක්‍ෂක ලේකම්වරයාට තොරතුරු තිබුණු බැවිනි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබා දෙන්නේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුගේ ආරක්‍ෂාව. නමුත් 2001 දී ඔබතුමා පොලිසිය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලක්‍ෂ්මන් කදිරගාමර් සහ ඩග්ලස්‌ දේවානන්ද යන විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාට ඇමැතිවරුන්ටත් වඩා ආරක්‍ෂාව සැපයුවේ ඔවුන්ට ඇති තර්ජන සලකා බැලීමෙනි.

http://www.divaina.com/2015/02/09/news27.html

කල්යල් බලා කතෝලික කරණ අරමුදල් සුද්ධ කල සාතන් ගේ හොරු

වතිකානු ආරක්‍ෂක කණ්‌ඩායම
ගාලු මුවදොර විමර්ශනය කරති

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට සැපත් වීමෙන් පසු ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ දේව මෙහෙය පවත්වන ගාලු මුවදොර පිටියේ ආරක්‌ෂාව පිළිබඳව මෙරටට පැමිණි වතිකානු ආරක්‌ෂක කණ්‌ඩායම් දෙක විසින් විමර්ශනයට ලක්‌කර ඇත.

මෙම ආරක්‌ෂක කණ්‌ඩායම් දෙක සමග ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ නාවික හමුදාපති වසන්ත පෙරේරාද ගාලු මුවදොර පිටියට ගොස්‌ නිරීක්‍ෂණවලට සහය වී තිබේ.

වතිකානු ආරක්‌ෂක කණ්‌ඩායම් දෙක මඩු පල්ලි ප්‍රදේශයේ ද ආරක්‌ෂාව ගැන සොයා බලා ඇත.

මෙහිදී එකී ආරක්‌ෂක විධිවිධාන ගැන එකී වතිකානු කණ්‌ඩායම් සෑහීමට පත්වී ඇතැයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග සඳහන් කළේය. ප්‍රැන්සිස්‌ පාප් වහන්සේට ආරක්‌ෂාව සපයන්නේ ස්‌විස්‌ හා ඉතාලි ආරක්‌ෂක බලමුළු යෑයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය. පාප් වහන්සේ ජනවාරි 13 දා මෙරටට පැමිණෙනු ඇත.

http://www.divaina.com/2015/01/03/news12.html

තම පරම සතුරු යෝහොව: ගේ දූත, පෝප් උන්නැහේ ගේ සිකුරිටි ලා මුලු සෙට් එකම ගාලු මුවදොර ෆන් ගන්නා බව සාතන් විසින් තමාගේ දක්ෂතම ඉතාලි හොරුන් තිදෙනෙක්ට SMS යවා ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක වූ හොර මුල යෝහොව: ගේ නිරුවත ලොවටම පාමින් යූරෝ 4000 ක් තම සන්තකයට ගෙන තිබේ. ලොවටම ආර්ථික අමාරුකම් ඇති මේ සමයේ, දුප්පත් රටවල් මුදල් ගෙවා කතෝලික කරණය පිණිස තිබූ, මේ අරමුදල් මෙසේ අහිමි වීම වතිකානුවට මහත් පාඩුවකි.

පාප්වහන්සේගේ ග්‍රීෂ්ම නිවහනට ඇතුළු වූ
සොරු තිදෙනෙක්‌ යූරෝ 4000 ක්‌ කොල්ල කති

ප්‍රැන්සිස්‌ පාප්වහන්සේගේ ඉතාලියේ පිහිටි ග්‍රිෂ්ම නිවහනට නත්තල් දිනයේ ඇතුළු වූ සොරු තිදෙනෙක්‌ යුරෝ 4000 ක මුදලක්‌ කොල්ල කා ඇත.

මෙම සොරු තිදෙනා එකී නිවහනේ භාරකරු ලෙස කටයුතු කළ කන්‍යා සොයුරියටද පහර දී තිබේ.

නත්තල නිමිත්තෙන් කන්‍යා සොයුරියන් යාච්ඥා කරන අවස්‌ථාවේ මෙම සොරුන් නිවහනට ඇතුළු වී ඇත.

මෙකී සොරු තිදෙනා නිවහනේ ඇති වීඩියෝ කැමරාවල සටහන් වී ඇති බව ඉතාලි පොලිසිය සොයා ගෙන තිබේ

http://www.divaina.com/2015/01/03/forign02.html

download

දේව නියමයෙන් පෝප් උන්නැහේ විසින් වසර ගණනක්, ඌරු කැටයක (Piggy Bank) එකතු කල මේ මුදල් රැකි දේව දූතයන් එම අවස්ථාවේ කන්‍යා සොයුරියන් හා නත්තල නිමිත්තෙන් යාඥා කරමින් සිටි බවත් හොරු පනින විටම වාත වේගයෙන් පලා ගිය බවත් වාර්ථා වේ. වතිකානු මාධ්‍ය වාරණ කණ්ඩායම එම පුවත ලොවට යාමෙන් වලකා ඇත්තේ ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ සිත් බිඳීම වලකාලීමට බවත් නිල නොලත් ආරංචි මාර්ග හරහා වාර්ථා වේ.

හපුගොඩ ශාන්ත මරියා විදුහ‍ලේ මේරි සුනීතා(53) කාවින්ද්‍යා ලලනී රණසිංහ (36) තිරිහන් ජෝඩුවගේ සමලිංගික බිල්ල අපේක්‍ෂා සෙව්මිණි (14)

මගේ අසභ්‍ය පිංතූර ඇති මෙමරි චිප්
එකක්‌ තිබෙන බව සෙව්මිණි ශිෂ්‍යයාව කිව්වා
– මේරි සුනීතා ගුරුවරිය සාක්‍ෂි දෙයි

‘මම දැඩි සේ කම්පනයට පත්වුණා’

මීගමුව සමූහ – විමල් කීර්ති

2014 ජුනි 06 වැනි දින මට හොඳට මතකයි. මෙම සිද්ධියේ දී මියගිය (දිවි නසාගත්) අපේක්‍ෂා සෙව්වන්දි සිසුවිය කාවින්ද්‍යා ගුරුතුමිය සහ විදුහල්පතිතුමා හමුවේ කිව්වා මගේ (මේරි සුනීතා සිල්වාගේ) අසභ්‍ය පින්තූර තුනක්‌ අඩංගු “මෙමරි චිප්” කාඩ් එකක්‌ ඇය ළඟ තියෙනවා කියා. එය ආපසු මට ලබා දෙන්නම් යෑයි කියුවා. මෙවැනි චෝදනාවක්‌ මට එල්ල වීම පිළිබඳව මම දැඩි ලෙස කම්පාවට පත්වුණා යෑයි මේරි සුනීතා සිල්වා (53) ගුරු මහත්මිය සාක්‍ෂි දෙමින් පැවසුවාය.

සාක්‍ෂි දෙමින් ඇය එලෙස පැවසුවේ ගුරුවරියකගේ අසභ්‍ය ඡායාරූපය අඩංගු “මෙමරිචිප්” පතක්‌ ලබාදෙන ලෙසට ගුරුවරියන් දෙදෙනකු විසින් සිසුවියකට සිදුකළ බව කියන අඩම්තේට්‌ටම් සහ බලපෑම් මත දුම්රියකට පැන දිවි නසාගත් කඳාන හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විදුහලේ ඉගෙනුම ලැබූ අපේක්‍ෂා සෙව්මිණි (14) නමැති දැරියගේ (සිසුවියගේ) මරණ පරීක්‍ෂණයේ දී මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය හමුවේ සාක්‍ෂි දෙමිනි. අපේක්‍ෂා සෙව්මිණි දැරිය මේ “චිප්” පත සම්බන්ධයෙන් පැවසීමෙන් පසුව විදුහල්පතිතුමාගේ අවසරය මත දරුවා සමග ඇගේ නිවසට ගියා. ඒ යතුරුපැදිවලින්. මේ සඳහා මා සමග කඳාන හපුගොඩ ශාන්ත මරියා විදුහලේ සේවය කරන කාවින්ද්‍යා ගුරු මහත්මියත් සහභාගි වූවා. මම පාසලේ ඉගැන්නුවේ ඉංග්‍රීසි විෂයයි.

අපි සෙව්මිණිගේ නිවසට යද්දී එහි දොරවල් ඇර තිබුණා. කිසිවකු නිවසේ පේන්න හිටියේ නැහැ. ඉන් ස්‌වල්ප වේලාවකින් පසුව ඇගේ මාමා කෙනකුත් තරුණ ගැහැනු කෙනෙකුත් නිවසට ආවා. ඔවුනටද මේ බව අපි කිව්වා. මේවා දුරදිග යන වැඩ. එම “චිප්පත” ආපසු දෙන්න යෑයි ඔවුන් අපේක්‍ෂාට අවවාද කළා. ඒත් එය ලැබුණේ නැහැ.

මම ඒ අවස්‌ථාවේදී ජීවිතයට ප්‍රශ්න ආපු අවස්‌ථාවලදී මම ජීවිතය පරදුවට තබා ඔයාව ආරක්‍ෂා කිරීමට පරිත්‍යාග කළ අයෙක්‌. මගේ ඔළුව අරං බද්ධ කර ඡායාරූප හදන්න පුළුවන්. ඒ නිසා එම චිප්පත ලබාදෙන්න යෑයි මා සෙව්මිණි දැරියගෙන් මේ අවස්‌ථාවේදී ආයාචනා කර ඉල්ලා සිටියා. මම ඇය වෙනුවෙන් මගේ ජීවිතය පරදුවට තබා කැපවීම් කළේ ඇයට එල්ල වූ අපචාර ක්‍රියාවලියෙන් ඇය බේරා ගැනීමටයි.

මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය – මෙම මරණ පරීක්‍ෂණයට අදාළ දේ පමණක්‌ ප්‍රකාශ කරන්න. අනවශ්‍ය කරුණු සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කරමින් සාක්‍ෂි දික්‌ ගස්‌සන්න එපා. දැරිය මේ වන විට මියගොස්‌. ඔබ තමයි මේ විදිහට කියන්නෙ. මේවා සොයා බැලීමට සාක්‍ෂි නැති කරුණුයි.

එහිදී රාගම පොලිසියේ පො.කො. (66716) චාමර අසංක මහතාගේ මෙහෙයවීම මත තවදුරටත් සාක්‍ෂි දුන් සුනීතා සිල්වා (53) ගුරු මහත්මිය මෙසේද කීවාය.

මෙම අවස්‌ථාවෙන් පසු අපේක්‍ෂා සෙව්මිණි සිසුවිය ආපසු පාසලට කැඳවාගෙන ආවෙ කාවින්ද්‍යා ගුරුවරිය ඇගේ යතුරුපැදියෙන්. අපේක්‍ෂා සෙව්මිණි ශිෂ්‍යාව මගේ යතුරුපැදියෙන් පාසලට කැඳවාගෙන යැමට සූදානම්වීම පිළිබඳව ඇගේ නිවසේ සිටි මාමා තරයේම විරුද්ධ වුණා. අපේක්‍ෂා සෙව්මිණි සිසුවිය පදිංචිව සිටින්නෙ මගේ නිවසට යාර 400 ක්‌ පමණ නුදුරින් පිහිටි නිවසකයි.

පසුව අපේක්‍ෂා සෙව්මිණි දැරිය සමග අපි ආපසු පාසලට ආවා. “චිප්” පත නොලැබුණු බව විදුහල්පතිතුමාට අපි දැනුම් දුන්නා. ඒ අවස්‌ථාවෙ අපේක්‍ෂා සෙව්මිණි දරුවා කිව්වා එම මෙමරි චිප්පත ඇගේ බෝයිෙµ්‍රන්ඩ් (පෙම්වතා) ළඟ තිබෙන බව. එය ආපසු ඔහුගෙන් ඉල්ලා ලබාදෙන බව ඇය පැවසුවා.

රාගම පොලිසියේ පො.කො. (66716) චාමර අසංක මහතා – ඔබලා විදුහලට ආපසු පැමිණීමෙන් පසු ඔබලා කැඳවාගෙන ගිය අපේක්‍ෂා සෙව්මිණි සිසුවිය ඇගේ පන්ති භාර ගුරුතුමිය වෙත භාරදුන්නද?

සුනීතා සිල්වා ගුරු මහත්මිය (- ඒ වෙලාවේ ගුරුවරුන් වෙන වෙන පංතිවලට මාරුවී ගොස්‌ සිටි නිසා එසේ කරන්න මට බැරිවුණා. පසුව මමත් කාවින්ද්‍යා ගුරුතුමියත් අපේ පංතිවලට ගොස්‌ සුපුරුදු පරිදි කටයුතු කළා. පාසල නිමවීමෙන් පසු මම ගුරු කාමරයට දවල් 2.10 ට පමණ ගියා. එහිදී මට ගොඩාක්‌ දුක හිතුණා. මම උදව් කළ දරුවා මට මෙවැනි චෝදනාවක්‌ කළේ ඇයි දැයි කියල. එහිදී තවත් ගුරුවරුන් මට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව කනගාටු වුණා. පසුව දෙවැනි අවස්‌ථාවකදී “අපේක්‍ෂා සෙව්මිණි” දරුවා ඇය ළඟ මෙමරි චිප්පත පත තිබෙන බව කිව්වේ තර්ජනාත්මක ලෙසයි. මම නිවසින් පිටව ඉද්දි එදින රාත්‍රී දැනගන්න ලැබුණා “සෙව්මිණි” දරුවා දුම්රිය අනතුරකින් මියගිය බව. ඒ වන විට දැනගන්න ලැබුණා මියගිය සෙව්මිණි දරුවාගේ ඥති හිතමිතුරන් පිරිසක්‌ අපේ ගේ වටකර ඇති බව.

මගේ ජීවිත ආරක්‍ෂාව පතා නිවසින් පිටතට වී සිටින්නැයි පොලිසියෙන් මට උපදෙස්‌ ලැබුණා. සෙව්මිණිගේ ගමේ කට්‌ටිය හරි වසයි. ප්‍රචණ්‌ඩත්වයට බර ගම්වැසියන් පිරිසක්‌. ඒ නිසා මම මාස දෙකක පමණ කාලයක්‌ මා නිවසට නොගොස්‌ සැඟවී ජීවත් වුණා. එහිදී සුනීතා සිල්වා ගුරුතුමිය සෙව්මිණි සිසුවිය ලක්‌වීමට ගිය අපචාර ක්‍රියාවලින් ඇය බේරාගත් ආකාරය පිළිබඳ දීර්ඝ සාක්‍ෂියක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වූ නමුත් එම සාක්‍ෂිය මරණ පරීක්‍ෂණයට අදාළ නොවන බව මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය පැවසුවාය.

මරණයට හේතුව පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කිරීමටද සාක්‍ෂිකාර සුනීතා සිල්වා ගුරු මහත්මිය අසමත් විය. මීළඟ නඩු විභාග දිනයේ දී සුනීතා සිල්වා ගුරු මහත්මියට අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණය නියෝග කළේය.

මියගිය දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සේනාධීර මහතා පෙනී සිටියේය. ගුරුවරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සකුල ගුණතිලක මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2015 ජනවාරි මස 22 වැනි දින පැවැත්වේ.

http://www.divaina.com/2015/01/02/provin06.html

මැල්කම් රංජිත් ගැනත් පෝප්ගේ කතාව හරියටම හරි

කාදිනල්වරුන් සහ පූජකවරු
බලයෙන් මත්වී ක්‍රියාකරන බවට
පාප්වහන්සේගෙන් චෝදනා

දෙවියන්ගේ මිනිසුන් වෙනුවට කාදිනල්වරුන් සහ පූජකවරු බලයෙන් මත්වී සිහින ලෝකයේ ජීවත්වන බව ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත.

උන්වහන්සේ මේ චෝදනාව නගාඇත්තේ නව කාදිනල්වරුන් සහ පූජකවරුන්ටය.

සමහරු ඇල්සෙයිටර් රෝගයෙන් පෙලෙනවා මේ නිසා ඔවුන්ට තමන් දෙවියන්ගේ මිනිසුන් බවට අමතක වෙනවා යෑයි පාප්වහන්සේ තවදුරටත් පවසා තිබේ.

http://www.divaina.com/2014/12/26/forign02.html